මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


අපි සිරිසේනට...  නෑ අපි මහින්දට

අපි සිරිසේනට...  නෑ අපි මහින්දට

මේ දිනවල ජනාධිපතිවරණය තරම් ජනතාවගේ අවධානය යොමුවුණු වෙනත් මාතෘකාවක් නොමැත. ජනාධිපතිවරණය සමඟම රාජ්‍ය නොවන සංවිධාන (එන්. ජී. ඕ.) ඒ වෙනුවෙන් දක්වන උනන්දුවත් විවිධ පාර්ශ්ව ඒ පිළිබඳ කරනු ලබන කතාබහක් කැපී පෙනෙන සාධක වේ. ඉතා හොර රහසේ සංවිධානය වී, එක්වරම ඉදිරිපත් වූ විපක්ෂ අපේක්ෂකයා නිසා මෙවර ජනාධිපතිවරණය බොහෝ සේ උණුසුම් වී ඇති බවක් පෙනේ.

මෙම උණුසුම මධ්‍යයේම එක් රාජ්‍ය නොවන සංවිධානයක් ජනාධිපතිවරණය පිළිබඳ අපූරු සමීක්ෂණයක් කරන්නට ඉදිරිපත් විය.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කාට හිමිවේදැයි යන්න පිළිබඳ පුරා සතියක් තුළ දෛනිකව කිරීමට සැලසුම් කළ එම සමීක්ෂණයේ සුවිශේෂත්වය වූයේ එහිදී එක් එක් නිවෙස්වල ඡන්දදායකයන් ගේ මත විමසීම වෙනුවට ඒ ඒ නිවෙස්වල වෙසෙන සුරතල් සතුන්ගේ මත විමසීමයි.

මෙම අපූරු සමීක්ෂණය සඳහා එන්ජීඕ නියෝජිතයකු එක් උදෑසනක නිවෙසකට ගොඩ විය. අහම්බෙන් මෙන් ඊට පෙර දින එම නිවෙසේ බැළලිය පැටව් පස්දෙනකු ප්‍රසූත කර තිබිණ. සුදු පුළුන් කැටි මෙන් බැළලිය වටා රොක් වී සිටි පැටව් වෙත කිට්ටු කළ නියෝජිතයා මෙසේ ඇසීය.

‘පූස් පැටවුනේ, මේ සැරේ ජනාධිපතිවරණයේදී උඹලා සහයෝගය දෙන්නෙ කාට ද?’

‘අපි පොදු අපේක්ෂකයාට - සිරිසේනට.’ පූස් පැටව් පස් දෙනාම කටහඬ ආ දෙසට මුහුණු හරවා පිළිතුරු දුන්නේ එක හඬිනි.

එන්ජීඕ නියෝජිතයාට තම කන් අදහාගත නොහැකි විය. සමීක්ෂණය ඇරඹීමත් සමඟම ලැබුණු අනපේක්ෂිත ප්‍රතිඵලය හේතුවෙන් ප්‍රීතියෙන් පිනා ගිය හේ වහා සිරිසේනට තම ජංගම දුරකථනයෙන් ඇමතුවේය. එම රාජ්‍ය නොවන සංවිධානය, වෙනත් එවැනි බොහෝ සංවිධාන මෙන්ම හොර රහසේ සහයෝගය දැක්වූයේ සිරිසේනටය.

ඒ පුවත අසා, හෙතෙම හැඳ සිටි ජාතික බැනියමට උඩින් දමා ගත් කෝට් බෑය ද සෙලවෙන සේ හක හක ගා සිනාසෙන්නට වූයේය.

දෙවැනි දවසේ ද එන්ජීඕ නියෝජිතයා එම නිවෙසට ගොඩ වූයේය.

‘පූස් පැටවුනේ, උඹලා මේ සැරේ ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නෙ කාට ද?’ හේ ඇසීය.

‘අපි පොදු අපේක්ෂකයාට - සිරිසේනට.’ පූස් පැටව් එදින ද එක හඬින් කීවෝය. මේ අයුරින්ම තුන්වැනි - සිව්වැනි - පස්වැනි සහ හයවැනි දිනවලදී ද බළල් මත විමසුම සිදු වුණේ ය. පූස් පැටව් ඒ සෑම දිනෙකදීම පොදු අපේක්ෂකයාට තම මනාපය පළ කළහ. සමීක්ෂණයේ අවසන් දිනය යෙදුණේ ජනාධිපතිවරණයට පෙරදාය. එදින එන්ජීඕ නියෝජිතයා සුපුරුදු පරිදි එම නිවෙසට ගොඩ වී, පුරුදු පැනය නැඟුවේය.

‘පූස් පැටවුනේ, උඹලා මේ සැරේ ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන්නෙ කාට ද?’

‘අපි මහින්දට - අපේ ජනාධිපතිතුමාට.’ පූස් පැටව් පස් දෙනාම කීවේ ඇස් කරකවා නියෝජිතයා දෙස බලමිනි. පූස් පැටවුන්ගේ මේ හදිසි වෙනස එන්ජීඕ නියෝජිතයා හට අදහාගත නොහැකි විය. හේ විමතියෙන් දෑස් අයා මහ බැළලිය වෙත හැරී මෙසේ විමසුවේය.

‘මෙච්චර දවස් මුන් ඔක්කොම එක හඬින් කිව්වේ පොදු අපේක්ෂකයව සහයෝගය දෙනවා කියලනෙ. මොකෝ බං මේ පැටව් ටික හිටපු ගමන් වෙනස් වුණේ?’

‘ඇයි මහත්තයා, උන් අදනෙ ඇස් ඇරියෙ.’ බැළලිය වහා උත්තර දුන්නාය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්