මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

.


මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

අන්තිමේදී බළලා මල්ලෙන් එළියට පැන්නේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මන්නාරමේ රදගුරුතුමා, රායප්පු ජෝශප්ගේ ආශීර්වාදය ලබාගන්නට එහි ගියේය. රදගුරුතුමා සිරිසේන මහතාගේ හිස අත ගා ඔහුට ආශීර්වාද කරනු පසුගිය දිනවල ටෙලිවිෂන් නැරඹූවන්ට දැකගත හැකි විය.

ඒ හමුවෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ රදගුරුතුමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඔවුන්ට ලබා ගැනීමට නොහැකි වූ දේවල් සිරිසේන ජනාධිපති වුවහොත් ලබා ගත හැකි වේ යැයි කියා සිටියේය.

රායප්පු ජෝශප්ට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලබා ගැනීමට නොහැකි වූයේ කුමක් ද?ඉකුත් බදාදා කොළඹ, අරලියගහ මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ පුවත්පත්කලාවේදීහු ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළහ.“රදගුරුතුමාට මගෙන් කරගන්න බැරිවුණේ රට බෙදා ගැනිල්ලයි.” ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

රායප්පු ජෝශප් රදගුරුතුමා රට බෙදා ගැනීමට ප්‍රභාකරන් මෙහෙයවූ ව්‍යාපාරයේදී ඔහුගේ ගමන් සගයකු විය.පූජකයකු හැටියට කෙනකුට තිබෙන පිළිගැනීම උපයෝගී කරගෙන ඔහු එල්ටීටීඊය ට ලොකු තල්ලුවක් දුන්නේය.එල්ටීටීඊ ය යුද්ධයෙන් පරාජයවීමෙන් පසුවද ඔහු ඒ සංවිධානය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කරමින් සිටී.

ඒ යුද සමයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදුවූයේ යැයි කියමින් බටහිර ලෝකය කුලප්පු කිරීමෙනි.මේ තැනැත්තා ඊළම්වාදියකු හැටියට කොයිතරම් හංවඩු ගැසී ඇද්දැයි කියතොත් සිංහල කතෝලිකයන්ට පවා ඔහු පෙන්නන්න බැරිය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලබා ගැනීමට නොහැකි වූ දේවල් ඔවුන්ට සිරිසේනගෙන් ලබාගත හැකි යැයි කියන්නේ එබඳු පසුබිමක් ඇති පුද්ගලයෙකි.

එල්ටීටීඊයට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දේවල් ඔවුන්ගේ සගයින්ට සාමයෙන් ලබාදීමට පොරොන්දු වී නැත්නම් රායප්පු ජෝශප්ගේ ප්‍රකාශය සිරිසේන කඳව‍ුරෙන් ප්‍රතික්ෂේප නොකරන්නේ ඇයි?සිරිසේන මහතා මන්නාරමේ රදගුරුතුමාට මෙබඳු පොරොන්දුවක් දෙන අතරේ ඔහුගේ නායිකාව වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය උතුරේ ඡන්ද රැස්වීමක් අමතමින් එල්ටීටීඊ යේ මියගිය නායකයාගේ නම කීවේ “මිස්ටර් ප්‍රභාකරන්” හැටියටය.

සිරිසේනගේ ප්‍රකාශය හා චන්ද්‍රිකාගේ ප්‍රකාශ එකට එකතු කළ විට එකයි එකයි දෙක වන හැටි හොඳට පෙනේ.තමන් ඝාතනය කිරීමට මරාගෙන මැරෙන බෝම්බකාරියක් එවූ ප්‍රභාකරන් දැන් චන්ද්‍රිකාට ‘ප්‍රභාකරන් මහත්තයා’ වී ඇත්තේ ඇයට නැවත වරක් බලයට ඒමට එල්ටීටීඊ යේ හිතවතුන් මේ වතාවේ උදව් කරන නිසා නොවේද?

මේ රඟ දැක්වෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ බටහිර බලවතුන් විසින් බව කීම ආණ්ඩුව හුදෙක් දේශපාලන වාසියට කියන කතාවක් නොවන බව තේරුම් ගැනීමට චන්ද්‍රිකා හා සිරිසේනගේ හැසිරීම් පමණක් වුව ප්‍රමාණවත්ය.

තමන් යුද්ධය නතර කරන්නට යැයි කී අවස්ථාවේ එසේ නොකිරීම නිසාත්, තමන් කියන පරිදි උතුරු නැ‍ඟෙනහිර පළාත්වලට බලතල දෙන්නට සූදානම් නැති නිසාත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට බටහිර බලවතුන්ට ඇති වුවමනාව නොපිළිගන්නේ දේශපාලන වශයෙන් මෝඩයකු පමණි.

ඒ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා දැන් ඔවුහු සංග්‍රාම භූමියට අවතීර්ණ වී සිටිති.එල්ටීටීඊයේ හිතවතුන් ඔවුන්ගේ ඕනෑඑපාකම් ඉෂ්ට කර ගැනීමට ගෙන යන වැඩපිළිවෙළත් කුමනාකාරයකින් හෝ බලයට පත්වීමට රනිල් - චන්ද්‍රිකා කඳවුර ගෙන යන වැඩපිළිවෙළත් තේරුම් ගැනීමට කෙනෙකුට අමාරු නැත.

එහෙත් මේ රටේ ඊළමට විරුද්ධ මිනිසුන් ඔවුන් සමඟ අත්වැල් බැඳගන්නේ කෙසේදැයි යන්න නම් අපට නොතේරෙයි.එය මුහුණත් සමඟ තරහට නහය කපාගන්නවා වැනි වැඩකි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්