මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිනා කතා

බයිට් එකට ගන්නෙ මාව

“ඔන්න අම්මේ මම නං හෙට ඉඳලා ඉස්කෝලෙ යන්නෙ නෑ...නෑ... නෑ මයි.” පාසල අවසන් වී නිවෙසට පැමිණි සම්පත් පොත් බෑගය මේසය මත අතහැර නහයෙන් හඬමින් කීවේ තම මව දෙස නෝක්කාඩු බැල්මක් හෙළමිනි.

“අනේ ඇයි පුතේ, ඔයාට කවුරු හරි බැන්නද. එහෙම නැත්තං ගැහැව්වද?” මව වහා ඇසුවේ කලබල වෙමිනි.

“අපේ පන්තියෙ කොල්ලො හැමෝ ම අද මට විහිළු කරන්න ගත්ත නෙ, ‘උඹ බ්ලූමැන්ඩල් වල ද ඉන්නේ’ කියල අහලා.’ සම්පත් කීවේ තම කට ඇද කරමිනි.
 

ඡන්දෙ ඉල්ලන්ඩ ඇවිත්

‘කවුද අම්මේ, අපෙ කුස්සියෙ හිරමනේ උඩ වාඩිවෙලා, සුදු ජාතික ඇඳුමකුත් ඇඳගෙන පොල් ගාන මනුස්සයා?’ පන්තිය අවසන් වී පෙරළා නිවෙසට පැමිණි බුද්ධිකා වතුර වීදුරුවක් බීම සඳහා කුස්සියට ගොඩවූ සැණෙන් ආපසු හැරී පැමිණ තම මවගෙන් විමසුවාය.

‘ඇයි ළමයො, ඒ අපේ අර හිටපු මන්ත්‍රීතුමානෙ. ඔය මේ සැරේ මැතිවරණෙට ඡන්දෙ ඉල්ලන්ඩ ගෙයින් ගෙට යන ගමන් මෙහෙටත් ඇවිත්!’ රම්‍යා සෝපහාස සිනාවක් නඟමින් පිළිතුරු දුන්නාය.
 

පෙනී හිටියාම ඇති

‘අපේ තාත්තා ඡන්දෙ වෙනුවෙන් කරන කිසිම දෙයක් නැහැනෙ අම්මේ. නිකං පෙනී ඉන්නවා විතරයිනෙ.’ ටික කලකට පෙර පැවති පළාත් සභා ඡන්දයට ඉදිරිපත්ව, මනාප අතළොස්සක් පමණක් ලබා, අන්ත පරාජයක් හිමිකර ගත් පෙරේරා ගේ පුතා රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයේ මැතිවරණ තොරතුරු නරඹමින් සිටියදී තම මවගෙන් ඇසුවාය. ඡන්දෙන් පැරදුණා ම තාත්තට ලැබුණු සභාපතිකමට වඩා ලොකු තැනක සභාපතිකමක් ගන්ඩනෙ පුතේ, එයා ඔය ලොක්කා පස්සෙන් යන්නෙ. වැඩක් කරන්ඩ ඕනෙ නැහැ. ඔහොම පෙනී හිටියාම ඇති.’ මව සටකපට සිනාවක් පාමින් කීවාය.
 

හිසට සෙවණක්

‘දැන් කොයිතරං වැස්සත් මට නං ප්‍රශ්නයක් නැහැ.’ තමා රාත්‍රියේ වැතිරී සිටින තාප්පය අයිනට, මැතිවරණයෙන් පසු දේශපාලන කටවුට් තුනක් ඇද ගෙන ආ සිඟන්නා, ඒ අසල හිඳ ඔහු දෙස විපරමෙන් බැලූ සිඟන ස්ත්‍රිය දෙස බලා පුළුල් සිනාවක් පාමින් කීවේය.

‘මොකෝ, ඔය කටවුට් ටික බෝතල් කඩේට දීලා සල්ලි අ‍රගෙන, ගෙයක් අරගන්ඩද උඹෙ කල්පනවා?’ ස්ත්‍රිය ඇසුවේ අවඥාවෙන් කට ඇද කරමිනි.

“නෑ.. නෑ... බං. මේ ‘මහත්මා දේශපාලනයේ සංකේතය’ කියන කටවුට් එකයි, ‘අවංක භාවයේ ප්‍රතිමූර්තිය’ කියන කටවුට් එකයි තාප්පෙ ඉස්සරහින්, දෙපැත්තෙන් තියලා, ‘හිතට නිවනක් - හිසට සෙවණක්’ කියන කටවුට් එක, තාප්පෙට උඩින් වහල විදියට දා ගත්තට පස්සෙ කොයිතරං වැස්සත් ප්‍රශ්නයක් නැහැනෙ.’ සිඟන්නා කීවේය.
 

එතකොට හරිනෙ

‘පුතේ, මෙන්න මේ ටික හොඳට හිතට ගනින්. උඹ මේ උසස් පෙළ විභාගෙට ලියන්නේ තුන්වැනි වතාවට. හැබැයි පුතෝ! මේ සැරේ ෆේල් වුණොත් උඹ විශ්ව විද්‍යාලෙ ගිහින් ඉවරයි.’ පියා තම පුතු දෙස බලා කීවේය. ‘අයියෝ! ඒක ඒ තරං ගණන් ගන්ඩ දෙයක් නෙමෙයි අප්පච්චි. මේ සැරෙත් විභාගෙන් ෆේල් වුණොත්, මම ඊළඟ වතාවේ මහ මැතිවරණයෙදී ඡන්දෙ ඉල්ලලා මන්ත්‍රී කෙනෙක් වෙනවා. සමහර විට ඇමැති කෙනෙක් වෙන්ඩත් පුළුවන්. එතකොට හරිනෙ.’ පුතා කීවේ ඉතා සැහැල්ලු ස්වරයකිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්