මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන

මහින්ද රාජපක්ෂ මහත්මය උපත ලබල තියෙන්නේ අපේ රටේ වාසනාවට අපේ ජනතාවගේ වාසනාවට දසක තුනක් පුරා පැවැති ඉතා කුරිරු යුද්ධය අවසන් කරන්නත් එතුමාගේ මේ මහ වාසනා බලය ඒ සඳහා එකතු වුණා. එතුමා යුද්ධය අවසන් කළා පමණක් නෙවෙයි අපේ මවුබිම අපේ රට සමෘද්ධිමත් රටක් බවටත් පත් කරනවා. ඒ මහ රාජකාරියත් කරන්න පුළුවන් එකම නායකයාත් එතුමායි.

ජනාධිපතිවරණය දා පවතින ග්‍රහ තත්ත්වය අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙවර ජනාධිපතිවරණයෙන් පහසු ජයක් ලබා ගන්නා බව ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන මහතා කියයි.සිළුමිණ සමඟ මෙවර ජනාධිපතිවරණය පිළිබඳ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී අබේගුණවර්ධන මහතා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇසූ ප්‍රශ්න කිහිපයක් හා ඒවාට අබේගුණවර්ධන මහතා දුන් පිළිතුරු මෙසේ ය.

ජනාධිපතිවරණ සටන පිළිබඳව එය කරට කර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර සිදුවන සටනක් බවට ඇතැමුන් මත පළ කරනවා. ඔබ කොහොම ද මේ ඡන්ද සටන දකින්නෙ?

මට පෙනෙන විදියට මෙතන ඔය කියන විදියේ කරට කර සටනක් නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පහසු ජයක් 8 වැනිදාට මේ ඡන්දෙන් ලබනවා. නිදහසින් පසුව 1948 පෙබරවාරි 4 වැනිදාට පස්සේ සිදුවුණ ලොකුම විදෙස් කුමන්ත්‍රණය මේ රටට විරුද්ධව මේ වෙලාවේ කෙරෙනවා.

ජ්‍යොතිෂවේදියෙක් විදියට මට කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අනුහස් බලයක් ඇති නායකයෙක් ලෙස එතුමාට මේ ඕනෑම කුමන්ත්‍රණයක් ඒ කුමන්ත්‍රණකරුවන් පරාජය කර ජය ගත හැකියි. ඕනෑම අභියෝගයක් ජයගන්න වාසනාව උත්පත්ති ග්‍රහ බලය අනුව එතුමාට තියෙනවා. අපේ ජනාධිපතිතුමා මහ බලගතු වෙලාවක උපන් පුණ්‍යවන්තයෙක් බවත් කියන්න ඕන.

ඔබ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය ශපථ කළත් ඊට වෙනස්ම අදහස් දක්වන ජ්‍යොතිෂවේදීන් ඉන්නව නේද?

මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ උපන් කෙනෙක්. ජ්‍යොතිෂයට අනුව රාජ්‍ය නායකත්වය උතුරුමැද පළාතට යන බවක් කොහෙත්ම පෙන්නුම් කරන්නේ නැහැ. පොඩි ඝෝෂාවක් තියෙනවා. ඒක එපමණයි. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියනුත් පසුගිය දා අදහස් දක්වා තිබුණා.

ක්‍රිස්තු පූර්ව 543 න් ආරම්භ වුණ අපේ රජ සමය තුළ රජවරු 186 ක් රජකම් කළත් උතුරුමැද පළාතේ කෙනෙක් අනුරාධපුරයේ හා පොළොන්නරුවේ රාජ මාළිගා තිබුණත් කවදාවත් රාජ්‍ය නායකත්වයට පැමිණ නැති බව. මෛත්‍රීපාල සිරිසේන මහතාට වැඩිය බලගතු කෙනෙක් උතුරුමැද පළාතේ ශ්‍රීලනිපයේම දේශපාලනය කළා.

ඒ තමයි මෛත්‍රීපාල සේනානායක මහත්තයා. හොඳ දේහ ලක්ෂණ තිබුණත් මෛත්‍රීපාල සේනානායක මහත්මයා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වෙනුවෙන් 11 වතාවක් අගමැති ධුරයේ වැඩ බැලුවත් එතුමාට මේ රටේ රාජ්‍ය නායකයා වෙන්න බැරි වුණා. එවකට මෙරට රාජ්‍ය නායක ධුරය මේ රටේ අගමැති ධුරය වුණා. ඔහුට වඩා රාජ්‍ය නායක ධුරයට ළංවුණ වෙනත් නායකයෙක් උතුරුමැද පළාතේ හිටියේ නැහැ.

සිරිසේන මහතාට ලොකු පුටුවට එන්න වාසනාව නැති බවයි ඔබ කියන්නෙ?

මේ වාසනාව කියන එක හරි පුදුම දෙයක්. මීට පෙරාතුව ජනාධිපති තරගවලට ඉදිරිපත් වී සිටියේ මීට වඩා බලගතු අය. අපේ අගමැතිතුමා අසාධ්‍ය තත්ත්වයෙන් ඇමෙරිකානු වෛද්‍ය ප්‍රතිකාර දිගටම ලබමින් සිටියත් අගමැතිකමේ හිස් තැනක් තිබිලත් අපේ රටේ අගමැති වෙන්නවත් සිරිසේන මහතාට ඒ අවස්ථාවෙත් බැරිවුණා.

තව මාස හතරක් පහක් හිටියනම් සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ රජය යටතේම අගමැති වෙනවා. එතුමාට කිසිසේත් මේ රටේ ජනාධිපතිකම, රාජ්‍ය නායකත්වය ලැබෙන්නේ නැහැ. එතුමාට සිදුවුණේ මෙලෙස ජනාධිපති තරගයකට ඉදිරිපත් වීමෙන් තව හාර පස් මාසයකින් ලබන්නට තිබුණ අගමැතිකමත් අහිමි වීමයි.

මෛත්‍රීපාල මහතා ජනාධිපතිකම ළඟටම පැමිණ සිටින බවට කියන අයට ඔබ කියන්නෙ කුමක් ද?

ඒක හොඳ කතාවක්. එදා සරත් ෆොන්සේකා මහතාත් 2010 ජනවාරි 2 වැනිදා වන විට ඇතැමුන් කියූ පරිදි ජයග්‍රහණය කරලත් ඉවරයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමු ජනාධිපති ධුරයට තරග කළ 2005 නොවැම්බර් 17 වැනිදා වන විට රනිල් වික්‍රමසිංහ මහත්තයත් දිනල හිටියේ. මට ලොකු අත්දැකීමක් තියෙනව ඒ සම්බන්ධව. මම අන්තර්ජාතික කීර්තියට පත් ජ්‍යොතිෂවේදියෙක් හැටියට රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයකට ගියා.

විද්යුත් මාධ්‍ය ආයතනයක රූපවාහිනී වැඩ සටහනක් කරන්න, එම ආයතන ප්‍රධානීන්ගෙන් මට සහයෝගය ලැබුණත් මගේ වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙක් හොයා ගන්නවත් ඒ අවස්ථාවේ බැරි වුණා. ඒ වගේම අපි කට කතාවලින් දන්නවා 2005 පළමු ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරයි කියා ලොකු විශ්වාසයකින් හිටියා.

ඒ විශ්වාසය නිසාම ඔහු ප්‍රතිඵල අහන්නේවත් නැතිව නිදාගෙන තිබුණා. අවදිව බලනකොට ඔහුගේ සහායකයාට දැනුම් දෙන්න සිදුවුණේ තම ජනාධිපති සිහිනය බොඳ වී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී ඇති බවයි. එහෙම ලස්සන කතා තියෙනවා. මේ වෙලාවෙත් කියන්න වෙන්නේ ඔය කතාවම තමයි.

ඒ මැතිවරණය අවස්ථාවේ 2010 මැතිවරණ අවස්ථාවේ මේ රටේ ලොකු ගොඩනැගිල්ලක් තිබුණනම් ලොකු ඉඩමක් තිබුණනම් එය රාජපක්ෂ වරුන්ට අයිති බවට රටපුරා බොරු කටකතා පැතුරුවත් රාජපක්ෂ වරුන් කියන්නේ එහෙම බොරු කටකතාවලින් වට්ටන්න පුළුවන් අය නෙවෙයි. මොකද අපේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්. ඔවුන් ඒවා විශ්වාස කරන්නේ නැහැ.

ජනාධිපතිවරණය ගැන කතා කරන ඇතැම් ජ්‍යොතිෂවේදීන් දින, නැකැත් තෝරා ගැනීමේදී අවුලක් වී ඇති බවක් කියන්න හදනව නේද?

ඒක ජ්‍යොතිෂවේදීන්ම කරන කුමන්ත්‍රණයක්. මේ ජනාධිපතිවරණය පිළිබඳ ප්‍රකාශය ජනාධිපතිතුමා නොවැම්බර් 20 වැනිදා ඉතා සුබ මුහුර්තයකින් විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවලට දැක බලා ගැනීමට ඉඩ දෙමින් සිදුකළා. ජනාධිපතිතුමා මුහුණ දුන් මැතිවරණ දින වකවානු ගැන සමීක්ෂණයක් පැවැත්තුවොත් නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණවලින් ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපතිවරණවලට ලබාගෙන තියන යොදාගෙන තියන කාල සීමාව දෙස බලන විට මේ මැතිවරණය තමයි ඒ සඳහා අඩුම දින ගණනක් ලැබුණ ජනාධිපතිවරණය.

නමුත් ඒ දින ගණන් තුළින් කෙටිම කෙටි දින ගණනාව තුළිනුත් එතුමාට ඉතාම සුබදායක වන අංකය වන අංක 8 ලැබුණා. මේ මහ අනුහස් බලයක් ඇති පුද්ගලයන්ට ඔවුන්ට සුබ නැකත් ඔවුන්ගේ කේන්දර කරුවන් ලවා සුබ නැකත් හැදුවේ නැති වුණත් අර අනුහස් බලය නිසාම සුබ දිනයන් ලැබෙනවා. ඒ අනුව එතුමා මේ රටේ විරුද්ධ පක්ෂ නායකත්වය ලබා තියෙන්නෙත් අට වැනිදාවක.

එතුමා මේ රටේ අගමැති ධුරයට පත්වෙලා තියෙන්නෙත් ‘8’ වැනිදාවක. එතුමාගේ ප්‍රථම ජනාධිපතිවරණය තිබුණෙත් 2005 නොවැම්බර් 17 දා. එම අංකයේත් එකතුව අටයි. එතුමා දෙවැනි ජනාධිපති ධුරයට සරත් ෆොන්සේකා මහතා සමඟ තරග කළ අවස්ථාවේ එතුමාගේ දෙවැනි ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා ලබා දුන්නෙත් 2009 දෙසැම්බර් 17 වැනිදා.

ඒ අංකයේත් එකතුව අටයි. එතුමා ෆොන්සේකා මහතා අතර ජනාධිපතිවරණය පැවැත්වුණෙත් 2010 ජනවාරි 26 වැනිදා. 26 කියන්නේ එකතුව අටයි. මීට පෙරාතුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණෙත් 2010 අප්‍රේල් 8 වැනිදා. එතුමා මේ ජේ. ආර්. ව්‍යවස්ථාව සංශෝධනය කරන්න 18 වැනි සංශෝධනය ගෙනාවෙත් 2010 සැප්තැම්බර් 8 වැනිදා. එතුමා යුද්ධය අවසන් කළෙත් 2009 මැයි 18 වැනිදා. එතනත් 8 ඉලක්කම අවසානයට පැමිණ තිබෙනවා.

ඒ වගේම එතුමා යුද්ධය අවසන් කර ඌව පළාත් සභා මැතිවරණයට ගිහින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ එතුමා නායකත්වය දරන පක්ෂය සියයට 82 ක ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ වාර්තාවක් තැබුවේත් 2009 අගෝස්තු 8 වැනිදා.

එතුමාගේ ග්‍රහ බලය අංක විද්‍යාව අනුව එතුමාට යෙදුණ දින වකවානු මේ සියල්ල දෙස වුණත් ජ්‍යොතිෂවේදියෙක් ලෙස ජ්‍යොතිෂ ඇසින් බලන විට පෙනී යන්නේ එතුමා මෙවරත් පහසු ජයග්‍රහණයක් හිමිකර ගන්නා බවයි.

මේ මොහොත වන විට වර්ෂ 2500 කට වඩා දිගු ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් සියයට 90 ක්ම තම දිවියේ සියලු වැඩ කටයුතුවලට අත ගසන්නේ ජ්‍යොතිෂය අනුව සුබ මුහුර්තී සකස් කරමින් තමයි.

ඒ වගේම මේ මොහොත වන විට අපේ රටේ අපේ මවුබිමේ ජ්‍යොතිෂය ගැන මනා අවබෝධයක් ඇති අය සියයට 10 ක් පමණ ඉන්නවා. ඒ අනුව බලන විට මේ මොහොතේ අපේ රටේ ලක්ෂ 20 ක් පමණ ජ්‍යොතිෂය ගැන ලොකු අවබෝධයක් ඇති අය ඉන්නවා. ඒ අයටත් අවබෝධ වෙනවා මම කියන ජයග්‍රහණය මේ ජනාධිපතිවරණයෙන් ලබන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව.

මෙවර එතුමාගේ ජයග්‍රහණයෙන් තුන්වැනි වරට ජනාධිපති ධුරයට පත්වන ප්‍රථම පුද්ගලයා බවට එතුමා පත්වෙනවා...?

ඒක අනිවාර්යයෙන්ම මේ 8 වැනිදා උදාවෙල 9 වැනිදාට පහන් වෙනකොට සිදු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මය උපත ලබල තියෙන්නේ අපේ රටේ වාසනාවට අපේ ජනතාවගේ වාසනාවට දසක තුනක් පුරා පැවැති ඉතා කුරිරු යුද්ධය අවසන් කරන්නත් එතුමාගේ මේ මහ වාසනා බලය ඒ සඳහා එකතු වුණා. එතුමා යුද්ධය අවසන් කළා පමණක් නෙවෙයි අපේ මවුබිම අපේ රට සමෘද්ධිමත් රටක් බවටත් පත් කරනවා. ඒ මහ රාජකාරියත් කරන්න පුළුවන් එකම නායකයාත් එතුමායි.

ලංකාවට විරුද්ධව කෙරෙන විදෙස් කුමන්ත්‍රණයක් ගැනත් ඔබ කතාව පටන් ගන්නකොට කිව්වා...?

ඔව්. ජනාධිපතිතුමා යටතේ සිදුවන මහා සංවර්ධනය ඉවසාගත නොහැකි පිරිස් මෙරටත් පිටරටත් ඉන්නවා.

විදේශගතව ඉඳල එන අයට අද ලංකාව හඳුනගන්න බැරිවෙලා තියෙනවා මේ කෙරෙන සංවර්ධනය නිසා. මේ රට සුබවාදී අන්දමට වෙනස් කරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පමණයි.

මා උගත් ජ්‍යොතිෂය අනුව සෙනසුරු උච්චික රාශියේ ගමන් කරන විට රාහු කන්‍යා රාශියේත් කේතු මීන රාශියෙත් සිටිනවානම් විදෙස් කුමන්ත්‍රණ පැමිණෙන වෙලාවක් හැටියට තමයි ඒ වකවානුව හඳුන්වන්නේ.

නමුත් එතුමා මේ විදෙස් කුමන්ත්‍රණ බොහොම සාර්ථක අන්දමින් පරාජය කර රට ජයග්‍රහණය කරවන්න සමත් වෙනවා.

මෙවර තම ධුර කාලය අවසන් කරන්න අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණයකට යාම ගැන කරන චෝදනාව ගැන කුමක් ද කියන්නෙ?

ඒක එතුමාට ව්‍යවස්ථාව අනුව ලැබී තියෙන අයිතියක්නේ. මේ විධායක ජනාධිපති ධුරය ආරම්භ කරපු එහි පියා ලෙස හඳුන්වන ජේ. ආර්. ජයවර්ධන මහතාත් 1978 පෙබරවාරි 4 වැනිදා මේ විධායක ජනාධිපති ධුරයට දිවුරුම් දීල එතුමාත් අවුරුදු 4 කින් 1982 පළමු ජනාධිපතිවරණයට ගියා. ඒ විතරක් නෙවෙයි මේ මෑතකම ලංකාවට පැමිණ ගිය ජපානයේ අගමැති ෂින්සො අබේ නියමිත කාලයට කලින් මැතිවරණයකට ගොස් තුනෙන් දෙකේ බලයක් ලබා ගත්තා.

මේ මැතිවරණ දිනය ජ්‍යොතිෂය අනුව නියම කළ එකක් ද?

නැහැ. මැතිවරණ දිනය මැතිවරණ කොමසාරිස් තුමානෙ නියම කරන්නෙ. ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවාසි ජනතාවගේ සියලු සම්ප්‍රදායන්ට හිස නමා ආචාර කරන කෙනෙක්. එතුමාගේ මහා අනුහස් බලයට පින්වන්තකමට ජ්‍යොතිෂ ශාස්ත්‍රය පැත්තෙන් ලබා දෙන්නේ සියයට 5 - 6 ක සහයෝගයක් විය හැකියි.

8 වැනිදා මැතිවරණ දවස ගැන කිව්වොත් ජ්‍යොතිෂයට අනුව සුබ කටයුත්තක් ජයග්‍රහණය හිමිකර ගන්න ඕන කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සුවිශේෂ දිනයේ තිබෙන නැකත ඒ පුද්ගලයාගේ තැනැත්තාගේ උපන් නැකතින් සම්පත්, ක්ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී කියන නැකතත් යෙදුණොත් තමයි ජයග්‍රහණය හිමි වෙන්නේ. යම් ආකාරයකින් එදාට යෙදෙන නැකත මේ කාර්යයට යෙදෙන පුද්ගලයාගේ උපන් නැකතින් විපත්, වඳ, පත්‍යාරි ගණයට වැටෙන්නේ නම් යොමු වන්නේ නම් එම කාර්යයේ ප්‍රතිඵල නොලැබී යනු ඇත. සිරිසේන මහතාට මැතිවරණ දිනයේ පවතින්නේ මේ තත්ත්වයයි.

පාප් වහන්සේ පිළිගන්න වරම් ලැබෙන ජනාධිපතිවරයා කවුද?

ඒ නිසැකවම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාම තමයි. ශ්‍රී ලංකා වාසී ජනතාව විවිධ විශ්වාස සම්ප්‍රදායන් අගය කරමින් කටයුතු කරන පිරිසකි. ඒ ගැන විශ්ලේෂණය කර බලන විට එය සත්‍ය බවත් අවබෝධ වේ. අපේ මවුබිමට මීට පෙරාතුව ශුද්ධෝත්තම පාප් වහන්සේ කෙනෙක් වැඩම කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාලන සමයන් පැවැති අවස්ථාවලයි. මෙවරත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හැටියටත් ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා හැටියටත් විශිෂ්ට ජග්‍රහණයක් 8 වැනිදා හිමිකර ගනිමින් ජයග්‍රාහී පුද්ගලයෙක් හැටියට 13 වැනිදා මෙරටට සැපත් වන 1 වැනි ‍ෆ්‍රැන්සිස් පාප්තුමන් මෙරටට පිළිගනු ලබන්නේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බව ජ්‍යොතිෂය අනුවත් පැහැදිලියි.

මම දීර්ඝ කාලයක් ජ්‍යොතිෂයේ මවුබිම වන ඉන්දියාවේදී ජ්‍යොතිෂය නිසි ලෙස හදාරමින් අන්තර්ජාතික සිද්ධි සම්බන්ධවත් සුවිශේෂ අනාවැකි පළ කර තියෙනවා. මම නිතරම මෙතුමා අනුහස් බලයක් ඇති නායකයෙක් බව හඳුන්වන්නේ ඕනෑම රාජ්‍ය නායකයෙක් පළමු වතාවේ ගත් ඡන්ද ප්‍රමාණය දෙවන වතාවේ ගන්න අපහසු වුණත් මෙතුමා පළමු වතාවට වඩා දෙවන වතාවේ දස ගුණයකටත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් නිසයි.

මේ ජනප්‍රියතාව අඩු නොවන හීන නොවන සුවිශේෂ ග්‍රහ යෙදුමක් එතුමාගේ කේන්ද්‍රයේ තියෙන බොහොම කලාතුරකින් කන්‍යා ලග්න හිමියන්ට හිමිවන තත්ත්වයක්.

මීට පෙරත් අපේ රටේ රාජ්‍ය නායකත්වය දැරූ කන්‍යා ලග්නය හිමි ඩඩ්ලි සේනානායක, ආචාර්ය විජයානන්ද දහනායක, සිරිමාවෝ බණ්ඩාරනායක මේ ව්‍යවස්ථාව ඇතිකළ ජේ. ආර්. ජයවර්ධන යන සිව් දෙනාටමත් වඩා මෙතුමාගේ උත්පත්ති ග්‍රහ බලය බලගතුයි. ඒ නිසා තමයි මේ 21 වැනි සියවසේ යුද්ධ අවසන් කරන්න ගිහින් යුද්ධ පටලවා ගනිද්දි ජේ. ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා හා විජේතුංග යන නායකයන්ට අවසන් කරන්න බැරිවුණ උතුරේ ත්‍රස්තවාදය එතුමා සාර්ථකව අවසන් කළේ.

යම් ආකාරයකින් එතුමාගේ බලය හීන වන අවස්ථාවක් ආවොත් ඒකත් මුලින්ම කියන්නේ මම තමයි.

මම 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජ්‍යොතිෂයේ පිවිතුරු බව සත්‍ය බව පෙන්වමින් 2001 දෙසැම්බර් 5 වැනිදා රනිල් අගමැති වන බවත් කිව්වා. ඒ අවස්ථාවේ තමයි එස්. බී. දිසානායක මහත්තයලත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වෙලා එජාප ආණ්ඩුවක් පිහිටෙව්වේ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්