කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

75 ට ළංවන බෝන්ඩ් කෙල්ල උර්සුලා

75 ට ළංවන බෝන්ඩ් කෙල්ල උර්සුලා

ජේම්ස් බොන්ඩ් චිත්‍රපට යනු කලක් ලොව පුරා සිනමා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය වූ රහස් පරීක්ෂක චිත්‍රපට මාලාවකි. මෙහි ප්‍රධාන චරිතය ජේම්ස් බොන්ඩ්ය. කලින් කලට මේ චරිතය නළුවෝ කීපදෙනෙක්ම රඟපෑහ. ෂෝන් කොනරි සහ රොජර් මුවර් වැනි සුප්‍රසිද්ධ නළුවෝ ද ජේම්ස් බොන්ඩ් චරිතයට පණ පෙවූහ. මේ අතරින් ජේම්ස් බොන්ඩ් චරිතය හා පෑහුණු කාන්තා චරිත අතරින් ප්‍රේක්ෂක හදවත් වඩාත්ම කුල්මත් කළ කාන්තා චරිතය නිරූපණය කළ නිළිය වූයේ උර්සුලා ඇන්ඩෲස්ය.

’ඩොක්ටර් නෝ’ නම් වූ ජේම්ස් බොන්ඩ් පළමු චිත්‍රපටයේ ‘හනි රයිඩර්’ නම් චරිතය රඟපාමින් උර්සුලා සුදු පැහැති නාන ඇඳුමින් සැරසී බඳේ පිහියක් එල්ලාගෙන අතින් හක්බෙල්ලකුªද රැගෙන මුහුදින් ගොඩ එන දර්ශනය එකල ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නැරැඹූ බොහෝ දෙනා අතර වඩාත් කතාබහට ලක්වූ සහ ප්‍රේක්ෂක හදවත් මෝහනය කළ දසුනක් විය.

අද ද බොහෝ දෙනකු ඒ දර්ශනය ගැන කතා කරන්නේ උර්සුලා ඒ දර්ශනය රඟපෑ මනමෝහනීය විලාසය සිහිපත් කරමිනි. 1963 වසරේදී මේ චරිතය පණපොවද්දී ඇගේ වයස අවුරුදු 27කි. මේ අසහාය නිළිය දැන් 74 හැවිරිදි වියේ පසුවුවද තවමත් විශේෂයෙන් ම පුරුෂ පක්ෂයේ ආකර්ෂණය දිනාගත් නිළියක ලෙස ප්‍රසිද්ධ ය.

1936 දී ස්විට්සර්ලන්තයේ උපත ලද උර්සුලා ගේ මව ස්විස් ජාතික කාන්තාවකි. පියා ජර්මන් ජාතිකයෙකි. ඇගේ පවුලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙකි. කුඩා කල සිටම ඇයට ප්‍රංශ, ඉංග්‍රීසි, ඉතාලි සහ ජර්මන් යන භාෂා හැසිරවීමේ චතුර හැකියාවක් තිබිණි. උර්සුලා සිය වෘත්තීය දිවිය ආරම්භ කළේ චිත්‍ර ශිල්පීන් සඳහා නිරූපිකාවක ලෙසය. වයස අවුරුදු 17දී නිවෙසින් අතුරුදන්ව ප්‍රංශ නළුවකු හා රෝමයට ගිය උර්සුලා එහි සිට නිරූපිකාවක ලෙස කටයුතු කළාය.

අතරුදන් වූ දියණිය පිළිබඳව මවුපියන් ජාත්‍යන්තර පොලිසියට දන්වා සෙවුම් බැලුම් කළත් ඇය රෝමයට වී සැඟව සිටිමින් චිත්‍රපටවල සුළු චරිත රඟපෑමට එක්වූවාය. ඒ චිත්‍රපටවලින් බොහොමයක් විකට චිත්‍රපටය.

