කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පිච්චර් පිස්සා

මා ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහයන් දකින්නේ හුදෙක් සාහිත්‍යධරයෙක් වශයෙන් පමණක් නෙමෙයි. ඔහු අදීන බුද්ධිමතෙක්; ඒ වගේ ම මානව හිතවාදියෙක්. මා එය අවධාරණයෙන් ම කියන්නේ එසේ නොවන සාහිත්‍යධරයනුත් අපේ රටේ ඉන්න නිසයි.

ආචාර්ය අබේසිංහයන් ලේඛනයෙන්, භාෂණයෙන් අදීන මත පළ කරන්නෙක්. ඔහු එක එකාට බයවෙලා කිසිමදාක තම චින්තනය ස්වයං වාරණයකට හසු කරගන්නෙක් නෙමෙයි.

අනිත් කාරණය ආචාර්ය අබේසිංහයන්ගේ මානව භක්ති පූර්වක භාවය. ඔහු තරම් නිහතමානී කලාකරුවෙක් මම තවත් දැකල නැහැ. ඔහු ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂව සිටියදී අපි ඔහුගේ කාමරයට යන එන අවස්ථාවන්හි ඔහු අසුනින් නැඟිටලා අපිව පිළිගන්න තරම් නිහතමානී වුණා. ගසක් උස යන්න, යන්න එහි අතු බිමට බරවෙනවා. ඒක ස්වභාවිකයි.

මට මේ කරුණු ටික කියන්න වුවමනා කළේ පසුගිය දිනෙක මා කියවූ ‘සත්‍යම් සිවම් සුන්දරම්’ නම් වූ පොත ගැන අදහස් දැක්වීමට පූර්විකාවක් වශයෙනුයි. ඒක හඳුන්වලා තිබෙන්නේ ‘ඩබ්ලිව්.ඒ. අබේසිංහගේ සංවාද සංලාප - සත්‍යම් සිවම් සුන්දරම් (සාහිත්‍ය - සමාජ - දේශපාලන සංවාද සරණිය 1986 - 2010) යනුවෙන්. වෙන විදියකට කියතොත් පසුගිය අවදියේ ආචාර්ය අබේසිංහයන් විවිධ පුවත්පත් හා සඟරාවලට දුන් සම්මුඛ සාකච්ඡා එකතුවකුයි මේ පොත. මේක දීපචන්දි අබේසිංහ ගේ (ඒ කියන්නේ අබේසිංහ මහත්තයගේ දියණියගේ) සංස්කරණයක්.

ආචාර්ය අබේසිංහයන් පුවත්පත්වලට, ශාස්ත්‍රීය සඟරාවලට ලිපි දහස් ගණනක් ලියා තිබෙනවා. ඒවායින් බොහොමයක් ඔහුගේ පොත් කීපයකටම සංග්‍රහය කෙරිලා තියෙනවා. ඒත් ආචාර්ය අබේසිංහයන් පුවත්පත් හා සඟරාවලට දුන් සම්මුඛ සාකච්ඡා මෙතෙක් පොතක් ලෙස එළිදක්වා තිබුණේ නැහැ. එය බලවත් අඩුපාඩුවක් ව තිබුණා.

ඒ අඩුපාඩුව පිරිමහන්න දීපචන්දි අබේසිංහ ඉදිරිපත් වීම වැදගත්. ඒකට ඇය අබේසිංහ මහත්තයාගේ දියණිය වීම සරසක් වන්නේ නැහැ. ඇයම කියන විදියට මේ ග්‍රන්ථයේ පළවන ලිපිවල අයිතිකාරයා තමන්ගේ අප්පච්චී වීම ගැන ඇයට කරන්න දෙයක් නැහැ. අබේසිංහ මහතා තමන්ගේ අප්පච්චි වීම නිසාම මෙය පොතක් හැටියට පළ නොවීමට ද හේතුවක් නැති බව ඇය තවදුරටත් අවධාරණය කර සිටිනවා.

ආචාර්ය අබේසිංහයන්ගේ පොතේ අන්තර්ගතය විග්‍රහයේ පහසුව තකා කොටස් කීපයකට බෙදන්න පුළුවන්. එකක් ඔහු සාහිත්‍ය අනුමණ්ඩලයේත් ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේත් සභාපතිව සිටිය දී ඒ විෂය ක්ෂේත්‍රය ආවරණය කරමින් කරපු සම්මුඛ සාකච්ඡා. තවත් එකක් ඔහු ලියපු පොත් (‘පී.බී. අල්විස් පෙරේරා එකතු කළ කවි’, ‘මාර්ටින් වික්‍රමසිංහ මහගත්කරු වත’, ‘ලැබීම සහ නොලැබීම’ වැනි) පාදක කරගෙන කරපු සම්මුඛ සාකච්ඡා. කාලීන සාහිත්‍ය මතවාද අළලා කරපු සම්මුඛ සාකච්ඡා මෙහිදී තවත් වර්ගයක් විදියට ගන්න පුළුවන්.

මේ සියල්ලෙන්ම ආචාර්ය අබේසිංහයන්ගේ අදීන චින්තනය ප්‍රකට වෙලා පේනවා කියලා මම හිතනවා. ඒ චින්තනය හා සම්බන්ධ කරුණු තුනක් මෙහිදී මගේ සුවිශේෂ සැලකිල්ලට ලක්වෙනවා.

එකක් ඔහු ‘විරාගය’ නවකතාව අරභයා පළ කරන මතවාදය. මාර්ටින් වික්‍රමසිංහගේ හොඳම නවකතාව ලෙස ඔහු දකින්නේ ‘විරාගය’. එසේම එහි වන අරවින්ද බෞද්ධ නම් සමාජයෙන් බිහිවිය හැකි යථාර්ථවාදී චරිතයක් ලෙස ඔහු දකිනවා. මෙසේ කියන ආචාර්ය අබේසිංහයන් රුසියානු, සෝවියට් සාහිත්‍ය සංකල්පවලින් පෝෂණය වුණු නිර්මාණ ලේඛකයෙක්, විචාරකයෙක් බව අපි අමතක කළ යුතු නැහැ. එබඳු පෝෂණයක් ලද අපේ රටේ කිසිම නිර්මාණ ලේඛකයෙක් හෝ විචාරකයෙක් ඉහත මතවාදය දරනවයි කියලා මම හිතන්නේ නැහැ. ඒක අබේසිංහයන් ගේ අදීන මත දැක්වීමක්.

ආචාර්ය අබේසිංහයන් හැම විටම අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගැන නිර්දය විවේචනයක හිටියා. ඔවුනුත් ටියුෂන්කාරයනුත් අතර වෙනසක් නැති බවයි ඔහු නිතර කියා සිටියේ. අද ශාස්ත්‍රවන්තයන් සිටින්නේ විශ්වවිද්‍යාලවලින් පිටත බවත් ඔවුන් ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙද්දී සරසවි ඇඳුරන් ටියුෂන් පන්තිවල උගන්වන බවත් ඔහු වරක් අභීතව කියා තිබුණා.

තමා දේශපාලනය කරපු එක ගැන සතුටු වන බවත් එසේ කරලා අත හැරපු එක ගැන ඊටත් වඩා සතුටු වන බවත් ආචාර්ය අබේසිංහයන් වරක් ප්‍රකාශ කළා. ඔහු එක් අවස්ථාවක කුලියපිටිය ආසනයට තරග කළ බවත් මට මතකයි. අපේ රටේ සාහිත්‍යධරයන් දේශපාලනයට ගිහින් කරපු කෙහෙල්මලක් නැහැ. අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල ‘මනුතාපය’, ‘දේවතාපය’ වගෙ හොඳ පොත් පරිවර්තනය කළාට දේශපාලනයට ගිහින් කළේ යූ.එන්.පී. විරෝධී ගුරුවරුන්ට දඬුවම් මාරු දුන්නු එක විතරයි. ඒ බව අබේසිංහයන් තම සම්මුඛ සාකච්ඡාවලදී පැහැදිලිව කියා තිබෙනව.

‘සත්‍යම් සිවම් සුන්දරම්’ නම් වූ මේ කෘතිය සාහිත්‍ය කලාව ගැන උනන්දුවක් දක්වන කාටත් කියවලා තම බුද්ධිය වර්ධනය කරගන්න ඉවහල් වන පොතක් බව අවසන් වශයෙන් කියන්න කැමැතියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා