මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සුමීගෙන් අහන්න

ටෝනි වෙනුවෙන් ෆ්‍රෙඩි පසුබිම් ගී ගැයුවා ද?

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - සෝමතිලක ජයමහ ගයන ‘පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනේ විලයි - මගේ නිවස මගේ සම්පතයි’ ගීතය ලීවේ කවුද?

පිළිතුර - තනිකඩයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි

ප්‍රශ්නය - ෆ්‍රෙඩි සිල්වා ටෝනි රණසිංහ වෙනුවෙන් චිත්‍රපට පසුබිම් ගී ගායනයේ යෙ‍දී තිබෙනවා ද?

පිළිතුර - ඔව්. ‘වස්තුව’ චිත්‍රපටයේ ෆ්‍රෙඩි, ටෝනි වෙනුවෙන් පසුබිම් ගී දෙකක් ගැයුවා. මෙහි ටෝනි රඟපෑවේ විකට චරිතයක්.

දෙහිඕවිට ලලිතා බංදුතිලක

ප්‍රශ්නය - ‘සුභානි’ චිත්‍රපටයේ ටෝනි රණසිංහ, ඇන්තනි සී. පෙරේරා, අරුණ ශාන්ති සමඟ ගමේ ළිඳක් කපන නළුවා අපට හොඳට දැකලා පුරුදුයි. ඔහු කවුදැයි මතක් කළ හැකි ද?

පිළිතුර - ඒ සොමි රත්නායකනේ ලලිතා.

නාත්තන්ඩියේ නිශාන්ත ගුණවංශ

ප්‍රශ්නය - අපේ හුඟක් නළුවන්ගේ කොණ්ඩය සුදු නොවන්නේ ඇයි?

පිළිතුර - කොහෙ සුදු වෙන්න ද? ඒ අය ‘විග්’ එකක් දාලනේ ඉන්නේ. ඉතිං ‘විග්'වල කොණ්ඩෙ පැහෙනව ද?

උතුරු කළුතර තොටුපළ පාරේ සිරි අබේසේකර

ප්‍රශ්නය - ‘කාගාස් කේ පූල්’ හින්දි චිත්‍රපටය ගැන යමක් කියන්න?

පිළිතුර - ගුරු දත්, වහීඩා රෙහ්මාන්, ජොනි වෝකර්, මුම්ටාස් ප්‍රධාන චරිත රඟපෑ මෙය අධ්‍යක්ෂණය කළෙත් ගුරු දත්මයි. එස්. ඩී. බර්මන් සංගීතවත් කළා.

ගල්ලෑල්ලේ එම්. විජේසේකර

ප්‍රශ්නය - ප්‍රකට සිනමා විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩගේ මුල් නම කුමක් ද?

පිළිතුර - ජයරත්න විලේගොඩ.

බෙලිගල මනහර මහින්ද වෑකඩ

ප්‍රශ්නය - ‘ලස්සනයි බලන්න’ චිත්‍රපටයේ හරක් මුදලාලිගේ චරිතය රඟපෑ නළුවා කවුද?

පිළිතුර - මෙම චිත්‍රපටය මා දැක නැති නිසා හරකා කවුද කියලවත් මුදලාලි කවුද කියලවත් මා දන්නේ නැහැ.

පිළියන්දල උපාලි ගුණරත්න

ප්‍රශ්නය - ශේන් ගුණරත්න රඟපෑ චිත්‍රපට මොනවා ද?

පිළිතුර - ‘සංදේශය’, රන්මුතු දූව, දැවෙන පිපාසය, සීගිරි කාශ්‍යප, සූර චෞරයා, රන් ඔන්චිල්ලා, බඩුත් එක්ක හොරු, වෙසතුරු සිරිත .......

මීගමුව මහහුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා

ප්‍රශ්නය - ‘සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස’ වේදිකා නාට්‍යය චිත්‍රපටගත කරන්න සූදානම් තිබුණා නේද?

පිළිතුර - ඔව්. ප්‍රකට වාර්තා චිත්‍රපටකරුවකු වූ නැසිගිය ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි එවැන්නකට සූදානම් වුණා. එහි ගීත පවා පටිගත කළා මං හිතන්නෙ. අරිසෙන් අහුබුදු සූරින් ලියු ගීතයකුත් එහි තිබුණා.

වාද්දුව මහේෂ් කැටවලමුල්ල

ප්‍රශ්නය - ජනප්‍රිය නළු අර්ජුන කමලනාත්ගේ ලිපිනය සොයා දෙන්න?

පිළිතුර - 36, දෙවැනි පටුමඟ, අඟුලාන දුම්රිය පොළ පාර, මොරටුව.

කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු

ප්‍රශ්නය - සුජාතා අත්තනායක ගයන ‘හර්දේ රස මාලිගේ’ ගීතය හින්දි තනුවක් ද?

පිළිතුර - ඔව්. එය ‘අනුපමා’ චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් ගැයු ‘ධීරේ ධීරේ මචල් ඒ දිල් ඒ බේකරාර්’ ගීයේ තනුව. සංගීත නිර්මාණ්‍ය හේමන්ත් කුමාර්ගේ.

සුමිගෙන් අහන්න

රසඳුන සිළුම්ණ ලේක්හවුස් කොළඹ 10.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්