X
Loading Image...
සිළුමිණ අන්තර්ජාල සංස්කරණය: ලේක්හවුස් - ශ්‍රී ලංකා : Silumina e edition

ජනපතිගෙන් ලිපියක්

 මහින්දට අගමැතිකම නෑ

එළැ­ඹෙන මහ මැති­ව­ර­ණ­යේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යට පාර්ලි­මේ­න්තුවේ බහු­තර ආසන සංඛ්‍යා­වක් හිමි වූවත් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා අග­මැති වශ­යෙන් පත් නොක­රන බව ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක්

ඒ අනුව සන්ධා­නය ජය­ග්‍ර­හණ කළ­හොත් නිමල් සිරි­පාල ද සිල්වා, ජෝන් සෙනෙ­වි­රත්න, චමල් රාජ­පක්ෂ, ආතා­වුද සෙනෙ­වි­රත්න, ඒ.එච්.එ‍ම්. ෆවුසි, සුසිල් ප්‍රේම්ජ­යන්ත් සහ අනුර ප්‍රිය­ද­ර්ශන යාපා යන මහ­ත්ව­රු­න්ගෙන් කෙනෙකු පත් කිරී­මට සහ‍යෝ­ගය දෙන ලෙස ද ජනා­ධි­ප­ති­ව­රයා හිටපු ජන­පති රාජ­පක්ෂ මහ­තාට දැනුම් දී තිබේ.‍ ජනා­ධි­ප­ති­ව­රයා මේ ලිපිය යවා ඇත්තේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­ප­ති­ව­රයා වශ­යෙනි.

විස්තර »

දේශ­පා­ල­නය පිරි­සිදු කිරීම සඳහා...!

නීති විරෝ­ධීව අලවා තිබුණු පෝස්ටර් පොලී­සිය විසින් ගලවා දමන ලද අව­ස්ථා­වක්.
 

මැකො පොලී­සි­යට

සාම­කාමී මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට බාධා කරන ඕනෑම අය­කුට හෝ පාර්ශ්ව­ය­කට එරෙ­හිව වෙඩි තැබීම දක්වා වන ඕනෑම ආර­ක්ෂා­කාරී ක්‍රියාමාර්ග­යක් ගැනී­මට පොලි­සි­යට බලය දී ඇති බව මැති­ව­රණ කොම­සා­රිස් මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරයි.  . . .

විස්තර »

ආසන 196ට 6151ක් තරග බිමේ

නිදහස් ලංකාවේ පහළොස් වැනි පාර්ලිමේන්තුවට මහජන ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීම හෙට (17) පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා රට පුරා පැවැත්වේ. මේ ඡන්දයට මහජන නියෝජනය තෝරා පත් කර ගැනීමට 2014 මැතිවරණ නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින ඡන්දදායකයෝ 15044490   . . .

විස්තර »

එජාපෙ විශිෂ්ට ජයක්

- සජිත් ප්‍රේම­දාස

මෙදා පව­ත්වන මහ මැති­ව­ර­ණ­යේදී මහින්ද රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිද­හස් සන්ධාන කණ්ඩා­යම ලක්ෂ 10කින් පරා­ජ­යට පත් කර එක්සත් ජාතික පක්ෂය විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් උදා­කර ගන්නා බව නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේම­දාස මහතා කීය. “මහින්ද මහ­ත්මයා මටයි මගේ පවුලේ අය­ටයි මඩ ගහන්නේ ‘පැර­චු­ට්කා­රයා’ කිය­ලා?.

 විස්තර »

අලුත් රටක් හද­නවා

- සුසිල් ප්‍රේම්ජ­යන්ත්

අගෝස්තු 18 වැනිදා වන විට අලුත් ගම­න­කට මුල පුර­මින් පණ ඇති රටක් එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය සමඟ නිර්මා­ණය කරන බව එජ­නිස මහ ලේකම් සුසිල් ප්‍රේම්ජ­යන්ත් මහතා පැව­සීය. සන්ධා­නයේ නායක ලෙස මෛත්‍රි­පාල සිරි­සේන ජනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රාර්ථ­නය සන්ධා­නයේ ජය­ග්‍ර­හ­ණය බවත් මහින්ද - මෛත්‍රි   . . .

විස්තර »

කාට­වත් තනිව ආණ්ඩු­වක් පිහි­ටු­වන්න බෑ

- විජිත හේරත්

මේ මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආණ්ඩුවක් පිහිටුවන්න කිසිසේත් නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් ජ.වි.පෙ. අපේක්ෂක කණ්ඩායමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න නොහැකි බවත් මෙවැනි තත්ත්වයක් යටතේ නිසැකවම හවුල් ආණ්ඩුවක් නිර්මාණය . . .

විස්තර »

 
 

 

 
 


o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්