කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

ප්‍රභාකරන්ගේ හා පොට්ටු අම්මාන්ගේ රුව සහිත පඹයෝ පුළුස්සමින්....

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

දෙමළ ජනතාව පාරට බැස කොටින්ට දොස් පවරති

කොටි ත්‍රස්තවාදීන් විසින් එංගලන්තයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරනු ලැබූ බාධා කිරීම් හෙළා දකිමින් වන්නියේ දෙමළ ජනතාව වීදී බැස ඊයේ දැඩි විරෝධය පළ කළහ.

කිලිනොච්චිය හා මුලතිව් හි පදිංචි දෙමළ ජනතාව මෙසේ සටන් පාඨ කියමින් කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව විරෝධය පළ කළ අතර ඔඩ්ඩුසුඩාන්, විශ්වමඩු, වල්ලිවර්පුරම්, වැනි ප්‍රදේශවල පදිංචි දෙමළ ජනතාව මේ විරෝධයට එක්ව සිටි අතර ප්‍රදේශ ගණනාවක කළු කොඩි ඔසොවා වෙළෙඳසල් පවා වසා තිබුණු බැව් වාර්තා වෙයි.

මුලතිව් මහජන පොළ භූමියේ සිට උද්ඝෝෂණයේ යෙදුණු ජනතාව ප්‍රභාකරන්ගේ හා පොට්ටු අම්මාන් ගේ රුව සහිත පඹයන් පුළුස්සා කොටි ත්‍රස්තවාදයට ශාප වේවායි සටන් පාඨ කියා ඇත. “අපි කොටි ත්‍රස්තයින් නිසා අපා දුක් වින්දා. කොටි අපේ නිදහස නැති කළා. අපිට නිදහස ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි.

අපිට එතුමා ලබා දුන් නිදහස නිසා අද අපි සාමයෙන් සතුටෙන් ජීවත් වෙනවා. ඒ නිදහස උදුරා ගන්න කොටින්ට ඉඩ දෙන්නේ නෑ යනුවෙන් උද්ඝෝෂණයේ යෙදුණු දෙමළ ජනතාව එංගලන්තයේදී ජනාධිපතිතුමාට බාධා කළ කොටි හා කොටි හිතවාදීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කළ බවත් උතුරේ ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජනතාව වීදි බැස කළ මේ උද්ඝෝෂණයට ව්‍යාපාරිකයෝ ද එක්ව සිටි බව ද දැනගන්නට ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා