මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සදා දුකට පත්වුණු ලක්ෂ්මන්ට පිහිටක් වෙමු

සදා දුකට පත්වුණු ලක්ෂ්මන්ට පිහිටක් වෙමු

අද අප කියන්නට යන මේ කතාවේ කතා නායකයා රාගම කැන්දලියද්දපාළුවේ පී. ඒ. ලක්ෂ්මන් කුමාර ගුණතිලක ද උපදින විටම නිවෙසක හිමිකරුවකු වූ අයෙකි. එහෙත් කාලයත් සමඟ ඒ උරුමය ඔහු වෙතින් ගිලිහී යන්නේ පවුලට තවත් සාමාජිකයින් එකතු වූ නිසාවෙන්. සොයුරන් සමඟ හොඳ ළමා කාලයක් ගෙවූ ලක්ෂ්මන් තරුණ වියට එළඹි විට නිරෝෂා ප්‍රියංගනී සමඟ විවාහ වුණු අතර දිරිය මිනිසකු ලෙස ජීවිතයට ගැටගසා ගත්තේ රියැදුරකු ලෙස රැකියාව කරමින්.

මේ කැදැල්ලට අලුත් සාමාජිකයකු ලෙස පුංචි පුතෙක් එකතු වෙද්දී පීතෘ පදවිය ලැබූ ලක්ෂ්මන් එදා සිට රියැදුරු රැකියාවට අමතරව පෙදරේරුවකු ලෙස ද කටයුතු කළේ ජීවිතයේ ජයගත යුතු ඉලක්ක රැසක්ම තිබුණු නිසා.

එහෙත් දෛවය මේ පුංචි පවුලට සරදම් කළේ හිත හොඳ දිරිය මිනිසකු වූ ලක්ෂ්මන් සදාකාලික රෝගියකු බවට පත් කරමින්.

ඒ දුක්බර කතාව රසඳුන පාඨක ඔබට කියන්නේ නිරෝෂා ප්‍රියංගනී. අපි අසමු ඒ කතාව.

“මගේ සැමියා හරිම හිත හොඳ කෙනෙක්. අපි විවාහ වෙලා පදිංචි වුණේ ඔහුගේ මහගෙදර. පුංචි පුතා ලැබුණෙත් මහගෙදර ඉද්දිමයි. දරුවාට දැන් අවුරුදු 8 ක්. වාහන එළවනවාට අමතරව ඔහු මේසන් වැඩ කළේ පුතාට හොඳට උගන්වන්නයි. ඔහු හරිම ධෛර්වන්තයි. කොයිතරම් වෙහෙස වෙලා වැඩ කළත් ඔහු හිටියේ හරිම සතුටින්. ඇත්තටම අපි කාටවත් කරදරයක් නැතුව සතුටින් ජීවත් වුණා. ඒත්, අපේ ජීවිත හිතාගන්න බැරි විදිහට දුකට වැටුණේ සැමියාගේ සහෝදරයෙක් අපිට මහගෙදරින් යන්න කිව්වට පස්සෙ. එක කුස උපන් සහෝදරයෙක් එහෙම කළාම මොන තරම් දුකක් දැනෙනව ද? ලක්ෂ්මන්ට මෙය දරාගන්න අමාරු වුණා. ඔහු පුදුම විදිහට කල්පනා කරන්න පටන්ගත්තා. ඒත් මම එයාගෙ හිත හැදුවා. පස්සෙ අපි ඒ කිට්ටුවම ගෙයක් කුලියට අරගෙන පදිංචි වුණා. ඒත් ලක්ෂ්මන් ජීවත් වුණේ හරිම කලකිරීමකින්.

2011 දෙසැම්බර් 25 වැනිදා නත්තල් දා මගේ සැමියා ගල්වල හන්දියට ගියා. ඒ ගියාම එයාට පපුවේ අමාරුවක් හැදිලා. මගේ අක්කා එයාව රාගම රෝහලට ඇතුළත් කරලා තිබුණා. දොස්තර මහත්තුරු බොහොම මහන්සි වෙලා එයාගෙ ජීවිතය බේරලා තිබුණා. මම යනකොට ලක්ෂ්මන් හිටියෙ දැඩි සත්කාර ඒකකයේ. ජීවිතය රැකිලා තිබුණේ මැෂින්වල ආධාරයෙන්. දොස්තර මහත්තුරු කිව්වා සැමියාගේ ජීවිතය ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ මට හිත හදාගන්න දවස් කීපයක් බලලා මැෂින් ගලවනවා කියලා. මම ඒ වෙලාවෙ වෛද්‍යවරුන්ට වැඳලා කිව්වා මැෂින් ගලවන්න එපා ටික කාලයක් බලමු කියලා.”

මාස ගණනාවක් එලෙස සිහිසුන්ව යන්ත්‍රවල ආධාරයෙන් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර කරමින් ලක්ෂ්මන්ට මෙලොව එළිය දකින්න වාසනාව උදාකර දෙන්න වෛද්‍යවරුන්ට හැකිවුණා. එහෙත් ඒ වන විට ඔහුගේ හදවත 70% ක් පමණ යථා තත්ත්වයට පත්කළ නොහැකි ලෙස විනාශ වෙලා. මොළයේ ස්නායු බොහොමයක් කවදාවත් යථා තත්ත්වයට පත්කළ නොහැකි ලෙස මියගිහින්.

“සැමියාට සිහිය ආවා. එයාගේ ජීවිතය බේරුණු එකට මම කොයිතරම් සතුටු වුණා ද? ඒත් එයාට මාවත් පණ වගේ ආදරේ කළ පුතාවත් අමතක වෙලා. ඒ දුක මම කොහොම ඉවසා දරාගන්න ද? ඒත් අපිව ආදරයෙන් බලාගත්තු ලක්ෂ්මන් කොහොමහරි හොඳ කරගන්නවා කියන අධිෂ්ඨානය හිතට ගත්තා.”

පසුව ලක්ෂ්මන් රාගම පුනරුත්ථාපන රෝහලට මාරු කර යැවෙනවා. එහි සිට වෛද්‍යවරුන්ගේත් හෙදියන්ගේත් ප්‍රතිකාරත් කරුණාවන්තකමත් නිසාම ලක්ෂ්මන් සෑහෙන්න යථා තත්ත්වයට පැමිණියා. එහෙත් ඔහුට ඇවිදින්න තනිවම දෙයක් කරගන්න, පුද්ගලයින් හඳුනාගන්න බැරිවුණා. මේ නිසා දැඩි මානසික කම්පනයකට පත්වුණත් ලක්ෂ්මන්ගේත් දරුවාගේත් ජීවිත රැකගැනීමේ වගකීම ඇත්තේ තමා අත බව නිරෝෂාට වැටහෙන්නට ඇති. දිරිය කතක් හොඳ බිරියක් වූ ඇය එතැන් සිට පවුලේ සියලුම වගකීම් කරට ගනිමින් මවක සේ සැමියා බලා ගන්නීය. ඒ සඳහා නොවිඳිනා දුක් විඳින්නීය.

“මගේ සැමියාගේ කටයුතු මට බරක් නෙමෙයි. කොහොම හරි එයා ජීවත් කරවනවා. ඒ එක්කම පුතාට උගන්වලා එයාගෙ අනාගතය හදාගන්නත් ඕන. ඒත් සැමියාගේ, බේත්වලට පුතාගේ ඉගෙනීමට කෑමට බීමට මාසෙකට විශාල මුදලක් වැය වෙනවා. සමෘද්ධියෙන් ලැබෙන රුපියල් 500 ත් සැමියාට ලැබෙන ආබාධිත දීමනාව රුපියල් 3000 ත් හැරුණාම වෙන කිසිම ආදායමක් අපට නෑ. සැමියා ගෙදර තනිකරලා රැකියාවකට යන්නත් බෑ. මට හොඳට මහන්න පුළුවන්. ජුකී මැෂිමකුයි නූල් 5 ඕවර්ලොක් මැෂිමකුයි තිබුණොත් මට ගෙදර ඉ‍ඳගෙන කීයක් හරි හොයාගන්න පුළුවන්. ගෙදර කිව්වට අපි වැටිල ඉන්නෙ අනුන්ගෙ තැනක.”

මහගෙදරින් එළියට බසින විට ලක්ෂ්මන් එදා තමන්ගේම කියලා පැලක් හෝ හදාගන්නට සිහින මවන්නට ඇත. එහෙත් අද? ජීවිතය කොයිතරම් පුදුමාකාර ද? ශෝචනීයයි ද? මෙවැනි අසරණයන්ට ඉන්නට හිටින්නට තැනක් දෙන්න, ජීවත් වන්නට ශක්තියක් දෙන්න ඇති හැකි අය කොයිතරම් ඉන්නව ද?

රසඳුන පාඨක පින් කැමැති කාරුණික ඔබට මේ කතාව අප ලිව්වේ මේ පවුලට පිහිටක් වෙන්න ඔබට හිත දෙන බව දන්න නිසා.

මේ අසරණ දිරිය මිනිසුන්ට ඉන්න හිටින්න තැනක් හෝ හැකි උපකාරයක් කළ හැකිනම් මනුෂ්‍යත්වය හඳුනන ඔබ කරනා උතුම් පින්කමක් වේවි.

ඔවුන්ගේ ලිපිනය

නිරෝෂා ප්‍රියංගනී

696/4 කැන්දලියද්දපාළුව, රාගම

ගිණුම් අංක - 1-0075-88-2300-6

ජාතික ඉතිරිකිරීමේ බැංකුව - කඩවත

1572554 ලංකා බැංකුව - රාගම


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්