මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කිසිම දේකට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ

කිසිම දේකට ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ

 - උමයංගනා වික්‍රමසිංහ

රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

2003- 2004 කියන වසර වලදි වේදිකාවේ පොඩි පොඩි වැඩමුළු කිහිපයකට සම්බන්ධ වුණා. නමුත් රංගන ශිල්පිනියක් ලෙස මුලින්ම පුංචි තිරයට පිවිසෙන්නේ ‘කටු ඉඹුල ‘ කියන ප්‍රාසාංගික නාට්‍යයේ ‘කොයින් මැණිකේ‘ යන චරිතයෙන්.

ක්ෂේත්‍රයේ ඔබට කියන වෙනත් නම්?

විශේෂ නම් නැහැ. සමහරු උමි කියලා නම් කියනවා.

ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩියෙන් ලැබුණු චරිතය?

‘ජීවිතේ ලස්සනයි ‘ ටෙලි නාට්‍යයේ ධනංජනා සහ ‘ඉතින් ඊට පස්සේ‘ හී දේදුනු ලෙස බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා.

මෙතෙක් කළ චරිත අතුරෙන් වඩාත් ඔබ සිත් ගත් චරිතය?

2013 හොඳම නිළිය සඳහා නිර්දේශ වූණු 'පියවි' ටෙලි නාට්‍යයේ වෛද්‍ය ඉන්දී සහ ‘ෆෙන්ෂුයි ගෙදර‘ සෝමලතා මට ලැබුණු වෙනස් චරිත දෙකක් නිසා ඒ චරිත මට විශේෂයි.

රංගනය පිළිබඳ ඔබට ලැබුණු අමතක නොවන ඔවදන?

විශේෂ යමක් නැහැ. හැමෝටම ආධුනික කාලයක් තියෙනවා. ඉතින් එදා සිට අද දක්වාම මම ප්‍රවීණයන්ගෙන් මට ලැබුණු ගුරුහරුකම් පිළිගනිමින් ඒවා මනාව අවබෝධ කරගනිමින් මගේ හැකියාව ඔපවත් කරගන්නවා.

ඔබට හමුවු හොඳම අධ්‍යක්ෂවරයා?

රංගන ශිල්පිනියක් වශයෙන් මෙතෙක් වැඩ කළ හැම අධ්‍යක්ෂ වරයෙක්ම හොඳයි. විශේෂයෙන් ප්‍රසන්න ජයකොඩි, බූඩි කිර්තිසේන අධ්‍යක්ෂණය කළ වෙළෙද දැන්වීම් කිහිපයකට මම සම්බන්ධ වුණා. එවැනි අධ්‍යක්ෂවරු යටතේ එවැනි නිර්මාණයකින් හෝ සම්බන්ධ වීම ගැන මම සතුටු වෙනවා.මෙතෙක් සම්බන්ධ නොවුණු නමුත් ඔවුන් හා වැඩ කරන්න කැමැති කිහිප දෙනෙකුත් ඉන්නවා.

මෙතෙක් නොලැබුණු නමුත් රංගනයේ යෙදෙන්න කැමැති චරිතය?

මම කවදාවත් හිතලා නැහැ මට මේ මේ වගේ චරිත ලැබුණා නම් හොඳයි කියලා. මම හොයන්නේ චරිත නෙමෙයි. මම වෙහෙසෙන්නේ මට ලැබෙන චරිතය මොකක් වුණත් ඊට යම් වෙනසක් කරමින් ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරන්නයි.

රංගන ජිවිතයේ අමතකම නොවන සිදුවීම?

එහෙම දැනිලා නැති නිසා අමතක නොවන සිදුවීමක් ඇත්තටම මතකයේ නැහැ.

සම්මාන පිළිබඳ ඔබේ අදහස?

අපේ හැකියාව ඇගයීමකට ලක් කිරිමයි ඉන් වෙන්නේ. සම්මාන දීම පිළිබඳ දැන් විවිධ අදහස් තිබෙන නිසා සාර්ථක ඇගයීමකට ලක් වෙමින් සාධාරණ ලෙස සම්මානයක් ලැබීම වාසනාවක් ලෙසයි මට හිතෙන්නේ.

රංගන ශිල්පිනියක් වශයෙන් කලකිරිමට පත් වූ මොහොතක්?

කලකිරීමක් ඇති විය යුතු සිදුවීම් තිබුණත් මම කිසිම දෙයකට ඇලෙන ගැටෙන කෙනෙක් නොවෙන නිසා මගේ රංගන ජීවිතයේ එවැනි කලකිරිමක් නැහැ.

ක්ෂේත්‍රයේ හමුවු හොඳම මිතුරු මිතුරියන්?

එක්කෙනෙක් කියලා නැහැ. වැඩිහිටි පරම්පරාවේ සිට අලුත් පරම්පරාව දක්වාම ගොඩ දෙනෙක් ඉන්නවා.

තිරයේ හමු වූ හොඳම පෙම්වතා?

තිරයේ මගේ මුල්ම පෙම්වතා වුණේ පාලිත සිල්වා. ඊට පසු බොහෝ දෙනෙක් එක්ක මං වැඩ කරලා තියෙනවා. ඒ හැමෝගෙන්ම හොඳ සහායක් ලැබුණා.

රංගන ශිල්පිනියක් ලෙස ඔබ අයිති කුලකය?

ප්‍රවීණත්වය කියන දේ කොතනින් සීමා වෙනවද කියන්න මං දන්නේ නැහැ. මට හිතෙන විදිහට ප්‍රවීණ කුලකයට අයිති වෙන්න යම් විශාල කාල පරාසයක් තියෙන්න ඕනේ. ජනප්‍රියත්වය කියන දේත් වෙනස් වෙමින් බිහි වන නව නිර්මාණ සමගම කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒ නිසා මගේ රංගන කුසලතාව ඔපමට්ටම් කරගෙන රංගන ශිල්පිනියක් වශයෙන් හැකි තාක් දුර යන්නයි මගේ අරමුණ.

රංගන ශිල්පිනියක් නොවුණා නම්?

උසස් පෙළින් පසු ඖෂධවේදිනියක් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ මාව තෝරා ගෙන තිබුණා. නමුත් රංගනය වෙනුවෙන් ඒ රැකියාව මං අතහැරියා. ඉතින් රංගන ශිල්පිනියක් නොවුණා නම් අනිවාර්යෙන්ම මම ඖෂධවේදිනියක් වේවි.

ඔබෙන් පසු බිහි වූ පරපුර ගැන ඔබේ අදහස?

මේ ක්ෂේත්‍රයට පිවිසීමේදි හැකියාව සහ දක්ෂතාව පමණක් මදි. මිනිස්සු එක්ක ගනුදෙනු කිරීමට බුද්ධියක් සහ අවබෝධයක් තිබිය යුතුයි. එනිසා මේ ක්ෂේත්‍රයට පිවිසෙද්දි ඒ ගැන අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. නමුත් මේ ක්ෂේත්‍රයට පිවිසුණාට පසුව හෝ ඒ පිළිබඳ අධ්‍යයනයක් කරනවා නම් හොඳයි කියලා මං හිතනවා. එතකොට සෑම දෙයක් ගැනම මනා අවබෝධයකින් ගනු දෙනු කරන්න පුළුවන්. එහෙම වුණොත් සාර්ථක ගමනක් යන්න පුළුවනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්