මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»

අපේ ඉතිහාසයේ සංගා
ක්‍රිකට්

අපේ ඉතිහාසයේ සංගා

- මහේල ජයවර්ධන

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා සංගායි. සංගා ටෙස්ට් - එක්දින සහ විස්සයි 20 තරගවල දක්වා ඇති දක්ෂතා තුළින් මේ බව පැහැදිලිව පෙනෙන්න තිබෙන බව මහේල ජයවර්ධන පවසයි.

සංගා සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයට සමුදීමේ තරගයට එක්ව සිටින අතර, අද එකී තරගයේ අවසන් දිනයයි.

“මම කැමති ක්‍රීඩාංගණයක අවසන් තරගයට ක්‍රීඩා කරන්න තියෙනවා නම් ඊට වඩා සතුටක් තවත් නෑ. ඒ වුණාට අපි හිතන පතන හැම දෙයක්ම ඒ විදියටම සිද්ධ වෙන්නේ නෑ.”

සංගා පාකිස්ථානය සමඟ පී. සරා ඕවල් පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර තමා ටෙස්ට් පිටියට ස්ථිර වශයෙන්ම සමුදෙන බව ප්‍රකාශ කළේය.

සංගා සිය ටෙස්ට් තරග දිවියට සමු දෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණය වන පී. සරා ඕවල් පිටියේදීය. ඒ ඉන්දු - ලංකා දෙවැනි ටෙස්ට් තරගයේදීය.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගයට එක් වූ 11 දෙනාගෙන් කිසිම ක්‍රීඩකයකු පී. සරා ඕවල් පිටියෙන් සිය ටෙස්ට් දිවිය නිමා කර ගෙන නොමැති වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පී. සරා පිටියෙන් සිය ටෙස්ට් දිවියට සමු දුන් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වා. ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ 27 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස 1984 එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් පිටියෙන් තරග දිවිය අරඹා පී. සරා පිටියෙන් ටෙස්ට් දිවියට සමු දුන්නේ 2007 දී බංග්ලාදේශයට එරෙහිවය.

පී. සරා ඕවල් පිටියේ වැඩිම ලකුණුලාභියා වන්නේද සංගායි. පී. සරා ඕවල් පිටියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා සහ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර ඉනිමක වැඩිම ලකුණුලාභියා වන අරවින්ද ද සිල්වායි.

පී. සරා ඕවල් පිටියේ මෙතෙක් වාර්තා වී ඇති ද්වි ශතක සංඛ්‍යාව තුනකි. නවසීලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින් ඉනිමක වැඩිම ලකුණුලාභියා වන විට අරවින්ද ද සිල්වා සහ සංගා සෙසු ද්විශතකලාභින් වේ. සංගා සහ අරවින්ද බංග්ලාදේශයට එරෙහිව මෙම ද්විශතක රැස් කර තිබේ.

ගාලු ක්‍රීඩාංගණයේ සම වැඩිම තරග සංඛ්‍යාවකට එක්ව සිටින්නේ සංගා සහ මහේලයි. දෙදෙනාම ගාලු ක්‍රීඩාංගණයේ තරග 23 බැගින් ක්‍රීඩා කර තිබේ. වැඩිම ලකුණුලාභියා සහ ඉනිමක වැඩිම ලකුණුලාභියා මහේල ජයවර්ධනයි. සංගා සහ මහේල ශතක හත බැගින් රැස් කරමින් වැඩිම ශතකලාභින් වීමට සමත්ව තිබේ.

පී. සරා ඕවල් පිටියේ වැඩිම තරග සංඛ්‍යාවකට එක්ව ඇත්තේ සංගායි. සංගා දැනට ටෙස්ට් තරග 11 කට එක්ව තිබේ. සංගා පී. සරා ඕවල් පිටියේ එක්වන අවසන් තරගය 20 - 24 දක්වා පැවැත්වේ. පී. සරා ඕවල් පිටියේ වැඩිම ශතක ලාභියා අරවින්ද ද සිල්වායි. අරවින්ද ශතක තුනක් රැස් කර තිබේ. සංගා මහේල සහ තිලාන් සමරවීර සම ශතකලාභින් වෙමින් ශතක දෙක බැගින් රැස් කර තිබේ.

ටෙස්ට් පිටියේ වමත් පිතිකරුවන් අතර වැඩිම ලකුණුලාභියා වන්නේ සංගායි. සංගා ගාලු පිටියට පිවිසෙන විට තරග 132 කදී ලකුණු 12305 ක් රැස් කර තිබේ. සමස්ත ටෙස්ට් පිටියේ වැඩිම ලකුණුලාභි පිතිකරුවන් අතර හොඳම සාමාන්‍යය හිමි කර ගෙන සිටින සංගාගේ සාමාන්‍යය 58.04 කි. එමෙන්ම වැඩිම ලකුණුලාභි පිතිකරුවන් අතර ඉනිමක වැඩිම ලකුණුලාභියා වන්නේද සංගායි. මෙකී පිතිකරුවන් අතර එකම ත්‍රිත්ව ශතකලාභියා ද සංගායි.

ටෙස්ට් පිටියේ වැඩිම ද්විශතකලාභියා වන සර් ඩොන් බ්‍රැඩ්මන්ගේ ද්වි ශතක 12 අභියස සිටින සංගා ද්විශතක 11 ක් රැස් කර ගෙන තිබේ. සර් ඩොන් බ්‍රැඩ්මන් 1932 දී දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 299 ක් රැස් කර තිබේ. සංගා 2012 දී පාකිස්තානයට එරෙහිව නොදැවී 199 ක් රැස් කර තිබේ.

සංගා 2007 ජූලි සහ දෙසැම්බර් අතර කාලයේ ටෙස්ට් තරග 4 කදී පිට පිට ලකුණු 150 සීමාව සිවුවතාවක් ඉක්මවා යමින් මෙවන් දක්ෂතාවක් දැක්වූ එකම පිතිකරුවා බවට පත්වීමට ද සමත්ව තිබේ.

සංගා අවසන් වරට පාකිස්ථානයට එරෙහිව ගාලු ක්‍රීඩාංගණයේ අර්ධ ශතකයක් සමඟ ලකුණු 68 ක් රැස් කළ අතර, පී. සරා ඕවල් පිටියේ ලකුණු 34 කට දැවී ගියේය. සංගා අවසන් වරට පිට පිට ද්විශතක දෙකක් රැස් කර තිබේ. ඒ පාකිස්ථානයට එරෙහිව ගාල්ලේදී සහ නවසීලන්තයට එරෙහිව වෙලිංටන්හිදීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්