කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

නුවරඑළිය ගැන පොත් ලියන කිරිඳිවැල ලේඛකයා

නුවරඑළිය ගැන පොත් ලියන කිරිඳිවැල ලේඛකයා

මා සිරිසේන දේවපි‍්‍රය මුලින්ම හඳුනා ගත්තේ කෙටිකතාකරුවකු වශයෙනි. ඔහු ලියු ‘තුංමංහන්දියේ ලයිට් එක නිවල’ නම්වූ කෙටිකතා සංග්‍රහය කලකට ඉහත දී කියෙව්වා මට මතකය.

ඊට පසු මා දේවපි‍්‍රය මහතා හඳුනාගත්තේ ‘රසඳුන’ අතිරේකයේ විශේෂාංග ලේඛකයකු ලෙසිනි. ඔහු ලෝකාන්තයෙන් බිමට බට මීපිළිමාන වීරයා ගැන ‘රසඳුන’ට ලියු විචිත්‍රාංග ලිපිය පාඨක මතකයේ තවමත් රැඳී ඇතැයි සිතමි.

සිරිසේන දේවපි‍්‍රය කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ පළමු ශිෂ්‍ය කණ්ඩායමට අයත් වූයේය. ඔහු ජනසන්නිවේදන විෂයයවේදී උපාධිධරයෙකි.

“ඔබ ලේඛන කලාවට පිවිසුණේ කොහොම ද?”

මම දේවපි‍්‍රය මහතාගෙන් විමසීමි.

“මගේ ගම කිරිඳිවැල හිස්වැල්ල. ඉගෙනුම ලැබුවේ කිරිඳිවැල මහා විද්‍යාලයෙන්. මම මුලින්ම ලිව්වේ කෙටිකතා. මගේ ලොකු අයියා කරුණාසේන දේවපි‍්‍රය. ඔහුත් ලේඛකයෙක්. ඔහුගේ බලපෑම මට තිබුණා. ඊට පස්සෙ මම නවකතා ලිව්වා. ‘සපත්තු මහන්නෙක් සමඟ දුවක්’ මා ලියු නවකතාවක්. ඊට පසු මා ළමා පොත් කීපයක් ද ලිව්වා.”

සිරිසේන දේවපි‍්‍රය අද වඩාත් ප්‍රසිද්ධ නුවරඑළිය ගැන පොත් ලියන ලේඛකයකු වශයෙනි. කොළඹ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ දේවපි‍්‍රය මහතාට 1979 දී නුවරඑළියේ කච්චේරියට මාරුවක් ලැබිණි. ඔහුට එය වෙස්වළාගත් ආශිර්වාදයක් වූවා සේය. එතැන් සිට 1994 විශ්‍රාම යන තෙක් ඔහු සේවය කළේ එහි ය.

“ඔබට නුවරඑළිය ගැන පොත් ලියන්න හිතුනේ ඇයි?”

“නුවරඑළිය අමුතුම ප්‍රදේශයක්. එහි ඓතිහාසික තොරතුරු හුඟක් සැඟවිලයි තිබුණේ. මම මුලින්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ගැන ගවේෂණයක යෙදෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵල තමයි මේ පොත්.”

‘නුවරඑළිය දිස්ත්‍රික්කය’ (1992), ‘අසිරිමත් නුවරඑළිය’ (1996), ‘හග්ගල උද්භිද උද්‍යානය’ (2005), ‘සුන්දර නුවරඑළිය’ (2009) දේවපි‍්‍රය මහතා නුවරඑළිය පාදක කරගෙන ලියු ශාස්ත්‍රීය කෘති කීපයකි. ඒ හැරුණු කොට ඔහු ලියු ‘ජනප්‍රවාද හා ජනවහර’ (1993) පොතෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනප්‍රවාද හා ජනවහර පිළිබඳ තොරතුරු එයි. ‘වලපනේ ඉතිහාසය’ (2006) ඔහුගේ තවත් කෘතියකි. වලපනේ ද නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වූවකි.

“ඔබේ ‘නුවරඑළිය දිස්ත්‍රික්කය’ පොතේ අන්තර්ගතය මොකද්ද?

“නුවරඑළිය, වලපනේ, කොත්මලේ, හඟුරන්කෙත හා අඹගමුව (ගිනිගත්හේන) යන ප්‍රදේශ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වෙනවා. මේ පොතෙන් මා ඉදිරිපත් කරන්නේ භූ විද්‍යාත්මක, ඓතිහාසික, පුරා විද්‍යාත්මක, ආගමික, සමාජාර්ථික හා සංස්කෘතික මෙන්ම ජන සංඛ්‍යාත්මක තොරතුරු.

නුවරඑළිය ගැනම ඔබ පොත් දෙකක් ලියලා තිබෙනවා ‘අසිරිමත් නුවරඑළිය’ හා ‘සුන්දර නුවරඑළිය’ යනුවෙන්?

“අසිරිමත් නුවරඑළිය පොතෙන් කියැවෙන්නේ නුවරඑළිය දිසාව තුළ සංචාරකයන්ට නැරැඹිය හැකි ස්ථාන 64 ක් ගැනයි. ඒවා කොටස් දෙකකට බෙදා තිබෙනවා. එකක් ස්වභාව සෞන්දර්යාත්මක වටිනාකමකින් යුතු දර්ශනීය ස්ථාන. අනික ආගමික, ඓතිහාසික, භූ විද්‍යාත්මක, පාරිසරික, උද්භීද විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හා වෙනත් විවිධ ආකාරයේ වැදගත් ස්ථාන.

‘සුන්දර නුවරඑළිය’ පොත හුදෙක් නුවරඑළිය නගරය පමණක් අළලා ලියැවුණු පොතක්. නුවරඑළිය නගරය, නුවරඑළියේ ඓතිහාසික තොරතුරු, නුවරඑළිය ජනාවාස වීම, පරිපාලනය, ජනගහනය, ආගමික තොරතුරු, සංචාරක ස්ථාන යනාදිය ඊට සංග්‍රහ වෙනවා.

දේවපි‍්‍රය මහතා මේ පොත් ලිවීමට දරා ඇති පරිශ්‍රමය අතිමහත් ය.

“බස්වල ගිහින්, පන්සල්වල නැවතිලා තමයි මං හුඟක් තොරතුරු සොයා ගත්තේ. ‘නුවරඑළිය දිස්ත්‍රික්කය’ පොත ලියන්න විතරක් මට අවුරුදු හතරක් ගියා. මට හමුවුණ පැරැණි සෙල්ලිපි පිටපත් කරවා ගැනීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නුවරඑළියට ගෙන්වීමට පවා එක් අවස්ථාවක මට සිදුවුණා.”

සිරිසේන දේවපි‍්‍රය ලියු ‘ජනප්‍රවාද හා ජනවහර’ (1993) නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, කොත්මලේ, හඟුරන්කෙත හා ගිනිගත්හේන ප්‍රදේශවල පවතින ජනප්‍රවාද හා ජනවහර පිළිබඳ ව වූ පර්යේෂණාත්මක කෘතියකි.

එසේම ‘හඟුරන්කෙත වීර ඩිංගිරාල’ (1999) නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාතික වීරයන් අළලා ලියැවෙන ග්‍රන්ථ මාලාවක පළමුවැන්නයි. ඩිංගිරාල 1848 කැරැල්ලේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ වීරවරයෙකි.

‘හග්ගල උද්භිද උද්‍යානය’ එම නමින් දැක්වෙන ආකාරයට එම උද්‍යානය අළලා ලියැවුණකි.
 

‘සිරි මැදුර’, මීපිළිමාන, නුවරඑළිය සිරිසේන දේවපි‍්‍රයගේ ලිපිනයයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා