කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මිස් ඒෂියා යූ. එස්. ඒ. 2010

මිස් ඒෂියා යූ. එස්. ඒ. 2010

ඇමෙරිකාවේ වෙසෙන සාරා ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග බිමේ

ඇමෙරිකාවේ ජීවත් වුවද ඇයට සිංහලකමත් ශ්‍රීී ලාංකේය බවත් අමතක කළ නොහැකි වුණා.

ඇය ඇමෙරිකාවේ පැවැත්වූ 2010 මිස් ඒෂියා යූ.ඇස්.ඒ.රූ රැජන තරගයට හා විලාසිතා දැක්මට ඉදිරිපත් වූයේ ශ්‍රී ලාංකේය කතක් වශයෙන්. ඇය සාරා මාකඳුර. කැලිෆෝනියා රිවර්සයිඩ් සරසවියේ ශිෂ්‍යාවක්.

”මගේ රට නියෝජනය කරන්නට ලැබීම මා හිතුවාටත් වඩා ආකර්ෂණීය අත්දැකීමක් වුණා.

ඒ වගේම මගේ මව් රටේත් මගේ සංස්කෘතියේත් කොටස්කාරියක් වෙලා අනෙක් තරගකාරියන් හා අමුත්තන් ඉදිරියේ මගේ රට නියෝජනය කරන්නට ලැබීමත් පුදුමුකාර අත්දැකීමක් වුණා.”

”ඒ වගේම මේ පුදුමාකාර ලස්සන උත්සවයට සහභාගිවීමට මා ලද අවස්ථාව මට මා ගැනම අධ්‍යයනය කරගැනීමටත් මහඟු අවස්ථාවක් වුණා. මා පිළිබඳව තවදුරටත් යමක් ඉගෙනගන්නත් වඩා හොඳින් තරගවලට මුහුණ දී ධෛර්යයක් ලබාගන්නටත් මට මෙහිදී හැකිවුණා.”

”ඒ වගේ මා හා මගේ රට ගැන වගේම අනිත් ආසියානු රටවල් හා ඒ ඒ රටවල සංස්කෘතීන් ගැනත් වඩා හොඳින් දැනුමක් ලබාගන්නට මට හැකිවුණා. මේ සැණකෙළිය නිසා මා ලත් අත්දැකීම් හා ඉගෙනගත් දේ මිල කළ නොහැකියි. ඒ වගේම තරගයට ඉදිරිපත් වූ අනෙක් තරගකාරියන්ගෙනුත් මා බොහෝ දේ ඉගෙන ගත්තා.”

සාරා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ද කීපවතාවක් පමණි.

”මා ශ්‍රී ලංකාවට කීපවතාවක් ආවා. ශ්‍රී ලංකාව වගේ ලස්සන රටකින් බිහිවී මේ වගේ තරගයක් නියෝජනය කරන්නට ලැබීමත් සතුටක්. ඒ නිසා මගේ රටට මං යළිත් යන්න ආසයි.”

එසේම කැලිෆෝනියා රිවර්සයිඩ් සරසවියේ ඉගෙනීමෙනුත් ඇය ලබන්නේ විශාල සතුටක්. ඒ වගේම මේ තරගය නිසාම අලුත් පුද්ගලයන් ඇසුරු කරන්න ලැබීමෙනුත් ලොකු සතුටක් ලැබූ බව ඇය පවසයි. සාරා මීට කලින් තම මව් රටට පැමිණි චාරිකාව ඇය සිහිපත් කරන්නේ අමරණීය වින්දනයකිනි.

පසුගිය වතාවේ ශ්‍රී ලංකාවට පැමිණ සිය පවුලේ අය සමඟ ඇය අනුරාධපුරයටත් ගියා. ඒ වගේම තවත් ආගමික සිද්ධස්ථාන හා ඓතිහාසික ස්ථාන නැරඹීමට ගියා. ඒ අතරේ පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය සපත්තු බෑග් හා පොත්පත් ලබාදීමෙන් ද තමා මහත් සතුටක් ලැබූ බව ඇය පවසනවා.

”ශ්‍රී ලංකාවට ආ ගමන මට අමතක වෙන්නේ නැහැ. මා මගේ ශ්‍රී ලාංකේය සහෝදර සහෝදරියන්ට උදව් කිරීමෙන් ලැබුවේ දැඩි වින්දනයක්. ඔවුන්ට පාසල් යාමට ඇති දුෂ්කරතා මඟහැර ඔවුන්ගේ සිහින සැබෑ කරගන්නට සහායවීම සිතට සතුටක්.”

ඇය එසේ කීවා.

අඩි පහයි අඟල් පහක් උසැති ඇය ‘මිස් ඒෂියා යූ.ඇස්.ඒ. 2010’ තරගයට සහභාගිවීම ඇයට සිහිනයක්.

“ඒ තරගය ඇමෙරිකාවේ වෙසෙන ආසියානු කාන්තාවන්ට සීමා වූ එකක්. මේ තරගයට සහභාගි වීමට අවස්ථාවක් ලැබීමත් සතුටක්. මේ තරගය මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් කළා කීවොත් නිවැරැදියි. ඇමෙරිකාවේ උපන්නත් මා ශ්‍රී ලාංකේය තරුණියක්. ඒ නිසා මා ආවේ කොහෙන්ද අද මා ඉන්නේ කොතැනද යන්න වඩ වඩාත් වටහා ගැනීමට මේ නිසා මට අවස්ථාවක් සැලසුණා.”

”මා ඇමෙරිකාවේ උපන්නත් මගේ පරම්පරාවේ මූලයන් ඇත්තේ කොහේදැයි මා අමතක කරන්නේ නැහැ. මගේ මුල් පරපුර ශ්‍රී ලංකාවේ. ඇමෙරිකාවේ හිටියත් මා ශ්‍රී ලාංකේය කාන්තාවක්. මේ උත්සවය සියලුම ආසියානු රටවල සංස්කෘතීන්ගේ එකමුතුවක් වුණා. ඒ ගැන මට අපි ගැනම පුදුම හිතුණා.” ”මා සහභාගිවුණේ ශ්‍රී ලංකාව පමණක් නියෝජනය කරමින් නොවෙයි. මා ලස්සන ආසියාවම නියෝජනය කළා කියා මට හිතෙනවා. මෙය මට සතුටක් වගේම ආඩම්බරයක්. මා අනිත් අයගෙන් වෙනස් වන්නට මගේ උපරිම ශක්තිය යෙදෙව්වා” සාරා පැවසුවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා