මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සුරංගනා කතා කිහිපයක එකතුව

සුරංගනා කතා කිහිපයක එකතුව

සුරංගනා කතා රිදී තිරයට පැමිණීම අලුත් දෙයක් නොවේ. නවකතා හෝ වේදිකා නාට්‍ය සිනමා පට ලෙස රිදී තිරයට පැමිණීම ද අලුත් දෙයක් නොවේ. මේ සියල්ලම මිශ්‍රවූ එක් සිනමා පටයක් දැන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ.

ග්‍රිම් සොහොයුරන් ලියූ සුරංගනා කතා කිහිපයකින් ප්‍රකට වූ චරිත ලෙස ‘ලිට්ල් රෙඩ් රයිඩිං හුඩ්’ ‘පැරපුන් සෙල්’ හා ‘සින්ඩරෙල්ලා’ ද බෝංචි වැලක් දිගේ යෝධයන්ගේ ලෝකයට ගිය ජැක් ද හැඳින්වීමට පුළුවන. මේ සියලු චරිත එක් කොට ජේම්ස් ලපයින් නවකතාවක් ලියුවේ ය.

එම නවකතාව පසුබිම් කොටගෙන ස්ටීවන් සොන්ඩෙයිම් නිපැයූ සංගීතමය වේදිකා නාට්‍යය මුලින් ම ඇමෙරිකාවේ සැන්ඩියාගෝ හී ඕල්ඩ් ග්ලෝබ් නෘත්‍ය ශාලාවේදී වේදිකා ගතවූයේ 1986 දී ය. ඉන්පසු ලෝක ප්‍රකට බෝඩ්වේ නෘත්‍ය ශාලාවේද ප්‍රදර්ශනය වූ එම නාටකය ඇමෙරිකාවේ වේදිකා නාට්‍ය සඳහා පිදෙන ‘ටෝනි සම්මාන’ කිහිපයකින් ම පිදුම් ලැබුවේ ය.

එම සංගීතමය නාටකය විවිධ වසරවලදී නැවත නැවත ප්‍රදර්ශනය වූ අතර 1991 වසරේදී එය රූපවාහිනියට ද නැඟිණි. ජේම්ස් ලපයින් ලියූ නවකතාව ‘Into the woods’ නම් වූයේ ය.

වේදිකා නාට්‍යය නිපැයුණේ ද එම නමිනි. ඇමෙරිකාවේ මහත් ජනප්‍රියත්වයක් ලැබූ ‘ඉන් ටු ද වුඩ්ස්’ සිනමාවට නැඟීමේ ම‍ූලික අදහස ඇති වී තිබුණේ 1990 දශකයේ මුල් භාගයේදී ය.

ලොවෙල් ගාන්ස් හා බබලූ මැන්ඩෙල් තිර රචනය සැකසූ අතර චරිත සඳහා රොබින් විලියම්ස්, ගෝල්ඩ් හෝන්, චර්, ඩැනි සි විටෝ හා ස්ටීව්. මාටින් වැනි ප්‍රකට නළු නිළියන්ද රංගනය සඳහා තෝරා ගැනිණි. එහෙත් යම් යම් හේතු නිසා චිත්‍රපටය නිර්මාණය කිරීම කල් ගිය අතර වසර විසි ගණනකට පසු පසුගිය නත්තල් දා ‘ඉන්ටු ද වුඩ්ස්’ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹීය‍. ඇමෙරිකානු සංගීතමය ෆැන්ටසි සිනමා පටයක් වූ ‘ඉන්ටු ද වුඩ්ස්’ වෝල්ට් ඩිස්නි නිෂ්පාදනයයි.

අප මුලින් සඳහන් කළ කිසිම නළුවකු නිළියක මෙම නිෂ්පාදනයට එක්ව නැතත් දැනුදු එහි රඟන්නේ දක්ෂතාවන්ගෙන් හා ජනප්‍රියත්වයෙන් අඩු නළු නිළියන් නොවේ. මන්ත්‍රකාරිය ලෙස සම්මානනීය නිළි මෙරිල් ස්ට්‍රීප් රඟන මෙයට ජොනී ඩෙප්, එමිලි බ්ලන්ට්, ජේම්ස් ගෝර්ඩන්, ඇනා කෙන්ඩ්‍රික්, ක්‍රිස් පයින්, ලයිලා ෆ්‍රේෆෝඩ්, ට්‍රාසේ උල්මාන් හා ලුසී පන්ම් වැනි ජනප්‍රිය නළු නිළියෝ රංගනයෙන් දායක වෙති.

රොබ් මැෂල් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය රූගත කිරීම් ප්‍රධාන වශයෙන් සිදු කෙරී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනගරයේ ෂෙපර්ටන් චිත්‍රාගාරයේ ය‍. ඒ හැර එරට ඩෝවර් මාලිගය, රිච්මන්ඩ් උද්‍යානය හා වීවර්ලි දේවස්ථානය වැනි ස්ථානයන්හිද රූගත කිරීම් සිදුවී ඇත‍.

2013 සැප්තැම්බර් මුලදී ඇරඹුණු රූගත කිරීම් නිම වී ඇත්තේ එම වසරේ නොවැම්බර් අඟදී ය.

ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතාවල සඳහන් මායා වනාන්තරයක් පසුබිම් කොටගෙන මෙහි කතාව දිවයයි. බේකරි කරුවා හා ඔහුගේ බිරිය වටහා ගන්නේ තමන්ට කිසි දිනෙක දරුවන් නොලැබෙන ලෙස මන්ත්‍රකාරියක සාප කර ඇති බවයි. එම යුවළ මායා වනාන්තරයට ඇතුළු වන්නේ එම සාපයෙන් මිදීමේ ක්‍රමයක් සොයා ගනු පිණිස ය. ඔවුන් මන්ත්‍රකාරිය හා කරන සටනේදී ඔවුන්ගේ උපකාරයට පැමිණෙන්නේ ග්‍රීම් සොයුරෝ අනෙකුත් සුරංගනා කතා වලින් මැවූ විවිධ චරිත ය.

වැඩි විචාරක ප්‍රසාදයට පාත්‍ර වී ඇති ‘ඉන්ටු ද වුඩ්ස්’ වසර මුල පැවැත්වෙන ප්‍රධාන සිනමා සම්මාන උලෙළ කිහිපයකම සම්මාන ගණනාවක් සඳහා නාම යෝජනා ලබා තිබීම ද විශේෂයකි. බොහෝ විචාරකයන් මෙහි මන්ත්‍රකාරිය ලෙස රඟන මෙරිල් ස්ට්‍රීප් ගේ ද වෘකයා ලෙස රඟන ජොනී ඩෙප්ගේ ද රංගන දක්ෂතා බෙහෙවින් අගය කර තිබේ.‍ ඇමෙරිකානු චිත්‍රපට ආයතනය මඟින් 2014 වසරේ හොලිවුඩයේ නිර්මාණය වූ හොඳම චිත්‍රපට දහය අතරට ‘ඉන්ටු ද වුඩ්ස්’ ඇතුළත් කර තිබීම තවත් විශේෂයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්