කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

.

ටිකිරි හමුව

රාත්‍රිය

නිලට නිලේ නිල් පාටට අහස දිලෙනවා
මල් රෙද්දක් එළුවාසේ තරු බැබළෙනවා
හඳහාමී රන් තැටියක් වගේ වගේ දිලෙනවා
පුංචි අපට කිරියි පැණියි ගෙනල්ල දෙනවා

වවුලන්, බකමූණන් වැනි සත්තු සිටිනවා
අනිත් කුරුල්ලන් සුවසේ නින්දට යනවා
රෑ තිස්සේ පියාඹලා කෑම සොයනවා
කෑම සොයා පැටවුන් වෙත ගෙනල්ල දෙනවා

සඳ එළියෙන් නැහැවුණු ගංගාව දිලෙනවා
රිදී සළුව වාගේ එය ගලා බසිනවා
කලා මැදිරි එළි ගස් වැල් අතර රැඳෙනවා
මේ මනහර රාත්‍රියේ අපි සැනසෙනවා

එම්. ඩබ්ලිව්. ඉසුරු සංජය

5 ශ්‍රේණිය,

රාවණාගොඩ විදුහල,

රාවණාගොඩ

ඉන්දියාවේ අජන්තා සිතුවම්

ඉන්දියාවේ ඇති අජන්තා සිතුවම් දුටුවන්ගේ සිත් වශී කරවයි. අජන්තාව වූ කලි විශ්ව කීර්තියට පත් බෞද්ධ ලෙන් විහාරයකි.

ඉන්දියාවේ හයිද්‍රාබාත්හි වාගෝරා ගඟ අසබඩ අශ්ව ලාඩමක හැඩය ගත් උස් පර්වතයක මෙම ලෙන පිහිටා ඇත. අජන්තා සිතුවම් නිර්මාණයේදී ප්‍රෙස්කෝ ටෙම්පරා ක්‍රමය භාවිතා කර ඇත.

මෙම සිතුවම් නිර්මාණය සඳහා ගුහා බිත්තිය සකසා ගෙන ඇත්තේ මැටි, ගොම, දහයියා, වීදුරු සහ සත්ව ලෝම එකට අඹරා ගැනීමෙනි. විහාරය ගුහා විසි නමයකින් සමන්විතය.

ගුප්ත යුගයේ නිර්මාණය කර ඇති බැවින් මේවායේ ගුප්ත කලා ශෛලය දැකගත හැක.

ලංකාවේ සීගිරි චිත්‍රවලට මෙම සිතුවම් නෑ කම් කියයි. අඳුරු හා දීප්තිමත් වර්ණ භාවිතය මේ සිතුවම්වල කැපී පෙනෙන ලක්‍ෂණයකි.

මෙහි ඇති සිතුවම් අතර පද්ම ජානි, බෝසත් රුව, බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩීම විශේෂය.
 

එස්.එච්. දිල්ශානි

9 ශ්‍රේණිය,

මාලාලංකාර ක.වි.,

කටුදම්පේ

ගුරුවරු සැම විට ලොවේ වේ අගනා

ගුරුවර හරසර පුදනෙමි බැතියෙන
ගෙදර බුදුන්හට පමණකි පසුපස
අනුවණ කළුවර දුරලූ ඔබ හට
දොහොත් මුදුන්දී වඳිනෙමි සැම දින

ළමා ලොවේ ඇති ගති ගුණ දන්නා
කරුණාවේ උල්පත බව පෙන්වා
දැනුම් මලින් ලොව සුවඳට හරවා
ගුරු මව් පිය වරු ලෝකෙහි වෙසෙනා

තිළිණ රන්දික විජේසේකර

9 ශ්‍රේණිය ‘බී’,

අනුරුද්ධ කුමාර ජාතික පාසල,

නාවලපිටිය.

කෘෂි කාර්මික රටක් වූ අපේ රට

මගේ රට කෘෂි කාර්මික රටකි. ජනතාවගෙන් වැඩි දෙනෙක් ගොවියෝ ය. අපේ ප්‍රධාන ආහාරය බත් ය. අපේ රටේ ජාතින් ගණනාවක් ජීවත් වෙති. ඔවුන් නම් සිංහල, දෙමළ, මුස්ලිම්, සහ බර්ගර් ය. ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ දහනමයක් පමණ වේ. අපේ ප්‍රධාන ආනයන නම් ආහාර රෙදිපිළි සහ යන්ත්‍රෝපකරණයි. අපේ ප්‍රධාන අපනයන නම් තේ, පොල්, රබර් ය.

අපේ රට 1972 දී ජනරජයක් බවට පත්විය. අපි 1948 දී නිදහස ලබා ගත්තෙමු. අපි දැන් නිදහස් ජාතියක් වෙමු. අප රටට ඝර්ම කලාපීය දේශගුණයක් ඇත. ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ පාරාදීසයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධව ඇත. මෙහි සංචාරකයන්ගේ සිත් ඇද ගන්නා බොහෝ දේ තිබේ. දියඇලි, ඉපැරැණි නටබුන්, අභය භූමි වැලි සහිත මුහුදු වෙරළ ඉන් සමහරක් වේ. මගේ රටට මම බෙහෙවින් ආදරය කරමි.

සංජය පි‍්‍රයමන්ත බාලසූරිය

7 ශ්‍රේණිය,

කොස්දෙනිය ම. වි.,

කොස්දෙනිය

ගස් වැල්

ගස් වැල් අපට හුඟක් ප්‍රයෝජනවත් වේ. අපට ආහාර ලබා දෙන්නේ ගස්වැල් වලිනි. ඖෂධ වර්ග ලබා ගැනීමට ද ගස් වැල් ප්‍රයෝජනවත් වේ. ගස් වැල් අපට සෙවණ ලබා දෙයි. ගස් වැල් කපා දැමීමෙන් අපට බීමට නෑමට ජලය නොමැති වෙයි. ගස් වැල් අපට දර ලබා දෙයි. අලංකාර ලී බඩු සෑදීමට ද ගස්වැල් අවශ්‍ය වේ. මගේ ගෙදර අලංකාරවත් කිරීමට ගස් වැල් උදව් වේ. අපි ගස් වැල් පණමෙන් සුරකිමු.
 

භාග්‍යා කාවින්දි

3 ශ්‍රේණිය – මහවැලි,

ධම්මාලෝක විද්‍යාලය,

ගිරිඋල්ල

මනු දම්...

කටු මැටි ගේ පැල
හෙළු මුත් ඩා බිඳු
නොපෙනේ ඒ සෝ
ඇස් කළු උපැසින්

අහරට බොජුනක්
නොලදුව හැඬුමුත්
මේකප් ඇසකින්
වැටේද? කඳුළක්

වත් පොහොසත් කම්
නොම වේ සවිමත්
සවිමත් වේ දිවි
මනු ගුණ ඇති තැන්

අයි.කේ. ඉෂාරා

(පන්තිය සඳහන්ව නැත.)

කඹුරාවල

ඉසුරු ම.වි., බදුරලිය.

වැස්ස

අඳුර නැඟෙනවා
විදුලි කොටනවා
වැහිපොද එනවා
වතුර ගලනවා

පුංචි කුරුල්ලන්
වැස්සෙ තෙමෙනවා
කිචි බිචි ගා උන්
පියඹා යනවා

වැස්ස අඩුවෙලා
අඳුර මැකෙනවා
පුංචි කුරුල්ලන්
එළියට එනවා

තරුෂි නවෝද්‍යා ප්‍රනාන්දු,

6 ශ්‍රේණිය,

ගුරුගෙදර අධ්‍යාපන ආයතනය,

මාධ්‍ය කවය,

සපුගස්කන්ද.

හිරු පිබිදුණු උදෑසනේ

හිරු උදෙන්ම අවදි වෙලා
විහඟ නදින් සිත පිරිලා
ගස් වැල්වල ගෙඩි පිරිලා
සැම සතුටින් එකතුවෙලා

මල් පිපිලා සුවඳ හමනවා
ගස්වල දළු කොළ සෙලවෙනවා
ඕලු නෙළුම් විකසිත වෙනවා
සැම තැනකම සතුට සැදෙනවා

මල් වල මී මැස්සො වහනවා
ගුම් ගුම් දී ගීත ගයනවා
සමනලයො පියා සලනවා
මලින් මලට රහස් කියනවා

චමෝද් සංදීප

8 ශ්‍රේණිය,

ගුරුගෙදර අධ්‍යාපන ආයතනය,

සපුගස්කන්ද

සොරබොර වැව

දුටුගැමුණු රජතුමාගේ යෝධයකු වූ බුලතා මහියංගන නම් ප්‍රදේශයේ හර බර නමින් වැවක් සෑදුවේය. “හරි බර වැව“ කලකට පසු සරබර හා සොරබර යන නම්වලින් ද හැඳින්වීය. මින් අනතුරුව සොරබොර වැව, සොර බොර වැව ලෙස නම් පට බැඳුණි.

ශ්‍රී ලංකාවේ ගලින් නිම කරන ලද එකම සොරොව්ව ඇත්තේ මෙහිය. මෙහි වැව් බැම්මේ දිග අඩි 1590 කි. පළල අඩි 120 කි. රජතුමා විසින් බුලතා යෝධයාට සොරබොර වැව ඉදි කළ නිසා තමාගේ වටිනා ස්වර්ණමය උර පලඳනාව තෑගි කළේය. ඔහුට ගමක් සහ නම්බු නාමයක් ද පිරිනැමුවේය.

බී.ඒ. සදීප් මහින්ද කුමාර

5 ශ්‍රේණිය,

ඇල්පිටිය කනිටු විදුහල, ගෙලිඔය.

පරිසරය සුරකිමු

අප අවට පරිසරය ඉතාම පිරිසිදුව තබා ගැනීම අපගේ යුතුකමයි. අප ගෙවත්තේ ද අවට පරිසරයේ ද තිබෙන කුණු කසළ ඉවත්කර වළලා හෝ පුළුස්සා දැමීමෙන් අපට බෝවෙන ලෙඩ රෝග සහ මදුරුවන්, මැස්සන් හා වෙනත් සතුන් මගින් ඇතිවන සියලු රෝග වළක්වා ගත හැක.

පුංචි වුණත් වැඩිහිටි අය මෙන් අපගේ අවට පරිසරය ද ගෙවත්ත ද අපගේ පාසල් වත්තද පිරිසිදුව තබා ගැනීම අපි හැමදෙනාම ඉතා උවමනාවෙන් කරමු. අපේ පරිසරය අපි සුරකිමු.

ජේ.ඒ. රෝසනී මධුමාලි ජයකොඩි

2 ශ්‍රේණිය ‘මහසෙන්’

ධම්මාලෝක විදුහලය
ගිරිඋල්ල

ළබැඳි සුමිතුර...

අඳුරු විමන් බිඳ හැර
පායනා සඳ පහන...
නිල් තරු රැසින් නෙත්
දිදුලනා මිණි රුවන...

විඩා දුක් වසන් කර
හිනැහෙනා සුර කුමර...
හද රැඳුණු පිනි කඳුළු
මැද පිපුණු සුදු නෙළුම...

සංසාර මතකයක
සිත නිවන සොයුරු පෙම...
පුබුදු කළ සොඳුරු කළ
මගෙ මියුරු මිතුරාන...

ශාලිකා මධුෂානි

අ.පො.ස. (උසස් පෙළ) 2011

මොරවක ජාතික පාසල,

මොරවක.

පෙරහර

කරඬුව ගත් මහ ඇත් රාජා
යන්නේ අභිමානෙන්ය ඉතා
පෙරහර යයි සට පට ගලා
කස හඬ බෙර හඬ ගිනි බෝල මැදින්

සහන් දෙනෙත් කුමාර

4 ශ්‍රේණිය මෙත්තා,

බෞද්ධ විද්‍යාලය

වරකාපොළ

ගිරවා

ගිරවා අලංකාර පක්ෂියෙකි.

උගේ වකුටු හොට රතු පාටය.

සමහර ගිරවුන්ගේ ගෙල වටා රතු පැහැ මාලයක් තිබේ.

ගිරවාගේ සිරුර කොළපාට පිහාටුවලින් යුක්තයි.

පලතුරු ඇට වර්ග කෑමට පි‍්‍රය ගිරවු ගස්බෙණවල වසති.

ගිරවාගේ බෝවීම බිත්තර මගින් සිදුවේ.

ගෙවල්වල ඇති කරන සතුන් අතර ගිරවා ද එකෙකි.

ටී.එම්. තිළිණි අප්සරා කුමාරි

3 ශ්‍රේණිය

කඩිගමුව විද්‍යාතිලක වි.,

පත්තම්පිටිය.

අපේ රටේ උරුම

යම් සංස්කෘතියකට සුවිශේෂ වූ පැරැණි වස්තු ලෝක උරුම ලෙස නම් කළ හැකිය. ලෝක උරුම කොටස් දෙකකි. ස්පර්ශ උරුම හා අස්පර්ශ උරුම ලෙස වර්ග කළ හැකිය.

ස්පර්ශ උරුම නම්, චීන මහා ප්‍රාකාරය, ටජ් මහල, සීගිරි බලකොටුව වශයෙන් ද අස්පර්ශ උරුම වශයෙන් සිරිත් විරිත්, සම්ප්‍රදාය, භාෂා, නැටුම් සහ සාහිත්‍ය වශයෙන් ද ගත හැකිය. මෙම සංස්කෘතික උරුම පූජනීය ස්ථාන, ඓතිහාසික ස්ථාන, ස්වාභාවික සෞන්දර්ය සඳහා වැදගත් ස්ථාන, ආරක්ෂිත ස්ථාන ආදී වශයෙන් විවිධ අයුරින් මිනිසාට ප්‍රයෝජනවත් වී ඇත. මෙම ලෝක උරුම ආශ්‍රයෙන් සංචාරක කර්මාන්තය දියුණු වීම නිසා ආදායම් උපයා ගැනීමට ද මෙම රටවලට හැකි වී තිබේ.

