කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සිරස සුපර්ස්ටාර් මෙහෙයවීමට

සිරස සුපර්ස්ටාර් මෙහෙයවීමට
ශිහාන්-නිරෝෂා එක්වෙති

ශ්‍රී ලාංකේය රූපවාහිනි කලාව නව මඟකට යොමු කරමින් රියැලිටි වැඩසටහන් මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා වූ සිරස රූපවාහිනියේ ජනපි‍්‍රයතම රියැලිටි වැඩසටහන ‘සිරස සුපර් ස්ටාර්’ සිවුවැනි අදියර අලුත්ම මුහුණුවරකින් දැන් ඇරඹී ඇත. මෙවර එය ඉදිරිපත් කරන්නේ ‘සිරස සුපර් ස්ටාර්’ තරගයෙන් දොරට වැඩි ජනපි‍්‍රය ගායක ශිහාන් මිහිරංග හා ජනපි‍්‍රය නිවේදිකා නිරෝෂා පෙරේරා ය.

මේ අලුත් දායකත්වය ගැන මුලින්ම අප සමඟ කතා කළේ නිරෝෂා.

”මෙවර සුපර් ස්ටාර් වැඩසටහන හඳුන්වා ඇත්තේ සිවුවන පරම්පරාවේ කටහඬ සොයා යෑමේ ටෙලිවිෂන් චාරිකාව යනුවෙනුයි. මෙතෙක් පැවැති සිරස සුපර් ස්ටාර් තරගාවලි හරහා මේ වන විට පරම්පරා තුනක් බිහි කර අවසන්. මෙවර අප සොයා යෑමට උත්සාහ දරන්නේ මෙතෙක් බිහිවූ සුපිරි තරුවලට වඩා වෙනස් වූ නැවුම් කටහඬක්.”

ඊළඟට අප හා එක්වූයේ ශිහාන් මිහිරංග.

”ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ කලින් කලට එක් එක් යුග බිහි වුණා. ජෝතිපාල යුගය, රූකාන්ත යුගය, භාතිය සංතුෂ් යුගය. සිරස සුපිරි තරු වැඩසටහන් හරහාද මෙවැනි පරම්පරාවක් බිහිවුණා. නමුත් අපට මෙවර අවශ්‍ය තවත් ජෝතිපාල කෙනෙකුවත් රූකාන්ත කෙනෙකුවත් නෙමෙයි තමන්ටම ආවේණික දක්ෂතාවලින් හෙබි තමන්ගේම අනන්‍යතාවයක් තිබෙන කටහඬක්. සිවුවන වැඩසටහනේ මූලික වෙනස මෙයයි. සිවුවන තරගය සඳහා ඉදිරිපත් වන තරගකරුවන්ට ගායන හැකියාව මෙන්ම ඉදිරිපත් කිරීමේ විලාසය, සංගීතය පිළිබඳ දැනුමක් තිබිය යුතුමයි.

නිරෝෂා, සිවුවන අදියරයේ ඔබේ හා ශිහාන්ගේ භූමිකාව පිළිබඳ දැන ගැනීමටත් අපි කැමැතියි.

නිරෝෂා : “ශිහාන් මිහිරංග සුපර් ස්ටාර් පළමු තරගාවලියෙන් බිහිවූ සුපිරි තරුවක්. මේ වැඩසටහන ඉදිරිපත් කිරීමේ කාර්යය පැවරෙන්නේ අපි දෙදෙනාටයි. නමුත් එහිදි තිබෙන්නේ වගකීම් දෙකක්. එය ඉදිරියේදි ප්‍රේක්‍ෂකයාට දැක ගැනීමට පුළුවන් වේවි.

ශිහාන් : මම මේ සුපරි තරු පවුලේ කෙනෙක්. ඒ නිසා සුපර් ස්ටාර් වැඩසටහන මට නුහුරු දෙයක් නෙමෙයි. මෙහිදි සුපර් ස්ටාර්ස් තරගාවලිය සඳහා පැමිණෙන තරගකරුවන් හා සම්බන්ධ වෙමින්, ඔවුන් දරන නොයෙක් මතිමතාන්තර සාකච්ඡා කරමින්, තරගකරුවන්ට සහාය වීම සහ සංගීතය පැත්තෙන් දායක වීමයි මට පැවරී ඇති කාර්යය. මෙහිදි මම නිරෝෂත් සමඟ එක්වී වැඩසටහන ඉදිරිපත් කළත් මගේ දැනුමෙන් මට අදාළ කටයුත්ත සාධාරණව ඉෂ්ට කිරීමයි මගේ අරමුණ.

කමල් අද්දරාරච්චි නිසා සිරස සුපර් ස්ටාර් තරගාවලියට ලැබුණු ජනපි‍්‍රයත්වය එසේම රඳවා ගැනීමට ඔබට හැකිවේවි යැයි සිතනවාද?

ශිහාන් : සුපර් ස්ටාර්ස් සිවුවන අදියර මෙහෙය වීම සඳහා මා තෝරාගනු ලැබුවේ සිරසට මා ගැන විශ්වාසයක් තිබෙන නිසා. ඉතින් මේ කටයුත්තේදී මට අදාළ කාර්යයට උපරිමයෙන්ම සාධාරණය ඉෂ්ට කිරීමයි මගේ අරමුණ.

නිරෝෂා : නිවේදිකාවක් ලෙස මම වැඩසටහන් ඉදිරිපත් කරන්නේ මම මාවම ගවේශණය කරමින්, මගේ හැකියාව අලුත් කරගනිමින්. කෙටියෙන් කීවොත් මම මාවම අනුකරණය කරනවා යැයි කීම නිවැරැදියි. මා වටාද ප්‍රේක්‍ෂක පිරිසක් රොක් වී සිටිනවා. එසේ වන්නේ අපේ ඉදිරිපත් කිරීම් ප්‍රේක්‍ෂකයා පිළිගන්න නිසයි. මගේ ඉදිරිපත් කිරීමේ විලාසය ඔස්සේ ප්‍රේක්‍ෂකයාගේ අවධානය දිනා ගැනීමයි මගේ අරමුණ.

ශිහාන් : කමල්ට ඉන්නේ වෙනම රසික පිරිසක්, අප දෙදෙනාට වෙන්වූ රසික පිරිසක්ද සිටිනවා. මෙතෙක් වැඩසටහන් තුළ තිබූ කමල්ගේ ශෛලියෙන් මිදී තරගකරුවන් තෝරා ගැනීමේ සිට ඉදිරිපත් කිරීම දක්වා සියලුම අංග මෙහි වෙනස් වී තිබෙනවා.

මෙය රියැලිටි වැඩසටහනක් නිසා කිසියම් අභියෝගයක් වේවි යැයි සිතෙන්නේ නැද්ද?

නිරෝෂා : මෙය තරමක් භාරදූර කර්තව්‍යයක්. නමුත් අභියෝගයක් නෙමෙයි. මින් පෙරත් රියැලිටි වැඩසටහනකට මා සම්බන්ධ වී සිටි නිසාත් ලංකාවේ රියැලිටි වැඩසටහනක් මෙහෙයවපු පළමු නිවේදිකාව නිසාත් මට නුපුරුදු දෙයක් නොවෙයි. මට තිබෙන අභියෝගය මින් පෙර මා ඉදිරිපත් කළ වැඩසටහන්වලදි එම ඉදිරිපත් කිරීමේ රටාවෙන් මිදී, මගේ නිවේදන රටාව වෙනසක් ඇති කරගනිමින් මේ වැඩසටහනට ගැළපෙන පරිදි මෙහෙයවීමටයි. මගේ වචන හසුරුවීම, ඇඳුම් පැලඳුම්, ඉදිරිපත් කරන විලාසය යන මේ සියලු අංගවලට නව ආකර්ෂණයක් ලබා දෙමින් මගේ දක්‍ෂතාව හා හැකියාව ප්‍රමිතියකින් යුතුව ප්‍රේක්‍ෂකයාට ලබා දීමයි මගේ අරමුණ.

ශිහාන් : යම් තරමකට මෙය අභියෝගයක්. මාගේ අනන්‍යතාවයට හානියක් නොවන පරිදි, නොදන්නා දේවල් ඉගෙන ගනිමින් මට පැවරී තිබෙන කාර්යයට උපරිමයෙන්ම සාධාරණය ඉෂ්ට කිරීමට මම උත්සාහ දරනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා