![]() ![]() |
||
ටෝනි වෙනුවෙන් ෆ්‍රෙඩි පසුබිම් ගී ගැයුවා ද?මාතලේ ධර්මා ඒකනායක ප්රශ්නය - සෝමතිලක ජයමහ ගයන ‘පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙළයි පිය බිරිඳගේ සෙනේ විලයි - මගේ නිවස මගේ සම්පතයි’ ගීතය ලීවේ කවුද? පිළිතුර - තනිකඩයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්න. අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි ප්රශ්නය - ෆ්‍රෙඩි සිල්වා ටෝනි රණසිංහ වෙනුවෙන් චිත්‍රපට පසුබිම් ගී ගායනයේ යෙදී තිබෙනවා ද? පිළිතුර - ඔව්. ‘වස්තුව’ චිත්‍රපටයේ ෆ්‍රෙඩි, ටෝනි වෙනුවෙන් පසුබිම් ගී දෙකක් ගැයුවා. මෙහි ටෝනි රඟපෑවේ විකට චරිතයක්. දෙහිඕවිට ලලිතා බංදුතිලක ප්රශ්නය - ‘සුභානි’ චිත්‍රපටයේ ටෝනි රණසිංහ, ඇන්තනි සී. පෙරේරා, අරුණ ශාන්ති සමඟ ගමේ ළිඳක් කපන නළුවා අපට හොඳට දැකලා පුරුදුයි. ඔහු කවුදැයි මතක් කළ හැකි ද? පිළිතුර - ඒ සොමි රත්නායකනේ ලලිතා. නාත්තන්ඩියේ නිශාන්ත ගුණවංශ ප්රශ්නය - අපේ හුඟක් නළුවන්ගේ කොණ්ඩය සුදු නොවන්නේ ඇයි? පිළිතුර - කොහෙ සුදු වෙන්න ද? ඒ අය ‘විග්’ එකක් දාලනේ ඉන්නේ. ඉතිං ‘විග්'වල කොණ්ඩෙ පැහෙනව ද? උතුරු කළුතර තොටුපළ පාරේ සිරි අබේසේකර ප්රශ්නය - ‘කාගාස් කේ පූල්’ හින්දි චිත්‍රපටය ගැන යමක් කියන්න? පිළිතුර - ගුරු දත්, වහීඩා රෙහ්මාන්, ජොනි වෝකර්, මුම්ටාස් ප්‍රධාන චරිත රඟපෑ මෙය අධ්‍යක්ෂණය කළෙත් ගුරු දත්මයි. එස්. ඩී. බර්මන් සංගීතවත් කළා. ගල්ලෑල්ලේ එම්. විජේසේකර ප්රශ්නය - ප්‍රකට සිනමා විචාරකයකු වූ ජයවිලාල් විලේගොඩගේ මුල් නම කුමක් ද? පිළිතුර - ජයරත්න විලේගොඩ. බෙලිගල මනහර මහින්ද වෑකඩ ප්රශ්නය - ‘ලස්සනයි බලන්න’ චිත්‍රපටයේ හරක් මුදලාලිගේ චරිතය රඟපෑ නළුවා කවුද? පිළිතුර - මෙම චිත්‍රපටය මා දැක නැති නිසා හරකා කවුද කියලවත් මුදලාලි කවුද කියලවත් මා දන්නේ නැහැ. පිළියන්දල උපාලි ගුණරත්න ප්රශ්නය - ශේන් ගුණරත්න රඟපෑ චිත්‍රපට මොනවා ද? පිළිතුර - ‘සංදේශය’, රන්මුතු දූව, දැවෙන පිපාසය, සීගිරි කාශ්‍යප, සූර චෞරයා, රන් ඔන්චිල්ලා, බඩුත් එක්ක හොරු, වෙසතුරු සිරිත ....... මීගමුව මහහුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා ප්රශ්නය - ‘සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස’ වේදිකා නාට්‍යය චිත්‍රපටගත කරන්න සූදානම් තිබුණා නේද? පිළිතුර - ඔව්. ප්‍රකට වාර්තා චිත්‍රපටකරුවකු වූ නැසිගිය ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි එවැන්නකට සූදානම් වුණා. එහි ගීත පවා පටිගත කළා මං හිතන්නෙ. අරිසෙන් අහුබුදු සූරින් ලියු ගීතයකුත් එහි තිබුණා. වාද්දුව මහේෂ් කැටවලමුල්ල ප්රශ්නය - ජනප්‍රිය නළු අර්ජුන කමලනාත්ගේ ලිපිනය සොයා දෙන්න? පිළිතුර - 36, දෙවැනි පටුමඟ, අඟුලාන දුම්රිය පොළ පාර, මොරටුව. කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු ප්රශ්නය - සුජාතා අත්තනායක ගයන ‘හර්දේ රස මාලිගේ’ ගීතය හින්දි තනුවක් ද? පිළිතුර - ඔව්. එය ‘අනුපමා’ චිත්‍රපටයට ලතා මංගේෂ්කාර් ගැයු ‘ධීරේ ධීරේ මචල් ඒ දිල් ඒ බේකරාර්’ ගීයේ තනුව. සංගීත නිර්මාණ්ය හේමන්ත් කුමාර්ගේ.
සුමිගෙන් අහන්න රසඳුන සිළුම්ණ ලේක්හවුස් කොළඹ 10. |
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |