කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

බ්‍රිිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිට ජනතා විරෝධය

මහ සඟරුවන සහ ජනතාව එක හඬින් කියති මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ බ්‍රිතාන්‍ය සංචාරයේදී කොටි හිතවාදීන් මෙන්ම ඔවුනට උදවු කරන ඇතැම් දේශපාලනඥයනුත් කටයුතු කළ ආකාරය රටටත්, පොදුවේ ශ්‍රී ලාංකිකයන්ටත් සිදුවූ අවමානයට විරෝධය දක්වමින් විරෝධතා රැසක් පැවැත්වුණි. එම අවස්ථාවන්ට ආගමික නායකයන්, දේශපාලනඥයන්, කම්කරු නායකයින්, කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ. විරෝධතාවන්ට සහභාගි වූවන් විදේශ රටකට ගිය රාජ්‍ය නායකයකුට නිසි ආරක්ෂාව සැපයීමට කටයුතු කළ දුර්වල ස්වරූපය ගැන විරෝධතාවයට සහභාගි වූවන් සිළුමිණට පළ කළ අදහස් මෙසේය.

රාජ්‍ය නායකයකුට ආරක්ෂාව දෙන්න බැරි වුණේ ඇයි?

ගලගම ධම්මරංසි හිමි

ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය දායාද කළ රටේදීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල වීම කනගාටුවට කරුණක්. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදීන් කියාගන්නා ඔවුන් හමුදාවන් යවමින් ඉරාකයේත්, ඇෆ්ගනිස්තානයේත්, තවත් රටවලත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නැයි කියමින් බලපෑම් කළා. ඔවුන්ට බැරිවුණා හීත්රෝ ගුවන් තොටුපළට නිසි ආරක්ෂාව සලසන්නවත්. එල්ටීටීඊය තහනම් සංවිධානයක් නම් කොහොමද ඒ සංවිධානයේ කොඩිය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්නේ. රාජ්‍ය නායකයකුට නිසි ආරක්ෂාව සලසන්න බ්‍රිතාන්‍ය රජයට නොහැකි වෙලා.

ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයේ පමණක් නොවේ විපක්ෂයේත් රාජ්‍ය නායකයායි. දොස්තර ජයලත් ජයවර්ධන, වික්‍රමබාහු කරුණාරත්න, වැනි අය හීත්‍රෝ ගුවන් තොටුපළේ සිදුවීමට සම්බන්ධනම් ඔවුන්ගේ ක්‍රියාව සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු කර දඬුවම් ලබාදිය යුතුයි. මේ රට නිදහසේ හුස්ම ගන්නේ. දැන් ලෝක ත්‍රස්තවාදය පරදවමු කියන ඔවුන් එල්ටීටීඊය ආරක්ෂා කිරීමෙන් පැහැදිලි වන්නේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි. මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන අන්තර්ජාතික මට්ටමින් එල්ල වන අභියෝග ජය ගැනීමට අප එක්ව කටයුතු කළ යුතුයි.

බ්‍රිතාන්‍යයේ සිදුවීම අපට මදි පුංචිකමක්

නාකුලුගමුවේ චන්දිම හිමි

ත්‍රස්තවාදී මරු කටින් රට බේරාගත් විරුවා අපේ ජනාධිපතිතුමායි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි කාටත් නියම නිදහස ගෙන ආවේ එතුමායි. එතුමාට නිගරුකිරීම අපි කාටත් සිදුවූ මදිපුංචි කමක්. මේ වෙලාවේ රටක් වශයෙන් සිතා අපි කටයුතු කළ යුතුයි.

දොස්තර ජයලත් ජයවර්ධන, වික්‍රමබාහු කරුණාරත්න වැන්නවුන් මේ දේශද්‍රෝහී ක්‍රියාවට සම්බන්ධ නම් ඔවුන්ට නිසි දඬුවම් ලබාදිය යුතුයි. ඔවුන් ඉතිහාසයේ ක්‍රියා කළ ආකාරය අප දුටුවා. ඔවුන් කිසි විටෙකත් ත්‍රස්තවාදය විවේචනය කළේ නෑ. ස්වාධීන රටක් ලෙස අපේ රටේ ගමන් මඟ මුළු මනින් ම වෙනස් කළේත් ජාතීන් අතර ගැටුම් ඇති කිරීමේ බිජුවට වැපුරුවේත් මේ විදෙස් ජාතීන්මයි. ඔවුන් තවමත් උත්සාහ කරන්නේ ත්‍රස්තවාදය අපේක්ෂා කරමින්. රටක් ලෙස ස්වාධීනව නැඟී සිටීම වැළැක්වීමයි. මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයෙන් ම විදෙස් බලවේග හමුවේ නොසැලී ශක්තිමත්ව කටයුතු කළ යුතුයි.

ඔය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි ද?

අනුර අතුකෝරල - බොරලැස්ගමුව නාගරික මන්ත්‍රී

අවුරුදු 600 කට පසු මේ රට එක් සේසත් කළේ ජනාධිපතිතුමායි. එතුමාට අපේ ජාතියම ණය ගැතියි. එතුමා අපහාසයට පත් කරමින් ජාතියට නිගා දෙන පටු දේශපාලන ක්‍රියා අපි තරයේ ම හෙළා දකිනවා ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතු වෙනවා.

පසුගිය කාලයේ අපේ රටට විදෙස් නායකයින් බොහොමයක් පැමිණියා. යුද්ධය ඉතාමත් දරුණු ලෙස ක්‍රියාත්මක වෙද්දීත්.

විදෙස් නායකයින්ට නිසි ආරක්ෂාව දෙන්න රටක් ලෙස අපි කැපවීමෙන් කටයුතු කළා.

නමුත් දියුණු සිවිල් සමාජයක් සිටිනවා කියන, සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක වෙනවා කියන රටේ තත්ත්වය දැන් ලෝකයම දන්නවා.

තහනම් සංවිධානයක් එරට නිදහසේ විරෝධතා දක්වන්නේ කොහොමද? මෙයින් ඒ රටේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා.

සමහර දේශපාලනඥයනුත් උදවු කිරීම ගැනයි කනගාටුව

චානක අශෝක - රැකියා නියුක්තියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්

අපේ මවුබිමට නිදහස ලබාදුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එංගලන්තයට ගිය අවස්ථාවේ කොටි හිතවාදීන් ජනාධිපතිතුමාට එරෙහිව හීත්රෝ ගුවන් තොටුපළේදී ඇති කළ සිද්ධිය තරයේ හෙළා දකිනවා.

මේ රට කොටින්ගෙන් නිදහස් කර ගත්තාට කොටි පිටරට තවමත් හොල්මන් කරනවා. පිටරට කොටි බලවේග ක්‍රියාත්මක වෙනවා.

මේ බලවේගවලට ඒ රටවල රාජ්‍ය අනියමින් උදව් උපකාර කරන බවයි මෙම සිදුවීමේදී පෙනී යන්නේ.

ඒ මදිවට අපේ පාර්ලිමේන්තුවේත් කොටි හිතවාදීන්ට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයකු එංගලන්තයේදී කොටි උද්ඝෝෂණයට සහභාගිවූ බවට නැඟෙන චෝදනාව ලාංකිකයන් වශයෙන් අපි හෙළා දකිනවා.

එම මන්ත්‍රීවරයාට විරුද්ධව ක්‍රියා කරන්නැයි අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාත් කොටින්ට පක්ෂව ප්‍රකාශ නිකුත් කිරීම ද අපි හෙළා දකිනවා. කොටින්ට ආධාර කරන සිංහල කොටින්ටත් දඬුවම් ලබා දිය යුතුය.

මේ රට කොටින්ගෙන් මුදාගෙන රට සංවර්ධන මාවතකට යොමුකර ලෝකයේ දියුණු රටක් බවට පත් කරන්නට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය උත්සාහ ගනිමින් සිටිනවා.

සිංහල කොටින්ට මෙන්ම පිටරට සිටින කොටි හිතවාදීන්ට ද මේවා පෙනෙන්නේ තමන්ට ද්‍රෝහිව ගත් ක්‍රියාමාර්ගයන් ලෙසය.

අන්තර්ජාතික බලවේග ද මේ අයට අනියමින් සහාය දෙමින් රට අස්ථාවර කරන්න මාන බලනවා.

අපි එක හඩින් කියන්නේ කොටි අතකොලු වෙන්න එපා කියලයි

විමලානි පෙරේරා දෙමටගොඩ

මේ ප්‍රශ්නයේදී පුරවැසියන් වශයෙන් අප සියලු දෙනා පක්ෂ පාට බේද අමතක කර ජනාධිපතිතුමාට ලන්ඩනයේ සිදුවූ මේ අවමානයට එරට රජයට විරෝධය පළ කර සිටි යුතු බව ය.

මහින්ද චින්තනය ඔස්සේ මේ රට ආසියාවේ ආශ්චර්යවත් රටක් බවට පත් කරන්නට එතුමා ගන්නා ක්‍රියා මාර්ග හා ගෙන ඇති ක්‍රියා මාර්ග මෙවැනි ක්‍රියා මාර්ගවලින් ආපස්සට හරවන්නේ නැතිව දිගටම එතුමාට මේ රටට සේවය කරන්නට අපි අපේ සහාය දිවි හිමියෙන් ලබාදෙනවා.

ජයලත් දොස්තර මන්ත්‍රීතුමා ගෙන් ද වික්‍රමබාහු කරුණාරත්න ආචාර්ය තුමාගෙන් ද අපි ඉල්ලන්නේ කබර සුද්දන්ගෙන් හෝ කොටි හිතවාදීන් අත කොලු බවට පත් නොවී අපේ රට හා අපේ කම ගැන හිතා රටට හිතවාදීව කටයුතු කරන ලෙසයි.

කොටින්ට විදේශ රටවලවත් හොල්මන් කරන්න දෙන්න බෑ

ප්‍රශාන්ති කහඳගම - කොළඹ

එල්ටීටීඊය පරදවා රට නිදහස් කර සාමය රටට උදා කර දුන් ජනාධිපතිතුමා රටට එරෙහි අධිරාජ්‍ය ගැති එක්සත් ජාතික පක්ෂය ද පරදවා ජනපතිවරණය මෙන්ම මහ මැතිවරණයකින් ද විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර රට නව යුගයක් කරා යොමු කරමින් පවතිනවා.

මෙවන් අවස්ථාවක පසුගියදා ලන්ඩනයේ ඇතිවූ සිද්ධිය අප දකින්නේ අපේ රටට හිතාමතා කළ බරපතළ අවමානයක් ලෙසයි.

රටේ රාජ්‍ය නායකයා ලෙස ලන්ඩනයට ගිය අපේ ජනාධිපතිතුමාට ලන්ඩන් කොටි හිතවාදීන්ට එජාප කොටි හිතවාදීන් ද එකතු වී කටයුතු කර තිබෙනවා. මේ සිංහල කොටි පිළිල ඉවත් කළ යුතුයි. මුළුමනින්ම පරාජය කළ කොටින්ට විදේශ රටවල සිට හොල්මන් කරන්නට ඉඩ දිය නොහැකියි. කොටි හිතවාදීන්ට උදව් කරන මෙරට ද්‍රෝහීන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතුයි.