කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මගේ පෙම්වතා ආත්මාර්ථකාමී නෑ

මගේ පෙම්වතා ආත්මාර්ථකාමී නෑ

මධු නිත්‍යානි

ඉතින් මධු, මේ දවස්වල මොකද කරන්නෙ?

මේ දවස්වල මම ටිකක් කාර්ය බහුලයි. මොකද මේ දිනවල ටෙලිනාට්‍ය කීපයකම රූපගත කිරීම සඳහා සහභාගි වෙනවා.

ඔබ නිළියක වීම ගැන සතුටු වෙනවාද?

ඇත්තටම ඔව්. ඒ ගැන හුඟක් සතුටු වෙනවා. මොකද මේ ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ ම හුඟක් අයගෙ ආදරය දිනා ගන්නට වාසනාව උදාවෙනවා. ඒක ඇත්තටම මට සතුටක්.

ඔබ ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?

ඒක ඉතාමත් අහඹු ලෙස වූ සිදුවීමක්. මගේ හොඳ යහළුවෙක් හිටියා චමීර කියලා. ඔහු නිසා මට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුමිත් ගල්හේන හඳුනා ගන්න ලැබුණ. මේ සිදුවීම තමයි මාව ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට යොමු වෙන්න හේතු කාරණා වුණේ.

ඔබ රඟපෑ ටෙලිනාට්‍ය ගැන යමක් ප්‍රකාශ කරනවා නම්...

මම ඉස්සරවෙලාම රඟපෑවේ ‘සිහින වසන්තය’ ක් ටෙලිනාට්‍යයේ. නමුත් මාව ප්‍රේක්ෂකයන් අතර වැඩියෙන් ම ජනප්‍රිය වුණේ නාලන් මෙන්ඩිස් ගේ ‘ඔබ කවුද’ ටෙලිනාට්‍යයේ දිව්‍යා චරිතයෙන්. එයින් පසුව මට ටෙලිනාට්‍ය රැසකට චරිත නිරූපණය කිරීමට අවස්ථාව උදා වුණා. ඒ අතරින් ‘ගැහැනු ළමයි’, ‘පිනිබර යාමය’, ‘රෝමියෝ මං’ ‘ඉරට උඩින්’, ‘සූරිය සුනෙර’, ‘පිංගල දනව්ව‘, ‘වැහි පබළු සේල’, ‘රකුන් සැරය’, ‘චරිතයකට පාට දෙන්න’, ‘සරා’, ‘අගම් ලිහිණි’ වැනි ටෙලිනාට්‍ය සුවිශේෂයි.

ටෙලිනාට්‍ය නිළියක ලෙස ඉදිරියට ඇදෙන ඔබ අනාගතයේදී සිනමා ක්ෂේත්‍රයට යොමුවෙන්න අදහසක් නැද්ද?

පුංචි තිරයට සීමා නොවී සිනමා ක්ෂේත්‍රයෙනුත් ඉදිරියට යන්න මං හරිම ආසයි. ඒ සඳහා රූපය, හැකියාව වගේ ම වාසනා ගුණ මහිමයත් මට ඇතැයි මං විශ්වාස කරනවා. මම දැනටමත් ටෙනිසන් කුරේ ගේ ‘තැන්කියු බර්ටි’ චිත්‍රපටයේ රඟපාල තිබෙනවා. හැබැයි තාමත් මම සිනමා ක්ෂේත්‍රයට නවකයෙක්. ඉදිරියේ දී හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ කලාත්මක නිර්මාණවලට දායක වෙමින් තවදුරටත් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා.

ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් යමක් සඳහන් කළොත්...

අපේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි. තාත්තා නම් ව්‍යාපාරික කටයුතුවල නිරත වෙනවා. අම්මා ගුරුවරියක හැටියට කටයුතු කරනවා. පවුලේ එකම දරුවා නිසා මට ලොකු වගකීමක් තිබෙනවා. මම ඉගෙන ගත්තෙ අංගොඩ ව්ඥඥට බෞද්ධ විද්‍යාලයේ සහ බොරැල්ල ගෝතමී බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යා විෂයයන්. ඒත් කලාවට ඇති ළැදියාව නිසා මේ ක්ෂේත්‍රයට යොමු වුණා.

රඟපෑම්වලට අමතරව ඔබ නිරතවන වෙනත් කාර්යයන් මොනවාද?

රඟපෑමට අමතරව මම මෝස්තර නිරූපණ කටයුතුවලටත් සම්බන්ධයි. මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමත් මගේ ප්‍රධාන විනෝදාංශයක්. ඊට අමතරව විවේකයක් ලැබෙන විට චිත්‍රපටි නැරඹීමත් මගේ විනෝදාංශයක්. මම වැඩියෙන් ම ප්‍රිය කරන්නේ ඉංග්‍රීසි චිත්‍රපට හා දෙමළ චිත්‍රපට නැරඹීමටයි.

යෞවනියක හැටියට ඔබ ආදරය හා විවාහය පිළිබඳව දරන ආකල්පය ගැන පැහැදිලි කළොත්...

ඇත්තටම යෞවනයේදී ආදරය අපේ ජීවිතවලට සමීපවීම වැළැක්විය නොහැක්කක්. මේ වනවිට මටත් පෙම්වතෙක් ඉන්නවා. අපි දෙදෙනා අතර ප්‍රේමයක් ඇති වුණේ පාසල් යන කාලයේ ඉඳලාම. කවද හරි දවසක එයාම මගේ අනාගත සහකරුවා වෙතැයි කියා මං විශ්වාස කරනවා.

එතකොට කවදාහරි දවසක විවාහයෙන් පසුව සෑම නිළියකටම වැටෙන තහංචි ඔබටත් වැටුණොත්... ඔබ එදාට මොකද කරන්නෙ?

අපෝ නෑ. ඒ අතින් නම් මං හරිම වාසනාවන්තයි. මගේ පෙම්වතා එහෙම ආත්මාර්ථකාමී කෙනෙක් නෙවෙයි. එයා මාව හොඳින් තේරුම් ගත්ත මගේ කලා ජීවිතයට සහයෝගයක් ලබාදෙන, මට ස්වාධීනත්වයකින් කටයුතු කරන්න ඉඩකඩ සලසා දෙන කෙනෙක්. ඒක නිසා මං කවදාවත් රංගන ක්ෂේත්‍රයෙන් ඉවත්වීමට බලාපොරොත්තුවක් නෑ. මගේ එකම බලාපොරොත්තුව හොඳ අධ්‍යක්ෂවරුන් යටතේ රඟපාමින් ජනප්‍රිය, දක්ෂ නිළියක ලෙස කිසියම් ස්ථාවරයකට ළඟාවීමටයි.

ඔබේ ලිපිනය

මධු නිත්‍යානි,

466/ 11, තපෝවනය පාර, අග්ගොන, අංගොඩ.