මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ෆර්නි රෝෂිනී දෙවැනි වතාවටත් මනාලියක් වෙයි

ෆර්නි රෝෂිනී දෙවැනි වතාවටත් මනාලියක් වෙයි

සැමියාගේ වෙනසක් නෑ

වසර 17 කට පෙර විවාහ වූ යුවළක් 17 ත් වසරකට පසු නැවතත් මංගල සළු පිළිවලින් සැරසී විවාහ වීමේ අපූරු පුවතක් පසුගිය දිනෙක අපේ කලා ලොවින් වාර්තා වුණා. මෙලෙස යළිත් වරක් විවාහ වූයේ නිවේදිකාවක, රංගන ශිල්පිනියක වන ෆර්නි රෝෂිනී සහ ඇගේ සැමියා ලංකා සුදර්ශනයි.

* ඔබ දෙදෙනා යළිත් වතාවක් විවාහ වූ පුවත ඇත්ත ද?

ඔව්. අපේ ජීවිතේ මේ නිසා අලුත් වුණා. ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් තවමත් දන්නේ නැහැ මම විවාහ වෙලා කියලා. ඒත් අපි දෙන්නගේ පළමු විවාහය සිදු වුණේ දැනට දාහත් වසරකට පෙරයි.

* ඔබ දෙදෙනා හමුවුණේ කොහොමද?

වසර 17 කට ඉහත ගුවන්විදුලි සංස්ථාවේදීමයි. 1997 දී අපි විවාහ වුණා. ඒ දවස දෙසැම්බර් 27. අපට දැන් දරුවෝ දෙදෙනකුත් ඉන්නවා.

* යළිත් විවාහ වුණේ ඔබ දෙදෙනා කාලයක් දුරස්ව සිටිය ද?

අපෝ නැහැ. (ෆර්නි මහ හඬින් සිනාසෙයි.) මේක සර්ප්‍රයිස් එකක්. දැන් මගේ ලොකු දුවට අවුරුදු 16 යි. දෙවැනි දුවට 15 යි. අපි දෙදෙනාගේ විවාහ දිවියේ දාහත්වැනි සැමරුම වෙනුවෙන් නැවත වතාවක් මංගල ඇඳුමෙන් සැරසිලා අපේ හිතමිතුරන් විස්මයට පත් කරමින් උත්සවයක් ගත යුතු බව අපිට හිතුණා. ඇත්තටම මේ උත්සවය සංවිධානය කළේ මගේ දුවයි, පුතයි නැන්දම්මයි. එය හිතුවටත් වඩා සාර්ථක වුණා.

* ඔබේ සැමියා ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔහු තමයි එදා සිට අද දක්වාම මගේ හැමදේටම පිටුපස ඉඳිමින් මට ශක්තිය දෙන්නේ. මට උදව් කරන්නේ. ඔහු මාව හොඳින් ම තේරුම් ගත් කෙනෙක්. කලාව සමඟ මම නිරතුරුවම ගනුදෙනු කරන නිසා මගේ වැඩකටයුතු නිදහ‍ෙස් කර ගන්න ඔහු මට ලබාදී තිබෙන නිදහස ඉතා වටිනවා. පවුල් ජීවිතය සමබරව පවත්වාගෙන යාමට ඔහු මට ශක්තියක්.

* ඔබ දෙදෙනාගේ මෙම විවාහ සැමැරුම ගැන දරුවන්ගේ අදහස මොනවගේද?

මේ දේවල් සැලසුම් කරන්න ඔවුන් දෙදෙනා ගොඩක් මහන්සි වුණා. වෙලාවකට අපෙන් ඇහුවා අනේ! මන්දා අම්මටයි තාත්තටයි පිස්සුද කියලත්. බොහොම සතුටෙන් සැහැල්ලුවෙන් ඇත්තට මුහුණ දීලා ජීවත්වන පවුලක් නිසා ඔවුන් දෙදෙනාත් මේ උත්සවයේදී ලොකු සතුටක් ලැබුවා. විශේෂයෙන්ම, පුංචි කාලෙ දුවයි පුතයි අපේ වෙඩින් ෆොටෝ දිහා බලලා අනේ අපි දෙන්න මේවයේ නැහැනෙ කියලා පසුතැවෙනවා. දැන් අවුරුදු 17 කට පස්සේ අපි දෙන්නා අලුත බැඳපු ෆොටෝවල ඔන්න ඒ දෙන්නම ඉන්නවා. හරිම විනෝද දවසක් වුණා එදා අපි හැමෝටම.

* කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

අපි දෙන්න ඒ හැමෝටම ආරාධනා කළේ නත්තල් පාටියක් අපේ ගෙදර තියනවා එන්න කියලයි. හැමෝම වගේ ආවත් මඟුල් ගෙදරක් වගේ ගෙදර සරසල තිබුණු නිසා ඔවුන් සමහරු වැරැදි ගෙදරකට ඇවිත් කියලා පිටවෙලා යන්නත් හදලා තිබුණා. අපි දෙන්න දකින්න නැති නිසා මේ අයගේ කුතුහලය වැඩිවෙලා කොහොම හරි රාත්‍රි 7.00 ට විතර අපි දෙන්නා මඟුල් ඇඳුමින් එන විට සමහරුන්ට අදහා ගන්නත් බැරිවෙලා. හැමෝම අන්ද මන්ද වෙලා. සමහරුන්ට ඉස්සරහට තිබ්බ කකුල පස්සට ගන්න බැරිව එක තැනම ගල්ගැහිලා ඉඳලා තියෙනවා. මේ වගේ ජරමර ගොඩයි. දැන්නම් හැමෝම සතුටු වෙනවා. එක එක කමෙන්ට්ස් දෙනවා.

මේ රටේ විවාහකයන්ට ලොකු ආදර්ශයක් අපි සැපයුවා කියලා ඔවුන් මට සුබ පතනවා. ඇත්තටම අපි දෙන්නගේ ජීවිතේ අලුතින් පටන්ගත්තා කියලා හිතෙනවා. අවුරුදු 17 ක් ගිහිල්ලත් නැවත ජීවිතේ අලුතින් පටන් ගැනීමේ සතුට අපි දෙන්නටම තිබෙනවා. අපේ මංගල සැමරුමට එන්න බැරිවූ හිතවතුන් පවා දුරකතනයෙන් අමතමින් අපිට සුබ පතනවා.

* ඔබ දෙදෙනා හැඩ වුණේ කොහොමද?

ලංකා නම් ඇන්දේ මුල් ඇඳුම. මම උඩරට මනාලියක් ලෙස හැඩවුණා. මාව දකින අය කිව්වේ විවාහ වෙලා අවුරුදු 17 ක් ගතවෙලත් හිටියටත් වඩා ලස්සන මනමාලියක් වෙලා කියලයි. මගේ ඇඳුම සකස් කළේ චමිල් උදයංග. ශම්මි දර්ශන ලස්සනට මාව හැඩකළා. ජීවිතේ අපි ලබපු සුන්දර දවසක් එදා. ලොකු සර්ප්‍රයිස් එකක් වුණා හැම දෙනාටම.

කොහොම වුණත් නත්තල් පාර්ටි එක කියලා අපේ විවාහ සැමරුමට ආපු කලාකරුවන්ට කලන්තෙ හැදුණෙ නැති ටික විතරයි. ඔවුන්ගෙන් තවමත් ලැබෙන ප්‍රතිචාර දරාගන්න බැහැ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්