කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ශි‍්‍රයානිගෙන් සහනය

කුලියාපිටියේ කපිල ජයවිලාල් හේරත් ප්‍රසිද්ධිය. ජනප්‍රියත්වය, සොයා යා යුතු දෙයක් ද? ඉබේම ලැබෙන දෙයක් ද? වර්ධනය කරගත යුතු දෙයක් ද?

පිළිතුර

ඔබ මේ ජනප්‍රියත්වය ගැන කතා කරන්නේ කලා අංශයෙන් නම් අප සිංහල සිනමාවේ ජය කෙහෙළි නැංවූ නළුවන් දෙදෙනකු ගැන කතා කරමු. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග මේ දෙන්නයි.

මේ දෙන්නාම සිනමාවට පැමිණෙන විට ඔවුන් සාමාන්‍ය රංගන ශිල්පීන් දෙදෙනෙක්. නමුත් ඉතාම කෙටි කාලයක් තුළ දී ඔවුන් ලැබූ ජනප්‍රියත්වය හේතු කාරණා රාශියක් තිබෙනවා.

ගාමිණී අයියා ජනප්‍රියත්වය තමන් කරා පැමිණෙන අයුරින් තම රංගනය, සිනමාවේ හැසිරීම, පැවැත්ම සකසා ගත්තා.

මේ තුළින් ඔහු ඉබේම ජනප්‍රිය වූවා. සිනමාවෙ ඔහු හැසුරුණු ආකාරයෙන් ඔහුගේ මේ ජනප්‍රියත්වය තව තවත් වර්ධනය වූවා.

විජය තුළ තිබුණ සුන්දර පෙනුම, නිහතමානීකම ඔහුගේ රංගන කුසලතාවලටත් වඩා මිනිසුන් අතර ඔහු ජනප්‍රියවීමට හේතුවක් වුණා. ආකර්ෂණය සිනමාවට අත්‍යවශ්‍ය දෙයක්. විජයගේ අවසාන මොහොතේ ඔහු වටා රොක් වූ ජනගඟ තුළින් ම ඔහුගේ ජනප්‍රියත්වය කෙතරම් දැයි වටහා ගන්න හැකියි.

හැම දෙනාටම මේ අයුරින් ජනප්‍රිය වන්නට බැරි ඇයි? එච්.ආර්. ජෝතිපාල තවමත් අප අතර සිට ගීත ගයනවා. අපි තවමත් ඔහුගේ ගීත වලට වශීවී සිටිනවා. ඒ ඇයි? තවත් ගාමිණී කෙනෙක්, විජය කෙනෙක්, එච්.ආර්. ජෝතිපාල වැනි ගායකයෙක් අප අතර පහළ වී නැහැ. මෙයට හේතු කාරණා බොහොමයි.

එකක් පමණක් සරලව කියන්නම්. ඔවුන් ජනප්‍රිය වුණේ උපක්‍රම ශීලීව නොවේ. නමුත් තමන් කරා පැමිණි ජනප්‍රියත්වය ආරක්ෂා කරගැනීමට ඔවුන් සමත් වූවා. එයට වාසනා මහිමය ද පිරිසිදු චිත්තය ද බලපෑවා කියා මට හිතෙනවා.
 

කොටුගොඩ සුනිල් චන්ද්‍රසේකර

සිනමා දිවියේදී ඔබ මුහුණදුන් අමතක නොවන සිද්ධියක් ගැන පවසන්න.

සිදුවීම් නම් බහුලයි. මෙය සිදුවූයේ අප කැනඩාවේ ‘තුෂාරයේ ඡායා’ ටෙලි වෘත්තාන්තය රූපගත කරන්න ගිය අවස්ථාවේදී. ඒ හිම මිදෙන සීත කාලයයි.

නයගරා දිය ඇල්ල බලා අප පිටත්වූයේ උදේ පාන්දරින්මයි. යන පාර දෙපසම සුදුම සුදු හිම තලාව පමණයි.

අධික ශීත කාලය වුණත් නයගරාව බලන්න දෙස් - විදෙස් පිරිස් රාශියක් පැමිණ සිටියා. නයගරා ඇල්ල නොනැවතී ගලා හැලෙනවා.

නමුත් ඒ අවට තිබෙන හැම දෙයක් ම හිමෙන් වැසී තිබෙන අන්දම බලන්න අපූරුයි. ගස්වල කඳන් අතු කිසිවක් නැහැ. හිම කඳන් පමණයි. කොළ පාටක් පේන්නවත් නැහැ. යාන්තමට පෙනෙන කඳ නිසා ගසක් කියලා හඳුනාගන්න හැකියි.

මේ ගස් කැමරාවට සුන්දර දසුනක්. හර්ෂ බුලත්සිංහල සහ නිලන්ති ඩයස්ගේ දර්ශනයක් මේ ගස යට රූප ගත කරන්න සැලසුම් කළා. විදේශිකයින් මේ දෙස අවදානම් බැල්මක් හෙළුවත් අපට මේ දර්ශන තලය වැදගත්. කොහොම නමුත් වැඩි ප්‍රවේසමට අපි එම දර්ශනය ඉක්මනින් රූපගත කළා. එය නිම කර හර්ෂ සහ නිලන්ති ගස ළඟින් මෑත් වූවා පමණයි.

කිලෝ ගණනාවක් බරැතිව, ගසේ අතු වසාගෙන තිබුණ අයිස් කඳන් දෙක තුනක් ම ගස මුලට කඩා වැටුණේ තරමක හඬක්ද නගමින්. හොඳ වෙලාවට ශිල්පීන් දෙදෙනා ඉවත් වුණේ.

නැතිනම් මෙතන වෙන කතාවක් තමයි කියන්න වෙන්නේ. සුන්දරත්වය තුළ අවදානමක් තිබෙනවා!

තවත් කෙටි සිදුවීමක් ‘තුෂාරයේ ඡායා’ රූපගත කරන්න හිමෙන් වැසුණ තැනිතලාවක් අප සොයා ගත්තා. අවට පරිසරය හැම දෙයක්ම විසිතුරුයි.

මේ ගමනට නිෂ්පාදක සම්බන්ධ වූයේ නැහැ. හිමෙන් වැසී ඇති නිසා ස්ථානය කුමක්ද කියා අපට පැහැදිලි වූයේත් නැහැ. මෙය ගීතමය අවස්ථාවක්. ඒත් රඟපෑවේ හර්ෂ සහ නිලන්තියි.

හිමේ පෙරළෙමින් දුව පැන නටමින් කරන රංගනයක්. දර්ශනය හොඳින් රූපගත කර නිමවූ පසු නිෂ්පාදක විජිත් විතාන එතැනට පැමිණියා.

“ඔය ගොල්ලෝ මේ පාර්ක් එකේ ද ෂූටින් කළේ?”

“ඔව් ඇයි මේ තැන හරි ලස්සනයිනේ... මේක පාර්ක් එකක්ද?”

ඔහු අතින් කට වසා සිනාසුණා. අපිට සැකයි.

“මේක පාර්ක් එකක් වුණාට... මේක වැඩි හරියක් පාවිච්චි කරන්නේ මේ රටේ ගෙවල්වල සැපට හදන බල්ලො, බලල්ලුයි. මේ පාර්ක් එක ඒ ගොල්ලන්ට වෙන් කරලා රජයෙන් හදලා තියෙන්නේ... ඔය ගොල්ලෝ ඔය බිම පෙරළි පෙරළි රඟපාලා තියෙන්නේ ඒ සත්තු ටොයිලට් එක වගේ පාවිච්චි කරන තැන තමයි. කමක් නැහැ.

ඒවා තියෙන්නේ හිම වලට යටින්නේ. ඔය ගොල්ලො රඟපෑවේ හිම උඩින්...”

අපි හැමෝටම හිනා... ඒත් හර්ෂගෙයි නිලන්තිගෙයි මූණ ඇඹුල් වුණා. ඊට පස්සේ බලු පාර්ක් කතාව අපට අමුතු රසයක් ගෙනාවා.
 

දර්ගා නගරයේ ආරියදාස කාලවිල විතානගේ

ශ්‍රියානි නංගෝ, ඉස්සර නම් කාන්තාව සියුමැලියි ලස්සනයි. ‘ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන’ ඒ රහල් හිමියන් දුටු කාන්තාව. එම කවි කියන විට එම කාන්තාවන් දැකීමට ආසාවක් ඇතිවේ. අද රූපවාහිනියේ වෙළෙඳ දැන්වීමෙහි, ටෙලිනාට්‍යයේ සිටින්නේ සියලුම අඟ පසඟ පෙන්වමින්. දැන් ඉතින් ගැහැනියකගේ බලන්න දෙයක් ඉතිරිව තිබේද?

පිළිතුර

අපේ රටට හානිකර සංස්කෘතියට පටහැනිව විකාශය වන යම් යම් වැඩසටහන් පිළිබඳව ඔබ වේදනාවෙන් කතා කිරීම අපට ආඩම්බරයක්. නමුත් ඔබ වැනිව සිතන අයට වඩා මෙම වැඩ සටහන් කැමැත්තෙන් නරඹන ප්‍රේක්ෂක පිරිස වැඩියි නේද?

පොඩ්ඩක් හිතා බලන්න. අඩුපාඩුව තිබෙන්නේ කොතැනද කියා. ප්‍රේක්ෂක පිළිගැනීම හා ප්‍රතික්ෂේප කිරීම මත බොහෝ වැරදිත් නිවැරැදි කරගත හැකියි.
 

බෙලිඅත්තේ එන්.පී. රුචිරා ප්‍රසාදි සෙව්වන්දි

මා ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින අහිංසක ළමයෙකි. මාගේ යෙහෙළියක් නිතරම බොරු කියමින් මා නොමඟට හැරවීමට උත්සාහ කරන නිසා මම ඇය සමඟ තරහ විය . ඇය මට එක එක ඇණුම් පද කියා මාගේ මානසිකත්වය කඩා දැමීමට උත්සාහ කරයි. මේ නිසා මාගේ හිත නොසන්සුන් වෛරී බවකට පත්ව ඇත. මේ සඳහා මට විසඳුමක් දෙන්න. තව මාස 10 යි විභාගයට තිබෙන්නේ. මේ නිසා මට ගොඩක් බයයි.
 

පිළිතුර

ජීවිතයේ ප්‍රශ්න නැත්තේ කාටද? අපට හොඳින් සිතන්න මොළයක් දී තිබෙන්නේ මේ ප්‍රශ්න ගැටලු නිරාකරණය කර ගැනීමටයි.

පසුතැවිලිවීම ප්‍රශ්නයට පිළියමක් නොවේ. ලෝකය දෙස ඇස් දල්වා බලන්න. එවිට ඔබට වැටහේවි ඔබට තිබෙන්නේ ඉතා කුඩා ගැටලුවක් නේ කියා.

සන්සුන්ව සිතා බලා තීරණ අරගන්න. ඉක්මන් තීරණ අරගෙන යළිත් පසුතැවිලි වෙන මගක් ඇති කරගන්න එපා.

ඔබේ ගැටලුව ඇයට ලියන්න. ‘ශි‍්‍රයානිගෙන් සහනය’, ‘රසඳුන’, සිළුමිණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට.

සැලකිය යුතුයි

අතිශය පෞද්ගලික හෝ ලිංගික ප්‍රශ්න ඇසීමෙන් වළකින්න.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා