කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක විපක්‍ෂයක වගකීම ආණ්ඩුව කරන කියන සියලුමදේට විරුද්ධවීම නොවන බව අමුතුවෙන් නොකිව යුතු තරම් සත්‍යයකි. නමුත් මේ රටේ විපක්ෂය කරන කියන දේ අනුව විපක්‍ෂයේ ඇතමුන්ට ආණ්ඩුව කරන කිසිම හොඳක් පෙනෙන්නේ නැත. මේ විපක්ෂය වැස්සත්, අව්ව වැටුණත් ආණ්ඩුවට බනිමින් සිටී.

රටකට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පත්වන්නේ යම් ප්‍රතිපත්ති මාලාවක් උඩ රට කරවීමට ලැබෙන ජනවරමක් අනුවය. ජනවරමක් ලැබූ ආණ්ඩුවකට ඔවුන්ගේ ජනතාව අනුමත කළ ඒ ප්‍රතිපත්ති මාලාව හෝ වැඩසටහන අදාළ කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට සහාය දීම විපක්‍ෂයේ ද යුතුකමය.

විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය මොඩලයේ වෙස්මිනිස්ටර් ක්‍රමයෙන් ද්විපාර්ශවික පක්‍ෂ ක්‍රමයට මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ගත් පක්‍ෂය ආණ්ඩු පක්‍ෂය බවට පත් වෙද්දී ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් ගත් පක්‍ෂ නායකයා විපක්‍ෂ නායකයා බවට පත් වෙයි. බොහෝවිට ඔහු හොඳ විපක්‍ෂ නායකයකු වී නම් ඊළඟ ආණ්ඩුවේ නායකයා වෙයි.

සැබෑ ලෙසම හොඳ විපක්‍ෂයක වගකීම ආණ්ඩුවේ වැරදි අඩුපාඩු පෙන්වා දීමය. රජයකට ආවැඩීම විපක්‍ෂයක කටයුත්ත නොවන බවද කිවමනාය.

නමුත් මේ රටේ විපක්ෂය කරමින් සිටින්නේ කුමක්ද ඔවුන් සැබෑ ලෙසම කොරහෙත් කිඹුලන් දකිමින් සිටී. ව්‍යවස්ථා විසාරදයකු වන අයිවන් ජෙනිස් ද කියන්නේ ව්‍යවස්ථානුකූලවම ආණ්ඩුවක දූෂණ හා අඩුපාඩු පෙන්වාදීමට විපක්‍ෂයට යුතුකමක් තිබෙන බවය.

සංවර්ධන විවේචනයන්

තවත් ව්‍යවස්ථා විසාරදයකු වන හැරල්ඩ් ලැස්කිද කියා සිටින්නේ නිකම්ම කෙරෙන විවේචනය වෙනුවට විපක්‍ෂයක් සංවර්ධනාත්මක විවේචනයක් කරමින් නිවැරැදි දේ පෙන්වා දෙමින් විකල්ප ආණ්ඩුවක් විය හැකි බව පෙන්වා දීම විපක්ෂය විසින් කළ යුතු බවය.

ඒ අතරේම ඔහු කියන්නේ් ජාතියේ යහපත සඳහා ගන්නා පියවරට කණ්ඩායමක් ලෙස සහායදීම ද විපක්‍ෂයකින් විය යුතුය යන්නයි.

පාර්ලිමේන්තුව තුළ සබා ගැබේ පුටු ආණ්ඩු පක්ෂයටත් විපක්‍ෂයටත් දෙපැත්තට බෙදී ඇති බව සැබෑය. නමුත් එයින් බෙදී වෙන්ව යන ගමනක් කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැත. ඔවුහු එකම පාලනයක කොටස්කරුවෝ වෙති. ප්‍රධානම දේ රටේ පැවැත්මය. රට ප්‍රධානය. ආණ්ඩු පක්‍ෂයේත් විපක්‍ෂයේත් යුතුකම ජනතාවත් රටත් නංවාලීමය.

