මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Hollywood

පිට්සා දෙපාරක් ඕඩර් කරලා

සුරූපී නිළි ජෙනිෆර් ලෝරන්ස් සහ ජනප්‍රිය ගායක ක්‍රිස් මාටින් අතර පෙම් සබඳකමක් පැවතුණු බව, ලොවට රහසක් වුණේ නැහැ. මෑතකදී දැනගන්නට ලැබුණේ මේ ආදර කතාව නිහඬවම නිමාවට පත්වී ඇති බවයි. එහි වරද කාගේ අතේදැයි හරියටම කියන්න බැහැ. හැබැයි, ජෙනිෆර් සහ ක්‍රිස්ට අමතරව තවත් දෙදෙනෙකුගේ නම් ද වරින්වර අහන්න ලැබෙනවා. එක් අයෙකු තමයි, චිත්‍රපට අධ්‍යක්ෂ ගාබේ පොල්ස්කි. අනෙක් කෙනා, ගිනෙත් පැල්ට්‍රෝව්, පොල්ස්කි සහ ජෙනිෆර් අතර නම් මේ වන විටත් සමීප ඇසුරක් ඇතිවෙලා. පසුගිය දා හොලිවුඩ් මාධ්‍යවල සඳහන් වුණේ, ජෙනිෆර් තමන්ගේ බලු සුරතලා ද කැටුව පොල්ස්කිගේ නි‍ෙවසට ගිය බවයි.

ජෙනිෆර්, පොල්ස්කිග නිවෙසින් බැහැර වූයේ පැය පහකට පසුව බවත් පැවසෙනවා. “මේ දෙන්නා දෙවතාවක්ම පිට්සා ඕඩර් කළා. එක වතාවක් පීට්සා අරගෙන ආපු තරුණයා, ආයෙමත් සැරයක් පැය බාගයකට පස්සෙ තවත් පීට්සා වගයක් අරගෙන ආවා. සමහරු කියනවා, මේ දෙන්නා පැය පහක් තිස්සෙ චිත්‍රපට තිර නාටකයක් කියෙව්වයි කියලා. මම නම් ඒ කතාව විශ්වාස කරන්නෙ නැහැ” මේ කතාව කීවේ අසල්වැසියෙක්.

මේ අතර, ජනප්‍රිය නිළි ගිනෙත් පැල්ට්‍රෝව් නැවත වතාවක් ක්‍රිස් මාටින් සමඟ සමීප ඇසුරක් ඇතිකරගෙන ඇතැයි පැවසෙනවා. ක්‍රිස් සහ ගිනෙත් මීට පෙර පෙම්වතුන් වී සිටියා. ඒත් පසු කාලයකදී ඒ පෙම්දම බිඳ වැටුණා. ඒ බිඳුමට හේතුව ජෙනිෆර්දැයි හරියටම කියන්න බැහැ.

සුපිරි නිළියට දුන් නත්තල් තෑග්ග

ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් වටිනා දියමන්ති සහිත ස්වර්ණාභරණ කට්ටලයක් තෑගි දුන් නූතන නත්තල් සීයා කෙනෙකු ගැන ආරංචියක් පසුගිය දා හොලිවුඩ් පුරයෙන් අහන්න ලැබුණා. මේ ‘නත්තල් සීයා’ ගේ ජන්ම භූමිය ඔස්ට්‍රේලියාව. ඔහු, මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වූ චරිතයක්. ඔහු තමයි, කැසිනෝ ව්‍යාපාරික කෝටිපතියකු වන ජේම්ස් පැකර්. මේ වටිනා දියමන්ති ස්වර්ණාභරණ කට්ටලය ඔහු තෑගි කළේ සුපිරි නිළි මිරැන්ඩා කෙයර්ටයි. පැකර්ගේ මේ තෑග්ග මිරැන්ඩාට ලැබුණේ නත්තල වෙනුවෙන්.

ස්වර්ණාභරණ කට්ටලයේ තිබුණු කරාබු ජෝඩුව කිව නොහැකි තරම් ලෙස අලංකාරවත් ලෙස නිර්මාණය කර ඇති බවයි, එය දුටු මිරැන්ඩාගේ සමීප මිතුරියන් පවසා තිබුණේ ජේම්ස් පැකර් මිරැන්ඩාට මේ රන් ආභරණ තෑගි කළ පසුව නැවතත් මේ දෙදෙනා ගැන නොයෙකුත් ආරංචි පැතිරෙන්නට පටන්ගෙන තිබෙනවා. මීට පෙර වතාවකදී පැතිරී ගිය ආරංචියකින් කියැවුණේ, පැකර්ට අයත් සුපිරි රුවල් නැවක නැඟුණු පැකර් සහ මිරැන්ඩා ස්පාඤ්ඤයට යාබද මුහුදු තීරයේ සංචාරය කළ බවයි. මෙවැනි ආරංචි පැතිරී යද්දී මිරැන්ඩා මාධ්‍ය අමතමින් කීවේ, තමන් නිතරම සිටින්නේ තනිවම බවයි.

ඒ වුණත්, ලොව පුරා විද්යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි පළවූ ආරංචිවල සටහන් වුණේ මිරැන්ඩාගේ සමීපතම මිතුරා, ජේම්ස් පැකර් බවයි. සමීප මිතුදම එලෙස පැවතුණත් අවස්ථාවක් ලද විගසකින්ම මිරැන්ඩා සමඟ සමීප සබඳකම් පවත්වන තවත් අයෙකු සිටිනවා. ඔහු තමයි, සුපිරි නළු ටොම් කෲස්. ඇතැම් අවස්ථාවලදී මේ දෙදෙනා දුරකථනයෙන් දීර්ඝ වේලාවක් කතාබහ කරමින් සිටින බවත් පැවසෙනවා.

මිරැන්ඩාගේ ජන්ම භූමියත් ඕස්ට්‍රේලියාව. ටොම් කෲස් වෙසෙන්නේ ලන්ඩන් නුවර. ඉඩක් ලැබුණු මොහොතකදී මිරැන්ඩා ලන්ඩන් නුවරට ගොස් ටොම්ව මුණ ගැසුණු බවත් ආරංචියි. මේ දෙදෙනා මුල් වරට මුණ ගැසී ඇත්තේ පසුගිය නොවැම්බරයේදී. ඒ වන විට මිරැන්ඩා තම සැමියා වන ඔලැන්ඩෝ බ්ලූම්ගෙන් වෙන්වී සිටියා. ටොම් කෲස් ද 2012 දී තම බිරිය වන කැටීහෝම්ස් ගෙන් වෙන් වුණා. පසුගිය නොවැම්බර් මාසයේදී ටොම්, ලන්ඩන් නුවර පැවැති එක්තරා රාත්‍රී භෝජන සංග්‍රහයකදී මුණ ගැසීමෙන් පසුව ඔහුට මිරැන්ඩාගෙන් තොර ලොවක් නොවූ බවයි තතු දන්නා අයෙකු ප්‍රකාශ කළේ.

ජැකීගේ පුතුට මත්ද්‍රව්‍ය චෝදනා

කුංෆු සුපිරි තරුව, ජැකී චෑන් ගැන නොදන්නා සිනමා ලෝලියෙකු නැති තරම්. ඒත් ඔහුගේ පුත්‍රයා ගැන වැඩි විස්තර බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ජැකී චෑන්ගේ පුත්‍රයා, ජේසී චෑන්. තිස් දෙවැනි වියෙහි පසුවන ජේසී, මෑතකදී පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ, චීනයේදීයි. ඔහුට නැඟුණු චෝදනාව වුණේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් කිහිප දෙනෙකුට ඒවා පාවිච්චි කිරීමට ඉඩකඩ ලබාදීමයි. විසිතුන් වියැති කෝ චෙන්-තු නම් වූ තායිවාන් චිත්‍රපට නළුවා ද ජේසී සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර සිටිනවා.

අත්අඩංගුවට ගත් පසුව ජේසී සහ චෙන්-තුගේ රුධිරය පරීක්ෂා කිරීමට බීජිං පොලිසිය පියවර ගත්තා. රුධිර පරීක්ෂාවෙන් හෙළි වී ඇත්තේ මේ දෙදෙනාම මරිජුවානා නම් වූ මත්ද්‍රව්‍යය භාවිත කර ඇති බවයි. පොලිස් ප්‍රශ්න කිරීම්වලදී දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ තමන් මත්ද්‍රව්‍ය පාවිච්චියට යොමු වී ඇති බවයි. අසල්වැසියන් ගෙන් ලද තොරතුරක් මතයි මේ දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය ජේසීගේ නිවස ද පරීක්ෂා කර තිබෙනවා. එහිදී ඔහුගේ නිවසේ තිබී මරිජුවානා ග්‍රෑම් සියයක් සොයා ගැනීමටත් පොලීසියට හැකි වී තිබෙනවා.

චීනයේ නීතිය අනුව මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට ඉඩ ලබාදීමේ වරදට හිමි වන්නේ වසර 3 ක සිර දඬුවමක්. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, නිෂ්පාදනය සහ අලෙවි කිරීම වෙනුවෙන් මරණ දඬුවම පවා එරට තුළ හිමි වන බවයි පැවසෙන්නේ. මේ වන විට ඇප පිට නිදහස් වී සිටින ජේසීට සහ චෙන්-තුට පොලීසියෙන් නඩු පවරා තිබෙනවා.

ජැකී චෑන් සහ තායිවාන් නිළි ලින් ෆෙන්-ජියෝ යුවළගේ පුත්‍රයා වන ජේසී හැදී වැඩුණේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර. විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබුව ද වසර 2 කින් ඔහු එයින් ඉවත් වුණා. චීනයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අතර එරට රූපවාහිනී සහ සිනමා නළු නිළියන් ද සිටින බව පැවසෙනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්