මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ප්‍රසංග වේදිකාවට නැවුම් වෙනසක් ගෙනෙන ‘පොඩි මෑන්’

ප්‍රසංග වේදිකාවට නැවුම් වෙනසක් ගෙනෙන ‘පොඩි මෑන්’

ස්පයිඩර් මෑන් සුපර් මෑන්
අයන් මෑන් බැට් මෑන්ස් වගේ
ලොකු ලොකු මෑන්ස්ල අස්සේ
පොඩි මෑන්ස් කෙනෙක් එළියට බැස්සේ
මම දාන්නෙ නෑනේ ලොකු වංසේ
කොයි කාටත් රස දෙනවා එකසේ

මේ දිනවල ප්‍රසංග වේදිකාවේ මෙම ගීතය සමඟ අමුතුම ආරකට ගීත ගායනා කරමින් අලුත්ම වෙනසක් එක්කරන ‘පොඩි මෑන්’ නම් ශිල්පියෙක් කලඑළි බැහැලා.

හාස්‍යය, උපහාසය සහිත ගීත ගායනා කරමින් ගීත ලෝලී රසිකයින් පිනවන ඔහු ඉන්පසු එම වේදිකාවේම ඔහුගේ සාමාන්‍ය පෙනුමෙන් ආදරබර ගීත ගායනා කිරීමත් විශේෂත්වයක්.

එකම වේදිකාවක චරිත දෙකක් නිරූපණය කරමින් හඬ දෙකකින්, ශෛලීන් දෙකකට ගීත ගායන කරන ඔහු නමින් චාමර වීරසේකර ආරච්චිගේ.

“විශාරද නිහාල් ගම්හේවා ගුරුතුමා යටතේ දේශීය සංගීතය හැදැරූ මම සංගීත ක්ෂේත්‍රයට ආවේ මීට අවුරුදු 12 කට පෙර. ‘මගේ හිත මේ ඇති දුක් වින්දා’ කියන මගේ පළමු ගීතය ගායනා කරමින්. ඉන් පසුව මහමෙරක් තරම්, කැලෑ හඳක්, ආදරේ වේදනා වැනි ගීත 24 ක් නිර්මාණය කළා. ප්‍රසංග වේදිකාවල ගායනා කළා. මේ ගීත බොහොමයක් පද රචනා කරමින් සංගීත නිර්මාණය කළෙත් මමමයි.

මම පොඩි මෑන් චරිතය නිර්මාණය කළේ එන්ටර්ටේන්මන්ට් ගායකයෙක් විදිහට ප්‍රසංග වේදිකාව රසවත් කරන්න. ගීත අහන්න එන අය පිනවන්න. හිනස්සවන්න. මට ඕන වුණේ වෙනස් දෙයක් කරන්න.”

චාමරගේ එම වෙනස මේ වන විට ගීත ප්‍රසංග රස විඳින්නන් අතර ඔහු ජනප්‍රිය චරිතයක් බවට පත්කිරීමට සමත්ව තිබේ. ඒ පොඩි මෑන් ගයන ගීතවලත් ඉදිරිපත් කරන ශෛලියේ ඇති නැවුම් බවත් නිසා. එකම වේදිකාවක චරිත දෙකකින් ගීත ගායනා කරන චාමර ජනප්‍රියත්වයට පැමිණියේ රෝස මල් පිපුණු මාවතක නොවේ.

මට විදුලි ඕගනය වාදනය කරන්න පුළුවන්. ගීත රචනය, තනු නිර්මාණය පුළුවන්. ඒ එක්කම රංගනයත් පුළුවන්. දැනටමත් මම ටෙලිනාට්‍ය කීපයකම චරිත නිරූපණය කරලා තියෙනවා.

ඉතින් මේ හැකියාවන් සියල්ලම කැටිකරලා අද මේ තැනට එන්න මම අවුරුදු 12 ක් විතර තිස්සේ නොවිඳිනා දුක් වින්දා.

කුරුප්පුගේ ලොකු දුව, ඔබාමා, සුදු ලස්සන නංගිලා, කොළඹට ආවම හිතෙනවා පුදුම, ආතාගේ වායුගෝලේ, මත්තල හම්බන්තොට, මීයා වහලට නඟිනවා, අතපත්තු අයියගේ කඩයේ කොත්තු, සිම් එක දාගෙන, අනුන්ගේ මං යන ගීත පොඩි මෑන් චරිතය රඟමින් චාමර ප්‍රසංග වේදිකාවේ වැඩිපුරම ගායන කරයි. මම පොඩි මෑන් චරිතයෙන් විනෝදාත්මක ගීතත් මගේ සාමාන්‍ය ස්වරූපයෙන් ආදරබර ගීතත් ගායනා කරන්නේ අමුතුම තාලේ වැඩක් විදිහට. ඒ කියන්නේ මම වේදිකාවට යන්නේ දෙපාරකට. මට දැන් ඒ සඳහා හොඳ ප්‍රතිචාර තිබෙනවා. පොඩි මෑන් චරිතයට ගීත බොහොමයක් රචනා කර දුන්නේ මගේ මිත්‍ර සංජය හේනාධීර. මට මේ ගමන එන්නට ආශීර්වාද කරමින් මගේ සෙවණැල්ල සේ ඉන්න ආදරණීය අම්මාට, ප්‍රසංග සංවිධායකවරුන්ට ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා, සීදුවේ සකුරා සංගීත කණ්ඩායමේ අජිත් විතානගේ, පුෂ්පකුමාර මහානාම, ලහිරු මයුරජන්, අනිල් ලියනගේ, චන්දන පලිහවඩන, චේස්ටා පෙරේරා, චම්ලි දිසානායක සහ රන්ජන් උස්වත්ත යන සියලුම දෙනාට විශේෂයෙන් ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. මේ උත්සව සමයේ ඔබේ නගරයට පැමිණි විට ඔබටත් ‘පොඩි මෑන්’ සමඟ අපූරු වින්දනයක් ලැබෙනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්