මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Bollywood

කූඩැල්ලන් මැද අපූරු පෙම් රැඟුම්...

කූඩැල්ලන්ගෙන් පිරුණු වනයක පැය කිහිපයක් ම ගත කරන්න බොලිවුඩයේ සුපිරි නිළියකටත් නළුවෙකුටත් පසුගියදා සිදුවුණා. ඒ ‘අලෝන්’ නම්වූ අලුත්ම බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීමකදීයි. භූෂාන් පටේල් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළි යුවළ තමයි, බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් (නළුවෙකු, නිරූපණ ශිල්පියෙකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන කරන් සිං ග්‍රෝවර්, සිනමා ලොවට එක්වුණේ 2004 දී යි) අනුරාගය සහ ත්‍රාසය කැටි වූ නිර්මාණයක් වන ‘අලෝන්’ චිත්‍රපටයේ ගීතමය ජවනිකාවක් රූගත කරන්නට නියමිතව තිබුණා. තිරනාටකය අනුව මේ දර්ශනය රූගත කළ යුතුව තිබුණේ වනගත පෙදෙසකයි. අනුරාගය නොඅඩුව එක්වී තිබුණු මේ දර්ශනයේ බිපාෂාට අඳින්නට සිදුවුණේ බිකිනියක්. (කාන්තා පිහිනුම් ඇඳුමක්) මෙවැනි ඇඳුමක් ඇඟලා ගත් විට සි‍රුරෙන් වැඩි කොටසක් ම නිරාවරණය වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කූඩලු ගහනයක් මැද්දේ ඒ අයුරෙන් රඟපාන විට ඇතිවන අනාරක්ෂිත බව කාටත් සිතාගත හැකියි. බිපාෂා මේ රූගත කිරීමට හොඳටම බිය වුණා. ඇය ඒ මොහොත සිහිපත් කළේ මෙන්න මෙහෙමයි...

“මම ඒ වෙලාවෙ ඇඳල හිටියෙ සුදුපාට බිකිනියක්. සෙරෙප්පු දෙකක්වත් දාගෙන හිටියෙ නැහැ. ඔන්න දැන් දර්ශනය රූගත කරන්න යනවා. අධ්‍යක්ෂවරයා ‘ඇක්ෂන්’ කියල කිව්වා. මට පේනවා කැමරා ශිල්පියාගේ සහායට ඉන්න අයගෙන් දෙතුන් දෙනෙකුගේ කකුල් වලින් ටික ටික ලේ ගලනවා. ඒ කූඩැල්ලො කාපු නිසයි. මම දැන් බයේ ගැහෙනවා. ඒත් කරන්ට නම් ගානක් නැහැ. මොනව කරන්නද? මම හිතෙන් දෙවියන් සිහි කර කර මේ ප්‍රේම ජවනිකාව රඟපෑවා. ඒ දර්ශනවල මම හොඳට රඟපෑවද මන්දා. කොහොම හරි රඟපාල ඉවර වුණ හැටියෙම ඉක්මනටම මගේ කැන්වස් සපත්තු දෙක දාගත්තා. වාසනාවට මාව කූඩැල්ලො කෑවෙ නැහැ.”

බිපාෂා බියෙන් සැකෙන් එලෙස රඟපෑවත්, අධ්‍යක්ෂවරයා ඇතුළු එහි සිටි හැමෝම කීවේ ඒ ප්‍රේමාලිංගන දර්ශන පෙළ අපූරුවට නිරූපණය වූ බවකි.

'අග්ලි' දැක්මට දුම්පානය හරස්වෙලා

අනුරාග් කාශ්‍යප් නම්වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයා ‘අග්ලි’ නිර්මාණය කළේ මීට වසරකට පමණ කලින්. ඒත්, ‘අග්ලි’ චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් කෙරුණේ පසුගිය 26 දායි. චිත්‍රපටය තිරගතවීම මෙතරම් ප්‍රමාද වුණේ ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලයේ නියෝගයකට අවනත නොවීමට අධ්‍යක්ෂ අනුරාග් තීරණය කර තිබූ නිසයි. රැඟුම් පාලක මණ්ඩල නියෝග කළේ මේ චිත්‍රපටයේ දුම්පානය කිරීමේ දර්ශන දිස්වන විට දී තිරයේ දකුණු පස යට කෙළවරේ ‘දුම්පානය ශරීර සෞඛ්‍යය හානි කරයි’ යන වැකිය යොදන ලෙසයි. එම වැකිය රහිතව චිත්‍රපටය ප්‍රදර්ශනය නොකරනන්නැයි ද රැඟුම් පාලක මණ්ඩලය දැනුම් දී තිබුණා. අධ්‍යක්ෂ කාශ්‍යප්, මේ තීරණයට එකඟ වුණේ නැහැ. ඔහු එම වැකිය රහිතව චිත්‍රපටය තිරගත කිරීමට සටන් කළා.‍ ඔහු කියා සිටියේ දුම්පානය වැළැක්වීමට කටයුතු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් මිස චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ කාර්යයක් නොවන බවයි. “ජනතාව දුම්පානයෙන් වළක්වා ගන්න ඕනෙ නම් මේ විදිහට චිත්‍රපටවල දැන්වීම් දාල කරන්න බැහැ.” අනුරාග් ‍එලෙස තර්ක කළා. කෙසේ වෙතත් අන්තිමේදී ඔහුට සිදුවු‍ණේ රැඟුම් පාලක මණ්ඩලයේ නියෝගවලට අවනත වෙන්නයි.

‘අග්ලි’ චිත්‍රපටය රූගත කිරීමේදී දේශපාලනඥයන් ගේ හිරිහැර වලට මුහුණ දෙන්නටත් අනුරාග්ට සිදුවුණා. ඒ, මුම්බායි නුවරදී යි. කුඩා දැරියක් පැහැර ගෙන යෑමත්, දැරියගේ දෙමවුපියන් ඇයව සොයා යන ආකාරයත් චිත්‍රපටය වෙනුවෙන් රූගත වෙද්දී මුම්බායි නුවර දේශපාලනඥයෙකු සහ පිරිසක් පැමිණ කැමරා ආම්පන්න පැහැරගෙන ගොස් තිබුණා. කෙසේ වෙතත් පැය කිහිපයකට පසුව නැවතත් ඒවා ලබාගැනීමට අනුරාග්ට හැකිවුණා.

අමිතාබ්, මෝදි හමුවෙයි

බොලිවුඩයේ මහා නළු අමිතාබ් භච්චන් පසුගිය සතියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව මුණ ගැසුණා. ඔහු අගමැතිවරයාව මුණ ගැසුණේ අගමැති නිල නිවසේදී යි. මේ බව අමිතාබ් මුළු ලොවටම දන්වා සිටියේ තමන්ගේ ට්විටර් වෙබ් පිටුවෙන්. ඉන්දියාවේ තවත් ප්‍රසිද්ධ වෙබ් අඩවි කිහිපයකම මේ ආරංචිය සටහන් වී තිබුණේ ඡායාරූප කිහිපයක් ද සහිතවයි. ඒ මොහොතේ දී අගමැති මෝදි සහ අමිතාබ් හැඳ සිටියේ සුදු පැහැති කුර්තා සහ පිජාමා ඇඳුම්. ඊට අමතරව සාම්ප්‍රදායික ලෙස සලු දෙකක් ද කර වටා දමා සිටියා. දෙදෙනා ම මෙවැනි ඇඳුම් වලින් සැරසී සිටියේ මේ දිනවල දිල්ලි නුවර වෙළාගෙන පවතින දැඩි සීතලෙන් මිදෙන්නට යැයි මාධ්‍යවල සටහන්ව තිබුණා.

අමිතාබ්, නරේන්ද්‍ර මෝදිව දිගු කලක පටන් හඳුනනවා. මෝදි, මීට පෙර ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයාව සිටියදී එම ප්‍රාන්ත රාජ්‍යයේ සන්නාම තානාපතිවරයා ලෙස කටයුතු කළේ අමිතාබ් භච්චන්.

මීට දින කිහිපයකට උඩදී අමිතාබ් කළ ප්‍රකාශයක් පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා. මුම්බායි නුවර මහ නගර සභාව මෙහෙයවූ ක්ෂයරෝග මර්දන වැඩසටහනකට එක්වෙමින් අමිතාබ් පැවසුවේ 2000 වසරේදී ‘කෞන් බනේගා කෝපටි’ නම්වූ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මෙහෙය වන කාලයේදී තමන්ට ද ක්ෂය රෝගය වැලඳුණු බවයි. නිවැරැදිව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් නිසා එය සුව වූ බව ද ඔහු පැවසුවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්