බටහිර දියුණු රටවල් කොහොම වෙතත් අප වැනි දියුණුවන රටක පිල් බෙදී කුලල්කා ගැනීම කිසිසේත් රටට හිතකර වන්නේ නැත. මන්ද ජනතාව වෙනුවෙන් ඔවුන් ජීවත් කරවීමේ විශේෂ වගකීමක් අප වැනි රටවල ආණ්ඩු පිට පැටවී ඇති නිසාය. ඒ වගකීම බටහිර දියුණු වූ රටවල ආණ්ඩුවලට පැවරෙනවාට වඩා සැබැවින්ම කීප ගුණයකින් වැඩි වගකීමකි.

යුද්ධ ජය ගැනීමටත් යුද්ධයෙන් පසුව ඒ රටවල් ගොඩ නැංවීමටත් පක්ෂ විපක්‍ෂ කොටස් එකට එක්වී වැඩ කිරීම බ්‍රිතාන්‍යයේ සිට ජර්මනිය, ඇමරිකාව, ප්‍රංශය, ජපානය මේ හැම රටකම පොදුවේ දකින්නට ලැබුණ ලක්ෂණයක් විය.

දෙවැනි ලෝක මහ යුද්ධයේදී බ්‍රිතාන්‍ය අගමැති චර්චිල්ට ඇට්ලි දුන් සහාය මේ සම්බන්ධ නිරතුරු දැක්වෙන උදාහරණයකි.

කනගාටුවට කරුණ නම් මේ රටේ විපක්‍ෂය ඉතා දරුණු යුද්ධයක් ජය ගැනීම සඳහාවත් ආණ්ඩුවට සහාය නොදැක්වීමයි.

මේ රටේ විපක්ෂය නම් විපක්‍ෂයක වගකීම හරිහැටි ඉටුනොකරන බව කියමින් මේ කතාබහට එක්වුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතාය.

විපක්ෂයේ කාර්යය

මේ රටේ විපක්‍ෂය, විපක්‍ෂයක කාර්ය භාරය හරිහැටි වටහා නොගනිමින් කටයුතු කරන පිරිසක් බව පෙනී යන බව කථිකාචාර්යවරයා කීය. ඔවුන් තමන්ගේ වගකීම හරිහැටි වටහා ගත්තේ නම් දැන් කෙරෙන ආකාරයෙන් ද්වේශ සහගත විවේචන විපක්‍ෂයෙන් එල්ල නොවනු ඇතැයිද මහානාම හේවා මහතා කීය.

විපක්‍ෂය යුද්ධ කාලෙ කියපු කතා කවුරුත් දන්නවා. අලිමංකඩ පාමංකඩ කතා, තොප්පිගල කතා කවුරුත් දන්නවා. එහෙත් විපක්‍ෂය වරද්දා ගත්තා. හැබැයි දැන් ඒ එජාපයෙන්ම පත්කළ මන්ත්‍රීවරයකු වන හර්ෂ ද සිල්වා මහත්මයා පාර්ලිමේන්තුවට ඇවිත් අයවැය විවාදයේදී කියනවා යුද්ධය ජයගැනීම ගැන මේ ආණ්ඩුවට ජනාධිපතිතුමාට තමන් ප්‍රසංසා කරනවා කියලා. ඒක දැන්වත් පිළිගන්න එක හොඳයි. දැන් ආණ්ඩුව යුද්ධය හරියට කරමින් ත්‍රස්තවාදය නිමා කළ බව මේ විපක්‍ෂයට පිළිගන්න වෙලා තියනවා. ජනාධිපතිතුමා, රජය ඒ වගකීම ඉහළින් ඉටුකළා. නමුත් යුද්ධය කෙරෙන මුළු කාලය තුළම විපක්‍ෂ නායකයා ඇතුළු විපක්‍ෂ කණ්ඩායම එම කි‍්‍රයාදාමය විවේචනය කරමින් දේශීය විදේශීය සතුරන්ට වාසිදායක වන පරිදියි කටයුතු කෙරුවේ.

දැන් මේ රටේ ජීවත්වන ඕනෑම කෙනෙකුට පේනවා මේ රට දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියකට ලක් වෙමින් තිබෙන බව. හැබැයි ඒක මේ රටේ විපක්‍ෂය දන්නේ නැහැ. විපක්ෂයට පේන්නේ නැහැ. හම්බන්තොට වරාය මේ සංසාරෙ නොහැදෙන එකක් විදියටනෙ විපක්ෂය කතා කළේ. මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ විපක්ෂයටත් කරන්න පුළුවන් දෙයක් තියනවා. දැන් මේ වරාය ආණ්ඩුව හැදුවා. බැරිය කියපු දේ කළා.

මෙතනදි විපක්‍ෂය කරන්න ඕන දේ තමයි තමන්ගේ අන්තර්ජාතික සබඳතාත් පාවිච්චි කරමින් මේක ලෝක මට්ටමින් ජනපි‍්‍රය වරායක් බවට පත්කරන්න කටයුතු කිරීම. ඒකවත් මේ විපක්‍ෂය කරන්නේ නැතිව රටේ සතුරකු ලෙස ක්‍රියා කරන එකනෙ කරන්නේ. ඒක වැරදියි.

ප්‍රතිභා මහානාමහේවා මහතා කියන කතාව ඇත්තය. අලුතෙන්ම විපක්‍ෂයේ නිර්දය විවේචනයට ලක්ව ඇත්තේ රජය දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළය. විපක්‍ෂයට සාධාරණ විවේචන ඇත්නම් ඒව ඉදිරිපත් කිරීමට සියලු අයිතිය ඇති බවද මෙහිදී කිව යුතුය. නමුත් මේ කරන විවේචන එසේ කරන ඒවා නොවෙන බවත් ඒවා නිර්දය ද්වේශ සහගත ඇනුම් බැනුම් බවත් ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි.

ආර්ථික සංවර්ධනය

රට පුරාම අද පාරවල් හැදෙමින් ජල සැපයුම, විදුලි සැපයුම ගම් නියම් ගම් දක්වා ව්‍යාප්ත වෙමින් තිබෙනවා. රටක ආර්ථික සංවර්ධනයේ මුල් පදනම තමයි ඒ රටේ යටිතල පහසුකම් පද්ධතිය වැඩි වර්ධනය කිරීම. ඒ මත තමයි සංවර්ධනය ගොඩනැගෙන්නේ. කම්හල්, වැඩබිම් ඉදිවෙන්නේ. මේ ගමන දැන් ඉතාම පැහැදිලියි. වෙන කවරදාකවත් මේ විදියට සංවර්ධනයක් රටපුරා කෙරුණේ නැහැ. බලන්න අවුරුදු ගණනාවක් හදාගන්න බැරුව තිබුණ නොරොච්චෝලෙ, ඉහළ කොත්මලේ විදුලි බලාගාර ඉදිවුණා. විදුලිය කැපීමක් නැහැ. අඛණ්ඩ විදුලිබල සැපයුමක් ස්ථාපිත කරන්න පුළුවන් වෙලා තියනවා. රටට ආයෝකයෝ ඇදගන්න නම් මේ යටිතල පහසුකම් තියෙන්න ඕන. මං අහන්නේ ඇයි මේ වෙන වෙනස විපක්‍ෂයට දකින්න බැරි.

මේ වෙන දියුණුව විපක්‍ෂයට දකින්න බැරි වුණාට ලෝකය දකිනවා. ඇයි ජනාධිපතිතුමාට ඔක්ස්පර්ඩ් ශිෂ්‍ය සංගමය දෙවැනි වරටත් දේශනයක් කරන්න ඇරයුම් කළේ. එතුමා ලෝකය පිළිගත්ත නායකයෙක්. ඒක පවත්වන්න කොටි හරස්වීම වෙනම කතාවක්.

