X
Loading Image...
 
 

මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිළුමිණ: රසඳුන - ටෙලි විනෝදය

ටෙලි විනෝදය

ඉන්ද්‍රචාපගේ සමීප රූප ආපහු බලාගෙන යන කල, අපූරු ටෙලි කොමඩි රැසක, රූප රාමු පෙනේ. නාළිකාව කුමක් වුවත්, ටෙලි කොමඩි රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් එසේ හමුවන අතීත රූප රාමු තුළ වේ. කොමඩි හෙවත් ප්‍රහසන නරඹන්නට ප්‍රේක්ෂකයෝ කැමැතිය. ගුවන් විදුලියෙන් විනෝද සමය ඔස්සේ දෙසවනට ළං වූ ප්‍රහසන ශිල්පීන් ත්‍රිත්වය, පසු කාලයක රූපවාහිනි මාධ්‍යයෙන් ද අපි ඉදිරියේ පෙනී සිටිමින් ඉන්ද්‍රචාපගේ සමීප රූප අතර සටහන් වී සිටී. සැමුවෙල්, ඇනස්ලි, බර්ටි ත්‍රිත්වයට ළං වන්නට සමත් එක'දු රේඩියෝ කොමඩි ශිල්පියෙක් හෝ ටෙලි කොමඩි ශිල්පියෙක් හෝ සමීප රූප අතර ඉන්ද්‍රචාපට හමු නොවේ.

එහෙත් විශේෂයෙන් ම ටෙලි කොමඩියට හපන්කම් පානා ටෙලි කොමඩි ආර්ටිස්ට්ලා කීපදෙනෙකුගේ රූප නම් සමීප රූපයට එක්වී ඇති බව ඉන්ද්‍රචාප දනී. ආනන්ද වික්‍රමගේ, විජය නන්දසිරි, සේමිණි ඉද්දමල්ගොඩ, කුසුම් රේණු, බන්දුල විජේවීර, ජයලත් මනෝරත්න, දයා අල්විස්, සිරිල් ධර්මවර්ධන, හේමසිරි ලියනගේ, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න හා තවත් ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනෙකුගේ ම සමීප රූප පෙළ ගැසේ. මේ අතරින් බොහෝ දෙනෙකුගේ මුහුණු ‘බෝඩිම’ මඟින්ද ‘පටලැවිල්ල’ වැනි ටෙලි කොමඩියකින් ද දැක ගන්නට ලැබුණි.

අපගේ බොහෝ රූපවාහිනී නාළිකා තුළ ටෙලි කොමඩියට හිමිවන ස්ථානය එතරම් වැදගත් නොවන බවක් පෙනේ. එහෙත් ඉන්ද්‍රචාප ගේ වැටහීම අනුව නම් රූපවාහිනී නාළිකාවල විකාශය වන බොළඳ ටෙලිනාට්‍ය මාලාවන්ට වඩා ඉඳහිට ‍හෝ විකාශය කරනු ලබන ටෙලි කොමඩියකට ප්‍රේක්ෂකයන් ඇලුම් කරන බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය.

ආරම්භ වූ තැන පටන් හඬා වැටෙන, පවුල් අවුල්, අනියම් ප්‍රේම සබඳතා, සාමාන්‍ය ප්‍රේක්ෂක ජීවිතවලට හසු නොවන, ළං නොවන, සුරංගනා කතා නරඹනු වෙනුවට හොඳ විනෝදාස්වාදය සපයන, සැබෑ නළු නිළි රංගනයෙන් හෙබි ප්‍රහසනාත්මක ටෙලි කොමඩියකට, රූපවාහිනී ගුවන් කාලයක් තුළ ඉඩක් ලැබෙන බව ඉන්ද්‍රචාපගේ හැඟීමයි. හොඳ ටෙලි කොමඩියකින් කොමඩියේ වූ ප්‍රහසනයට යටින් දිවෙන ජීවිතය පිළිබඳ සත්‍යය හෙළිදරවු වේ.

රූපවාහිනී නාළිකා විසින් නිෂ්පාදනය කොට හෝ, බාහිර නිෂ්පාදකයන් විසින් නිර්මාණය කොට දෙනු ලබන ටෙලි කොමඩි විකාශය නොවූවද, පසුගිය සතියක දෙකක පමණ කාලයක් තුළ වසර ගණනාවකට නරඹන්නට නොලැබෙන වර්ගයේ අපූරු ටෙලි කොමඩි රැසක් ම දිනපතා රාත්‍රි‍ෙය් සියලුම නාළිකා ඔස්සේ විකාශය වනු ඉන්ද්‍රචාපට දකින්නට ලැබිණ. හොඳ ටෙලි කොමඩියක් නැරඹූ පසු ප්‍රේක්ෂකයන්ට දැනෙන සැහැල්ලුව, ආස්වාදය නිසා ඔවුන්ගේ සිරුරේ රුධිරය පිරිසිදු වේ යයි ඉන්ද්‍රචාප කල්පනා කරයි. එහෙත් මේ දිනවල විකාශය වන ටෙලි කොමඩි නැරඹූ පසු ලේ පිරිසිදු වීම කෙසේ වෙතත් ලේ කෝප වී ඒවායේ රඟපාන චරිත කෙරෙහි ක්‍රෝධයක් හෝ වෛරයක් ඇති වේ.

එක් අතකින් මේ දිනවල දේශපාලන සටන්, සංවාද හෝ වෙනත් ඉරකට සම්බන්ධ වන ඇතැම් දේශපාලුවන්ගේ විකට රංගන ප්‍රේක්ෂක සිත්හි විනෝදයක් ඇති කරන මුත් ඇතැම් විටෙක මේ දේශපාලුවන් එකිනෙකා ගහමරා ගන්නට සැරසෙන ජවනිකා ප්‍රේක්ෂකයන් තුළ භීතිය, සන්ත්‍රාසය දනවයි. ඉඳහිට හෝ ඉන්ද්‍රචාප මෙන් ම සාමාන්‍ය ප්‍රේක්ෂකයා ද නැරඹූ ටෙලි කොමඩියකින් මතු වූ හාස්‍යය, උපාහාසය, දේශපාලු විකටයන්ගේ රංගන තුළින් නොලැබෙන බව පවසන්නට සිදුවේ. මේ දිවල රූපවාහිනී නාළිකා ඔස්සේ අපගේ නිවෙස් විසිත්ත කාමර තුළට රිංගන පොලිටිකල් කවටයන් අතර කවටියන් ද ඉඳහිට දකින්නට ලැබේ. වසර පහකට හෝ හයකට වරක් මේ විකටයන් ද විකටියන් ද මුද්‍රිත මාධ්‍ය පත්තර පිටු සිය ගණන් බදුගෙන රූපවාහිනී නාළිකා, ගුවන් විදුලිය, අන්තර්ජාලය බදු ගෙන, විකාශය කෙරෙන, විසුරුවා හරිනු ලබන, විකට රංගන සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට විනෝදාස්වාදය නොගෙනෙන බව, ඔවුන්ට නොවැටහීම පුදුමයකි.

ඉදිරි සතියේ සිට, රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ගුවන් විදුලි ශ්‍රාවකයන්ට, සැනසුම් සුසුමක් හෙළා, සුපුරුදු ටෙලි නාට්‍ය කොමඩියට එක්වන්නට ඉඩ සැලසෙනු ඇත. අද දහසයවැනිදා. දහඅට වැනිදා සිට නරඹන්නට ලැබෙන වැඩසටහන් තුළින් ද ටෙලි කොමඩි අත්දැකීමට ඉන්ද්‍රචාප ඇතුළු සියලුම රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට සහභාගීවීමට ඉඩ ලැබෙනු නිසැකය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්