කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

බොලිවුඩ් පුරයෙන්

පි‍්‍රයංකා ලේකම් එක්ක හැප්පෙයි

පසුගිය අවුරුදු කිහිපයක් තිස්සේ ඇවිලෙමින් තිබුණු ‘ගින්නක්’ නිසා පි‍්‍රයංකා චොප්රා මානසිකව දැඩි අපහසුතාවකට පත්වී සිටිනවා. පි‍්‍රයංකාට වද දෙන මානසික තත්ත්වයට මුල් වුණේ ඇයගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි ප්‍රකාශ් ජාපු සහ ඇය අතර හටගත් ආරවුලක්. මේ නොසන්සුන්තාව උච්ච අවස්ථාවකට පත්වුණේ පි‍්‍රයංකා විසින් කරන ලද පැමිණිල්ලක් මත ප්‍රකාශ් ජාජුව අත්අඩංගුවට පත්වීමෙන්.

චෝදනාව වුණේ ඔහු පි‍්‍රයංකාට එස්. එම්. එස්. පණිවුඩවලින් තර්ජනය කිරීමයි. ඒ, 2004 දීයි. මේ වන විට නිදහස ලබා සිටින ඔහු දැන් පි‍්‍රයංකාගේ ඥාති සොහොයුරියක වන මීරා චොප්රාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. ප්‍රකාශ් ගේ වෑයම ලබන වසරේදී මීරා ව බොලිවුඩ් සිනමාවට හඳුන්වා දීමලු. පි‍්‍රයංකා ව බොලිවුඩ් සිනමාවට හඳුන්වා දීමට මුල් වුණේත් ප්‍රකාශ්. බොලිවුඩ් චිත්‍රපට සඳහා නිෂ්පාදකයන්ට මුදල් ලබා දෙන ප්‍රකාශ් කෝටිපතියෙක්.

පි‍්‍රයංකාට රංගන හැකියාවන් තිබෙන නිසා ඇයව ජනපි‍්‍රය නිළියක් බවට පත්කරන්නැයි තමාගෙන් ඉල්ලා සිටියේ ඇයගේ පියා බවයි ප්‍රකාශ් පවසන්නේ. ඒ නිසා පි‍්‍රයංකා රඟපෑ චිත්‍රපටවලට අතදිග හැර වියදම් කර ඇයව ජනපි‍්‍රය නිළියක බවට පත් කරන්නට තමන් දායක වූ බවත් ප්‍රකාශ් පවසනවා. එවැනි කැපවීම් කළ තමන්ට අභූත චෝදනා ඉදිරිපත් කළ නිසා අත්අඩංගුවට පත්වූ බවත් ඉන් පසුව තමන්ව ඇයගේ ලේකම් ධූරයෙන් ඉවත් කළ බවත් පවසනවා. දැන් ප්‍රකාශ් සැරසෙන්නේ පි‍්‍රයංකාට එරෙහිව නඩුමගට බසින්නටයි.

පි‍්‍රයංකා පවසන්නේ ප්‍රකාශ් තමන්ගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑම් කරමින් කරදර කළ බවයි. විශේෂයෙන්ම තමන්ගේ ජංගම දුරකථනයට තර්ජනාත්මක කෙටි පණිවුඩ ඔහු එවූ බවත් පි‍්‍රයංකා පවසනවා. නමුත් ප්‍රකාශ් පවසන්නේ පි‍්‍රයංකාගේ පියා තමන්ට පැවරූ වගකීම අනුව පි‍්‍රයංකා තම දියණියක ලෙස රැක බලා ගත් බවයි.

“පි‍්‍රයංකා නොමඟ යනවා නම් ඒ ගැනත් මම හොයල බලන්න ඕනෑ. එයා වරු ගණන් හර්මන් බවේජා එක්ක ෆෝන් එකෙන් කතා කළා. ඒ වෙලාවට අත්‍යවශ්‍යම දෙයකට වුණත් මට කතා කරන්න බැහැ. හැම තිස්සෙම ෆෝන් එක එන්ගේජ්. ඒ නිසා මම එස්. එම්. එස්. වලින් පණිවුඩ යැව්වා.” ප්‍රකාශ් ගේ මේ කතාවට අනුව නම් ඔහු පි‍්‍රයංකාට තර්ජනාත්මක පණිවුඩ යවා නැහැ.

කොහොම වුණත් ඇතුළත කරුණු දන්නා අය පවසන්නේ මෙහි තවත් පැත්තක් ද තිබෙන බවයි. ඒ, මීරා චොප්රා ගේ ආගමනයයි. ප්‍රකාශ් ජාජු, මීරා ව බොලිවුඩ්පුරයේ ජනපි‍්‍රය නිළියක කරන්නට දරන උත්සාහය පි‍්‍රයංකාට විෂ වී ඇතැයි ඔවුන් පවසනවා. මේ ගැටුම දුරදිග යන්නට ඒ කාරණය වඩාත්ම ප්‍රබල වී ඇතැයි ඔවුන්ගේ මතයයි.

පෙත්තක් රිතික්ට කළ විපතක්

කොයිතරම් වැඩ කටයුතු තිබුණත් තමන්ගෙ සමීප හිතවත් අයගේ, අසරණයන්ගේ දුකකදී සමීප වන මිතුරෙක් තමයි, රිතික් රෝෂන්. පසුගිය සතියේ රිතික්ගෙන් උදව් ලැබූ අසරණ දරුවෙකුගේ අවමංගල උත්සවයක් තිබුණා. කාර්ය බහුල වාතාවරණයක සිටියත් මේ අවස්ථාවට සහභාගි වෙන්න හිතාගෙන රිතික් තම මෝටර් රථය පදවාගෙන ගියා. නිවෙසින් බැහැර වී විනාඩි කිහිපයක් ගතවෙද්දී රිතික්ට අමුත්තක් දැනුණා.

ශරීරයට වෙනදා නොදැනුණ මොකක්දො අපහසු ගතියක් මතු වෙනවා. ඔහු මෝටර් රථයේ කණ්ණාඩියෙන් මුහුණ බැලුවා. දෙවියනේ! මුහුණ රතුවෙලා. දෙතොල් තරමක් ඉදිමිලා. අපහසු ගතිය එන්න එන්නම වැඩි වෙනවා. යන්න ගිය ගමන පැත්තකට දැමු රිතික් ඉක්මනින්ම ළඟම තිබුණු රෝහලට තමන්ගේ රථය හැරවූවා.

රෝහලට පිවිසුණු රිතික්ව පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහු එහි නතර කර ගත්තා. වෛද්‍යවරු මුලින්ම සැක කළේ රිතික්ට මැලේරියාව වැළඳී ඇතිද කියලයි. ඒත් රිතික්ව හොඳින් පරීක්ෂා කරද්දී හෙළි වුණේ ඔහුට යම් ඖෂධයකින් ආසාත්මිකතාවක් හටගෙන ඇති බවයි.

“ඩොක්ටර්ස්ලා මගෙන් විස්තර අහද්දියි මට මතක් වුණේ මම ඊට පැය බාගයකට විතර කලින් ඇන්ටිබයටික් (ප්‍රතිජීවක) පෙත්තක් ගත්ත බව. ඒ පෙත්ත නිසයි මාව අසනීප වෙලා තියෙන්නේ. මගේ මූණ කණ්ණාඩියෙන් බලද්දි මටම බය හිතුණා.

මගේ දෙතොල් සාමාන්‍ය ප්‍රමාණය වගේ දස ගුණයක් විතර මහත් වුණා. මට මතකයි එඩී මර්ෆි රඟපාපු එක්තරා චිත්‍රපටයකත් මෙහෙම දෙයක් තිබුණා. ඒ චිත්‍රපටයේ එඩී මර්ෆිගෙ තොල් ගොඩක් විශාල වෙනවා,

මොකක්දො ඖෂධයක් නිසා. මටත් වුණේ එහෙම දෙයක්. මේ වගේ භයානක අසාත්මිකතාවක් බටහිර රටවල මිනිස්සුන්ට නම් වෙනවලු, කකුළුවො කෑවාම. මට හිතෙන්නෙ ඇන්ටිබයටික් පෙත්තක් අරන් මේ වගේ බරපතළ විදිහට අසනීප වුණ මේ විශ්වයේ ජීවත්වෙන එකම මනුස්සයා මම වෙන්න ඇති.” රිතික් මෙහෙම කිව්වේ අසනීපය සුව වෙලා නිවෙසට පැමිණියාට පසුවයි.

නිවසට පැමිණියත් පුතුන් දෙදෙනාට තමන්ව නොපෙන්වන්නැයි ඔහු බිරිඳ සහ පවුලේ සැමගෙන්ම ඉල්ලා සිටියා. “මගේ ස්වරූපය දැක්කාම පුතාලා දෙන්නා බය වේවි. තාමත් මගේ දෙතොල් තරමක් ඉදිමිලා. තව ටික දවසකින් ඒ ඉදිමුණු ගතිය අඩුවේවි. ඊට පස්සෙ මාව පුතාලට පෙන්නුවට කමක් නැහැ.”

රිතික් ප්‍රතිකාර ගත්තේ මුම්බායිහි පිහිටි කොකිලාබන් රෝහලෙන්. මේ හදිසි අසනීපය නිසා රිතික්ට අවමංගල්‍යයට සහභාගි වන්නට නොහැකි වුණා. මියගොස් තිබුණේ කුඩා පිරිමි ළමයෙකු වන අශුතෝෂ්. ඔහු කාලයක සිට රෝගීව සිටි දරුවෙක්. අශුතෝෂ් ගේ ප්‍රතිකාර සියල්ලටම වියදම් දැරුවේ රිතික්. මේ දරුවා පසුගිය දිනවල ඉතාම ආසාවෙන් සිටියේ රිතික්ව මුණ ගැසී කතාබහ කරන්න.

නමුත් චිත්‍රපටවල වැඩ කටයුතුවලට කාලය ගතවූ නිසා රිතික්ට මේ දරුවා මුණ ගැසෙන්නට කාල වේලාවක් සොයාගන්නට නොහැකි වුණා. මේ නිසා රිතික් දැඩි ලෙස කම්පා වූ බවයි ඔහුගේ මිතුරෙකු පැවසුවේ.