මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කළුගල් වැනි දෑතක් හිමි ‘යක්ෂ දරුවා’

කළුගල් වැනි දෑතක් හිමි ‘යක්ෂ දරුවා’

මොහොමඩ් කලීම්ට තවමත් වයස අවුරුදු අටයි. නැ‍ඟෙනහිර ඉන්දියාවේ ජර්කාන්ද් පළාතේ වාසය කරන ඔහු අනෙක් දරුවන් මෙන් පාසල් යෑමට පෙරුම් පෙරුවේ කුඩා අවදියේ සිටමය. කලීම් ගේ පියා මොහොමඩ් ෂාමීම් පුත්‍රයා පාසලට කැටුව ගියේ ඔහු ද අනෙක් දරුවන් හා සමඟ පාසලේ එකට අකුරු කරනවා දැකීමේ ආශාවෙන්. එහෙත් පාසලේදී ලද ප්‍රතිචාරය ෂාමීම් හිතේ වේදනාවට පත්කළා.

“අපට මේ ළමයා පාසලට ඇතුළු කරගන්න බැහැ. මේ ළමයා දැකලා අනෙක් ළමයි බයවෙයි” එසේ පැවසූ ගුරුවරු කලීම් පාසලට ඇතුළත් කරගැනීම ප්‍රතික්ෂේප කළේ හිත්පිත් නැති අයුරින්.

කලීම්ට මෙහෙම වුණේ ඇයි? පාසලේදී විතරක් නොවෙයි ගමේදීත් කලීම් සමාජයෙන් කොන් වුණා. එයට හේතු වුණේ ඔහුගේ අත් දෙකයි. කලීම්ට පිහිටියේ අසාමාන්‍ය විශාලත්වයෙන් යුතු දෑතක් කුඩා දරුවකුට තරම් නොවන ඒ අත්දෙක වැඩුණු පිරිමියකුගේ අත්වලටත් වඩා විශාලයි. අසාමාන්‍ය රෝගී තත්ත්වයක් හේතුවෙන් පමණට වඩා විශාල වූ දෑතක් හිමි කලීම් වයසින් වැඩෙත්ම ඒ දෑතත් තව තවත් විශාල වුණා. දැන් කලීම් ප්‍රසිද්ධව සිටින්නේ ලොව විශාලතම දෑත් ඇති දරුවා ලෙසයි.

ඉන්දියාවේ ඈත පිටිසර දුප්පත් ජනයා වෙසෙන ගම්මානයක උපන් කලීම්ට වත් ඔහුගේ මවුපියන්ටවත් මේ ගැන කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ විශාල දෑත් නිසා කලීම්ට තමන්ගේ එදිනෙදා ජීවිතයෙවත් කර ගත යුතු වැඩ කර ගැනීම අපහසු වුණා. ඒ සියල්ලටමත් වඩා කලීම්ටත් ඔහුගේ පවුලේ උදවියටත් උහුලා ගත නොහැකි වුණේ සමාජයෙන් ඔහු පිළිකෙව් කිරීමයි.

“මේක දේව ශාපයක්. මේ ළමයා යක්ෂයාගේ අවතාරයක්” මෙසේ පවසමින් ගම්මුන් කලීම් කොන් කළා.

මිථ්‍යා මතවලින් පිරි ඒ සමාජයේ කලීම්ට නිතරම එල්ල වුණේ තර්ජන හා පීඩා. ගමේ වැඩිහිටියන් සිය දරුවන්ට කලීම් හා කෙළි සෙල්ලම් කිරීම තහනම් කළා.

“මූ යක්ෂ දරුවෙක්. ඌ නිසා අපේ දරුවන් බය වෙනවා” ගමේ අය එසේ පවසමින් කලීම් කොන් කරද්දී දෑසේ කඳුළු පුරවාගත් කලීම් සිය නිවෙසේ එළිපත්තට වී බලා සිටියා.

කලීම් වයසින් වැඩෙත්ම ඔහුට දැනුණේ තම දෑත් විශාල කළුගල් දෙකක් මෙන් බරටයි. දෑත්වල බර නිසා ඔහු ඇවිද්දේ අපහසුවෙන්. ඔහුට ඇඟිලි භාවිත කර ආහාර ගැනීම කරගන්න බැහැ. ඇඳුමක් ඇඳගන්න බැහැ. නාගන්න බැහැ. කිසිම දෙයක් අනුන්ගේ උදව් උපකාර නොමැතිව කර ගැනීම කලීම්ට අපහසු කාර්යක් වුණා.

ඉතා සොච්චමක් මාසෙ ආදායම ලෙස ලබන කලීම්ගේ පියාට කලීම් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න මුදල් වැය කිරිමට තරම් හැකියාවක් තිබුණේ නැහැ. ගම් පළාතේ වෛද්‍යවරුන්ගෙන් සිය පුත්‍රයාට ප්‍රතකාර ලබාදීමෙන් පමණක් සෑහීමට පත්වෙන්න ඔවුන්ට සිදු වුණේ ඒ ආර්ථික අහේනිය නිසයි.

ඒ දුප්පත් දෙමවුපියන් සියලු දේ දෙවියන්ට බාර දුන්නා.

“දෙවියන්ගේ කැමැත්ත ඇතිව සියල්ල විස‍ඳේවී” කලීම් ඉහළට දිගු කරගත් දෑත්වලින් දෙවි පිහිට පතමින් පැවසුවා.

ඔවුන්ගේ ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරමින් දැන් කලීම් වෙත වෛද්‍යවරුන්ගේ බැල්ම යොමුවෙලා. දෑත් විශාල දරුවකු පිළිබඳ පුවත්පත්වල මුල් පිටුවල පළවූ පුවත් ලෝකය පුරාම කෙටි කලකින් පැතිර යද්දී ඒ දරුවාට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් ඉදිරිපත් වුණා.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ වෛද්‍ය කණ්ඩායමක් කලීම්ගේ රෝගය යෝධභාවයට පත්වීමේ පෙර ලකුණක් ලෙස විග්‍රහ කළා. ඒ අනුව තමිල්නාඩුවේ කොයිම්බතූර්හි ගංගා රෝහලේ ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් කලීම්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිරිපත් වුණා. මේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූයේ ක්ෂුද්‍ර ශල්‍ය විශේෂඥයකු ලෙස නම් දරා සිටින විශේෂඥ වෛද්‍ය රාජා සබාපති ය. ඔහු අත් පිළිබඳ වි‍ෙශ්ෂඥයකු ලෙස ද හැඳින්වෙනවා.

වෛද්‍ය රාජා සබාපති ගමේ පුංචි කොලුවාගේ දෑත් යථා තත්ත්වයට පත් කිරීමේ බාරදූර කාර්යයේ වගකීම බාර ගත්තා. ඒ පසුගිය වසරේ අගභාගයේදීයි.

“මගේ දරුවා පරීක්ෂා කළ පසු රාජා සබාපති වෛද්‍ය තුමා පැවසූ දේ අසා අපට දරුවාගේ දෑත් ගැන බලාපොරොත්තු ඇතිවුණා. අපේ පුතාට උදව් කළ හැකියැයි පැවසූ පළමු වෛද්‍යවරයා එතුමායි.” යනුවෙන් මේ පිළිබඳව කලීම්ගේ මව හලීමා බෙගම් ප්‍රකාශ කළා.

මේ පවුල සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ගංගා රෝහලට දුම්රියෙන් පැමිණෙන අන්දම ඉන්දීය රූපවාහිනී සේවාවක් ‍ඔස්සේ විකාශය කෙරුණා.

කලීම්ගේ දෑත් හා ඇඟිලි කෙතරම් විශාල වුවත් ඔහුගේ ස්නායු හොඳින් ක්‍රියාත්මක වෙනවා. වෛද්‍ය කණ්ඩායම මුහුණ දී සිටින අභියෝගය වුණේ ස්නායුවලට කිසිම හානියක් නොවන සේ කලීම්ගේ දෑත් සහ ඇඟිලිවල ප්‍රමාණය කුඩා කිරීමට ක්‍රමයක් සොයා ගැනීමයි.

“අප පළමුවෙන්ම එක අතකින් පටන් ගන්නවා. අතේ තත්ත්වය ගැන තීරණයක් ගත හැකි හොඳම ක්‍රමයක් වන්නේ එයයි” යනුවෙන් වෛද්‍ය කණ්ඩායම ප්‍රකාශ කළා.

ඒ අනුව ප්‍රථමයෙන් කලාම්ගේ එක් අතක් පැය අටක ශල්‍යකර්මයකට භාජනය කළ වෛද්‍ය කණ්ඩායම එහි තත්ත්වය පරීක්ෂා කළා. ඉන්පසු වෛද්‍යවරුන් එම අතම තවත් වෙහෙසකර සැත්කම් කීපයකටම භාජනය කළා. දැන් ඔවුන් ඒ අත භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා යොමුකර ඇත්තේ ඒ අතෙහි ක්‍රියාකාරිත්වය ඇති කිරීම සඳහායි.

කලීම්ගේ පවුලේ උදවිය දැන් ඔහුගේ අනෙක් අතත් ශල්‍යකර්මයට ලක්කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා.

තමිල්නාඩුවේ වෛද්‍යවරුන් මේ ලෙසින් කලීම්ගේ අත් සමඟ ඔට්ටු වෙමින් සිටිද්දී ඈත එපිට කලීම්ගේ ගමේ උදවිය පවසන්නේ වෙනත් දෙයකි.

“ඔය කරන දේවලින් වැඩක් නැහැ. ඔය ළමයාට තියෙන්නේ ශාපයක්. ඔය දෙමවුපියන් සංසාරේ කවදාහරි කළ පවක් නිසා ඔය විදිහේ යක්ෂ දරුවෙක් පවුලට ඉපදිලා” ගමේ සිට මේ ලෙස පවසන්නේ වෙන කවුරුත් නොවෙයි කලීම්ගේ මාමා මොහොමඩ් කලීම් ය.

ගමේ උදවිය කුමන දෙයක් පැවසුවත් සිය දරුවා සුවපත් කර ගැනීම කලීම්ගේ දෙමවුපියන්ගේ අපේක්ෂාවයි. ගම් ප්‍රධානියා අමනුල්ලා ඛාන් ඔවුන් වෙත දක්වන යහපත් ප්‍රතිචාර නිසා දැන් ඔවුන් ඉන්නේ සතුටිනි. ගමේ පාසලේ ප්‍රධානියා ද සුවපත් වී එන කලීම් සිය පාසලට බාරගන්න දැන් කැමැත්තෙන් ඉන්නවා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්