මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සියයට 59 ක ඡන්ද ප්‍රමාණයක් ලබා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වෙයි.මෙතෙක් පැවැත්වූ සියලු ම ජනමත සමීක්ෂණ වාර්තාවලින් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය තහවුරු වී ඇත.බුද්ධි අංශ වාර්තා අනුව විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සියයට 39 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගනු ඇතැයි පෙන්වාදී ඇත. ග්‍රාමීය ප්‍රදේශවල මෙන් ම නගරයේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය එකසේ රැඳී තිබෙන බවත් රටේ ස්ථාවර භාවය ආරක්ෂා කර මේ රටේ සංවර්ධනය වේගවත් කිරීමට නම් මේ රජයේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව බහුතර ජනතාවගේ මතය වී තිබේ.

විස්තර »

2015 ඔබට සුබ අනාගතයක්

අද ජනපතිවරණ රැස්වීම්

 ‘ප්‍රා’ දොස්තර කවුද?

1980/90 වසරවල පැවැති භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරීකයන්ට එරෙහිව කුලියට මිනී මරන කල්ලියක් වූ ප්‍රා සංවිධානය ඇතිකළ වෛද්‍යවරයකු මේ දිනවල යහපාලනය ගැන කතා කරමින් එයට ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ලබා ගැනීමට සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.අද යහපාලනය ගැන කතා කරන මෙම වෛද්‍යවරයාට ඝාතනය කළ එක් ජවිපෙ සාමාජිකයකු සඳහා රුපියල් 25000 බැගින් ගෙවා ඇති අතර ඔහුගේ ඝාතන ලැයිස්තුවට කිසිඳු හිංසා ක්‍රියාවකට සම්බන්ධ නොවූ අහිංසකයන් ද ඇතුළත් වූහ.

විස්තර »

  ජනපතිට පහසු ජයක්

- සුමනදාස අබේගුණවර්ධන

මෙවර මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන 8 වැනිදා පවතින ග්‍රහ තත්ත්වය අනුව මෙන් ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපන් නැකතින් පවතින ඉතාම සුබදායක ග්‍රහ තත්ත්වය අනුව එතුමා පහසු ජයක් ලබන බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.එදින උදේ එතුමා පිටත්වන සුබ මොහොතත් සමඟ ඉතාම බලගතු සුබ මොහොතක් එතුමාට යෙදෙන බවත් නමුත් පොදු අපේක්ෂකයාට මැතිවරණ දවසම අසුබ වනවාක් හැර උපන් නැකතේ වඳ නැකත එදින මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමාට පවතින බවත් මේ අනුව මැතිවරණ දින ග්‍රහචාරය අනුව එදින උදෑසන 7 වනවිට ඔහුගේ ගජ මිතුරන්ගේ . . . .

විස්තර »

 චන්ද්‍රිකා “මිස්ටර් ප්‍රභාකරන්” කිව්වේ
කොටි ඉල්ලීමට

ප්‍රභාකරන් මහත්මයකු කරමින් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගිය දා යාපනය කිට්ටු ක්‍රීඩාංගණයේදී පැවැති රැලියක් අමතමින් කළ කතාවෙන් පසු විපක්ෂයේ ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔහුගේ වැඩපිළිවෙළ පිළිබඳව තම සියලු සැක සංකා දුරු වී ඇතැයි දෙමළ සන්ධානය හා කොටි ඩයස්පෝරාව ඇතුළත් ලෝක ‍ඊළාම් ජාලය ප්‍රකාශ කර ඇත. එබැවින් මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන ලෙස ඔවුන් ඊළාම් හිතවාදීන්ගෙන් ඉල්ලා ඇත.

විස්තර »

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ජනපති දිනන සමීක්ෂණ වාර්තාව හංගයි

මෙරට පවතින රාජ්‍ය නොවන සංවිධාන අතර ඉතාම විධිමත් සහ විදෙස් රටවල තානාපති කාර්යාල සමග සමීප සබදතා පවත්වනු ලබන රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙවර ජනාධිපතිවරණයේ ජය කාටද යන්න විමසා බැලීම සදහා මුළු රටම ආවරණය වෙන පරිදි සිදු කළ මහජන මත විමසුමේ ප්‍රතිඵලවලට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විශිෂ්ට ජයක් හිමි වෙන බව හෙළි වීමත් සමගම එම මහජන මත විමසුම රටට ප්‍රසිද්ධ නොකිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් තීන්දු කොට තිබේ.

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

 

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්