අද ත්‍රස්තවාදය හමාර කිරීම ගැන ලොකු පොඩි රටවලට ලෝකයේ ගන්න තියන එකම ආදර්ශය තමයි මේ ශ්‍රී ලංකාව. ඒක කොයිතරම් ලොකු රටකටවත් කරගන්න බැරිවුණ දෙයක්. දැන් දෙවැනි කර්තව්‍යයත් ආණ්ඩුව අනලස්ව අප්‍රමාදව කරගෙන යනවා. දැන් මේ රට කෙටි කාලයකදි දැවැන්ත සංවර්ධනයක් අත් කරගත හැකි රටක් බව රජය ලෝකයට පෙන්වල තියනවා. විපක්‍ෂයක් රටේ ජනතාවට අත්වන සෙත ගැන ඊර්ෂ්‍යා කරන්න නරකයි. විපක්ෂය කරන්න ඕන රජයේ හොඳ වැඩ අනුමත කරමින් ඒ වයේ තියෙන වැරදි අඩුපාඩු ඔක්කොම පෙන්වා දීමයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළට වඩා හොඳ විකල්ප තියනව නම් පෙන්වා දීමයි. මට මතකයි

බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාල විපක්ෂයේ ඉන්න කොට විකල්ප අයවැයක් ඉදිරිපත් කරමින් අපි ආවොත් කරන්නේ මෙහෙමයි කියල පෙන්වලා දුන්නා. ඒ වගේ දේවල් තමයි වෙන්න ඕන.

නැතුව අභූත චෝදනා නගල ආණ්ඩුව කරන්න හදන දේවල් මංමුලා වෙන තැනට කටයුතු කිරීම නෙවෙයි. අපි තව එකක් අවබෝධ කරගන්න ඕන. වෙනස්කම් කෙරෙන කොට විරෝධ එනවා. ඒ විරෝධ මැද ඉදිරියට ගියොත් පමණයි අපට ප්‍රගතියක් අත්කර ගන්න පුළුවන්.

අද විපක්ෂය මර්දනයක් ගැන කතා කරනවා. විපක්ෂයේ අය ආණ්ඩුවට එනවා නම් ඒ එන අය ආණ්ඩුවට ගැනීම විපක්ෂයට කරන මර්දනයක් ද කියල අහන්න වෙනවා.

විපක්ෂයේ යුතුකම ඉටුවෙන්නේ නැහැ

ඔබ හිතනවද අද විපක්ෂයේ යුතුකම ඉටුවෙනවා කියලා. නැහැ. විපක්ෂයම ඇන කොටා ගන්නවා. පාර්ලිමේන්තු ලොබියේ විපක්ෂයේ අයම බැන අඩගහගන්නවා. ඕනෑම පක්ෂයක ආයතනයක පවුලක වුණත් දියුණුවක් ප්‍රගතියක් ඇතිවෙන්න නම් ඒ පක්ෂයේ ඒ ආයතනයේ ඒ පවුලේ සමගියක් තියෙන්න ඕන. විපක්ෂයේ මේ අවුල නිසා ජනතාව වෙනුවෙන් ඇති තම යුතුකම අමතක කරල එක එකා මුදුණ වෙන්න රජයට අවලාද ගහන්නයි අද ඔවුන් උත්සාහ කරන්නේ.

ඔබ කියන්නේ රජයේ වැරැදි නැති ය කියල ද?

වැරැදි අඩුපාඩු ඕන තරම් ඇති. ඒව පෙන්නල දෙන්න ඕන. ජනාධිපතිතුමාම සාකච්ඡාවට දොර අරලනෙ තියෙන්නේ. එතුමා ද්‍රවිඩ සන්ධානයටත් සාකච්ඡාවලට ආරාධනා කරනවනේ. සාකච්ඡාවෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ ප්‍රශ්න විසඳාගන්න පුළුවන්.

අපි දන්නවා ලෝක අවපාතයක් තියෙද්දි ඇමෙරිකාවේ රූස්වේල්ට් යටතේ කොංග්‍රසයේ සියලු දෙනා එකට එකතු වෙලා රට ගැන හිතල වැඩ කළා. මේ රටේ විපක්ෂයත් රට ගැන හිතල රට දියුණු කරන්නවත් ආණ්ඩුවත් එක්ක එකට එකතුව වැඩ කළ යුතුයි.

මහානාම හේවා මහතා කියන දේ සැබෑය. අද විපක්ෂයේ හඬට ජනතාව කන් දෙන්නේ නැත. අදත් ජනතාව අහන්නේ ආණ්ඩුව ජනාධිපතිතුමා කියන දේය. ආණ්ඩුවට හරස් කැපුවොත් තවදුරටත් වන්නේ විපක්ෂය මේ මහා ප්‍රවාහයේ ගිලී යාමය. විපක්ෂයට ගොඩ ඒමක් නැත. තවමත් රට තුළ නැතත් විදේශ ගතව ප්‍රභාකරන්ගේ හෙවනැල්ල සැරිසරයි. නැවත ප්‍රභාකරන්ට පණ දීමට සැරසෙයි. ප්‍රභාකරන් පණ බේරාගෙන ඉන්න බවක් ද කියන්න හදයි. ;දමළ ඩයස් පෝරාව හරහා කොටින්ට නැවත පණ දෙන්න හදන මේ වෑයමට හොඳ උත්තරයක් දෙන්නට මේ රටේ විපක්ෂයටත් යුතුකමක් මෙන්ම වගකීමක් ද ඇති බව කිව යුතුයි. රටේ හතුරන්ට ආවඩන්න යාම විපක්ෂය නොකළ යුතුය. බටහිර ඇතැම් රටට සතුරු බලවේග ද නිහඬ කළ හැක්කේ එවැනි එක්සත් එක්සිත් වැඩපිළිවෙළක් හරහා මිස බටහිර ලොක්කන්ට කොටි ගැත්තන්ට ගතු කීමෙන් නොවන බව විපක්ෂ නායකයාගේ සිට විපක්ෂයේ සිටින උදවියට වැටහිය යුතුය.

සහයෝගිතා ගමනක්

මහානාම හේවා මහතා කියන්නේ රජය ද සංවර්ධන ගමනේදී පාර්ලිමේන්තු කමිටු ආදියට විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද සක්‍රීය සහභාගිත්වය ලබා ගැනීමෙන් වැරැදි ඇත්නම් නිවැරැදි කරගනිමින් සහයෝගීතා ගමනකට මුල පිරිය යුතු බවය. කථිකාචාර්යතුමා කියන්නේ අප මේ සංවර්ධන ගමනේදී නිවැරැදි තැන සිටින බවය. ඉදිරි දශකය හෝ එම දශක දෙක තුනම චීනයේ, ඉන්දියාවේ ආර්ථික හාස්කම් ලෝකය දකින කාල වකවානුවක් වෙනවා. අද බටහිර ලෝකයත් මේ අලුත් ගමනට අඩු වැඩි වශයෙන් චීනයේ හා ඉන්දියාවේ ආර්ථික කටයුතුවලට සම්බන්ධ වෙමින් මේ ඉදිරියට යන ප්‍රවාහයට ඇතුළු වෙන්න උත්සාහ කරනවා. ඇතුළු වෙලා තියනවා. අපිත් ඉතා නිවැරැදි ලෙස චීනයේ, ඉන්දියාවේ සහාය අපේ ආර්ථික ප්‍රගමනය සඳහා ලබාගෙන තිබෙනවා. මේ අතරේ ශ්‍රී ලංකාව අස්ථාවර කරන්න වෑයමක් තියනවා. ශ්‍රී ලංකාව යුද අපරාධ කළා ය මිනිස් අයිතිවාසිකම් රකින්නේ නැති රටක් කියන්න උත්සාහයක් ඇතැම් කුමන්ත්‍රණකාරී ලෝක බලවේගවල තියනවා. රාජ්‍ය නොවන සංවිධාන හරහා තමයි මේ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් තම කුමන්ත්‍රණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා විපක්ෂයේ හස්තය තමයි පාවිච්චි කරන්නේ.

ලෝකයේ බලගතු රටවල් පුංචි රටවල් දියුණු රටවල් වෙනවාට කැමැති නැත. ඔවුන්ට මේ රටවල් හැමදාම තමන්ගෙන් යැපෙන රටවල් ලෙස තම යටත් ගොදුරු බිම් ලෙස තබාගැනීමේ වුවමනාවක් පවතී. ශ්‍රී ලංකා රජය මේ බලගතු රටවල මායාවන්ට හසු නොවී ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට සීරු මාරුවට තම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සමත් විය.

විපක්ෂය දැන්වත් මේ යථාර්ථය තේරුම් ගත යුතුය. අද ශ්‍රී ලංකාව ඉතිහාසය තුළ තිබුණ ස්ථාවරම ආණ්ඩුව අත්කරගෙන සිටී. තව අවුරුදු හයකට මේ පාලනය සුරක්ෂිතය. ජනාධිපතිවරයාට තිබු වාර දෙකේ සීමා ඉවත් කිරීම නිසා තවදුරටත් ජන කැමැත්ත අනුව මේ පාලනයට ඉදිරියට යා හැකිය. රටකට වැඩක් කරන්නට නම් ආණ්ඩුවට එක අවුරුදු දහයක පහළොවක දීර්ඝ පාලනයක්වත් පවත්වා ගත හැකි විය යුතුය.

ආර්ථික සංවර්ධනය වසරකින් දෙකකින් හමාර කළ හැක්කක් නොවේ. ආර්ථික සංවර්ධනයට රටක් අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රමාණවත් ආර්ථික වෘද්ධියක තබාගත හැකිවිය යුතුය. ඒ සඳහා ස්ථාවර පාලනයක් තිබිය යුතුය. දකුණු කොරියාව, මැලේසියාව සිංගප්පූරුව එවැනි ස්ථිර පාලනයක් තුළ මේ ආර්ථික හාස්කම කරමින් තම ආර්ථික ශක්තිය ඩොලර් බිලියන ගණනින් වැඩිකර ගත්තේය.

මැතිවරණ සිතියම හැකිලීම

ජේ. ආර්. ජයවර්ධන මහතා මේ ආර්ථික හාස්කම කරන්නට උත්සාහ කළේ මැතිවරණ සිතියම අවුරුදු දහයකටවත් හකුලා දැමිය යුතු යයි කියමිනි. ඔහු ඇත්තටම කියු ලෙසම මැතිවරණ සිතියම හකුලා දැම්මේය. එහි ආදීනවය මුළු රටටම අත් විඳින්නට සිදුවුණේ උතුරෙන් මදිවාට දකුණෙන් ද ත්‍රස්තවාදය පැන නැගීමෙනි. එවැනි යුගයක් ගැන අද සිටින විපක්ෂයට ළතවන්නට ඉඩක් නැත. මන්ද ඡන්ද පැවැත්වීමට මිස ඡන්ද නැවැත්වීමට කිසිවකු කතා නොකරන හෙයිනි.

ආණ්ඩුව කරන සංවර්ධන වැඩට අත දෙමින් වරද දුටු තැන එය දකිමින් තමන්ටත් ජනතා කැමැත්ත දිනා ගැනීමට හැකි දැයි විපක්ෂයට උත්සාහ කර බැලිය හැකිය.

මේ ලිපිය සැකසීමේදී මහානාම හේවා මහතා අවසාන වශයෙන් දැක්වු අදහස් ද ඉතා වැදගත්ය. දැන් එජාප හර්ෂ මන්ත්‍රීතුමා රජය යුද්ධය හමාර කරන්න ගෙන ගිය වැඩපිළිවෙළ නිවැරැදි බව අද පිළිගත්තා.

එදා එජාපයම මේ ගමන වැරදියි කිව්වා. හර්ෂ මන්ත්‍රීතුමා අයවැයේදී රජයේ ආර්ථික ගමන වැරැදියි කියන්න උත්සාහ කළා. සංඛ්‍යා ලේඛන වැරැදියි කියන්න උත්සාහ කළා. යුද්ධය ගැන පිළිගත්ත වගේම තව අවුරුදු තුන හතරකින් මේ ආණ්ඩුව ගෙනියන ආර්ථික වැඩ පිළිවෙළත් නිවැරැදියි කියලත් ඔහුටත් එජාපයටත් පිළිගන්න සිදු වේවි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා