ප්‍රභාකරන්ගේ හා පොට්ටු අම්මාන්ගේ රුව සහිත පඹයෝ පුළුස්සමින්....

කොටි බාධා කිරීම්වලට එරෙහිව
 මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

දෙමළ ජනතාව පාරට බැස කොටින්ට දොස් පවරති

කොටි ත්‍රස්තවාදීන් විසින් එංගලන්තයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරනු ලැබූ බාධා කිරීම් හෙළා දකිමින් වන්නියේ දෙමළ ජනතාව වීදී බැස ඊයේ දැඩි විරෝධය පළ කළහ. කිලිනොච්චිය හා මුලතිව් හි පදිංචි දෙමළ ජනතාව මෙසේ සටන් පාඨ කියමින් කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව විරෝධය පළ කළ අතර ඔඩ්ඩුසුඩාන්, විශ්වමඩු, වල්ලිවර්පුරම්, වැනි ප්‍රදේශවල පදිංචි දෙමළ ජනතාව මේ විරෝධයට එක්ව සිටි අතර ප්‍රදේශ ගණනාවක කළු කොඩි ඔසොවා වෙළෙඳසල් පවා වසා තිබුණු බැව් වාර්තා වෙයි.

විස්තර »

අප වෙනුවෙන් ඔබ සියල්ල දරා සිටින්නෙහිය.

එංගලන්තයේ සිට මවුබිමට පැමිණි ජනාධිපතිතුමා පිළිගැනීමට මහ සඟරුවන, පූජක පක්ෂය, මැති ඇමැතිවරු හා දස දහස් සංඛ්‍යාත මහජනතාව ගුවන් තොටුපළට හා මඟ දෙපසට රැස්ව සිටියහ. ජනාධිපතිතුමා පැමිණ සිටි මහජනතාව අතරට ගොස් ඔවුන් සමඟ එක්වූ අවස්ථාවකි මේ.

ඡායාරූපය – චන්දන පෙරේරා

ජනපතිට මහජන හරසර

මහජනතාවගේ උණුසුම් හරසර මධ්‍යයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉකුත් සිකුරාදා මවුබිමට සැපත් විය. ජනාධිපතිතුමා පිළිගැනීමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට හා මඟ දෙපස මහජනතාව දස දහස් ගණනින් රැස්ව සිටියහ. ජනාධිපතිතුමාට හා රජයට සහාය පළ කරමින් උද්යෝග පාඨ කී ජනතාව කොටි ත්‍රස්තවාදයට හා ඔවුන්ට ආධාර උපකාර කරන දෙස් විදෙස් බලවේග හා පුද්ගලයන්ට එරෙහිව දැඩි විරෝධය පළ කළෝය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ආරාධනයක් මත දේශනයක් පැවැත්වීමට ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එල්ල වූ කොටි විරෝධය පිළිබඳව දැඩි පිළිකුළ ප්‍රකාශ කළ ජනතාව එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා රටට එරෙහි බලවේගවලට එරෙහිව සටන් පාඨ කීහ.

විස්තර »

කොළඹ අඩු ආදායම්ලාභීන්ට
නව නිවාස 30,000 ක්

කොළඹ නගරයේ අඩු ආදායම් ලාභී පවුල් 30,000 ක් නව නිවාස සංකීර්ණයන් තනා පදිංචි කරවීමට කටයුතු යොදා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මේ යටතේ දෙමටගොඩ දුම්රිය ස්ථානය අසල සියලු පහසුකම් සහිත මහල් සංකීර්ණයක පවුල් 320 ක් පදිංචි කර ඇති බවත් තවත් පවුල් 680 ක් මෙසේ පදිංචි කිරීමට ළඟදීම කටයුතු යොදන බවත් ඒ මහතා පවසයි. මීට අමතරව සාලමුල්ලේ පවුල් 3128 ක් පදිංචි කරවිය හැකි විශාල නිවාස සංකීර්ණයක් ද ඉදි කිරීමට කටයුතු යොදා තිබෙන බව ද රාජපක්ෂ මහතා කීවේය.

විස්තර »

ත්‍රස්තයින් පුම්බන කවරකුට වුව සමාවක් නෑ

- ඇමැති කෙහෙළිය

මිය ගොස් සිටින කොටි ත්‍රස්තයන්ගේ ඇට සැකිළි වලට යළි ජීවය ලබාදීමේ අසාර්ථක උත්සාහයක කවුරුන් හෝ යෙදෙන්නේ නම් රටට එතරම් ද්‍රෝහි වීමක් තවත් නැතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එවැනි අසාර්ථක උත්සාහයක කිසිවකු හෝ යෙදෙන්නේ නම් මාතෘ භූ®මියේ නාමයෙන් ඊට කිසිදු සමාවක් නොලැබෙන බව ද අමාත්‍යවරයා පවසයි. මාතෘ භූ®මියට එරෙහි වෙමින් එල්.ටී.ටී.ඊ පෝෂණය කළ ඇතැම් පිරිස් . . . .

විස්තර »

නාවික හමුදාවේ 60 වැනි සංවත්සරයට රටවල් 7 ක නාවික හමුදාපතිවරු එති

මේ මස 4 සිට 12 දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 60 වැනි සංවත්සර උළෙලට සහභාගීවීම සඳහා විදේශීය නාවික හමුදාපතිවරුන් හත් දෙනකු පැමිණෙන බව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා සිළුමිණට පැවසීය. ඇමෙරිකාව ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව සහ පකිස්තානයේ නාවික හමුදාපතිවරුන් හා ලෝකයේ රටවල් ගණනාවක් නියෝජනය කරන විදේශීය නාවික නිලධාරින් හා . . . .

විස්තර »


වෙළඳ දැන්වීම් . . . .
Navayugaya

සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

www.apiwenuwenapi.co.uk

 

 

 

 

o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o