මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


නිවේදිකාවක වූ  අවුරුදු කුමරිය

නිවේදිකාවක වූ  අවුරුදු කුමරිය

නයනි ජයසිංහ

“මම උසස් පෙළ ඉගෙන ගනිද්දී ශ්‍රී එෆ්.එම්. පොළොන්නරුවේදී පැවැත් වූ ‘ශ්‍රී ස්වර්ණ වසන්තය’ ප්‍රසංගයේ අවුරුදු කුමරිය ලෙස තේරුණා. ඒ නිසා තමයි මට නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණේ. එදා ශ්‍රී එෆ්.එම්. විධායක අධ්‍යක්ෂ මහේන් පෙරේරා කිව්වා ‘ඉගෙන ගෙන ඉවර වෙලා නිවේදිකාවක් වෙන්න කැමැති නම් අයදුම් පතක් එවන්න’ කියලා. ඒ අනුව අයදුම් කළාම මාව නිවේදිකාවක් ලෙස ‍තෝරා ගත්තා” යැයි පවසමින් “රසඳුන” සමඟ මේ කෙටි කතාබහට එක්වුණේ නව පරපුරේ නිවේදිකාවක වන නයනි ජයසිංහ.

සංගීත ගුරුවරියක වීමේ අදහසින් කළුතර ඥානෝදය විදුහලින් අධ්‍යාපනය ලැබුවත් ඇය අද නිවේදිකාවක්ව සිටී. මුලින්ම රජ එෆ්.එම්. ගුවන් විදුලියෙන් ඇරඹුණු නයනිගේ නිවේදිකා දිවියේ වර්තමාන නවාතැන වී ඇත්තේ ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලියයි. අසන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය “මහ්දහනේ නිධානය” - “හින්දි ටොප් 10” - “බොලිවුඩ් සිනමාව” - “හොඳ විරිඳු” - “කණාමැදිරි රාත්‍රිය” ඇතුළු වැඩසටහන් ගණනාවකට නිවේදිකාවක ලෙස දායක වූ නයනි මේ වනවිට ශ්‍රී එෆ්. එම්. ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් විධායකවරියක් වශයෙන් ද කටයුතු කරන්නීය.

* ඔබේ වෘත්තීය ක්ෂේත්‍රයේ නව පරපුරට සිංහල බස හැසිරවීම හා විනය පිළිබඳ විචාරකයින්ගෙන් චෝදනා එල්ල වෙන්නේ ඇයි...?‍‍

“සාධාරණ හේතු තියෙනවා. ඒත් අපේ පරපුරේ නිවේදක නිවේදිකාවන් බොහෝ දෙනෙකු වර්තමානයේදී ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කර කටයුතු කරන්න පුරුදු පුහුණු වෙනවා. අපි අමතන්නේ මුළු රටේම ඉන්න ජනතාවටයි. සෑම තරාතිරමකම ජන කොටස් ඔවුන් අතර ඉන්නවානේ. ඉතින් ඒ බව වගකීමෙන් යුතුව ‍තේරුම් ගෙන අපේ බස භාවිතා කරනවා නම් විචාරකයින් එල්ල කරන ඔය චෝදනා අපිට අදාළ වෙන්නේ නැහැ. මේ රටේ ඉන්න ජනතාවට අමතන්න ලැබීමත් නිවේදිකාවක් වීමත් මම සලකන්නේ වාසනාවක් වගේම මට පැවරී ඇති ලොකු වගකීමක් ලෙසයි.”

* ජීවිතයේ ඉටු කර ගන්න ඕනෑ කියා සිතන මීළඟ බලාපො‍ෙරාත්තුව කුමක් ද...?

“මම මේ දිනවල නවකතාවක් ලියනවා. එය මුද්‍රණයෙන් එළිදැක්වීම තමයි මීළඟට ඉටු කර ගන්න හිතාගෙන ඉන්න බලාපොරොත්තුව. ඒ එක්කම නිවේදිකාවක් ලෙස කටයුතු කරමින් හැමදාමත් මේ රටේ ජනතාවගේ ආදරය දිනා ගන්නත් ආසයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්