කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

කවුළු දොරින්

කවියක් වගේ ලස්සන කටහඬක්

හිමාලි සයුරංගි අපි හඳුනන්නේ නිළියක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියට. ඒත් අපට ආරංචි වුණ හැටියට ඉදිරියේදී ඇය ගායිකාවක් වශයෙනුත් හඳුනාගන්න අවස්ථාව ලැබෙනවා. ඒ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ නවතම ටෙලිනාට්‍යය නිසා.

මේ ටෙලි නාට්‍යයේ නම ‘කවිය නුඹ’. අනුරුද්ධ මේ ටෙලිනාට්‍යය නිර්මාණය කරල තිබෙන්නේ ශාන්ති දිසානායකගේ ‘අග්නා’ නවකතාව ඇසුරින්. මේ ටෙලිනාට්‍යයේ හිමාලි රඟපාන්නේ විරූපී තරුණියකගේ චරිතයක්. අර තරම් සුරූපී හිමාලි විරූපීව දකින්න අපේ ප්‍රේක්ෂකයන් අකැමැති ඇති.

හිමාලි මේ ටෙලිනාට්‍යයේ චරිතය හැටියට කවි ලියන්නත් පෙලඹෙනවා. එක් අවස්ථාවකදී ඇයට ඒ කවිය ගායනා කරන්නත් සිද්ධවෙනවා. හිමාලි විසින්ම ගායනා කරන ඒ කවිය නිසා තමයි අපි කිව්වේ ඇය ඉදිරියේදී ගායිකාවක් විදියටත් ඔබට දකින්න ලැබේවි කියලා. සුරූපී හිමාලි විරූපීව රංගනයට එක් වුණත් ඇගේ හඬ සුන්දරයි කියලා ‘කවිය නුඹ’ විකාශය වෙත්දි කවුරුත් කියාවි.

ජෝ කිව්වෙ මැටි පිඬක් විදියට හිතාගන්න කියලා විතරයි

මේ දිනවල තිරගත වන ‘ටිකිරි සුවඳ’ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන සුනිල් අරුණ වීරසිරි සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සතියේ අපේ පත්‍රයේ පළවුණා. එහි පළවූ ‘ජෝ අබේවික්‍රමයන් මා ඉදිරියේ මැටි පිඬක් බවට පත්වූවා’ යන සිරස් තලය නිසා සුනිල් අරුණ වීරසිරි ඉතාමත්ම හිත් වේදනාවෙන් සිටින බව පසුගිය සතියේ අපට දැනගන්නට ලැබුණා. ඇත්තටම ඔහු කීවේ මේ පුවත්පත පිටවීමත් සමඟ ඔහුට දස අතින් දුරකථන ඇමතුම් ගලා ආ බවයි. බොහෝ දෙනෙක් ඔහුගෙන් විමසුවේ ඇයි එවැනි දෙයක් ප්‍රකාශ කළේ කියලයි.

ඇත්තටම ඔහු ප්‍රකාශ කර තිබුණේ ජෝ අබේවික්‍රමයන් පවා ඔහුට ලබාදුන් සහයෝගය පිළිබඳවයි. ඔහු ඉතාමත්ම නිරහංකාරව ඔහුට අවශ්‍ය අයුරින් අධ්‍යක්ෂණ කටයුතු කරගන්නට සහාය දුන් බවයි.

”ජෝ අබේවික්‍රම කියන්නේ මම ගෞරවයෙන් පිළිගන්න, ප්‍රවීණ රංගනවේදියෙක්. එතුමා මා ඉදිරියේ මැටිපිඬක් වූවා කියලා මම කිව්වෙ නෑ. මම කිව්වේ එතුමා මුල්ම දවසේ ඇවිත් මට කියපු වදන් ටික පමණයි. ඉතින් මේ සිරස්තලය නිසා ඇත්තටම මා කම්පාවට පත්වූවා.

පසුගිය සතිය පුරාම මම හරිම කම්පනයකින් තමයි ජීවිතය ගත කළේ. මා වැනි කෙනෙක් එතුමා වැනි ප්‍රවීණයකුට එවැනි වදනක් කිසිසේත් පවසන්නේ නැහැ. එහි අන්තර්ගතයේ කියවෙන දේ නොවෙයි සිරස්තලයෙන් කියවෙන්නේ. ඒ නිසා ඇත්තටම මම ඉන්නේ දුකෙන්, වේදනාවෙන්. මට හරිම දුකයි මිනිස්සු මම ගැන වැරදි වැටහීමක් මේ නිසා ඇතිකරගනියි කියා.

කලා පවුල් දෙකක සුන්දර එකතුවක්

ජැක්සන් ඇන්තනි ගැන හැමදාමත් අපි ලිව්වේ අලුත් වැඩක්, අමුතු වැඩක් කරපු පුද්ගලයෙක් හැටියට. එහෙත් පසුගිය දිනවල ජැක්සන් ගේ කාලෙ වැය වෙන්නේ හැම තාත්තා කෙනෙකුටම දියණියක් හැදුවම කවදහරි දවසක මුහුණ දෙන්න වෙන සංවේදී අවස්ථාවක් වෙනුවෙන්.

ඒ ජැක්සන්ගේ එකම දෝණි මාධවී කුලගෙට යන එක. පසුගිය දිනක උදාවුණු මේ අවස්ථාව ජැක්සන් දරා ගත්තේ බොහොම අමාරුවෙන්. මේ මංගල්‍යය නිසා කලා ක්ෂේත්‍රයේ තවත් ඥාති සබඳතාවයකුත් ඇතිවුණා.

ඒකට හේතුව ජැක්සන්ගේ දියණිය විවාහ වුණේ් කලා පවුලක තවත් පුතෙකු සමඟ වීමයි. ඔහු ප්‍රවීණ රංගන ශිල්පී හේමසිරි ලියනගේ යුවළගේ ආදරණීය පුත්‍ර ආලෝක ලියනගේ. විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු සෞම්‍ය ලියනගේ, ඉන්ද්‍රචාපා ලියනගේ ගේ සොහොයුරෙක්.

දියණිය මාධවී විවාහ දිවියට ඇතුළත් වුණත් තවත් වසර දෙකක් යනතුරු ජැක්සන්ලා සමඟම වෙසෙන බවයි ඔහු කිව්වේ. මාධවී දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාරන විශ්වවිද්‍යාල සිසුවියක්. අධ්‍යාපන කටයුතු හමාර වන තුරු ඇය සිය මව්පියන් සමඟම රැඳේවි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇගේ සැමියා ද ඉදිරියේදී විදේශ ගතවීමට නියමිතයි.

ගරු බුහුමන් ලබා

පසුගියදා ඉන්දියාවේ ගෝවා නගරයේ පැවැති ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගි වීම පිණිස අපේ සිනමා ශිල්පීන් රැසක් පසුගියදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා. මේ උළෙලේ සුවිශේෂී සිදුධියක් වූයේ අපේ ප්‍රවීණ සිනමා ශිල්පියෙකුව උළෙල ආරම්භයේදීම ඇගැයුමට ලක්වීමයි. ඒ ප්‍රවීණ නළු සනත් ගුණතිලකය.

මේ ගෞරව සම්මානය සඳහා සනත් සමඟ තවත් සිනමා ශිල්පීන් හතර දෙනෙකු ඔවුන් තෝරාගෙන තිබුණා. ඒ පෝලන්ත අධ්‍යක්ෂවරයකු වන ජාන් ජාකුබ් කොලොස්කි, ඉන්දීය රංගන ශිල්පී මනෝජ් බජ්පායි, ඉන්දීය අධ්‍යක්ෂ රාජ් කුමාර් හිරානි, මලයාලම් නළු ‘ජයරාම්’ ය. මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපට 06ක් ද, එක්ව තිබුණා. ඒ ‘අග්නිදාහය’, ‘සුදු කළුවර’, ‘ඉර මැදියම’, ‘මේ මගේ සඳයි’, ‘උඩුගම් යාමය’, ‘ආගන්තුකයා’ යන චිත්‍රපට.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ ජයන්ත චන්ද්‍රසිරි, සුදත් රෝහණ ඇතුළු පිරිසක් ද මේ සඳහා සම්බන්ධ වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය නළුවෙක් ජාත්‍යන්තර සිනමා උළෙලකදී මෙසේ ගෞරව බහුමානයට පාත්‍රවීම සැබැවින්ම සමස්ත ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්.

නිහඬව ඉඳලා ආයෙත් ඇවිත්

’ඈ තාරකාවී.... ගීතය ගායනා කරමින් සංගීත ක්ෂේත්‍රයට ආ ටිරෝන් මද්දුමගේ නම් ගායකයා ඔබට මතක ඇති. ගීත කිහිපයක් ගායනා කිරීමෙන් පසුව ඔහු ගැන වැඩි ආරංචියක් පසුගිය කාලයේ තිබුණේ නෑ. එහෙත් පසුගිය දිනක අපට ආරංචි වූයේ ඔහු නවතම ගීත එකතුවකින් යළිත් අප හමුවන්නට සූදානමින් සිටින වගයි. පුරා වසර දහයකට පසුයි ඔහු මේ ගීත 16ත් රැගෙන යළිත් සිය රසිකයන් හමුවීමට සූදානම් වන්නේ.

”ඇත්තටම මාව අපේ ගීත ශ්‍රාවකයන් හඳුනාගත්තේ ‘ඈ තාරකාවී..’ ගීතයෙන් තමයි. ඊට පස්සේ පසුගිය වසර 10ම මම නිහඬව ගතකළේ අපේ රටේ පැවතුණ වාතාවරණයත් එක්ක ගීත ඉදිරිපත් කළාට තේරුමක් නැති නිසයි.

අප හිටියේ සින්දු අහන පරිසරයක නොවෙයිනේ. දැන් ඉතින් නිදහස් රට නිසා අපේ නිර්මාණ එළිදක්වන්න හොඳ කාලේ කියලා හිතුණා. පසුගිය කාලයම මම මගේ සංගීත කණ්ඩායම්වල වැඩත් එක්ක තමයි හිටියේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා