මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සල්මන්ගේ හොඳම රඟපෑම

සල්මන්ගේ හොඳම රඟපෑම

සල්මන් ඛාන් - කරීනා කපූර් රඟන නවතම බොලිවුඩ් චිත්‍රපටය. ‘බජ්රන් ගී බහායිජාන්’ මේ වන විට ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා බොහොමයක් බිඳ දමමින් අමීර් ඛාන් - කත්‍රිනා කායිෆ් රඟපෑ ‘පී.කේ’ සිනමාපටයේ ආදායම් වාර්තාවනට ද අභියෝග එල්ල කරමින් සිටියි. ඉන්දීය රුපියල් කෝටි 90ක වියදමින් තැනුණු ‘බජ්රන්ගි - බහායිජාන්’ ප්‍රදර්ශනය අරඹා තුන්වන සතිය අග වන විට උපයා තිබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 303කි. බොහෝ සිනමා රසිකයන් පවසන්නේ සල්මන් ඛාන් රඟන ‘බජ්රන්ගි බහායිජාන්’ අමීර් ඛාන් ගේ ‘පී.කේ’ සිනමා පටය පිහිටුවූ සියලු ආදායම් වාර්තා බිඳ දමනු ඇත කියායි.

කබීර් ඛාන් ගේ අධ්‍යක්ෂණයක් වන ‘බජ්රන්ගි බහායිජාන්’ ගී තිර රචනය මේ වන විට සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබෙන ‘බාහු බාලි’ චිත්‍රපටයේ තිර රචක වී. විජයේනු ප්‍රසාද් ගේය.

පාකිස්තානයේ අසාද් කෂ්මීර් ප්‍රදේශයේ සුල්තාන්පූර් ගම්මානයේ මුස්ලිම් පවුලක් රූපවාහිනිය නරඹමින් සිටිනු දක්වමින් චිත්‍රපටය ආරම්භ වෙයි. එතැන සිටි ගර්භණි මාතාවට කුස ඇතුළත සිටින දරුවා පයින් ගසනු දැනෙන මොහොතේ රූපවාහිනියෙන් පෙනෙන්නේ ෂහීඩ් අෆ්රිඩිගේ නායකත්වයෙන් යුතු පාකිස්තානය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පරදවා ජය ලබන ආකාරයයි. එම මාතාව උපත ලබා දෙන දැරියට කතා කිරීමේ ශක්තිය නැත. මව දැරිය ඉන්දියාවේ දිල්ලි නගරයේ පූජනීය ස්ථානයකට කැඳවා ගෙන යාමට තීරණය කරන්නේ එහිදී තම දියණියට කතා කිරීමේ ශක්තිය ලබා දෙන්නැයි දෙවියන්ට යාඥා කරනු පිණිසය.

ගමන සිදුවන්නේ දුම්රියෙනි. රෑ මැදියම දුම්රිය අතරමඟ නතර කරන්නේ නියමිත විදුලි සංඥා ලැබෙනතුරුය. අනෙක් සියලු දෙන නින්දේ පසුවෙද්දී දුම්රියෙන් පිටත එළිමහනේ සැරිසරන සාවකු දකින දැරිය දුම්රියෙන් බැස ඌ හා සෙල්ලමේ යෙදෙයි. ඒ අතරතුර දුම්රිය යළි ගමන් අරඹයි. ඒ බව දකින දැරිය ෂනීඩා දුම්රිය පසුපස කෑගසමින් දිව ගියත් කිසිවකුට ඇගේ කෑගෑම ඇසෙන්නේ නැත. දුම්රිය නතර කෙරෙන්නේ ද නැත. ඇය ඉන්දියාවේ අතරමං වෙයි.

තුරු ක්ෂේත්‍ර හි දී ඇයට හමුවන්නේ ශ්‍රී හනුමාන් හෙවත් පවන් කුමාර් චතුර්වේදී නමැති බ්‍රාහ්මණයාය. ඔහු ෂහීඩාට කතාවක් කියා දෙයි. චිත්‍රපටයේ කතා පුවත දිග හැරෙන්නේ ඒ සමඟිනි.

සල්මන් ඛාන්, කරීනා කපූර්, හර්ෂාලි මල්හෝත්‍රා, ශවාසුදින් සිද්දිකි, මෙහෙර් විජ්, කමලේෂ් ගිල් ආදී නළු නිළියන් රඟන මෙම චිත්‍රපටයේ ගීත 11කි. ප්‍රීතම් මෙහි පසුබිම් සංගීත අධ්‍යක්ෂණය කර තිබේ.

විචාරක ප්‍රසාදයට පාත්‍ර වී ඇති මෙම චිත්‍රපටයෙන් එතෙක් මෙතෙක් සල්මන් ඛාන් ගේ හොඳම රඟපෑම් දැක ගන්නට ලැබෙතැයි ද සමහර විචාරකයෝ පවසති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්