මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

ආසන 196ට 6151ක් තරග බිමේ

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

රටේ කවුරුත් උනන්දුවක් දක්වන මහමැතිවරණය හෙට (17) පැවැත්වේ. මහමැතිවරණය පවත්වන ක්‍රියාවලියේ ප්‍රධාන බලධාරියා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බලතල හා මැතිවරණ කොමසාරිස්වරයා ලෙස මෙම මැතිවරණය ගැන ඔහු දැක්වූ අදහස් මෙසේය.

• මැතිවරණයට සියල්ල සූදානම් මොහොතක ප්‍රචාරක කටයුතු පැය 48 තහනම් වන නිහඬ කාල සීමාවේදී එම තහනම නිසි ලෙසින් ක්‍රියාත්මක වේවිද?

ලබාදී තිබෙන උපදෙස් නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නම් කවුරුත් නීති ගරුක වෙනවා නම් මේ කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වේවි. අන්තර්ජාලය, ෆේස්බුක් හා ජංගම දුරකතන හරහා ලබා දෙන එස්එම්එස් කෙටි පණිවුඩ සහ පටිගත කරන ලද ඡන්ද ආයාචනා ඉල්ලීම් ද නොකරන ලෙස මේවා පාවිච්චි කරන සියලු දෙනාගෙන්මත් අපි ඉල්ලා සිටිනවා.

අපිට හොඳ ප්‍රතිචාරයක් මේ නිහඬ කාලසීමාව තුළ ඇති කර දේවි යයි විශ්වාස කරනවා. මේ හැර විදුලි සංදේශ නියාමන කොමිසමෙන් හා දුරකතන සේවා සපයා දෙන පෞද්ගලික ආයතනවලින් මේවා ජෑම් කිරීමට සහාය ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

• ව්‍යංග්‍යාර්ථයෙන් තම මනාප අංකය ප්‍රචාරය කරන අයගේ ක්‍රියා නතර කරන්නටත් පියවර ගන්නවද?

අපිට ලැබෙන පැමිණිලි හා ඉදිරිපත් වන කරුණු අනුව අයුතු ක්‍රියා වළක්වන්නට පියවර ගන්නවා.

• ගුවන් විදුලි නාළිකාවක් හෝ රූපවාහිනි නාළිකාවක් මැතිවරණයට එරෙහිව යම් ප්‍රචාරයක් කළොත් ගන්නා පියවර කුමක්ද?

මේවා පාලනය කර ගන්න අපට පුළුවන්. වරදක් කළහොත් ප්‍රතිඵල මෙවැනි වරද කළ නාළිකාවලට ලබා දෙන්නේ නැහැ.

• ඡන්ද පොළක යම් කලබලකාරී සිදුවීමක් වාර්තා වුවහොත් නැතිනම් ඡන්ද මගඩියක් සිදු වුවහොත් ගන්නා ක්‍රියා මාර්ගය කෙබඳුද?

සිද්ධිය අනුව ගත හැකි උපරිම ක්‍රියා මාර්ගය ගන්නවා. ඡන්ද වංචා කෝලාහල හා වෙනත් දරුණු තත්ත්වයක් උද්ගත වුවහොත් එම ඡන්ද පොළේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අවලංගු කිරීමට, කෝලාහලයක් නම් වෙඩි තැබීම වැනි ක්‍රියා මාර්ගයක් ගෙන තත්ත්වය පාලනය කර ගැනීමට වුවද පියවර ගන්නවා.

• පාර්ලිමේන්තු මහ මැතිවරණයක් නිසා මේ මැතිවරණයේදී තද නීතිරීති ක්‍රියාත්මක වෙනවද?

ජනාධිපතිවරයා ‍තෝරා ගන්න ඡන්දයට වඩා මහ මැතිවරණය ඡන්දදායකයාට වැදගත්. රටේ මහජනතාව ආණ්ඩුවක් හදන්න පවත්වන වැදගත්ම මැතිවරණ අවස්ථාවක්. රටේ සියලු නීතිරීති හදන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා අපි මහ මැතිවරණයට වැඩිම බලයක් යොදවා නිසි නීතිරීති අනුව මේ මැතිවරණය හරියට ම කරන්නයි කටයුතු යොදන්නේ.

• මනාප ඡන්ද ගණන් කිරීමේදී එක් අපේක්ෂකයකුගේ මනාප ඡන්ද බන්ඩලයක් හෝ කිහිපයක් වෙනත් කෙනකුගේ ගොඩට දමා වරදක් කරන්න ඉඩක් තියෙනවාද?

කොහෙත් ම නැහැ. මම වගකීමකින් කියනවා මනාප ඡන්ද බන්ඩල තවත් අපේක්ෂකයකුගේ මනාප ඡන්ද ‍ගොඩට දමන්න ගණන් කරන්න කොහෙත් ම අවකාශයක් නැහැ.

• ඡන්ද ගණන් කිරීමේදී අපේක්ෂකයන්ට හා නියෝජිතයන්ට ගණන් කරන ස්ථානයේ රැඳී සිටින්න අවකාශ තියෙනවාද?

මේ සියලු දෙනා ඉදිරිපිටයි අපි ඡන්ද ගණන් කරන්නේ. හොරයක් බොරුවක් කරන්න කොහෙත්ම ඉඩක් නැහැ.

• මනාප ඡන්ද ගණන් කිරීමේදී අඩුවෙන් ලබාගෙන ඇති අපේක්ෂකයන්ගේ නියෝජිතයන් එහි රඳවා ගන්නවද?

පරාද වෙලා ඡන්ද හුඟාක්ම අඩුවෙන් ලබාගෙන තිබෙන අපේක්ෂකයන්ගේ නියෝජිතයන් ගණන් කිරීමේ ස්ථානවල රඳවා ගෙන සිටීම අවශ්‍ය ‍වන්නේ නැහැ.

• මෙවර මැතිවරණයේදී ඡන්දදායකයාට ඔබ ලබා දෙන පණිවුඩය කුමක්ද?

හැකිතාක් වේලාසනම ‍ගොස් ඡන්ද ලබා දෙන්න. ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාව තහවුරු කිරීමට පිළිගත් අනිකුත් හැඳුනුම්පතක් රැගෙන ඡන්ද කාඩ්පත ද රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට යන්න. ඡන්ද කාඩ්පත නැතත් ජාතික හැඳුනුම්පත නම් අත්‍යවශ්‍ය දෙයක්.

ජාතික හැඳුනුම්පත - විදේශ ගමන් බලපත්‍රය විශ්‍රාම වැටුප් හැඳුනුම්පත - ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත භික්ෂුවක් නම් භික්ෂු හැඳුනුම්පත ආදිය පිළිගත් හැඳුනුම්පත් ලෙස සැලකේ.

මේවා එකක්වත් නැති අය ග්‍රාම සේවක හරහා මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව සකස් කළ තාවකාලික හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කළ හැකිය.

සේවා ආයතනවලින් නිකුත් කර ඇති හැඳුනුම්පත් වලංගු නොවේ. ජාතික හැඳුනුම්පත හෝ පිළිගත් හැඳුනුම්පතක් නොමැතිව ඡන්දය පාවිච්චි කිරීමට කිසිම තැනැත්තකුට අවකාශ නොමැත.

ඡන්දයට එරෙහිව නීති විරෝධි ක්‍රියාවලට හවුල් වෙන්න එපා යන පණිවුඩය ද මම සියලුම ඡන්දදායකයන්ට මතක් කර සිටිනවා. වෙබ් අඩවිවලට මත ප්‍රකාශ කරන්නත් එපා.

නිහඬ කාල සීමාවේත් ඡන්දය දිනන්න නීති විරෝධි මැතිවරණ ක්‍රියා සිදුවන්නේ නම් අපි හඳුන්වා දෙන අංකයකට කතා කර දැනුම් දෙන්න.

ඡන්දය නිසි ලෙස පවත්වා සාමකාමී මැතිවරණයක් ලෙස මහමැතිවරණය සාර්ථක කර ගන්නයි අපගේ බලාපොරොත්තුව. සියලු දෙනා ඒ සඳහා සහයෝගය ලබා දෙනවා ඇතැයි අපේක්ෂා කරනවා. සාමකාමීව නීති ගරුකව සාධාරණ හා යුක්ති සහගත මහ මැතිවරණයක් ලෙස මේ මහ මැතිවරණය පවත්වන්න සියලු දෙනාගේම සහාය ලැබෙන්නේ නම් එය සාර්ථක කැර ගත හැකියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්