මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ජනාධිපතිතුමා තරම් කලාකරුවන්ට සේවය කළ වෙනත් රාජ්‍ය නායකයෙක් මෙ‍රටේ බිහිවී නෑ

ජනාධිපතිතුමා තරම් කලාකරුවන්ට සේවය කළ වෙනත් රාජ්‍ය නායකයෙක් මෙ‍රටේ බිහිවී නෑ

-මනෝජ් පීරිස්

ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවල ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනප්‍රියත්වයට පත්ව ඇති බව නොරහසකි. අප රටේ කුඩා දරුවෝ පවා ජනාධිපතිතුමා හොඳින් හඳුනති. ඒ තරමටම එතුමා ජනප්‍රිය පුද්ගලයෙකි. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා වශයෙනි. නැතහොත් දැනට අපට සිටින ප්‍රබලතම දේශපාලනඥයා වශයෙනි. නමුත් එතුමා පිළිබඳ වැඩි දෙනා නොදන්නා පැත්තක් ද ඇත. මහින්ද රාජපක්ෂ මැතිතුමා හොඳ කලාකරුවෙකි. නැතහොත් කලාව ප්‍රිය කරන සංවේදී හදවතක් ඇත්තෙකි. එතුමා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන කල චිත්‍රපට නළුවෙකු වූ අවස්ථා ද, ටෙලි නාට්‍ය නළුවෙකු වූ අවස්ථා ද නැත්තේ නොවේ. එතුමා කලාකරුවන්ට ඇලුම් කරයි. ඔවුන්ට ආදරය දක්වයි. එමෙන්ම ඔවුන්ගේ ඕනෑඑපාකම් සොයා බලයි. කලාව වෙනුවෙන් එතුමාට කළ හැකි උපරීම සේවය ඉටු කරයි. දශක ගණනාවක සංගීත ක්ෂේත්‍රයේ නියැළුණ කලාකරුවෙකු ලෙස මේ සඳහා නිදර්ශන විශාල ප්‍රමාණයක් මා හට ඉදිරිපත් කළ හැකිය.

මහාචාර්ය සනත් නන්දසිරි කලාකරුවා මුළු රටම හොඳින් හඳුනන සංගීත ක්ෂේත්‍රයේ මහාඇදුරෙකි. එතුමාගෙන් සංගීතය හැදැරූ සිසු පරපුර දහස් ගණනකි. එතුමා මගේ ද සමීපතම ඥාතියෙකි. සනත් නන්දසිරි මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හදිසි ඉල්ලීම පිට එක් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත මැතිවරණයට ඉදිරිපත් වූ සනත් නන්දසිරි තදබල ලෙස රෝගාතුර වූ අවස්ථාවේ එතුමාගේ සුව දුක් විමසීමටවත් පැමිණියේ රනිල් වික්‍රමසිංහ නොවේ. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා සනත් නන්දසිරිගේ සුවදුක් විමසීමට පැමිණියේය. රෝගියාට අවශ්‍ය දේ සොයා බැලුවේය. ඒ ජනාධිපතිතුමා තුළ ඇති මානුෂික ගුණාංග නිසාය.

නිල්මිණි තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලාකාරිනියකි. ඇය අපගේ ද කලණ මිතුරියකි. ඇයගේ අසනීප තත්ත්වයේදී ඇයට පිහිටවීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් වූ අයුරු මට අද මෙන් මතකය.

ජනාධිපතිතුමා ඉතාමත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන අයෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ. සෑම කලාකරුවෙකුගේම උපන් දිනය දා අලුයම 5.00 ට එම කලාකරුවා ආමන්ත්‍රණය කොට සුබ පැතීමට තරම් කාරුණික හදවතක් ජනාධිපතිතුමා සතුව ඇත. උදෑසන ජනාධිපතිතුමාගේ උපන්දින සුබ පැතුම්වලින් අවදි වන අප වැනි කලාකරුවන්ට ලබන්නා වූ නව වසර වඩාත් වාසනාවන්ත එකක් වන බව මම තරයේ විශ්වාස කරමි.

මා රෝගී තත්ත්වයට පත්ව දැඩි පීඩාකාරී අවස්ථාවක මුහුණ දුන් විට ජනාධිපතිතුමා පියෙකු සේ මා හට උදව් උපකාර කළේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා අමතමින් මා හට අවශ්‍ය ඕනෑම අනුග්‍රහයක් සපයා දෙන ලෙස එතුමා මතක් කළේය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම උපකාරයක් කිරීමට ජනාධිපතිතුමා ඉදිරිපත් විය. ඒ මන්දයත් මා ඉහත පෙන්වා දුන් අන්දමට එතුමා තුළ පවතින කාරුණික සංවේදී හදවත නිසාය. අද මම සම්පූර්ණ ලෙස සුවපත් වී නැවතත් කලා ක්ෂේත්‍රයට සක්‍රීය ලෙස සම්බන්ධ වී ඇති නිසා මම එතුමාට පුන පුනා කෘතවේදී වෙමි.

මම වසර ගණනාවක ඉතිහාසයකට උරුමකම් කියන වාද්‍ය ශිල්පියෙක්මි. ආසන්න වශයෙන් රටවල් 42 කට වඩා මම ගොස් ඇත්තෙමි. නමුත් ඒ සෑම රටකටම වඩා මගේ මවුබිම මට අතිශයින්ම සුන්දරය. එම සුන්දර දිවයිනේ පැවැති කළු පැල්ලම කොටි ත්‍රස්තවාදීන් විසින් නිර්මාණය කරන ලද්දකි. එම කළු පැල්ලම සම්පූර්ණයෙන්ම අප දිවයිනෙන් බැහැර කරනු ලැබූ මහා බලවතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එතුමාට මම මගේ මුළු හදින් ආදරය දක්වමි.

එතුමා වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නට මම සූදානමින් සිටිමි. එතුමාට ආදරය කරන මා වැනි තවත් කලාකරුවන් විශාල පිරිසක් සිටින බව මම හොඳින් දනිමි.

මම සංගීත ප්‍රසංගවල සංගීත අධ්‍යක්ෂවරයකු සේද, වාද්‍ය ශිල්පියකු සේද කටයුතු කරමි. පසුගිය කාලයේ මට සංගීතය සැපයිය හැකි වූයේ එක සංදර්ශනයකට පමණි. ඒ ගමනාගමන අපහසුතා නිසාය. අද අධිවේගී මාර්ග බිහි වී රටේ මාර්ග පද්ධතිය දියුණුවෙන් දියුණුවට පත්ව ඇති නිසා එක් දිනෙක සංගීත ප්‍රසංග කිහිපයකට මම සංගීතය සපයමි.

දිනකට සංගීත ප්‍රසංග කිහිපයකට සහභාගීවන මගේ සහෝදර කලාකරුවන් විශාල ප්‍රමාණයකි. ඔවුහු අධිවේගී මාර්ග පද්ධතිය ගැන නිතර කතා කරති. ජනාධිපතිතුමාට තම තමන්ගේ ජීවනෝපාය සරි කරගැනීමට ඉඩ ලබාදීම ගැනත්, තම කලා කුසලතා ඉදිරියට ගෙන යාම පිණිස දිරිය ලබාදීම ගැනත් ඔවුන් ස්තුතිය පළ කරන බව මා හට සක්සුදක් සේ පැහැදිලිය.

කලාකරුවන් වෙනුවෙන් නැතහොත් කලාව වෙනුවෙන් එතුමා ‘නෙළුම් පොකුණ’ මහා කලාගාරය අප දිවයිනට මිණි පහනක් බඳුය. “රන්මිණි තැන්න” ටෙලි සිනමා ගම්මානය ගැන අද කලාවට ආදරය කරන අප රටේ බොහෝ දෙනා සිය ප්‍රශංසාව පළ කරති. මෙම ආයතන දෙක මඟින් ශ්‍රී ලංකා කලා කෙතේ උන්නතියට ලබාදෙන පිටිවහල සුඵ පටු නොවේ.

කලාව වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා කළා වූ මෙම අනගි මෙහෙවර උදෙසා කලාකරුවෝ සිය ප්‍රශංසාව ජනාධිපතිතුමාට පළ කර සිටිති. ඔවුන් රට වටා යමින් ජනාධිපතිතුමා වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීම් කරන්නේ මේ අනර්ඝ සේවයට කෘතගුණ සැලකීමක් වෙනුවෙනි. ඒ සියල්ලටම වඩා අප රටේ නිදහස් සුවය ආස්වාස ප්‍රස්වාස කිරීමට කොටි ත්‍රස්තවාදය නිම කිරීම පිළිබඳ සිරි ලක් පුරවැසියන් එතුමාට සැබෑ ලෙසම සදා ණය ගැතිය.

තත්ත්වය මෙලෙස තිබියදී ඇතැම් කලාකරුවන් ජනාධිපතිතුමා කලාවට සේවයක් නොකළායැයි කීම පිළිබඳ මම පුදුමයටත්, කනගාටුවටත් පත්වෙමි.

මගේ දහමට අනුව බයිබලයේ සඳහන් ආකාරයට ඔවුහු “දැක දැකත් නොදකින අය වෙති. අස අසාත් නොඅසන අය වෙති.” මම මේ අවස්ථාවේ සියලු රටවාසීන් ගෙන් මට ආදරය කරන සියලු කලාකාමීන් ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රැකගන්නා ලෙසය.

ස්වාධීන රූපවාහිනියේ ‘චැට් ඇන්ඩ් මියුසික්’, ජාතික රූපවාහිනියේ ‘රිදම් චැට්’ සහ තවත් නාළිකාවල වැඩසටහන්වලදී ද දිවයිනේ විවිධ ප්‍රදේශවල කරන්නා වූ සංගීත ප්‍රසංගවලදී ද මට ලැබෙන ප්‍රතිචාර ඔස්සේ මට ආදරය කරන විශාල රසික පිරිසක් මෙරටේ ජීවත්වන බව මම හොඳින් තේරුම් ගෙන ඇත්තෙමි. මට එලෙස ආදරය කරන සියලුම රසික රසිකාවියන් ගෙන් මා ඉල්ලා සිටිනුයේ අප මවුබිම කිසිදාකත් පාවා නොදෙන එය රැකගැනීමට තරම් එඩිතර බවක්, ශක්තියක් හා නිර්භීත බවක් ඇති ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිගින් දිගටම මෙරට පාලනය කරමින් අප රැක බලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙන ලෙසය.

(සරත් හෙට්ටිආරච්චි පියනම සමඟ කළ කතාබහකි)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්