කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තේමාව සොබාදහම හා එහි මාධුර්යය

මගේ චිත්‍ර ප්‍රදර්ශනයේ තේමාව සොබාදහම හා එහි මාධුර්යය

පියරත්න හේවාබටගේ

ප්‍රවීණ චිත්‍ර ශිල්පී පියරත්න හේවාබටගේ ගෙන එන ‘කලාවෙහි සොබාදහම සහ සම්ප්‍රදාය අන්තර්ගත කිරීම’ චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 07, 08 සහ 09 දිනවල කොළඹ ලයනල් වෙන්ඩ්ටි කලාගාරයේදී පැවැත්වේ. මේ කතා බහ ඒ වෙනුවෙනි.

කලාවෙහි සොබාදහම සහ සම්ප්‍රදාය අන්තර්ගත කිරීම...” ඇයි මේ වගේ දීර්ඝ නමක් ඔබ ප්‍රදර්ශනයට යෙදුවෙ.

සොබා දහම මගේ ජීවිතේ කොටසක් තරම්. මං මේ චිත්‍ර ප්‍රදර්ශනයට තේමා කරගත්තෙත් සොබා දහම හා එහි මාධුර්යය. තනි පාටකින්, හිතල හැඩතල මතු කරන චිත්‍රවලට මං හරි ප්‍රියයි. අනික සාම්ප්‍රදායික බලි චිත්‍ර පදනම් කරගෙන නිර්මාණය කළ චිත්‍ර කිහිපයකුත් මං මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරල තියෙනවා. කෝට්ටෙ යුගයෙ බලි චිත්‍ර බොහොම ජනප්‍රිය සන්නිවේදන අංගයක්.

සඳුදින බලිය, ගුරු දින බලිය... වශයෙන් සතියට අයිති බලි, මාසෙට අයිති බලි වගේ කාල වකවානුවලට අයත් බලිත් තියෙනවා. මේවා හැදෑරීම, ප්‍රති නිර්මාණය කිරීම මට හරි සතුටක් ගෙනාවා. ශාන්ති කර්මවලට යෙදුණු මේ බලි චිත්‍ර 7 ක් පමණ මගේ ප්‍රදර්ශනයටත් ඇතුළත්.

සොබා දහමයි, සම්ප්‍රදායයි කලාවට අන්තර්ගත කිරීම ලෙස නම දීර්ඝ වුණේ ඔය හේතු නිසා.

ඔබ අවසන් වරට චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූවේ 1972 දී. ඇයි මේ තරම් දිගු නිහැඬියාවක්..

1972 දී මගේ ප්‍රදර්ශනයට වැඩිපුරම ඇතුළත් වුණේ මං නිර්මාණය කළ පොත් කවර, පෝස්ටර්. ඊට පස්සෙ උදා වුණේ බොහොම කාර්ය බහුල කාල පරිච්ඡේදයක්. නමුත් මං වරින්වර චිත්‍ර ඇන්දා. ඒවා ඔහේ එකතු වුණා. මගේ වෘත්තිය ග්‍රැෆික් ඩිසයිනින්, ක්ෂේත්‍රයට අදාළ වුණාට පොත් කවරයක් ඇන්දත් ලෝගෝ එකක් නිර්මාණය කළත් වෙළෙඳ දැන්වීමක් නිර්මාණය කළත් ඒ සියලු දේ එළියට එන්නෙ මගේ හිතේ උපදින චිත්‍රය හරහා.

ඒ නිසා ප්‍රදර්ශනයක් තියන්න දිගු කාලයක් ගියාට, ගත වෙච්චි හැම දවසක් ම ගෙවිල තියෙන්නෙ මගේ චිත්‍ර කලාවත් එක්ක. මේ ප්‍රදර්ශනයත් පැවැත්වෙන්නෙ මා මිත්‍ර ප්‍රවීණ චිත්‍ර ශිල්පී එම්.එස්. සරත් ගේ දැඩි ඉල්ලීමට. ඔහු තමයි ලයනල් වෙන්ඩ්ට් ශාලාවත් ‘බුක්’ කරල මෙම ප්‍රදර්ශනයට උනන්දු කළේ.

ඇයි ඔබ මේ තරමට සොබාදහම ඔබේ චිත්‍රයට පාදක කරගත්තෙ.

අපි ගම්වල මිනිස්සු. සොබා දහම පිළිබඳ අපූරු කැමැත්තත් සහ ආදරයත් තවම අපේ හිත්වල තෙරපෙනවා. මං කොළඹට ඇවිත් දැන් අවුරුදු 40 ක්. ඒත් හදවතින් තවම ගමේ.

ඇළ - දොළ - ගංගා, ගහ - කොළ, ගල් - මල් කොයි දේ ඇන්දත් හිත ගිහින් නවතින්නෙ ගමේ. සියුම් රේඛාවලින් චිත්‍රයක් නිමැවෙන තුරු ආසාවෙන් - ඉවසිල්ලෙන් ඒ කාර්ය කරන්නෙ ගමට සිතින් සමවැදිලා.

අද අප යම් පරිචයක් ලැබුව ද, ඒ ගම ඇසුරේ ගොඩනැඟුණු සෞන්දර්යාත්මක සිතිවිලිවලින්, අත්දැකීම්වලින් හා පළපුරුද්දෙන්. ඉතින් මට සොබා දහමෙන් ඈත් වුණු ජීවිතයක් තියෙයි ද...

ඔබ ගැනත් යමක් දැන ගන්න කැමැතියි...

ලලිත කලා රූපණ හා චිත්‍ර ශිල්පය පිළිබඳ වෘත්තීය සුදුසුකම මං ලැබුවෙ රජයේ ලලිත කලා ආයතනයෙන්. 1959 ලන්ඩන් රාජකීය කලා සංගමයෙන් ගෞරව සහතිකය ලැබුවා. 1966 දී පොත් රටා සැකසීම පිළිබඳ යුනෙස්කෝ සහතිකයක් ලබා ගත්තා. 1966 ග්‍රාන්ට් දැන්වීම් ආයතනයෙන් මං වෘත්තිය ජීවිතය ඇරඹුවා. දැන්වීම් ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ නිලතල දැරුවා. 1971 - 1983 දක්වා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සංස්කාරක (සැලසුම්) පදවිය, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල සෞන්දර්ය අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් වැඩ කළා. රජයේ ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘතිවලට සහභාගි වුණා. ගම් උදාව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, යුග දැක්ම, 2006 ආසියානු ක්‍රීඩා උත්සවය සහ 2007 - 2008 දැයට කිරුළ ඉන් සමහරක්.

ඔබේ නම මහවැලි ලාංඡනයත් එක්කම බැඳී පවතින්නක්...

ඒ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ මුඛ්‍ය ලාංඡනය නිර්මාණය කළේ මං. සාක් ක්‍රීඩා උත්සවය ශ්‍රී ලංකාවේ පැවැත්වූ අවස්ථාවේ එහි මුඛ්‍ය ලාංඡන නිර්මාණය කළෙත් මං. මේ ලාංඡන ජාත්‍යන්තර ප්‍රශංසාවට ලක්වුණා. ඒ වගේ ම බොහෝ නිර්මාණ වලට දේශීය හා ජාත්‍යන්තර සම්මාන හිමි වුණා. ඒ අත්දැකීම් ඉතින් තවම හිතට සතුටක් ගේනවා.

වරක් ඔබ ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සැලසුම්කරු වුණා..

ඒ 2007 වසරේ 10 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උත්සවයේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සැලසුම්කරු වශයෙන්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා