කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පියුමයි පොකුණයි

වසන්ත මනෝජා කැදැල්ල

අපි අද ගොඩ වැදුණේ ටිකක් වෙනස් පුද්ගලයෙකුගේ නිවහනකට. කලාව තුළ ඔහු ගොඩනඟා ගත් දේ දිහා බැලුවත් ඒවා අනෙක් බොහෝ දෙයින් වෙනස්. ඇඳුම, පැලඳුම, ගමන බිමන විලාසිතා වුණත් ටිකක් වෙනස්.

කොණ්ඩෙ බැඳලා හිටියට ගොවිරාල කෙනෙක් කියන්නත් බෑ. හැබැයි එහෙම නොවෙයි කියන්නත් බෑ. ඒ ඔහු ගොවි තානාපතිවරයකු වශයෙන් වැඩ බලන නිසා. ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ඔහු හඳුන්වන්නේ ‘දුකා’ විදියට. ඉතින් දැන් ඔබ දන්නව ඇති කවුද කියලා. මේ වසන්ත දුක්ගන්නාරාල ගේ සොඳුරු නිවහන. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි මේ කැදැල්ලේ සාමාජිකයින් වෙන්නෙ දුකා ගේත් බිරිඳ මනෝජාත් පුතු හා දියණියත් ය.

වසන්තත් - මනෝජාත් දිවයිනේ පැති දෙකකින් පැමිණ කොළඹදී මුණ ගැසී ආදරයෙන් බැදී යුගදිවි ගමන් ඇරැඹුවෝය. වසන්ත අනුරාධපුරේ සිටත් මනෝජා මාතර සිටත් කොළඹට පැමිණි අයය. දෙදෙනාම මාධ්‍ය ලෝකයේ සාමාජික සාමාජිකාවන් වූ බැවින් මේ ආදරයට අඩිතාලම එතැනදී වැටුණි.

මනෝජාත් - වසන්තත් විවාහ වී දැන් වසර දහයකි. මේ දෙදෙනාගේ කැදැල්ල එළිය කරනුයේ පුත් සඳිළිඳු හා දියණිය සඳපිනිය. මේ දෙදෙනාම නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබති.

ඉස්සර මනෝජාත් මමත් දෙන්නම රැකියාවට ගියා. ඒත් දරුවෝ ලැබුණට පස්සේ ඒක කරන්න ටිකක් අමාරුයි. දරුවෝ වෙනුවෙන් කවුරුහරි ඉන්න ඕන. ඒ නිසා මනෝජා රැකියාවෙන් අස්වුණා. ඇත්තටම මගේ කාර්යබහුල ජීවිතටයත් ඒක ලොකු අස්වැසිල්ලක්. මගේ දරුවෝ බලා කියාගෙන, සුපසන් නිවෙසක් නිර්මාණය කරන් ඇය ගෙදර ඉන්න නිසා හිතේ බරක් නැතුව මගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්.

මේ නිවෙසේ ගෙදර දොර වගකීම් සියල්ල බාර වී ඇත්තේ මනෝජාටය. ගෙදර කෑම බීම්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ලයිට් බිල්, වතුර බිල් ඇතුළු සියලු දේ මනෝජා විසින් විසඳනු ලබයි.

ඇත්තටම වසන්තගේ කාර්ය බහුල ජීවිතයත් එක්ක එයාට ඒව කරන්න වෙලාවක් නෑ. එයා කරන්නේ සියලු ප්‍රශ්න විසඳන්න මට මුදල් දෙන එක. මම තමයි ඒවා කළමනාකරණය කරන්නේ. ඒ වුණාට එයා ඉතාම හොඳට දරුවන් ගැන, ගෙදර ගැන හොයා බලන කෙනෙක්.

දවස් දෙක තුනක් ගෙදර එන්නේ නැතුව හිටියත්, පිටරටක ගිහින් හිටියත් අනිවාර්යයෙන්ම දවසට සැරයක්වත් ගෙදරට කතා කරල හොයලා බලනවා.”

මනෝජා කියනවා.

නිවෙසේ උයන පිහින කටයුතු කරන්නේත් මනෝජාමයි. දරුවන් දෙන්නා පාසල් යන නිසා උදේ පාන්දරින්ම නැගිටලා උයන එක ඇගේ පුරුද්දක්. වසන්ත නම් නැගිටින්නේ ටිකක් දවල් වෙලාලු.

‘මම උදේ පාන්දරට ඇහැරෙන්නේ මනෝජාගේ කෑ ගැහිල්ලට. දරුවෝ දෙන්නා ඇහැරවන්න එයා ගන්න උත්සාහයට වෙලාවකට මටත් ඇහැරෙනවා. ගෙදර ටිකක් සන්සුන් වෙන්නේ දරුවෝ දෙන්නා ඉස්කෝලෙට දැම්මට පස්සෙ තමයි. එතන ඉඳන් ගෙවල් දොරවල් අස්පස් කරන වැඩ ඕනතරම් මනෝජාට තිබෙනවා.

මේ නිවෙස අංග සම්පූර්ණ දෙමහල් නිවෙසක් වූවත් නිවෙසේ වැඩිපුරම පාවිච්චි වෙන්නේ සහ පිරිස රැඳී සිටින්නේ කුස්සියේ.

‘අපේ ගෙදර කාර්යාල කාමරයක් තිබුණත් හැම වැඩක්ම කරන්න කට්ටිය එන්නේ කුස්සියේ තිබෙන කෑම මේසෙට. කාර්යාල කාමරේ කිසිම කෙනෙක් නෑ. වෙලාවකට මට නිදහසේ උයාගන්නත් නෑ.”

මනෝජා කියන්නේ නෝක්කාඩුවක ස්වරූපයෙන්.

දුකා මීට කලකට ඉහත ආරම්භ කළ ‘රාල ක්‍රියේෂන්ස්’ ආයතනයත් ඉස්සර පවත්වාගෙන ගිහින් තිබෙන්නේ ඔවුන්ගේ නිවෙසේමයි.

එහෙත් දැන් එය වෙනත් ස්ථානයකට රැගෙන ගෙන ගොස් තිබෙනවා.

මනෝජා නිකම්ම ගෙදර ඉන්න නිසා මම අපේ ආයතනයේ ඉහළ තනතුරක් දීලා එයාට දැන් පඩියක් ගෙවනවා.

බිරිඳට පඩි ගෙවන සැමියොත් ඉන්නවා නේද? කියලා අපට හිතුණා.

මනෝජා දැන් ‘රාල ක්‍රියේෂන්’ ආයතනයේ අධ්‍යක්ෂිකාවක්. ඇයට පැවරිලා තිබෙන්නේ මූල්‍යමය බලතල ටිකක්. දුකා ලංකාවේ නැති විටක, දුර පළාතක සිටින විටෙක චෙක් අත්සන් කරන්න ලියකියවිලි අත්සන් කරන්න ඇයට තිබෙනවා.

“දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන හොයලා බලන්න නම් වසන්තට වෙලාවක් නෑ. ඒවා ඔක්කොම මම තමයි හොයලා බලන්නේ. එයා ගෙදර ඉන්නව නම් කරන්නේ දරුවෝ එක්ක සෙල්ලම් කරන එක තමයි. ඒ දෙන්නත් හරිම කැමැතියි අප්පච්චි ගෙදර ඉන්නවානම්. එයා ඉන්න දවසට ළමයින්ට විභාගේ තිබුණත් පාඩම් වැඩ කරවන්නේ නෑ. දරුවෝ දෙන්නට හොඳට උගන්වන්න ඕන තමයි.

ඒ වුණාට දරුවන්ගේ ළමා කාලය ළමයින් හැටියට නිදහසේ ගෙවන්න දෙන්න ඕන. මනෝජාත් - වසන්තත් දෙන්නම බෞද්ධයෝ. වසන්ත දවස ආරම්භ කරන්නේ බුදුන්ට මල් පහන් පූජා කරලා. පන්සලට නිතර දෙවේලේ ගියේ නැතත් බෞද්ධ දර්ශනයට අනුව ජීවත්වෙන්න තමයි මේ පවුලේ හැමෝම උත්සාහ කරන්නේ.

වසන්ත ගෙදර නිදහසේ ඉන්නේ බොහෝම කලාතුරකින් දවසක. එහෙම ඉන්න දවසට මනෝජාගේ ආහාර වේල වෙනස් වෙනවා. ඒ මොකද වසන්ත වැඩියෙන් කන්න කැමැති ගමේ ආහාර. විශේෂයෙන් කුරක්කන් වැනි දේට ඔහු බෙහෙවින්ම පි‍්‍රය කරනවා. ඔහු ඉන්න දවසට ඔහුට ඕන විදියට මනෝජා වෙනම උයනවා. කුස්සියේදී වසන්තගෙන් මනෝජාට උදව්වක් නැති වුණාට වෙලාවකට ඔහුට ඕන දේවල් උයාගන්නත් හැකියාවක් තිබෙනවා.

අපි දෙන්නා විවාහ වෙලා දැන් අවුරුදු දහයක් වෙනවා. මේ කාලය දිහා ආපස්සට හැරිලා බලද්දී ඇත්තටම ලොකු සතුටක් තිබෙනවා. හැබැයි ඉතින් අපි විවාහ වුණු දිනවත් දරුවන්ගේ උපන් දිනවත් වසන්තට නම් මතක නෑ. වසන්තගේ කාර්ය බහුල ජීවිතේ ගැන මම හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ. අපි දෙන්නට දෙන්නා අවබෝධයෙන් ජීවත්වෙන නිසා ප්‍රශ්න අඩුයි.

හිටපු ගමන් අපි විනෝද ගමන් යනවා. පිටරට සංචාරවලට එක් වෙනවා. දරුවෝ දෙන්නත් එක්ක අපි සතුටින් ජීවත් වෙනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා