මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Bollywood News

ඩිම්පල්ට ආක්ෂේට ට්වින්කල්ට නීති ප්‍රශ්නයක්

සුපිරි තරුවකට අයිතිවාසිකම් කියන ජනප්‍රිය නිළියකගේ කතාවක් පසුගිය දා බොලිවුඩ්පුරයෙන් ඇසුණා. මේ ආන්දෝලනාත්මක නිළිය තමයි, අනිටා අද්වානි. ඇය බොලිවුඩය ඔපවත් කළ නිළියක්. මේ වන විට 51 වැනි වියෙහි පසුවන ඇය, වසර ගණනාවක්ම බොලිවුඩයේ සුපිරි තරුව රාජේෂ් ඛන්නා සමඟ එක වහලක් යට ජීවත් වුණා. ඒ, රාජේෂ්ගේ නිත්‍යනුකූල බිරිය වූ ජනප්‍රිය නිළි ඩිම්පල් කපාඩියා ඔහුගෙන් ඈත්ව ගියාට පසුවයි. ර‍ාජේෂ්, අනිටා සමඟ ජීවත් වුවද ඔවුන් දෙදෙනා විවාහ වී සිටියේ නැහැ. රාජේෂ්, ඩිම්පල් ගෙන් නිත්‍යනුකූලව වෙන්වී සිටියේත් නැහැ.

රාජේෂ් මියගියේ 2012 ජූලි මාසයේදී. ඔහු මිය යන්නට මාස කිහිපයකට කලින් ඩිම්පල් ඔහුගේ නිවෙසට පැමිණියා. එම නිවෙස තමයි, කවුරුත් දන්නා ‘ආශිර්වාද්’ බංගලාව. ඒ වන විට අසනීපව සිටි රාජේෂ්ට සාත්තු කිරීමට තමන් පැමිණි බවයි ඩිම්පල් කියා තිබුණේ. රාජේෂ් මියගිය පසුව මේ බංගලාව අයිති වුණේ ඩිම්පල්ටයි. 2014 අගෝස්තු මාසයේදී මෙය ව්‍යාපාරිකයකු වන ශශි කිරාන් ශෙට්ටිට විකුණා දැමුණා. ඔහු මේ බංගලාව ඉවත් කර වෙනත් ගොඩනැඟිල්ලක් ඉදිකරන්නටයි දැන් කටයුතු කරමින් සිටින්නේ.

අනිටා අද්වානි මීට පෙර මුම්බායි මහාධිකරණයෙහි නඩුවක් පවරමින් ප්‍රකාශ කළේ රාජේෂ් මිය ගියායින් පසුව ඩිම්පල් සහ ඇගේ දියණිය ට්වින්කල් ඛන්නාත් බෑණා, ආක්ෂේ කුමාර් තමන්ව ආශිර්වාද් නිවෙසින් පන්නා දැමු බවයි. රාජේෂ් සමඟ ජීවත් වූ තමන් එලෙස පීඩනයට පත් කිරීම ඉන්දීය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත අනුව දඬුවම් දිය හැකි වරදකැයි අනිටා අද්වානී ප්‍රකාශ කරනවා. ඒ අනුව ඩිම්පල් කපාඩියා, ඇගේ දියණිය ට්වින්කල් ඛන්නා සහ බෑණා, ආක්ෂේ කුමාර්ට දඬුවම් ලබා දෙන්නැයි ඇය ඉල්ලා සිටියා. ඒත් මුම්බායි මහාධිකරණය ඇගේ නඩුව ප්‍රතික්ෂේප කළේ එය විභාගයටවත් නොගෙනමයි. මේ නිසා අනිටා පසුගිය දා එම තීන්දුවට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළා. එම හේතුවෙන් පසුගිය සතියේදී ඩිම්පල්, ට්වින්කල් සහ ආක්ෂේට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි නිකුත් කෙරුණා.

“රාජේෂ්, ඩිම්පල්ගෙන් වෙන්වෙලා අවුරුදු විස්සකට කිට්ටු කාලයක් මාත් එක්කයි හිටියේ. අපි දෙන්නා විවාහ වෙලා නොහිටියත්, අපි ජීවත් වුණේ විවාහ වුණ දෙන්නකුටත් වඩා සමඟියෙන්.” අනිටා එලෙස පැවසුවා. ඇය තවදුරටත් තම අභියාචනයෙන් ප්‍රකාශ කරන්නේ රාජේෂ්ගේ අන්තිම කැමැත්ත අනුව ‘ආශිර්වාද්’ බංගලාව කෞතුකාගාරයක් කළ යුතුයැයි ඔහු ප්‍රකාශ කර ඇති බවයි. ඒ නිසා එම ගොඩනැඟිල්ල විනාශ කර දමන්නට ඉඩ නොදිය යුතු යැයි ද ඇය සඳහන් කර තිබෙනවා.

මධුරිට ආයෙත් ‘පෙම් කරන්න’ හිතයිලු

එදා අසූව, අනූව දශකවලදී ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටි නළුවකු තමයි, ජැකී ශ්රොෆ්. ඔහු, සුපිරි නිළි මධුරි ඩික්සිත් සමඟ චිත්‍රපට රැසක රඟපා තිබෙනවා. ‘දේව්දාස්’, ‘ලජ්ජා’, ‘කල්නායක්’, ‘රාම් ලඛන්’, ‘පාරින්දා’, ‘ප්‍රේම් දිවානි’ එවැනි චිත්‍රපටවලින් කිහිපයක්. ජැකී පසුගිය දා පැවසුවේ මධුරි සමඟ තවත් අලුත් චිත්‍රපටයක රඟපෑමට තමන් දැඩි කැමැත්තකින් පසුවන බවයි. ඇගේ පෙම්වතා හැටියට රඟපාන්න ඇත්නම් එය සතුට දනවන කාරණයක් බවයි ඔහු පවසන්නේ.

“මධුරි තව චිත්‍රපටවල රඟපාන්න ඕනෙ. එයා මාත් එක්ක ප්‍රේම ජවනිකාවල රඟපෑවොත් වඩාත් හොඳයි. දැන් අපි දෙන්නම බලාගෙන ඉන්නෙ, ඒ වගේ චිත්‍රපටයක් ලැබෙන තුරු. ළඟදීම ඒ වගේ චිත්‍රපටයක් ලැබේවි කියල හිතෙනවා.” මේ වන විට 58 වැනි වියෙහි පසුවන ජැකී පවසනවා.

ජැකී තවමත් බොලිවුඩ්පුරයේ ජීවමාන චරිතයක්. ඔහු රඟපෑ අලුත්ම චිත්‍රපටය ‘බ්‍රදර්ස්.’ ආක්ෂේ කුමාර් සහ සිද්ධාර්ත් මල්හොත්‍රා ද රඟන මෙය, සටන් ජවනිකා පිරුණු චිත්‍රපටයක්. ජැකී පවසන්නේ වත්මන් බොලිවුඩ් චිත්‍රපටවල නිර්මාණය වී ඇති සටන් ජවනිකා එදාට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගෙන ඇති බවයි.

“ක්‍රියාදාම, සටන් ජවනිකා ඇතුළත් වුණ අද හැදෙන චිත්‍රපටවල යොදා ගැනෙන තාක්ෂණික උපක්‍රම දියුණුයි. ඒත් එදා සටන් ජවනිකාවල රඟපාද්දි අපිට මේ වගේ පහසුකම් තිබුණෙ නැහැ. සටන් ජවනිකාවල රඟපාපු හුඟක් අවස්ථාවල මට අනතුරු වෙලා තියෙනවා. අද නම් එච්චර අවදානමක් නැහැ.” ජැකී අතීතය ද සිහිපත් කළා.

ජැකලින් - අර්ජුන් ඇයි හිතවත්...?

සුප්‍රකට ‘අයිෆා’ සිනමා උලෙළ මෑතකදී පැවැත්වුණේ මැලේසියාවේදීයි. බොලිවුඩ් තරු විසිතුරු රූ රටා මැවූ මේ අයිෆා වසන්ත කාලය කාගේත් සිත් ගත්තා. ඒ අතර එහෙන් මෙහෙන් මතු වූ කයි කතන්දර ද නැත්තෙත් නැහැ. යොවුන් නළු නිළි යුවළක් වන අර්ජුන් කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් පටලවා ගෙතූ කතන්දරය ද එවැන්නක්.

ඒ කතාවට අනුව ජැකලින් සහ අර්ජුන් අතර සමීප හිතවත්කමක් ගොඩනැඟී තිබෙනවාලු. මේ වන විට ඒ සබඳකම තව තවත් දලුලමින් වැඩෙනවාලු. දෙදෙනා අතර මෙවැනි සම්බන්ධකමකට මුල පිරු‍ණේ අයිෆා උලෙළේදීලු. දෙදෙනාම ඒ උලෙළට සහභාගි වුණේ, මාධ්‍ය සාකච්ඡාවලට එක්වී සිටියේ එකටලු. ‘හැබෑටම ජැකලින්, මේ ආරංචිවල ඇත්තක් තියෙනව ද?’ මෙහෙම ඇහුවේ ඉන්දියාවේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්. එයට ජැකලින් දැක්වූ ප්‍රතිචාරයයි, මේ...

“මම තාමත් තනිකඩ කෙනෙක්. ඔය වගේ සම්බන්ධයක් මගෙයි අර්ජුන් අතරෙයි නැහැ. ඇයි මගෙන් ම විතරක් ඔය ගැන අහන්නෙ? ඇයි අර්ජුන්ගෙන් අහන්නෙ නැත්තෙ? අපි දෙන්නා මාධ්‍ය සාකච්ඡාවකට ඇවිත් හිටියා. එතැනින් පස්සෙ තමයි, මේ කට කතාව පටන් ගත්තේ. අර්ජුන් නම් මේ ඕපාදූපය අහල හිනා වුණා. මේක මහ විහිළු කතාවක්. අපි දෙන්න ආශ්‍රය කරන්නෙ යාළුවො දෙන්නෙක් විදිහටයි. වෙන ඇඟෑලුම්කමක් නම් නැහැ. අපි දෙන්නම මේ දවස්වල හරිම කාර්යබහුලයි. ඔය වගේ දේවල් ගැන හිතන්න වෙලාවක් නැහැ.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්