මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ගෝඨයිම්බර කෝලම දේශපාලන උපහාසයක්

ගෝඨයිම්බර කෝලම දේශපාලන උපහාසයක්

ඩෙනිස් පෙරේරා

ශාන්ති කර්මවලදී භාවිතයට ගන්නා තොරණකින් ද තොරණ ඉදිරිපස සිංහාසනයකින් ද මඳක් දකුණු පසට වන්ට පහන් පැලකින් ද වම් පසට වන්නට සිටුවන ලද කපකින් ද රංග භූමිය අලංකාරවත් ලෙස සකසා තිබිණි. ඒ අපූරු රංග භූමිය වටා බොහෝ පිරිසක් එක් රැස්ව සිටියහ. රංග භූමියට පිවිසෙන ස්ථාන දෙක අබියස සිටි බෙරකරුවන් දෙදෙනකු විසින් මංගල හේරී වාදනය කරමින් ගාථා ත්‍රිත්වයක් සජ්ඣායනා කරන ලදි.

නව පරපුරේ වේදිකා හා සිනමා අධ්‍යක්ෂ, නාට්‍යවේදී ඩෙනිස් පෙරේරා අධ්‍යක්ෂණය කරමින් මෙම 15 වැනිදා රාත්‍රී 7.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනය අබිමුව රංග පරිශ්‍රයේ දී ඉදිරිපත් කිරීමට සූදානම් වන යුගයේ නවතම කෝලම් නාටකය ‘ගෝඨයිම්බර කෝලමේ’ පෙරහුරු දර්ශනයක් අප ඉදිරියේ දිග හැරේ.

“සාමාන්‍යයෙන් කෝලම් ශෛලියේ වේදිකා නාට්‍ය නිරන්තරයෙන්ම ලංකාවේ වේදිකා ගත වෙනවා. නමුත් මම අධ්‍යක්ෂණය කරන මේ නවතම කෝලම් නාට්‍යය ‘ගෝඨයිම්බර කෝලම’ රංග ශෛලියෙන් වගේම කතා පුවතින්, තේමාවෙන් වෙනස් ස්වරූපයක් ගන්නවා. විශේෂයෙන්ම නාට්‍ය, ශාන්ති කර්ම හා ඒ මත පදනම් වෙමින් වෙනස්ම ආකාරයේ නිර්මාණයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමයි මෙහිදී මගේ අරමුණ වුණේ. පහුගිය කාල වකවානුවේ මම වේදිකා නාට්‍ය පිළිබඳ අධ්‍යයනය කළා. මම එතෙන් දී දුටු දෙයක් තමයි සංඛ්‍යාත්මකව බොහොම අඩු පිරිසක් තමයි අද හැදෙන වේදිකා නාට්‍ය නරඹන්නට එන්නේ කියන දෙය. එයින්ම තේරෙනවා නාට්‍ය කලාවේ අවුලක් ඇති බව. අද දේශපාලන රැස්වීම් බලන තරම්, නාට්‍යමය ලක්ෂණ තිබෙන දේශීය චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ උනන්දු වෙන තරම් ජනතාව නාට්‍ය නරඹන්න එන්නෙ නැහැ. අනෙක ප්‍රේක්ෂකයාගේ බුද්ධිමය අවශ්‍යතාව ළඟින්වත් නොයන නාට්‍ය කලාවක් තමයි අද පවතින්නේ. මේ රික්තය යම් තරමින් හෝ වෙනස් කරන්න තමයි මේ නිර්මාණය මම කරළියට ගෙන ආවේ.” ඩෙනිස් පෙරේරා ‘ගෝඨයිම්බර කෝලම’ වේදිකා නාට්‍යයේ උත්පාදනය වීමට හේතු සාධක ගෙනහැර පෑවේ එලෙසයි.

සමාජය පිළිබඳ එහි විවිධ පැතිකඩ පිළිබඳ ප්‍රේක්ෂකයා නොදන්නා නොහිතන ඉසව් පිළිබඳ සිතා බලන්නට ‘ගෝඨයිම්බර කෝලම’ වේදිකා නාට්‍යයෙන් ගෙන එන්නේ අපූරු පණිවිඩයකි. තවදුරටත් අප සමඟ කතාබහ කළ එහි අධ්‍යක්ෂ ඩෙනිස් පෙරේරා ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

“මේ නාට්‍යය තුළ වර්තමාන සමාජ, දේශපාලනික, සංස්කෘතික මෙන්ම කාන්තා හා පුරුෂ හැසිරීම් රටා සියුම් උපහාසයකට ලක් කෙරෙනවා. විශේෂයෙන්ම වත්මන් පරිභෝජන රටාව තුළ කාන්තාව සහ පිරිමියා සමාජයේ ගනුදෙනු කරන ආකාරය මෙහි එක් පැතිකඩක් නියෝජනය කරනවා. එය නරඹන ප්‍රේක්ෂකයාට මේ සිදුවන දේවල් දිහා බලා ඒ පිළිබඳ තමා තුළින්ම කතිකාවක් ගොඩනඟා ගැනීමට අවකාශය නාට්‍යය අවසානයේ එහි කතා තේමාව ඔස්සේ ලබා දෙනවා. ඒ ආකාරයේ සමාජ සාකච්ඡාවක් නරඹන ප්‍රේක්ෂකයා තුළ ඇති කිරීම තමයි මම මෙයින් බලාපොරොත්තු ‍වන්නේ.

මේ නාට්‍යයට පාදක වෙන සිදුවීම් පෙළ ගෝඨයිම්බර කියන නායකයාගේ රාජ්‍යය තුළ සිදුවන කතා පුවතක්. ගෝඨයිම්බර ජන කතාව කියන සාම්ප්‍රදායික කතාව ඔස්සේ අලුත් තේමා කිහිපයක් ගොඩනඟමින් කෝලම් ශෛලිය මත විනෝදාස්වාදය ඇතිව මේ නාට්‍යය ගොඩනැ‍ඟෙනවා. මම ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන්ට මේ නාට්‍ය නරඹන්න එන්න කියලා. මම හිතනවා ප්‍රේක්ෂකයා නොදන්නා නොහිතන අලුත්ම සමාජයීය පැතිකඩක් ගැන හිතන්නට මේ ඔස්සේ අවකාශ ලැබේවි කියලා. මාත් සමඟ නිනෝ අරලිය, අමිල සඳරුවන්, ධනුෂ්ක ඩයස්, ඩිලංක දිසානායක, දිලුම් බුද්ධික, ප්‍රදීප් රාමවික්‍රම තරුණ පිරිස මේ නාට්‍යයේ අපූරු පණිවිඩයක් ජනගත කරන්නට උත්සාහ කරනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්