මේ අතරතුරදී අහම්බෙන් මෙන් සුපිරි හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝ මුණගැසීමෙන් පසු උර්සුලා හොලිවුඩ් පුරයට සම්ප්‍රාප්ත වූවාය. ඇගේ ප්‍රථම සහ එකම සැමියා වූ චිත්‍රපට නළු සහ අධ්‍යක්ෂවරයකු වූ ජෝන් ඩෙරෙක් ඇයට මුණගැසුණේ 1957 දී ය. එවිට ඇගේ වයස අවුරුදු 20කි. ඩෙරෙක් ඇයට වඩා වසර 10කින් වැඩිමල්ය. එහෙත් මේ විවාහය පැවැතියේ වසර නවයක් පමණි. උර්සුලා ඉන්පසු ප්‍රංශ නළුවකු වූ ජින් පෝල් බෙල්මොන්ඩෝ සමඟ සම්බන්ධ වූවාය. එහෙත් උර්සුලා පවසන්නේ සිය ජීවිතයේ එකම ආදරය ජෝන් ඩෙරෙක් බවය.

උර්සුලා නිළියක ලෙස ලෝක ප්‍රකට වන්නේ ජේම්ස් බොන්ඩ් චරිතයත් සමඟය. ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ හක්බෙල්ලන් එකතු කරන්නියක සේ ‘හනි රයිඩර්’ නම් චරිතය රඟපෑ උර්සුලා 1963 දී නැඟී එන ආධුනික නිළිය ලෙස ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය දිනා ගත්තාය.

”මේ චිත්‍රපටයේ සුදු බිකිනියක් ඇඳගෙන ඒ ලස්සන කැරිබියානු මුහුදු වෙරළෙන් ගොඩ එන චරිතය මා බොන්ඩ් කෙල්ලක ලෙස ලෝක ප්‍රසිද්ධ කළා” යැයි වරක් උර්සුලා සිය රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවාය.

ඒ චිත්‍රපටයේ උර්සුලා ඇඳගෙන සිටි සුදු නාන ඇඳුම 2001 පැවැති වෙන්දේසියක දී ඇමෙරිකානු ඩොලර් 25,000කට අලෙවි විය. 2003 දී එංගලන්තයේ ‘චැනල් 4’ රූපවාහිනී සේවය පැවැත්වූ සමීක්ෂණයක දී උර්සුලා ගේ මේ නාන ඇඳුම් දර්ශනය වඩාත් ජනප්‍රිය කාමුක චිත්‍රපට දර්ශනය ලෙස තේරිණි. 1965 වෙද්දී උර්සුලා සුප්‍රසිද්ධ ‘ප්ලේ බෝයි’ සඟරාව සඳහා නිරුවත් සේයාරූවලට පෙනී සිටියාය.

බොන්ඩ් කෙල්ලක ලෙස ජනප්‍රියවීමත් සමඟ උර්සුලා වෙත චිත්‍රපට ගණනාවක් ගලා ආවේය. ලොව ප්‍රසිද්ධ නළුවන් සමඟ චිත්‍රපට විශාල සංඛ්‍යාවක රඟපෑ උර්සුලා 1995 දී චිත්‍රපට ඉතිහාසයේ කාමුක නිළියන් සිය දෙනා අතරින් එකියක ලෙස තේරුණාය.

හොලිවුඩ් හි තනිකඩ දිවියක් ගත කරන සමයේ උර්සුලා සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවන් වන මාලන් බ්‍රැන්ඩෝ, ජේම්ස් ඩීන්, ෂෝන් කොනරි සහ වොරන් බීට්, ඩෙනිස් හොපර් වැනි නළුවන් සමඟ සබඳකම් පැවැත්වූවාය. 1979 දී ඇය රඟපෑ චිත්‍රපටයක සහාය නළුවා වූ හැරී හැම්ලින් ට දාව ඇය පුතකු ලැබුවාය. 1981 වසරේ දී උපන් ඒ පුතු දිමිත්‍රි ය. ඒ වන විට හැම්ලින් ගේ වයස අවුරුදු 27ක් වූ අතර උර්සුලා පසුවූයේ 43 හැවිරිදි වියේය. හැත්තෑව දශකයේ අගභාගයේ දී සිය සිනමා ජීවිතයේ මඳ පසුබෑමකට ලක් වුව ද උර්සුලා 1981 දී රඟපෑ ඉතාලි චිත්‍රපටයකින් පසු සිය රංගන දිවියේ ඉහළ ප්‍රතිචාර යළි ලැබුවාය.

රංගන දිවියේ විවිධ චරිත මවමින් ප්‍රේක්ෂක හදවත් කුල්මත් කළ මේ හොලිවුඩ් නිළිය 2000 වසරේදී මඳ පසුබෑමකට ලක්වූයේ ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පීඩා විඳීමත් සමඟය. ඇට දිරායාමේ රෝගය ලෙස සැලකෙන මේ රෝගය නිසා ඇය මානසිකව ඇදවැටුණේ බොන්ඩ් චිත්‍රපටවල ඇය රඟපෑ චරිත මෙන් සැබෑ දිවියේ ද ඇය ඉතා ක්‍රියාකාරීව දිවි ගෙවූ නිසාය. ඇය සැබෑ දිවියේ දී ද පිහිනීමට හා කිමිදීමට දැඩි කැමැත්තක් දැක්වූවාය. එහෙත් රෝගය නිසා ඒ ක්‍රියාකාරී දිවියෙන් සමුගැනීමට සිදුවීම ඇයට බලවත් පහරක් විය.

”මට පෙර මෙන් ක්‍රියාශීලීව කටයුතු කිරීමට නොහැකි වෙනවාට වඩා මිය යෑම සැපක්. එකතැනකට වී කල් ගෙවන එක මට දරාගන්න බැහැ. මගේ ජීවිතය එතෙනින් ම අවසන් වේවි.

උර්සුලා 1962 දී ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ වඩාත්ම කතාබහට ලක්වූ දර්ශනයට පණපොවමින්.

ජීවිතය බේරා ගැනීමට නම් අවශ්‍ය ප්‍රතිකාර ගත යුතු බව මගේ වෛද්‍යවරයා මට පැවසුවා. එහෙත් පේන්න ලෙඩක් හෝ වේදනාවක් නැතිව බෙහෙත් ගැනීම හරිම අමාරු දෙයක්. ඒත් මා එය කළ යුතුයි. මේ රෝගයේ ස්වභාවය එයයි.” යනුවෙන් උර්සුලා සිය රෝගය ගැන සඳහන් කරමින් වරක් පුවත්පතකට පැවසුවාය.

මේ නිසාම මෑත කාලයේ දී මේ නිළිය වැඩිය පෙනීමට නොසිටි අතර රූපවාහිනී වැඩ සටහන්වලට ද පෙනී නොසිටියාය. එහෙත් ලෝකයේම සිනමා ප්‍රේක්ෂකයන් කුල්මත් කරමින් නාන ඇඳුමකින් සැරසී මුහුදෙන් ගොඩ එන චරිතය රඟපාමින් සිනමාවේ මතක හිටින රංගනයක් කර මේ වන විට වසර 48ක් ගෙවී ගියද ඇය වෙත තිබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය එලෙසමය යන්න මෑතදී යළිත් ඔප්පු විය.

කලක් ප්‍රේක්ෂක දෑසින් ඈත්ව සිටි උර්සුලා ඇන්ඩෲස් මෑතදී යළි කලඑළි බැස්සේ මේ වසරේ මැයි මස පැවැති කෑන්ස් සිනමා උළෙලට සහභාගිවීම සඳහා ය. රතු පලස මතින් පැමිණි ඇය වෙත සිනමා උළෙලට සහභාගි වූවන් ගෙන් ලද උණුසුම් ප්‍රතිචාර ඇගේ රංගන දිවියට තවත් මතක සටහනක් එක්කළේය.

නරඹන්නන්ගෙන් ලද ඒ ප්‍රතිචාර කාටත් සිහිපත් කළේ මේ අතීත බොන්ඩ් කෙල්ල තවමත් සිය ඇඳුමින් හා ගතින් පවා සරාගී බව පෙන්වන බවය. උර්සුලා ගේ අඩිපාරේ යමින් ඉන්පසු බොන්ඩ් කෙල්ලන් දුසිම් ගණනක් කරළියට පැමිණිය ද 1962 දී බොන්ඩ් කෙල්ල ලෙස උර්සුලා කළ රඟපෑමට ඒ කිසිවකුටවත් කිට්ටු කළ නොහැකි බව විචාරක මතයයි.

වයස අවුරුදු 74ක් වුවද සරාගී පෙනුම ගිලිහී නොමැති උර්සුලා තවමත් පුරුෂ පක්ෂයේ වඩාත්ම ජනප්‍රිය සිනමා තාරකාවය. ‘රේඩියෝ ටෛම්ස්’ මඟින් ඉතා මෑතදී කළ මත විමසුමක දී ද පිරිමින් අතර වඩාත්ම ජනප්‍රිය තරුව ලෙස ප්‍රථම ස්ථානයට පැමිණියේ උර්සුලා ඇන්ඩෲස් ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා