මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කවුළුව අතරින්

කවුළුව අතරින්

මරියෝට පොල්ලක්

පරපුරෙන් පරපුරට කලාව දායාද වුණු වාසනාවන්ත ගායකයෙක් වගේ ම සංගීත ශිල්පියෙක් තමයි මරියෝ ආනන්ද. ප්‍රවීණ ගායක ග්‍රේෂන් ආනන්ද ගේ ආදරණීය පුතණුවන්. තම පියා ජීවතුන් අතර නැතත් පියාගේ අඩිපාරේ යමින් තමාට උරුම වූ ගායන හැකියාව ඔපමට්ටම් කර ගනිමින් තමාටම ආවේණික සංගීත රටාවක් ගොඩනඟා ගන්නට මරියෝ ආනන්ද මේ වනවිට සමත්වෙලා. ගායනයෙන් වාදනයෙන් පෙරට ගියත් මේ දවස්වල මරියෝ තරමක් දුරට ක්ෂේත්‍රයේ යම්යම් දේ ගැන කලකිරීමකට පත්වෙලා කියල ආරංචි වුණා.

“ගායනය වගේ ම සංගීත අංශයේ වැඩත් මම සිදු කරනවා. මෙය මගේ වෘත්තිය. මේ දවස්වල එක්තරා ජනප්‍රිය ටෙලිනාට්‍යයක පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කළත් තවමත් මට ඒ වෙනුවෙන් ලැබිය යුතු ගෙවීම් සිදු කරලා නැහැ. මේ වගේ පොලු තියන අධ්‍යක්ෂකවරු නිසා සංගීත ක්ෂේත්‍රයේ අපි වගේ ඉදිරියට යන නවකයන්ට එය යම් තරමක පසුබෑමක්.”

ශ්‍රීමත්ගෙන් නොමිලේ දිනපොත්

එළැඹෙන නව වසර සෑම පුද්ගලයෙකුට ම සුවිශේෂියි. නව වසර වෙනුවෙන් සුබාසිරි ගෙනෙමින් තිළිණ කීපයක් ම ආදරණීය රසිකයන් වෙනුවෙන් ලබා දෙන්නට ජනප්‍රිය ගුවන්විදුලි - රූපවාහිනී නිවේදක, ‘කටහඬ’ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ සූදානම් වන පුවතක් අපිට දැනගන්නට ලැබුණා.

“2015 නව වසරට ආසිරි ගෙනෙමින් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය කට හඬ දින දසුන් සහ දිනපොත් නොමිලේ ලබා දෙන්නට අපි මේ වනවිට පියවර ගෙන තිබෙනවා. 077 37449767 සහ 077 9013651 කියන දුරකථන අංකවලට ඇමතීමක් හෝ කටහඬ මාධ්‍ය කේන්ද්‍රය, 55, බුවනෙකබා මාවත, මිරිහාන, නුගේගොඩ ලිපිනයෙන් දින දසුන් සහ දිනපොත් ලබාගන්න පුළුවන්.”

ෂූට් එකක් කියලා අමතක වෙලා

රංගනය අතරතුර නොහිතන ආකාරයේ අකරතැබ්වලට නළු නිළියන් ලක්වෙනවා. එවන් අවස්ථාවලදී රූගත කරමින් සිටි කොටස් පවා වියදමක් දරා නැවත රූගත කිරීමට සිදුවෙන අවස්ථා ද තිබෙනවා. පසුගිය දවසක එවන් අකරතැබ්බයකට අපේ රූමත් නවක නිළියක් මුහුණ පෑවා. ඇය ප්‍රීති විජේසිංහයි.

“මේ ළඟදි දවසක පී.යූ.ඩී. පෙරේරා නිර්මාණය කරන ටෙලිනාට්‍යයක රූගත කිරීමක් තිබුණා. මේ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් යෙදිලා තිබුණේ බියගම ප්‍රදේශයට නුදුරු ගමක් ආශ්‍රිතවයි. එහි මම රඟපාන්නේ මවකගේ චරිතයක්. සැමියා බීමත්ව පැමිණ මටත් දරුවන්ටත් පහර දී බඩු මුට්ටු පොළොවේ ගහනවා. මේ පවුල හරිම දුප්පත්. ගෙදර උයාගෙන කන්න තියෙන්නේ එකම එක වළඳයි. ඉතින් මේ විදිහට බඩුටික කුඩු කළහම මට පාරේ අඬමින් “මිනිහා බීගෙන ඇවිත් ගෙදර තිබුණු එකම වළඳත් කුඩු කළානේ” කියමින් දුවන දර්ශනයක් තමයි කරන්න තිබුණේ. ඔන්න දර්ශනය රූගත කරන්න පටන් ගත්තා. මම පාරේ මේ විදිහට අඬමින් යනවිට බයිසිකලයක නැඟුණු ගමේ මිනිහෙක් (එයත් ටිකක් බීලා) අනේ නංගී! අදත් අරූ බීගෙන ඇවිත් ගෙදර බඩුකුඩු කළාද? කියලා මට මහ හයියෙන් කිව්වා. දර්ශනය කට්. බලනකොට අපි රූගත කිරීම් සඳහා යොදාගත් නිවෙසේ ඉන්න අය හැමදාම රණ්ඩු කරනවාලු. ඒ මනුස්සයා හිතල තියෙන්නේ ඇත්තට ම රණ්ඩු කරලා කියලයි.

අවුරුදු පහකින් ‘ටෙලි’යක් නෑ

රංගන ශිල්පිනියන් අතර සේමිණි ඉද්දමල්ගොඩ අමතක කරන්න බැරි චරිතයක්. දවසින් දවස අලුත් ටෙලිනාට්‍ය විකාශය වුවත් සේමිණිව ටෙලිනාට්‍ය චරිතයකින් දක්නට නැති තරම්. මේ ගැන හොයල බලන්නත් එක්ක අපි සේමිණීට කතා කළා.

“දැන් වසර 5 කින් මම ටෙලිනාට්‍යයක රඟපෑවේ නැහැ. ටෙලිනාට්‍යවල මට ගැළපෙන චරිතයක් තවමත් මට ලැබුණේ නැහැ. එනිසා වසර පහක කාලයක් පුරාවටම මම නිහඬව සිටියා. ඒත් සිනමා නිර්මාණ කීපයකටම මම මගේ දායකත්වය ලබා දුන්නා. මේ දවස්වල තිරගතවෙන ‘කෝ මාර්ක් නෝ මාර්ක්’ විකට චිත්‍රපටයේ මම රඟපානවා. එහි දේශපාලනඥයකුගේ බිරිඳකගේ චරිතයක්. එයට මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හොඳ ටෙලිනාට්‍ය පිටපතක් ලැබුණොත් ටෙලිනාට්‍යයකට දායකවීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.

බැරි වැඩ නොකරන්න වොල්ගා

විකාශය වෙන ‘සුජාතා’ ටෙලිනාට්‍යය මේ දවස්වල කා අතරත් ජනප්‍රියයි. ඊටත් වඩා එහි ‘චූටි ටීචර්’ ගේ චරිතය රඟදක්වන වොල්ගා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. මේ දවස්වල වොල්ගා ‘ස්කූටර්’ පදින්න පුරුදු වෙන බව අපිට ආරංචි වුණා. හා හා පුරා කියලා ස්කූටර් පදින්න පුරුදු වෙන්නේ ඇයි දැයි කියා අපි විමසා බැලුවා.

‘සුජාතා’ ටෙලිනාට්‍යයේ මට ස්කූටරයක් පැදන් යන දර්ශනයක් රූගත කරන්නට තිබුණා. එනිසා මම ස්කූටර් පදින්න පුරුදු වුණා. මට ඩ්‍රයිවින් ලයිසන් තිබුණත් බයික්වලට ලයිසන් නැහැ. මීට පෙරාතුව මෝටර් බයිසිකල් පැදලත් නැහැ. ඉතින් යම් චකිතයක් හිතේ තිබුණා. කොහොම හරි නාට්‍යයේ සහෝදර නළුවන් දෙදෙනෙක් මට ස්කූටර් පදින්න පුරුදු කළා. ඔන්න දර්ශනය රූගත කරන්න පටන් ගත්තා. මමත් ස්කූටරය පැදගෙන ගියා. හොඳම වැඩේ තමයි මම වැටෙයි කියලා නිෂ්පාදන කණ්ඩායමේ පහළොස් දෙනෙක් විතර දෙපැත්තට වෙලා පාර මුර කළා. මට හොඳටම හිනා.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්