කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මොනවද මේ ඉකෝ පොයෙට්‍රි?

මොනවද මේ ඉකෝ පොයෙට්‍රි?

ඉකෝ පොයෙට්‍රි  (Eco –Poetry) යන නමින් හැඳින්වෙන කාව්‍ය විශේෂයක් ලෝක සාහිත්‍යයේ දක්නා ලැබේ. එහෙත් අපේ රටේ එවැනි කාව්‍ය වර්ගීකරණයක් පවතිනු නොපෙනේ. බොහෝ ලේඛකයන් පරිසරය අළලා නොයෙක් විචිත්‍රාංගමය ලිපි ලීවද එම පාරිසරික වස්තු අළලා කාව්‍ය රචනයේ යෙදෙනු දැක්ක නොහැකි තරම්ය.

ප්‍රවීණ කලාකරුවකු වන කපිල කුමාර කාලිංග ලියූ ’දුඹුරු වලාකුළු’ නමැති පාරිසරික කාව්‍ය සංග්‍රහය ගැන කතාකළ යුතු වන්නේ එබඳු පසුබිමක්, එබඳු වටපිටාවක් මැද්දේය. ‘දුඹුරු වලාකුළු’ කාව්‍ය සංග්‍රහය පැහැදිලිවම හඳුන්වා ඇත්තේ ‘පාරිසරික කවි’ කියාය.

කපිල වඩාත් ප්‍රකට වේදිකා හා ගුවන්විදුලි නාට්‍යකරුවකු මෙන්ම කෙටිකතාකරුවකු වශයෙනි. එහෙත් ඔහු දක්ෂ පරිසර චාරිකා ලේඛකයෙක් ද වෙයි. ඔහු ‘ගිරිහෙල් මුදුන’ යන නමින් පළකර ඇත්තේ පරිසර හා සංචාරක ලේඛන එකතුවකි. පරිසර චාරිකාවන්හි යෙදීමේදී පහළ වූ කවි සිතිවිලිවලින් මේ පාරිසරික කවි නිර්මාණය වී ඇති බව කපිල තම කෘතියට පෙරවදනක් ලියමින් කියා සිටී.

’දුඹුරු වලාකුළු’ කවි සංග්‍රහයට හයිකු ශෛලියේ කුඩා කවි ද ඇතුළත් වෙයි. ‘දුම්රිය හයිකු’ යන සිරසතලය යටතේ පෙළගස්වා ඇති එබඳු කවියක් - දෙකක් මෙසේයි.

මඩ සහ සුද

කපිල කුමාර කාලිංග

මඩෙහිම ලඟින

කොකාගේ

සුද

බිංගේ

රැයක් ඇවිත්

ඒ සැණෙකින්

හිරුත් ඇවිත්

’දුම්රිය සහ කුරුල්ලෝ’ යන ශීර්ෂය යටතේ කපිල ලියා ඇති කවි මෙපරිදිය. ඒ කවි තුනේ මනා ඒකමිතියක් ද පවතිනු පෙනේ.

කඩුගන්නාව - බලන

මල් පිපුණු

උස ගසෙක

ගී ගයන බටිති කැල

රඹුක්කන – යාගොඩ

මඩ කඩිති

මත රැඳුණු

සුදු පුළුන්

කොක් රෑන

කොටුව

(පස්වන වේදිකාවට

දැන් පැමිණි දුම්රියෙන්)

බැස යන මඟියකුගේ

බත්මුලට ඇස ගසන

කපුටු රැළ

වනයට නිදහස් කළ අලි පැටවුන් ගැන කපිල ලියා ඇති කවිය යශෝදරාවතේ රීතිය අපට සිහිගන්වන සුලුය.

වනයේ තිබෙන කොයි දේවත් රසවේ වා

වළවේ ගඟේ දිය නියෙඟට නොසිඳේ වා

පෙවූ කිරට කළගුණ සිත පවතී වා

අලි ඇත් දරුවනේ අප යළි හමුවේ ව

අලි අර්බුදය පාදක කරගෙන ලියවුණ තවත් කවි කීපයක්ම මේ කාව්‍ය එකතුවේ එයි.

සුනාමි ව්‍යසනයෙන් පසු යාල අභයභූමිය දකින කවියා ඉන් ප්‍රකම්පිත වන ආකාරය ‘බියපත්ය යාල තවමත්’ කාව්‍ය නිර්මාණයෙන් අපට දැනේ.

එක්තරා දිනක මහනුවර නගරයේ ඉහළ අහසේ දුඹුරු වලාකුළු පෙළක් දක්නට ලැබිණි. විද්‍යාඥ මතයට අනුව එසේ දුඹුරු වලාකුළු හට ගැනෙන්නේ බලවත් වායු දූෂණය හේතුකොටගෙනය. එය නිමිත්ත කරගෙන කපිල ලියූ කවි සංකල්පනය ‘දුඹුරු වලාකුළු’ යනුවෙන්ම නම්කර ඇත.

ගස් කැපීමේ ඛේදවාචකය අළලා ද කපිල කවි කීපයක්ම ලියා ඇත. ‘නකල්ස්’ නම් වූ කවිය එවැන්නකි. මෙසේ ඉවක් බවක් නැතිව ගස් කපන විට ඉතිරි වන්නේ තුත්තිරි ගස් පමණි. එවිට තුත්තිරි ගසට ද තැනක් එයි. කපිල මහත් උත්ප්‍රාසාත්මකව එය කාව්‍යානුභූ®තියකට නඟන්නේ මෙලෙසිනි.

තුත්තිරි ගසට

සිංහරාජයෙත් ගස් කපති

පුවතක්

හිටු කියා

ගස් කපන

මේ දූපතේ

නුඹටත්

තැනක්

එන හැඩයි

ගසක් විය යුතු ම නැත

ගසක් ලෙස

සැලකුම් ලබන්නට

මේ බූරු දූපතේ

’පාරිසරික කවි’ හෙවත් ’ඉකෝ පොයෙට්‍රි’ ලියන්ට අදහස් කරන අංකුර කවීන්ට කපිල කුමාර කාලිංගගේ මේ ‘දුඹුරු වලාකුළු’ කාව්‍ය සංග්‍රහය මාහැඟි පූර්වාදර්ශයක් වනු නොඅනුමානය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා