මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

.


පුංචි පැළේ ගසවෙනා

මගේ දහම් පාසල සුන්ද­රයි

මගේ දහම් පාසලේ නම ශ්‍රී විජ­ය­ති­ලක දහම් පාස­ලයි. එය පිහිටා තියෙන්නේ පිංහේ­නේයි. එහි ස්වාමීන් වහන්සේ විශාල ප්‍රමා­ණ­යක් වැඩ සිටිති. උදෑ­සන අවදි වී දහම් පාසල වෙත එන ළමයි කොකුන් රෑනක් සේ පේළි­යට පන්ති­යට පැමිණ වාඩිවී සීනුව නාද කළ පසු මල් පෝලිම අත­ග­ස්සවා ගාථා කීමට පටන් ගනිති. ඉන් පසු පාඩම පටන් ගනියි. දහම් පාසලේ මල් වවා පැළ සිටුවා තිබේ.

නෙත්මි තරුෂි කෞශල්‍යා
7 ශ්‍රේණිය ‘බී’,
ශ්‍රී විජ­ය­ති­ලක දහම් පාසල,
පන්නි­පි­ටිය
 

මහ ගස

පෙර දිනක ඔබ සේම
මමත් මහ ලොකු ගහක්
අතු පතර විහි­දාන
පැති­රු­වෙමි තෙද බලත්

කරට කර තර­ග­යට
ආපු පොඩි පැළ උනත්
මගේ තෙද අබි­මුවේ
උනා පර­ඬැල් ගොඩක්

අතු පතර විහි­දු­‍ෙණන්
සෙවණ ලැබුවා යමෙක්
සෙවණ ලද ඇසි­ල්ලෙන්
චාටු බස් ලද නොයෙක්

සෙවණ ලැබු අතු රිකිලි
දෙස බලා නැවත විත්
දරට යැයි කිය කියා
ගෙන ගියා නැතිව සිත්

දෙනෙත් අග ඇද හැලෙන
කඳුළු දැන් මට සුවයි
පණ ගසන හද­වතේ
රිද්ම­යත් මට හුරුයි

නුදුරු වස්සා­නයේ
දළු දමා යළිත් මම
පසුව එන වස­න්තය
සෙවණ දෙමි හුරු සේම

චනූක මධු­ෂාන්
12 ශ්‍රේණිය ‘පී’,
බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලය,
ගම්පහ
 

මිනි­සුනේ එපා

සොබා­ද­හම් මෑණි­යනි
ඔබ­ගෙන් ලද
වටි­නාම සම්පත
සුපි­රි­සිදු ජල බිංදු­වයි
නමුදු
කම්හ­ලින් පිට­ක­රන
අප­ද්‍රව්‍ය
කුඹු­රට ඉසින වස විස
නිවසේ කැළි කසල
මුදා හැර නොයෙක් අත
සුපි­රි­සිදු ජලය අපි­රි­සිදු කරන්නේ
මිනි­සු­න්මයි
ඇයි ද මන්දා
අනා­ගත ලොවට
රෝගී පර­පු­රක්
දායාද කිරී­මට
මිනි­සුන් වෙහෙ­සෙන්නේ

ඒ.එච්. බුද්ධිකා සංජී­වනී
9 ශ්‍රේණිය ‘බී’,
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය,
හැදු­ණු­වැව.
 

ගඟක් අසල රාත්‍රි­යක්

රාත්‍රි අහසේ සඳු­ගෙන් ලැබෙන ආ‍ලෝකය ගඟ අලං­කාර කරයි. සේල­යක් සේ ගලා යන ගඟ ඉතා­මත් චම­ත්කාර දසු­නක්. ගංගාවේ සිටින බට්ටෝ මාළු උඩ පැන පැන නටති. සඳ එළි­යෙන් ගංඟාව ආලෝ­ක­වත් වේ. හුංගන් මගු­රන් වැනි මාළු මඩ යට සැඟවී සිටිති. මඩ යට සිටින කාව­යි­යන් කළු ගල් කැට සේ යැයි මට සිතේ. රාත්‍රි අහසේ දිලෙන තරු ගංගාවේ සිටින රිදී පාටින් දි‍ලිසෙන මාළුන්ට සමා­නය. ස‍ඳෙහි ආලෝ­ක­වත් බව නිසා මුළු ගංගාව එළිය වේ.

ඩබ්ලිව්.ඒ. ලෝචන ගයාන්
7 ශ්‍රේණිය,
ගුරු­ගෙ­දර, සපු­ග­ස්කන්ද
 

සාර­ධර්ම සුර­කිමු

‘කුඩා කල සිටම චිත්‍ර කර්ම අභ්‍යාස
කරන්නා සේ අප කුඩා කල සිටම
සද්ගුණ අභ්‍යාස කළ යුතුය.’

ග්‍රීක දාර්ශ­නි­ක­යකු වන ප්ලේටෝගේ මේ කිය­මනේ අඩංගු වන්නේ අප සැම සුරැ­කිය යුතු සාර­ධර්ම පිළි­බ­ඳ­වයි. අපගේ ජීවිත සුන්දර කරන, අර්ථ­වත් කරන ඕනෑම හැඟී­ම­කට ගුණ­ය­කට සාර­ධර්ම යැයි කියනු ලැබේ.
හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නා සේ අප නිසරු දෙයින් සරු දෙය තෝරා ගත යුතුය. වත්මන් සමා­ජයේ සාර­ධර්ම ගරු කරන්නෝ අඩුය. ඉගෙන ගන්නා පාසල් දරු­වන් ලෙස අපි මෙම සාර­ධ­ර්ම­ව­ලට ගරු කළ යුතු වෙමු.

මිනිස් සමා­ජයේ අත්‍ය­වශ්‍ය අංගෝ­පාංග වී ඇති පරි­සර සාධක කෙරෙහි මිනිසා යහ­පත් සිතින් කට­යුතු කළ යුතුය. ස්වාභා­වික පරි­ස­රය විටෙක රළු හා ප්‍රචණ්ඩ වන්නේ එසේ නොකි­රීමේ ප්‍රති­වි­පාක ලෙස ය. මේ සඳහා සාර­ධර්ම ඉතා හොඳ මැදි­හ­ත්ක­රු­වෙක් වෙයි. තමා­ටත් සෙසු මනු­ෂ්‍ය­ය­න්ටත් පරි­ස­ර­ය­ටත් හිත­කාමී ලෙස පව­ත්වන සියලු සිතු­විලි හා සිදු කරන ක්‍රියා සාර­ධර්ම වේ.

වැඩි­හි­ටි­යන්ට සැල­කීම, ගිලා­නෝ­ප­ස්ථා­නය, ආග­න්තුක සත්කා­රය, පිරි­සි­දුව සිටීම යනා­දිය අප විසින් සුරැ­කිය යුතු සාර­ධර්ම කිහි­ප­යකි. කුඩා වියේ සිටම නිවස, පාසල ආදි ස්ථාන­ව­ලදී සාර­ධර්ම සුරැ­කීම පිළි­බ­ඳව අප පුරුදු පුහුණු වුව­හොත් මිනි­සුන් හා සෙසු පරි­ස­රය සමඟ ඵල­දායි සහ සදා­චාර සම්පන්න සම්බ­න්ධ­තා­වක් පව­ත්වා­ගෙන යාමට අපට හැකි වේ. තනි පුද්ග­ල­යන් වශ­යෙන් අප ඇති කර ගන්නා එම යහ­පැ­වැත්ම දිගු කාලීන වශ­යෙන් සමා­ජයේ යහ­පැ­වැ­ත්මට හේතු වේ. අපි සාර­ධර්ම සුර­කින හොඳ පුර­වැ­සි­යන් වී මෙම සාර­ධර්ම අනා­ගත පර­පු­රට දායාද කරමු.

ජී. ඒ. ඩී. චතුර්යා තරුක්ෂි
7 ශ්‍රේණිය ‘ඩී’, රත්නා­වලි බාලිකා විද්‍යා­ලය,
ගම්පහ.

 

පාට වෙනස් කරන කටුස්සෝ

පරි­ස­රයේ දකින කටුස්සෝ කොළ පාටට සහ දුඹුරු පාටට පෙනෙ­නවා. සම­හර කටුස්සෝ එක එක වෙලා­වට තමන්ගේ ඇ‍ඟේ පාට වෙනස් කර­ග­න්නවා. කටුස්සෝ පාට වෙනස් කරන්නේ විවිධ හේතු මත.

කොළ­පාට කොළ ඇති ගහක ඉන්න­කොට කටුස්සා කොළ පාට නම් කිසි­කෙ­න­කුට පෙනෙන්නේ නෑ. හේතුව ගොදු­ර­කට ළඟා වෙන්න හරිම ලේසියි. කටු­ස්සන් ලෙහෙ­සි­යන් සතු­ර­කුට ගොදුරු වෙන්නේ නැත.

කටු­ස්සන් කොළ රොඩු අතරේ සිටින අතර දුඹුරු පාට පොළොව මතත් සිටි­නවා. දුඹුරු පාට නිසා කාට­වත් දකි­න්නට ලැබෙන්නේ නැත.
කටුස්සා වෙස් මාරු කිරී­මට හරිම දක්ෂයි. කටු­ස්සගේ හමේ පාට නිප­ද­විය හැකි විශේෂ සෛල වර්ග තිබෙ­නවා. කළු­පාට, කහ­පාට, කොළ­පාට හා දුඹුරු පාට වගේ පාට නිප­ද­ව­න්නට එම සෛල­ව­ලට හැකි­යාව තිබෙ­නවා. අවශ්‍ය නියෝ­ගය ලැබෙන්නේ කටු­ස්සාගේ මොළ­යෙනි. මොළ­යෙන් ලැබෙන නියෝ­ගය අනුව වර්ණක සෛල ක්‍රියා­ත්මක වෙනවා. වැඩි­යෙන් ක්‍රියා­ත්මක වෙන පාට කහ­පාට නම් කටුස්සා කහ­පාට වෙනවා. කොළ පාට සෛල ක්‍රියා­ත්මක වෙනවා නම් කටුස්සා කොළ­පාට වෙනවා.

කටු­ස්සට තරහ ගියාම ඌ පාට වෙනස් කරල නපුරු විලා­ශ­යක් මවා ගන්නවා. ජන­ව­හරේ එන කිය­ම­නක් නම් කටුස්සා වගේ පාට වෙනස් කරන්ට එපා කියල. හේතුව මිනිස්සු එක එක වෙලා­වට තමන්ගේ වාසි­යට වෙනස් වෙනවා.

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
3 ශ්‍රෙණ්ය ‘බී’,
කේරි විදු­හල, කොළඹ 08.
 

සුමි­තුර

පාසල් බිමේදී අප මිතු­දම ඇර­ඹෙ­නවා
දුක සැප දෙකේ­දිම අප මිතු­රන් වෙනවා
නොයෙ­කුත් පැතුම් මැද මිතු­දම ලිය­ල­නවා
ඔබ වැනි උසස් මිතු­රෙකු මට හිමි වෙනවා

ඒ. එල්. හසිත කුමාර - කලා අංශය
ගල­හි­ටි­යාව මධ්‍ය විද්‍යා­ලය,
ගල­හි­ටි­යාව - ගනේ­මුල්ල

 

 

පොල්පි­ටි­මූ­ක­ලාන සිරි­ව­ර්ධන කනිටු විදු­හලේ ඉදි­කැ­රුණු නව බුදු මැදුරේ තැන්පත් කිරි­මට බුදු පිළිම වහන්සේ නමක් වැඩම කිරීම නිමි­ත්තෙන් පැවැති පෙර­හ­රට බෞද්ධ කොඩි රැගත් සිසු දරු දැරි­යන් සහ­භාගි වූයේ මෙසේය. (ඡායා­රූ­පය - ලෙස්ලි පෙරේරා ජාඇල මධ්‍යම)

 

දක්ෂ දරුවෝ

ඉරා­නයේ තෙහෙ­රාන් නුවර හත්වැ­නි­ව­ර­ටත් පැවැති අන්තර්ජාතික ළමා චිත්‍ර තර­ග­යෙන් (වයස අවු. 10) ගම්පහ බණ්ඩා­ර­නා­යක විදු­හලේ 8 ශ්‍රේණිය ‘ඒ’ හි ඉගෙ­නුම ලබන තනුල ලක්ෂිත වික්‍ර­ම­සිංහ ශිෂ්‍යයා රට­වල් 33 ක් නියෝ­ජ­නය කළ චිත්‍ර තර­ග­යෙන් ලෝකඩ පද­ක්ක­මක් දිනා ගත්තේය.
තනුල එම චිත්‍ර තර­ග­යෙන් ශ්‍රී ලංකා­වට පද­ක්ක­මක් දිනා­දුන් ‍එකම ශිෂ්‍යාද වෙයි.
 



 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්