මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මං අහිංසකත් නැහැ නපුරුත් නැහැ

මං අහිංසකත් නැහැ නපුරුත් නැහැ

- තිළිණි පෙරේරා

මව් සෙනෙහස අහිමි දියණියකට මවක වෙමින් සිය දියණියක සේම ඇය රැක බලා ගන්නට පෙරුම් පුරන නිරංජලා ටීචර් දැන් බොහෝ දෙනාගේ ආදරය අවධානය දිනා ඇත. ඇගේ ඒ අහිංසක පැතුම පල දරන්නේද යන්න අපට දැන ගත හැකි වන්නේ මේ දිනවල විකාශය වන 'ආදර දෑසක්' ටෙලි නාට්‍යයෙනි. නිරංජලාගේ පැතුම කෙසේ වෙතත් නිරංජලා කුඩා කල සිටම පැතූ පැතුම ඉටු වූ තිළිණි පෙරේරා අද අපේ පිළිසඳරට එක් කර ගත්තා.

තිළිණි කියනවට වඩා නිරංජලා කියනවාට ඔබ වඩාත් කැමැති වෙයි?

ඔව්. මේ දවස් වල නිරංජලා කියනවාට නම් වැඩිපුර කැමැතියි.

මේ ඔබේ පළමු රංගනයද?

නැහැ. මේ මම රංගනයෙන් දායක වුණු සිවු වන නිර්මාණය. නමුත් ප්‍රධාන චරිතෙකින් ප්‍රේක්ෂකයා හමුවට එන පළමු වතාව.

දැන් නිරංජලාට කැමැති වුණාට ඒ චරිතේ බාර ගන්න ඔබේ වැඩි මනාපයක් තිබුණේ නැහැලු නේද?

ඔව් ඒ කතාව ඇත්ත. නිල්වලා ආයතනයෙන් මට මුලින්ම දීලා තිබුණේ වෙස්ටර්න් කැරැක්ටර් එකක්. ඒ චරිතෙට මං ගොඩක් කැමැත්තෙන් හිටියේ .කොටින්ම මම ඒ චරිතේ වෙනුවෙන් වෙනම ඇක්ට් එකකුත් හදා ගත්තා. ඊට ගොඩක් වෙහෙසුණා. ඉතින් ඒ වෙනුවට මට ලැබෙන්නේ වෙනම චරිතයක් කියලා දැන ගත්තහම මට ඇති වුණේ ලොකු කලකිරීමක්. නමුත් අද වෙද්දි මේ චරිතේ ගැන මම ගොඩක් සතුටු වෙනවා.

එදා තමන්ගේ තීරණේ වෙනස් නොකළා නම්?

එහෙනම් තිළිණි කියලා නිළියක්ද නැති වෙන්න ඉඩ තිබුණා. නිරූපණ ක්ෂේත්‍රයට පමණක් ඇය සීමා වෙයි.

හැමදේම වෙන්නේ හොඳකට කියනවානේ?

ඔව්. අනිවාර්යයෙන්ම.

තිළිණි සැබෑ ජීවිතය නිරංජලාට සමාන වන අවස්ථා තිබෙනවාද?

සැබෑ ජීවිතයේදී නිරංජලා සහ තිළිණිගේ ගොඩක් සමානතා කියන්න බැහැ. මම නිරංජලා තරම්ම අහිංසක නැහැ. ඒ වගේම නපුරුත් නැහැ. හැබැයි නිරංජලා වගේම මමත් පොඩි ළමයින්ට හරිම ආදරෙයි. පොඩි කාලේ ඉඳලම දුප්පත් අසරණ අයට උදව් කරන්නත් හරිම කැමැතියි.

නිරංජලා ඇගේ ජීවිතයේ මුහුණ දෙන සිදුවීම තිළිණිගේ සැබෑ ජීවිතයේදීත් සිදු වුණොත් ඔබේ තීරණය කුමක් වේවිද?

ඒ කතාවට අනුව නිරංජලා ටීචර්, රේණු කියන චරිතයේ නැටවෙන රූකඩයක් නේ. නමුත් මට ජීවිතයේ එවැනි තීරණයක් ගන්න වුණොත් මම කාගෙවත් රූකඩයක් නොවී කල්පනා කරලා බුද්ධිමත්ව තීරණය කරයි. අනෙක ඒ කතාව තුළ අනූපම නිරංජලාට ආදරය කරන කෙනෙකුත් නෙවෙයි. මම නම් මට ආදරේ නොකරන කෙනෙකුට මම ආදරේ කරන එකක් නැහැ.

තිළිණි විවාහකයි වග බොහො දෙනා දන්නේ නැහැ?

ඔව්. මගේ සැමියා ලක්මාල් රත්නායක. ඔහු ව්‍යාපාරිකයෙක්.අපි කසාද බැන්ඳෙ 2012දී. ඔහු තමයි මගේ ජිවිතයේ දැවැන්ත සෙවණැල්ල.

ආදර යෝජනා ලැබුණහම ඊට සැමියාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහෙමද?

හම්ම්.. ඒ වගේ යෝජනාත් ලැබෙනවා. අපි අතර ඒ දේවල් වලට කොටින්ම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. මම ෂුටිං යන්නේත් මගේ සැමියා එක්ක. හැම පොඩි දෙයක්ම මම ඔහුට කියනවා. එවැනි යෝජනාවක් ආවොත් මම ඒ ගැන සැමියා දැනුවත් කරනවා වගේම ඒ පුද්ගලයාටත් කියනවා මම විවාහකයි කියලා.

ජනප්‍රියත්වය නිසා කට කතා ඔබටත් ඉදිරියේදී හැදෙන්න පුළුවනි?

කට කතා මං හිතන්නේ මට ප්‍රශ්නයක් නෙමෙයි. පල ඇති රුකට නේ ගල් ගහන්නේ. ජනප්‍රිය වෙද්දි ඔහු හෝ ඇය ගැන හොයනවා වැඩියි. ඉතින් කට කතා හැදෙනවා කියන්නෙ එයා සමාජයේ ගොඩක් ජනප්‍රිය චරිතයක් කියන එකනේ. කොහොමත් ඒ දේවල් මගේ ගමනට බාධාවක් කර ගන්නේ නැහැ.

රංගන ශිල්පිනියක් ලෙස කාර්ය බහුල වීම පවුල් ජීවිතයට බාධාවක් නෙමෙයිද?

කාර්යබහුල ජීවිතයකට මම කොහොමත් කැමැතියි. අනවශ්‍ය දේවල් ඔළුවේ දාගෙන කල්පනා කර කර කාලේ කනවට වඩා තමන් කැමැති දෙයක් එක්ක කාර්යබහුල වෙන එක හොඳයි කියලයි මම නම් හිතන්නේ.

දරු සුරතල් බලන්න දැන්ම ආසාවක් නැතිද?

තාම අදහසක් නැහැ. තව කාලයක් ඉන්නයි කල්පනාව. පොඩි කාලේ ඉඳලම තිබුණු නිළි සිහිනය හැබැ වුණා විතරනේ. මම තවම ක්ෂේත්‍රයට ආවා විතරයි. ඉදිරියේදි ප්‍රේක්ෂකයන්ට තව තවත් හොඳ නිර්මාණ තුළින් ළං වී හොඳ ස්ථාවරත්වයක් ගොඩනඟා ගත යුතුයි. ඊට පසු ඒ දේවල් ගැන තීරණය කරනවා. නැතුව දරු සුරතල් බලන්න අකැමැතිව එහෙම නෙමෙයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්