ආසියානු ප්‍රදේශයට ලෝකයේ සෙසු ප්‍රදේශ අතර සුවිශේෂි අනන්‍යතාවක් ඇති වීමට ද මේ කලාපයේ ඇති සංස්කෘතික උරුම බලපා ඇත.

ශ්‍රී ලංකාව ලෝකයේ කුඩා දිවයිනක් වූවත් මානව, පාරිසරික සහ සංස්කෘතික ක්ෂේත්‍ර අතින් අද්විතීය ස්ථානයකට හිමිකම් කියයි. අප රටේ ලෝක උරුම ස්ථාන 08 ක් පිහිටා ඇති බව යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත් කර ඇත. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, ගාලු කොටුව, සිංහරාජ වනාන්තරය, සහ හෝර්ටන් තැන්න ඒ උරුමයන්ය. හෝර්ටන් තැන්න ඉතා මෑතකදී ලෝක උරුම ස්ථාන අතරට එක්විය.

එච්. එම්. සමුද්‍රා තරංගනී හද්දාපිටිය

9 ශ්‍රේණිය ‘ඒ’,

වෑඋඩ මධ්‍ය මහා විද්‍යාලය, වෑඋඩ

මං සරුංගල් යවනවා

මල්වත්තේ මල් පිපිලා

ශානුක රංසජ විතානගේ
සුබෝධි පූර්ව ළමාවිය සං.ම.
වැලිදෙනිය, වඳුරඹ.
ශෂිනි කෞශල්‍යා
මාටුවාගල පෙර පාසල,
අක්කර දහය, මාටුවාගල.

අනාගතේ මං

කෝච්චියක් එනවා

ජයෝද් සස්මිණ විජේරත්න
2 ශ්‍රේණිය ‘පියුම්’,
දුටුගැමුණු ම.ම.වි., බුත්තල.
රවිඳු පතිරාජ
2 ශ්‍රේණිය,
ශ්‍රී විජයාරාම ම.වි., නුගේගොඩ.

ගිරව් වී කරල් ගෙන යනවා

අපිට ගංවතුර

රවිඳු දේශාන් කුමාරසිංහ
1 ශ්‍රේණිය ‘ඒ’,
පස්යාල ප්‍රාථමික වි., පස්යාල.
තරිඳු බණ්ඩාර
4 ශ්‍රේණිය ‘රෝස’,
යුද හමුදා පාසල, පනාගොඩ.

බැස යන හිරු

එම්.ඩී.විභූෂනී
3 ශ්‍රේණිය,
සංඝමිත්තා බා.වි., ගාල්ල.

ටිකිරි හමුවට නිර්මාණ යොමු කරන දූ පුතුන්ට දුවේ පුතේ,

සිළුමිණ ටිකිරි හමුවට ඔබ එවන නිර්මාණ අතරින් සතිපතා හොඳම ගද්‍ය, පද්‍ය සහ චිත්‍රය තෝරා ත්‍යාග පිරිනමන බව ඔබ දනිති. මේ ත්‍යාග සඳහා අනුග්‍රහය සපයන්නේ කොළඹ - බොරැල්ල සදීපා පොත්හලයි.

එම ත්‍යාග එවීම සඳහා ඔබගේ පෞද්ගලික ලිපින අප වෙත එවීම කළ යුතුය. බොහෝ දූ පුතුන් සිය නිර්මාණ හොඳම නිර්මාණ ලෙස තේරුණු පසු පෞද්ගලික ලිපිනය අප වෙත කිසි කලට නොඑවීම නිසා ත්‍යාග තැපැල් මඟින් එවීමේ ප්‍රමාද සහ අපහසුතා මතුව තිබේ.

එනිසා සතිපතා ඔබගේ නිර්මාණය හොඳම නිර්මාණය ලෙස තේරී ඇත්දැයි බලා පෞද්ගලික ලිපිනය නොපමාව අප වෙත යොමු කරන මෙන් ඉල්ලමි. දුරකථන මඟින් ද ලිපිනය දැනුම් දිය හැකිය.

සේමාලි නැන්දා

ලිපිනය - ටිකිරි හමුව, සිළුමිණ, ලේක්හවුස්, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10.

දුරකථන අංක - 0112429265

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා