මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ගායක ගායිකාවන්ගේ නව වසරේ ප්‍රාර්ථනා

ගායක ගායිකාවන්ගේ නව වසරේ ප්‍රාර්ථනා

‘පත්තිනි’ චිත්‍රපටයට ගීත ගයනවා

- උරේෂා රවිහාරි

“මුලින්ම මගේ ආදරණීය ගීත රසික රසිකාවියන්ට ‘සුබ නව වසරක් වේවා’ කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ ආදරය තමයි මේ අලුත් අවුරුද්දෙත් හැමදාමත් මගේ පැතුම. රසික රසිකාවියන් ගෙන් ලැබෙන ආදරය ඕනෑම කලාකරුවකුට හෝ කලාකාරියකට ආශිර්වාදයක් කියලයි මං හිතන්නේ. ඒ ආශිර්වාදය නිසා තමයි ගායන ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ අවුරුද්දෙත් කරන්න වැඩ කටයුතු රාශියක් තියෙනවා.”

“විශේෂයෙන් කරන පළමුවැනි කටයුත්ත තමයි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘පත්තිනි’ චිත්‍රපටයේ ගීත ගායනය කිරීම. තව ටෙලි නාට්‍යයක ගී ගයන්නත් තියෙනවා. එමෙන්ම විදේශ ගීත ප්‍රසංග කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. මගේ පුතාට මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙට වයස අවුරුදු දෙකක් වෙනවා. සුරතල් වයසනේ. ඉතින් පුතා සමඟ වැඩිපුර කාලයක් ගත කරන්නත් ඕනේ. මේ හැමදේම සමබරව හරියාකාරව ඉටුකර ගන්න ලැබෙන්න කියලත් මං පතනවා.”

අලුත්ම ගී රැගත් සංයුක්ත තැටිය එළිදක්වනවා

ජගත් වික්‍රමසිංහ

හිමි නැති පෙමකට ආසා වී
සහසක් පැතුමන් සිහින් දරා
මේ දිවි ගමනේ මඟ වැරදී
අපි මේ යන්නේ කොතැනකදෝ
කොහේදෝ කොහේදෝ...!

“මේ වසරේ මුලින්ම මගේ ගීත ශ්‍රාවකයන්ට ඇහෙන මා ගයන අලුත්ම ගීතයක් තමයි ඒ. මගේ අලුත් ගී නිර්මාණ 16 ක් ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සූදානම් නිසා එම නිර්මාණ කටයුතු අතරේ මේ වසරේ ජනවාරි මාසය ගත කරන්න වෙනවා. අද ගී තැටි ව්‍යාපාරය පවත්වා ගෙන යාමට වෙළෙඳ පොළක් නැහැ. එම නිසා අපේ අලුත් ගී ඇතුළත් සංයුක්ත තැටි ශ්‍රාවකයින් අතරට ගෙන යන්නට ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපත් වීම අගය කළ යුතු කාර්යයක්. එහෙයින් මෙම ගීත එකතුව මට හැකි උපරීමයෙන් නිර්මාණය කර දීම මගේ ප්‍රාර්ථනයයි.”

මා ගී ගැයු චිත්‍රපට දෙකක් මේ වසරේ එනවා

- අමල් පෙරේරා

“මේ 2015 අලුත් අවුරුද්ද මගේ ගීත රසික රසිකාවියන්ට වගේම සියලුම රටවැසියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා පතනවා ඇරෙන්න විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන ලොකු පැතුමක් මගේ නැහැ. වෙනදා වගේම අලුත් ගීත කිහිපයක් මේ අවුරුද්දෙත් මම ගායනා කරනවා. ප්‍රසංග වේදිකාවෙත් සුපුරුදු විදිහට මුණගැහෙනවා. මා පසුබිම් ගීත ගැයු චිත්‍රපට දෙකක් මේ වසරේ මුල් භාගයේදී ප්‍රදර්ශනය වීමට තියෙනවා. තවත් චිත්‍රපට කිහිපයකම ගී ගයන්නත් ආරාධනා කරලා තියෙනවා. ගායන දිවියේ නිර්මාණ කටයුතු සාර්ථකව පවත්වා ගෙන ගායන ශිල්පියෙකු ලෙස මගේ රසික රසිකාවියන්ව පිනවීම, සතුටු කිරීම මම පතන පැතුම.”

ශබ්දාගාරය නවීකරණය කරනවා

- කීර්ති පැස්කුවල්

“මම මේ 2015 අවුරුද්දේ කරන්න තියෙන වැඩ කටයුතු සැලසුම් කළේ පසුගිය 2014 අවුරුද්දෙයි. ම‍ගේ ගීත ගායනා කටයුතුවලට අමතරව විශේෂ කාර්යයන් තුනක් ඉටු කරන්න මම මේ අවුරුද්දේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන් ප්‍රධානම කාර්යයක් තමයි මගේ ‘සොනික්’ ශබ්දාගාරයට නවීන උපාංග එකතු කර එකවර වාදකයන් විසිපස් දෙනෙකුට වාදනයෙන් සහභාගි වීමට හැකි වෙන අයුරින් නවීකරණය කිරීම. ශබ්දාගාර තුනකින් දැන් මගේ ‘සොනික්’ ශබ්දාගාරය සමන්විත වෙනවා. ඊළඟට මගේ සංගීත පාසල් දෙක (ට්‍රිනිටි ඇකඩමි ඔෆ් මියුසික්) වැනි සේවාවක් ලබා දීමට හැකි අයුරින් පහසුකම් වැඩි දියුණු කරලා කොහුවලට සහ තිඹිරිගස්යාය පෙදෙසට ගෙන ආවා. ඒවායේ ප්‍රතිඵල නෙළාගන්න පුළුවන්කම මේ වසරේදීම ලැබේවි.”

“තව මගේ සංගීත පාසලේ ඉන්න ගායන හැකියාව තිබෙන සිසු සිසුවියන්ගේ ‘තරු වැස්සක්’ ගීත ප්‍රසංගයේ හතර වැනි වතාවට පැවැත්වීම සහ එම ප්‍රසංගයට සමගාමීව ඔවුන් ගී ගැයූ සංයුක්ත තැටියක් එළිදැක්වීමත් මගේ මේ වසරේ පැතුම් අතර ප්‍රධාන පැතුමක්.

විදෙස් ප්‍රසංගවලට සහභාගි වෙනවා

- ශෂිකා නිසංසලා

“මේ අවුරුද්ද මං පටන් ගත්තෙම කුවේට් රටේ ගීත ප්‍රසංගයකට සහභාගි වීමෙනුයි. ඉතින් මේ අවුරුද්ද පුරාම සමහර විට වැඩිපුර විදේශ ගීත ප්‍රසංගවලට සහභාගි වෙන්න සිදුවෙයි කියා හිතෙනවා. ඒ සඳහා ඇරයුම් ලැබෙමින් තියෙනවා. නිර්මාණ පැත්තෙන් ගීත කිහිපයක්ම (අලුත්) ගායනා කරනවා. තව ගීත කිහිපයකටම අලුතින් විෂූවල් කරන්නත් තියෙනවා.

'ප්ලෑෂ් බෑක්' සමඟ අලුත් වෙනසක් කරනවා

- රොෂාන් ප්‍රනාන්දු

“ගායකයෙකු ලෙසින් මට වෙනම ඉල්ලීමක් මේ රටේ ගීතලෝලීන් අතරේ තිබුණත් හැමදාමත් මගේ පැතුම අපේ ‘ප්ලෑෂ් බෑක්’ කණ්ඩායම සමඟ සංගීත ක්ෂේත්‍රයේ කටයුතු සාර්ථකව කරගෙන යන්නයි. එම නිසා මේ වසරේ මුලින්ම අපේ කණ්ඩායමේ අලුත් වෙනසක් ඇති කරනවා. බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නේ ‘ප්ලෑෂ් බෑක්’ කියන්නේ එළිමහන් ගීත ප්‍රසංග පමණක් සංගීතවත් කරන කණ්ඩායමක් කියලයි. එය වැරැදියි. අපි මංගල සාද, උපන් දින ප්‍රිය සාද, ශාලා ඇතුළත පවත්වන විවිධ ප්‍රසංග ඇතුළු ඕනෑම අවස්ථාවක් සංගීතවත් කරන්න සූදානම් සංගීත කණ්ඩායමක්. ඒ බව මේ වසරේදී අපේ ගීතලෝලීන්ට පැහැදිලිව දකින්න අවස්ථා ලබා දීමට තමයි මේ අලුත් වෙනස කරන්නේ.”

“සුපුරුදු ලෙස මා ගයන අලුත්ම ගීත දෙකකුත් ළඟදීම මගේ ගීතලෝලීන්ට අහන්න ලැබේවි. 2015 වසර රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ‘ප්ලෑෂ් බෑක්’ කණ්ඩායම අලුත් වෙනසක් කරන වසරක් වෙනවා.”

මගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගය කරනවා

- දුමාල් වර්ණකුලසූරිය

“මේ අලුත් අවුරුද්දේ 01 වැනිදා ඉඳලම මම මගේ ‘දුමාල් වර්ණකුලසූරිය මියුසික් ඇකඩමිය’ (මහරගම සහ පන්නල) සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම් කරනවා. මා උගත් දන්නා දේ මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එන්න කැමැති අපෙන් පසු පරම්පරාවට ලබා දෙන්න ලැබීම සතුටක් ලෙස මං සලකනවා. අනිද්දා (06) වැනිදා තමයි මේ අවුරුද්දේ මම පළමු ගීත පටිගත කිරීම යොදා ගෙන තියෙන්නේ. දර්ශන රුවන් දිසානායක තනු නිර්මාණය කළ අලුත්ම ගීත දෙකක් එදාට මම ගායනා කරනවා.

තව ටෙලි නාට්‍ය කිහිපයක සහ විදේශ ගීත ප්‍රසංග කිහිපයක ගී ගයන්නත් ආරාධනා ලැබී තියෙනවා. මේ දිනවල මා විදේශයක (ඕස්ට්‍රේලියාවේ) පදිංචියට යන බවට ආරංචියකුත් අපේ සංගීත ක්ෂේත්‍රයේ පැතිර යනවා. ඒ ගැනත් කියන්න කැමැතියි. මා පතන පැතුම් අතරේ නම් එහෙම ප්‍රාර්ථනාවක් නැහැ. කෙසේවත් ගීත ප්‍රසංගයකට ආරාධනා ලැබිලා විදේශයකට ගියාට පදිංචියට නම් විදේශයකට යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්