මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


දැන් ඇහෙන ටෙලි නාට්‍ය ගීතයක් 'ධවල කඳුළු' ටෙලි නාට්‍යයෙන්...

දැන් ඇහෙන ටෙලි නාට්‍ය ගීතයක් 'ධවල කඳුළු' ටෙලි නාට්‍යයෙන්...

දරුවෝ - දරුවෝ - දරුවෝ
ප්‍රේමයේ මල් මකරන්ද අතරේ
දරුවෝ - දරුවෝ - දරුවෝ
දරුවෝ - දරුවෝ - දරුවෝ
තුමුල සූරිය කඳු මව් කුසයේ
නිදන පෙම්බර දරු පැටවුණේ
කෙදිනදෝ ඔබෙ මුහුණ දැකගන්නේ
ළහිරු වී මේ බිමට පායන්නේ
දරුවෝ - දරුවෝ - දරුවෝ
කඳු හිසේ මල් තුහින වර්ෂාවේ
යෞවනේ මල් මාලිකා ඇහැරේ
වැහි අඳුර ළඟ ගිරි දුර්ග හමුවේ
කෙළි දෙලෙන් දිව ගිය දෙපා පැටලේ
ප්‍රේමයේ මල් මකරන්ද අතරේ
කවුරුදෝ උණු ලේ බින්දු හෙළුවේ
දරුවෝ - දරුවෝ - දරුවෝ

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

සංගීතය - දිනේෂ් සුබසිංහ

ගායනය - අමරසිරි පීරිස් සමඟ අංජානා ලියනආරච්චි

ටෙලි නාට්‍යය - “ධවල කඳුළු”“

මම ගුණදාස කපුගේ ගායන ශිල්පියා ගැයූ ‘බිම්බරක් සෙනඟ ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියේ’ ගීතයේ පද රචනය කළේ මගේ අත්දැකීමක් ඇසුරෙන්. ඒ වගේම පණ්ඩිත් අමරදේවයන් ගැයූ ‘සුදු නෙළුම කෝ සොර බොර වැවේ මල් සුවඳ දුන් මහියංගණේ’ ගීතයේ පද රචනය කළෙත් මා මොනරාගල ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ වැඩ කරද්දී ලැබූ අතිශය ශෝචනීය වූ අත්දැකීමක් ඇසුරෙනුයි. මගේ හිත සසල කළ අත්දැකීම් ඇසුරෙන් මෙන්ම මට අහන්න දකින්න ලැබුණු සංවේදී සිද්ධි ඇසුරෙනුත් මම කවි, ගී ලියා තිබෙනවා. ‘ධවල කඳුළු’ ටෙලි නාට්‍යයට මා ලියූ මේ ගීතයත් එවනි තවත් එක් ගීතයක්.”

ප්‍රවීණ ගී පද රචක රත්න ශ්‍රී විජේසිංහ මෙවර “දැන් ඇහෙන ටෙලි නාට්‍ය ගීතයක්” වි‍ශේෂාංගය ගෙනෙමින් අප සමඟ එක් වූවේ ඕස්ට්‍රේලියාවේදී රස වින්දන දේශන වැඩමුළු මාලාවකට සහභාගි වීම පිණිස දිවයිනෙන් නික්ම යාමට හෝරා කිහිපයකට පෙර ය. තාවකාලික විනෝදාස්වාදය පිණිස රචිත නිර්මාණ නොවන මිනිස් ආධ්‍යාත්මයට බලපෑම් කර එය වෙනස් කරන සුභාවිත ගී පද සරණියක හිමිකරු වන රත්න ශ්‍රී, මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙන “ධවල කඳුළු” ටෙලි නාට්‍යයේ තේමා ගීතය නිර්මාණය වූ අයුරු හෙළිදරව් කළේ මෙසේ ය.

“භීෂණ කාලයන්හි දී අතුරුදන් වූවන් පිළිබඳ පැවසෙන ගී සංකල්පනා කිහිපයක්ම මා ලියා තියෙනවා. ‘හන්තානේ කඳු’ (විශාරද ගුණදාස කපුගේ) - ‘සැවත් නුවර ඉඳලා ම එන්නේ’ (විශාරද නන්දා මාලිනී සමඟ ප්‍රදීපා ධර්මදාස) - ‘මගේ සඳ කිඳුරා කොහේද (ප්‍රදීපා) වැනි එම ගී සංකල්පනා අතරට එක්වන මේ ගීතයත් අප රටේ භීෂණ සමයකදී සිදු වූ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන පද රචනය කළ ගීතයක්. මෙම ටෙලි නාට්‍යයේ කතා පිටපත අනුව සූරියකන්දේ අතුරුදන් වූ දරුවන්ගේ කතන්දරය තමයි මෙයට පසුබිම වෙන්නේ. ඒ දරුවෝ යෞවන වයසේ සිටි ළමයි. ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතා තිබුණා. ඒ බවයි මම ‘ප්‍රේමයේ මල් මකරන්ද අතරේ’ යනුවෙන් පැවසුවේ. අවසානයේ දී ‘ප්‍රේමයේ මල් මකරන්ද අතරේ - කවුරුන්දෝ උණු ලේ බින්දු හෙළුවේ’ ලෙස යෙදුමෙන් ප්‍රකාශ කළේ සූරියකන්දේ සිදුවූ ඛේදවාචකය යි.”

“කන්ද ඒ පෙම්බර දරුවන් නිදන් කරගත්තා මවු කුසක් සේ. ඔවුන් ඒ කුසේ සැතපී සිටිනවා. නමුත් අපේ ප්‍රාර්ථනය ඒ දරුවෝ යළි උපදින්නයි. ‘ළහිරු වී මේ බිමට පායන්නේ’ ලෙසින් එම පැතුම මම ගී පද රචනයට එක්කළා. සූරියකන්දේ දරුවන්ගේ කතන්දරයේ මගේ හිතට වඩා සංවේදීව ස්පර්ශ වූ තැන් මම මෙම ටෙලි නාට්‍යයේ තේමා ගීතයට අකුරු කළේ එහෙමයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්