මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිනා කතා

දෙන්නම දකුණු ඉන්දියාවේ

“දැන් උඹලගෙ පත්තරේ විවාහ යෝජනා අතිරේක මුල් පිටුවේ දකුණු ඉන්දියාවේ විවාහ මඟුල්වල පින්තූරත් දානවද? චන්ද්‍රසිරි, සතිඅන්ත පුවත්පත් කර්තෘ මාණ්ඩලිකයකු වන උපාලිගෙන් විමසුවේ සෝපාහාසයෙනි.

‘පිස්සුද ඒකෙ මුල් පිටුවේ පළ වෙන්නෙ අපේ රටේ අපේ අ‍‍ෑයන්ගෙ මඟුල් පින්තූරනෙ’ උපාලි කීවේ මවිත වෙමිනි.

“එහෙම නම් මොකද ගිය ඉරිදා අතිරේකෙ මුල් පිටුවේ උඹලගෙ පත්තරේක වැඩ කරන සංජීවගෙ මඟුල් පින්තූරෙ දාලා තියෙන්නෙ. හොඳට බලපං ඒ මනමාලයා දකුණු ඉන්දියාවේ කෙනෙක් නෙමෙයිද කියල. අනික මනමාලි ජයලලිතාගෙ දුවෙක් නේද?

එයාගෙ නමෙන් ඒක හොඳටෝම පැහැදිලි වෙනවා. අම්මා ජයලලිතා. දුව ජයමුදිතා” චන්ද්‍රසිරි තම තර්කය සනාථ කරමින් කීවේ ය.

ලකුණයි, නොම්මරෙයි

ඡන්දය දැමීම සඳහා හැරමිටියක් ගසමින් ඡන්දපොළට ළඟාවූ අවුසඳහාමිට ඡන්දය දැමීම සඳහා උදව් කිරීමට ඡන්දපොළ භාර නිලධාරියා තම සහාය නිලධාරිනියක යෙදවීය. ඇය හට ඡන්ද පත්‍රිකාව ලබාදීමෙන් පසු එම නිලධාරිනිය අවුසඳහාමි ගෙන් මෙසේ ඇසුවා ය.

‘ආච්චි අම්මා ඡන්දෙ දෙන්ඩ කැමැති අපේක්ෂකයගේ ලකුණයි එයාගෙ නොම්මරෙයි කරුණා කරලා මට කියනවද?”

“ඔය කියන ලකුණක් නං මං දන්නෙ නෑ නෝනෙ. හැබැයි ඒ‍කගෙ නොම්මරේ නං නොදන්න එකෙක් මේ ගංතුලාන හතේ වත් ඉන්නවයි කියල මටනං හිතෙන්නෙ නැහැ” ආච්චි අම්මා පිළිතුරු දෙමින් කීවා ය.

සිනා කතා නෙමෙයිද?

“සිනා කතා ඉවරවේගෙන එන්නෙ කියල පත්තරේ කර්තෘතුමා කෝල් එකක් දුන්නම ‘අනේ අම්මපා’ මේ විදියට කතා මවන්ඩ මං ඉසිවරයෙක් යැ. අනික එහෙම ලියන ඒවට පාඨකයො හිනා නොවුණොත් ඒවා කියන කතා වෙන්නෙ නැහැනෙ” කියල පසුගිය දවස්වල මැසිවිලි කිය කියා ඉඳලා, මොනවද අප්පේ මේ බිං කළුවර මැකුණු වෙලේ ඉඳලා ලවක් දෙවක් නැතුව ඔය ලියන්නෙ” නිවෙස අතුගාමින් සිටි ශාන්ති ‍තම සැමියා එක් අතක් ඔළුවට රුවාගෙන, කට කො‍නක් හීන් සිනාවක් රඳවා ගෙන සුරතින් එක දිගට ලියන දෙස මොහොතක් බලා සිට ඇසුවා ය.

“ඒක ඇත්ත හාමිනේ. පසුගිය දවස්වල මොනවා ලියන්ඩ ද කියල නිනව්වක් නැතුව තමයි මමත් හිටියේ. ඒත් මේ එක සැරේට ම ජනාධිපතිවරණයකට දින නියම වුණානෙ. දිනන්නේ කවුද? පනින්නේ කවුද, පනින්නේ මොකටද, යහපාලනයක් ඇති කරලා ‍රට සුඛිත මුදිත කරන්නෙ කොහොමද කියල දවස ගානේ මීඩියා එකේ මේ උදවිය කියන, කරන දේවල් සිනා කතා නෙමෙයිද හාමිනේ” චන්ද්‍රසිරි ලිවීම මඳකට නවතා ඔළුව උස්සා ඇසුවේ ය.

ගෙවල් දෙකක් මොකටද?

ඇමැතිතුමාගේ නිවාස ගොඩනැඟීමේ ව්‍යාපෘතිය සඳහා සැලසුමක් සෑදීමට උපදෙස් ‍ලද අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂවරයා සියලු පහසුකම් සහිත අර්ධ සුඛෝපභෝගී නිවාස සෑදීමට යෝජනා කරමින් එවන් නිවෙසක අභ්‍යන්තරයේ ප්‍රසන්න පෙනුමට බාධා පමුණුවන නිවෙසේ ලට්ට ලොට්ට ඇහිරීමට පිටත කුඩා ගෙයක් ද (මඩුවක්) සැකසිය යුතුයයි සඳහන් කොට නව නිවාස සැලැස්ම ඉදිරිපත් කරන ලද්දේ මෙම හෙඩිම ඒ සඳහා යොදමිනි.

‘පිටත ගෙයක් සහිත බංගලාවක්’

ශීර්ෂය කියවා බැලූ ඇමැතිවරයා කට ඇද කොට අවඥාවෙන් බලා තම ලේකම් හට මෙසේ කීවේය.

“මෙන්න මේක දානවා ඔය කුණු කූ‍ෙඩට. බංගලාවක් වගෙ ගෙයක් හදනවා නං ආයෙ පිටත තව ගෙයක් හදන්නෙ අහවල් මඟුලකට ද?”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්