මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


HOLLYWOOD NEWS

HOLLYWOOD NEWS

විරසක වූ දෙදෙනා ට මංගල සීනු

ජෙනිෆර් ඇනිස්ටන් සහ ජස්ටින් තෙරොක්ස් යුවළ හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තරු දෙකක්. මේ ජනප්‍රියත්වය නිසාම ඔවුන් දෙදෙනා‍ගේ පෞද්ගලික වතගොත දෙස බොහෝ දෙනකු උකුසු ඇස් යොමා සිටිනවා. ඒ, මේ දෙදෙනා

පෙම්වතුන් නිසයි. පෙම්වතුන් වී කාලය ගත කළත් දෙදෙනා අතර අමනාපකම් වරින් වර ඇතිවුණා. මේ අමනාපකම් මධ්‍යවල උණුසුම් පුවත් බවට පත්වුණා. බොහෝ විට

ඒ දිනවල ආරංචි පැතිර ගියේ ජෙනිෆර් සහ

ජස්ටින් වෙන්වී ඇති බවටයි.

ඒත් පසුගිය 5 දා ඔවුන් දෙදෙනා හොර රහසේ ම විවාහ වෙලා. මේ ගැන කිසිදු ප්‍රසිද්ධියක් නොදීමට දෙදෙනා ම වග බලා ගත්තා. අප්‍රසිද්ධියේ සිදු වූ මේ විවාහ මංගල්‍යයට පැමිණ සිටියේ ඥාතීන් සහ සමීප හිතවතුන් කිහිප දෙනකු පමණයි. හොලිවුඩ් සිනමා නළු නිළියන් තුන් දෙනකු පමණක් විවාහ මංගල්‍යයට පැමිණ සිටියේ ඔවුන් ජෙනිෆර්ගේ

සමීපතම මිතුරු මිතුරියන් නිසයි. ඒ අය තමයි, ලීසා කුඩ්රෝව්, චෙල්සා හැන්ඩ්ලර් සහ‍ හොවර්ඩ් ස්ටර්න්.

හිලරිට කලාකරු සහාය

ඔස්කා සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පිල්බර්ග් පසුගියදා, ඇ‍ෙමරිකානු හිටපු රාජ්‍ය ලේකම්වරියකු වූ හිලරි ක්ලින්ටන් හට ඇ‍ෙමරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කළා. ඒ, 2016දී පැවැත්වීමට නියමිත ඇ‍ෙමරිකානු ජනාධිපතිවරණයට තරග වැදීමට නියමිතව සිටින ඇගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලබන වසරේ පැවැත්වෙන ඇ‍ෙමරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කරන්නේ හිලරි ක්ලින්ටන්.

මෙම මුදල් ප්‍රදානය ස්ටීවන් ස්පිල්බර්ග් විසින් සිදුකරනු ලැබුවේ හිලරි ක්ලින්ටන් ගේ දේශපාලන ක්‍රියාකාරී කමිටුවටයි. මේ අතර යොවුන් ගායක ජස්ටින් බීබර් සහ ගායිකා අරියානා ග්‍රාන්ඩේ ද හිලරි ක්ලින්ටන් ගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට ඉදිරිපත්ව සිටිනවා. පසුගියදා ජස්ටින් බීබර් සහ අරියානා ග්‍රෘන්ඩේ, හිලර් කිල්න්ටන් ව මුණ ගැසීමට ඇගේ නිවෙසට ද ගිය බවයි ආරංචි.

‘ජේම්ස් බොන්ඩ්’ කොටුවෙයි

හිටපු ජේම්ස් බොන්ඩ් කෙනෙකු මීට සතිකට පමණ කළින් ඇ‍ෙමරිකාවේ බර්ලින්ටන් ගුවන් තොටුපළේ රඳවා ගත් බවක් ආරංචි වුණා. මේ ‘ජේම්ස් බොන්ඩ්’ තමයි, පියරේ බ්‍රොස්නන්. ඔහු ජේම්ස් බොන්ඩ් ලෙස ‘007’ චිත්‍රපට කිහිපයකම රඟපා තිබෙනවා.

ගුවන් තොටුපළේ රඳවා ගැනීමට ඔහු සිදු කළ වරද තමයි, අඟල් 10ක පමණ දිග පිහියක් ළඟ තබා ගෙන පැමිණීම. ඉරිදා දිනයක ඔහු බර්ලින්ටන් ගුවන් තොටින් ඇමරිකාවට ඇතුල්වුණේ තමන්ගේ 14 වියැති පුතු සමඟ ප්‍රංශයේ සංචාරය කිරීමෙන් පසුවයි. පියරේ සතුව දිග පිහියක් තිබෙන බව ගුවන් තොටුපළ නිලධාරීන්ට හසුවී ඇත්තේ සෙසු මගීන් මෙන් ම ඔහු ද ස්කෑන් පරීක්ෂාවට ලක් කරද්දීයි. පිහිය තිබී ඇත්තේ ඔහු උරහිසෙහි රඳවාගෙන තිබූ ගමන් මල්ලේ. ආරක්ෂක නිලධාරින් එය දුටු හැටියේ ම පියරේ ව තල්ලු කරගෙන වෙනත් ස්ථානයකට ගිය බවයි, ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, එහි සිටි පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කළ පියරේ ට, සිය පුතු සමඟ ගුවන් තොටු‍පළෙන් බැහැර යන්නට ඉඩ ලැබී තිබෙනවා.

හොරකමේ ගිහින් අහුවෙලා

කිම් රිචර්ඩ්ස්, හොලිවුඩයේ ජනප්‍රිය තරුවක්. දරුවන් සිව් දෙනකු සිටින මවක්. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසක රඟපා ඇති ප්‍රවීණ නිළියක්. (කලකට පෙර ජාතික රූපවාහිනියේ ද විකාශය වූ ‘ලව් බෝට්’ නම් වූ හාස්‍යය මුසුවූ ටෙලි නාටක මාලාවේ ද රඟපෑවා.

දැනට 50 වැනි වියෙහි පසුවන ඇය, පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා. හේතුව, ඇගේ නිවෙසට සමීපයේ පිහිටි එක්තරා තොග ගබඩාවකින් ඇමරිකානු ඩොලර් 600ක් පමණ වටිනා භාණ්ඩ රැසක් ඇය විසින් සොරාගනු ලැබීමයි.

ඇය එම භාණ්ඩ සොරකම් කරද්දී එහි සිටි ආරක්ෂක නිලධාරියකුගේ අතට ම හසුවී තිබෙනවා. කිම් ව අල්ලා ගත් ආරක්ෂක නිලධාරියා ඇයව පොලිසියට භාරදී තිබෙනවා. පොලිස් අත්අඩංගුවට පත්වූ කිම් රිචර්ඩ්ස් ලොස් ඇන්ජලීස් හි නාගරික නීතිපති කාර්යාලයට ඉදිරිපත් කරන බවයි පොලිස් නිලධාරීන් පැවසුවේ. අත්අඩංගුවට පත්වීමෙන් පසුව හදිසියේ අසනීප වූ කිම්, රෝහල් ගත කෙරුණු බව හොලිවුඩ්පුරයෙන් ලද අලුත් ම ආරංචියක සටහන් වුණා.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්