කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

සුමිගෙන් අහන්න

විජය කුමාරතුංග ගීත රචනා කළා ද?
 

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - එච්. ආර්. ජෝතිපාල හා ඇන්ජලින් ගුණතිලක ‘පාට පොදක් තිලක ලා’ ගී තනුවට ම අනුව හින්දි ගීතයක් ගායනා කර තිබේ ද?

පිළිතුර - ඔව්.


ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි

ප්‍රශ්නය - මානව හිතවාදි කලාකරු විජය කුමාරතුංග ගීත රචනා කර තිබෙන බව මගේ මිතුරකු කියනවා. එය ඇත්තක් ද?

පිළිතුර - ඔව්. ඔබේ මිතුරා නිවැරදියි. රේණුකා සන්ධ්‍යා වීරසිංහ නමැති ආධුනික ගායිකාවකට විජය වරක් ගීතයක් රචනා කළා. ඒ ‘මුළු හදින්ම මම ආදරෙයි’ නම් වූ ගීතයයි.


නිල්පනාගොඩ ගාමිණි විජයානන්ද

ප්‍රශ්නය - ඔබේ පිළිගැනීමට අනුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හැරුණු කොට අපේ රටේ බිහිවුණු විශිෂ්ටතම සිනමාකරුවා කවුද?

පිළිතුර - ආචාර්ය ධර්මසේන පතිරාජ. ආචාර්ය පීරිස්වත් ආචාර්ය පතිරාජවත් අභිබවන්න තවමත් ප්‍රසන්න විතානගේටවත් අශෝක හඳගමටවත් පුළුවන් වී නැහැ. ඒක මගේ පෞද්ගලික මතය.


නාරම්මල පැට්රික් පෙරේරා

ප්‍රශ්නය - ලංකාව පසුබිම් කරගෙන 1935 දී තැනුණු ‘සෝන්ග් ඔෆ් සිලෝන්’ (ලංකා ගීතය) චිත්‍රපටය අපට නැරැඹිය හැක්කේ කෙසේ ද?

පිළිතුර - ඒ චිත්‍රපටය අන්තර්ජාලයේ තිබෙනවා. ඕනෑම කෙනෙකුට එය නරඹන්න පුළුවන්.


නිවිතිගල වික්ටර් වානගුරු

ප්‍රශ්නය - රාජ් කපුර්, දිලිප් කුමාර් හා නාර්ගිස් චිත්‍රපටවල එකට රඟපා තිබේ ද?

පිළිතුර - එකම එක චිත්‍රපටයක රඟපා තිබෙනවා. ඒ චිත්‍රපටය තමයි ‘අන්දාස්’.


ගොකරැල්ලේ පි‍්‍රයන්ත දාබරේ

ප්‍රශ්නය - පැරැණි චිත්‍රපට නළුවකු වූ වොලි නානායක්කාර ගැන යමක් කියන්න?

පිළිතුර - වොලි අතිදක්ෂ චරිතාංග නළුවෙක්. එහෙත් කනගාටුවට කාරණය ඔහු නිසි විචාරක ඇගැයීමකට ලක් නොවීමයි. ‘පික් පොකට්’, ‘මාතර ආච්චි’, ‘බයිසිකල් හොරා’, ‘සුළි සුළං’ වැනි චිත්‍රපටවල ඔහු කළ රඟපෑම් මා අගය කරනවා. වොලි අකාලයේ මියගියා. ඒ විතරක් නෙමෙයි අපේ සිනමාකරුවන් ඔහුගෙන් නිසි ප්‍රයෝජනයක් ගත්තෙ නැහැ කියලා මා හිතනවා.


දෙහිවල නැදිමාලේ එම්. ඩී. පෙරේරා

ප්‍රශ්නය - ප්‍රවීණ කලාකරු සෝමපාල ලීලානන්දගේ ලිපිනය පළ කරන්න.

පිළිතුර - 74 ජී, ශ්‍රී සාරලංකාර මාවත, පාලගම, පොල්ගස්ඕවිට.

ධර්මසේන පතිරාජ

හල්කඳවිල සරත් කරුණාරත්න

ප්‍රශ්නය - ජනපි‍්‍රය හින්දි චිත්‍රපට ගීතයක් වන ‘තුම්පාස ආයේ’ ගීතයත් කලකට ඉහත සිසිර - ඉන්ද්‍රානි යුවළ ගායනා කළ ‘සුදු පාට මල් නෙළා’ ගීතයත් අතර සමානකමක් තිබෙනවා. එය සිදුවූයේ කෙලෙසින් ද?

පිළිතුර - එහෙම සමානකමක් නම් මට පේන්නේ නැහැ සරත්.


තුම්මෝදර ජයසිරි රත්නායක

ප්‍රශ්නය - ඔබ වඩාත් අගය කරන්නේ ‘සංගම්’ චිත්‍රපටය ද? ‘දෝස්ති’ චිත්‍රපටය ද?

පිළිතුර - ‘සංගම්’ චිත්‍රපටය. එය ආදරය තේමා කරගෙන හින්දි බසින් තැනුණු අපූර්ව චිත්‍රපටයක්. එක්තරා කාලයකදී එය අපේ හදවත් කැලඹු නිර්මාණයක් බවට පත්වුණා. මුකේශ්ගේ විරහ ගීතත් ශන්කර් ජායිකිශන්ගේ මධුර මනෝහර සංගීතයත් එදා අප මුසපත් කළා.


දොඹගහවෙල එස්. සී. ගුණසේකර

ප්‍රශ්නය - මහාචාර්ය සනත් නන්දසිරිගේ ලිපිනය සොයා දෙන්න?

පිළිතුර - මහාචාර්ය සනත් නන්දසිරි 130/20 ඒ කුරුලුබැද්ද, නාවල, නුගේගොඩ.


මීගමුවේ යොහාන් කුමාර් ද සිල්වා

ප්‍රශ්නය - ඩොමි ජයවර්ධන ඉන්දියාවේ දෙමළ චිත්‍රපට නිළියක සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තා යැයි කියන්නේ ඇත්තක් ද?

පිළිතුර - ඔව්. වරලක්ෂ්මි නමැති නිළිය ඩොමීට පෙම් කළා. කොටින්ම ඔහුට විවාහ යෝජනාවක් පවා ඉදිරිපත් කළා.
 

මේ සතියේ පහත නම් සඳහන් අයත් ප්‍රශ්න එවා තිබුණා. කැටපල සමන් ගාල්ලගේ, කොටුගොඩ දිසානැගම තිස්ස කුමාර, පෝද්දල සහනි කරුණානායක, ආලෝකා ද සිල්වා, ගම්පහ කංචක කරුණානායක, බෙලිගල මනහර මහින්ද වෑකඩ, ගාල්ල බෝපේ ක. ක. ග රන්දුල, ගම්පහ අනුර පුෂ්පකුමාර, දෙණියායේ ආර්. රසික, මාතර සහන් මාලක, දාගොන්නේ කරුණාතිලක බෝඹුවල.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා