මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මට උරුම දෛවය මේක නම් මා ඉන් සෑහීමකට පත්වෙනවා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ හෙළිදරව් කරන තනි යහනේ දිවිගෙවනා අපේ කලාකරුවන්ගේ රස රහස්

මට උරුම දෛවය මේක නම් මා ඉන් සෑහීමකට පත්වෙනවා

ස්වර්ණා කහවිට

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ....
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ.....

ආචාර්ය මුදලිනායක සෝමරත්නයන්ගේ ‘බිනරිමලී’ චිත්‍රපටයට ජේ.ඒ. මිල්ටන් පෙරේරා ඇතුළු පිරිස ගායනා කළ මෙම ගීතය අපේ සිනමා වංශ කතාව සිහිපත් කරන්නෙකුට අමතක කළ හැකි නොවේ.

ගුවන් විදුලියේ අතිශය ජනප්‍රිය වූ ‘මුවන් පැලැස්ස’ නාට්‍යය ආශ්‍රයෙන් ‘බිනරමලී’ චිත්‍රපටය නිර්මාණය වී තිබිණි. ‘බිනරිමලී’ මට මතක හැටියට සිව් වතාවක් මම නරඹා ඇත්තෙමි. විශේෂයෙන් එකල තරුණයන් වූ අප ‘බිනරීමලීට’ ආකර්ෂණය වීමට හේතු වූයේ එහි ‘බිනරිමලී’ ලෙස රඟපෑ බැද්දට පෑවූ පුන් සඳක් වන් කැලෑ හඳකට හදවතින් ම පෙම් බැඳි නිසා යැයි අද මට සිතේ.

ඇය ගැමි සුන්දරත්වයේ යොවුන් සිත් වසඟ කරන්නාවූ නාරි ලාලිත්‍යයත් මුසුව මහ බඹා මැවූ අපූර්ව නිර්මාණයක් සේ කාටත් හැඟිණි. එය සැබෑවකි. බිනරිමලීගේ චරිතයෙන් කුලුඳුලේ ම නෙත් සිත් වශී කරන දක්ෂ රංගනයක් ඉදිරිපත් කළ මේ නිළිය තාමත් අප හදවත්වි මැකී ගොස් නැත.

ඇය රිදී තියරට පැයූ ස්වර්ණ තාරකාවියකි. ඇය නමින් ස්වර්ණා කහවිට නම් වූවාය. රන් පොකුණෙන් දිය නාගෙන ආ මෙම මල් මඳ බිසවට සුවහසක් රසික රසිකාවියන් පෙම් බඳින්නට පටන් ගත්තේ එවකට ජනප්‍රියව බැබළුණු නිළියන්ට වඩා වෙනස් ම සීදේවි පෙනුමක් ඇය වෙතින් පිළිබිඹු වූ නිසා යැයි මට සිතේ. 1969 වසරේ හොඳම නිළිය ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලබන්නේ.....

ප්‍රවීණ නිවේදක ඩී.එම්. කොළඹගේ මහතාගේ හඬ නව රඟ හල පුරා සිසාරා යද්දි ශාලාවේ උන් සම්භාව්‍ය පිරිස් හා ජනකාන්ත කලාකරුවෝ දෑස් දල්වාගෙන මහත් කුතුහලයෙන් පසුවන්නට වූහ. කැමරාව ජනකාන්ත නිළියන් දෙතුන් දෙෙකුගේ සමීප දසුන් වලට යොමුවිය.

.....ඔව් සිය මුල් ම රංගනයෙන් වසරේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වනුයේ ‍බිනරමලී.....

ශාලාව දෙදරුම් කා යන ඔල්වරසන් හඬක් පැතිර ගියේය.

“ස්වර්ණා කහවිට........”

රෙද්ද හැට්ටයෙන් සැරසුණු බිනරමලී මල් මඳ බිසව වෙනුවට අපට දකින්නට ලැබුණේ ඉන්දියන් සාරිය ඇඳ චාම් නමුත් සොඳුරු විලාසිතාවන්ගෙන් සැරසී මල් මඳ සිනා නඟමින් වේදිකාවට පිවිස මුල් ම රංගනය, හොඳම නිළිය‍ ලෙස විරල සම්මානයට පාත්‍ර වූ ස්වර්ණා කහවිට.

එතැන් සිට අපේ සිනමා ‍මාවත ඉතා විචිත්‍රවත්ව අලෝකවත් විය.

‘අබිරහස’, ‘රන් ඔන්චිල්ලා’, ‘හරියන‍කොට ඔහොම තමයි’, ‘සූරයා සූරයාවයි’, ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’, ‘ලස්සන දවසක්’, ‘දයාබර නිලූ’ ඇතුළු චිත්‍රපට කිහිපයකම ඇගේ ආකර්ෂණීය රංගනය අපට දැකගත හැකි විය. ඇය ගාමිණි ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ, කරුණාරත්න හඟවත්ත, සේනාධීර රූපසිංහ ආදී සුපිරි නළුවන් රැසක් සමඟ රඟපෑවාය. එම බොහෝ චිත්‍රපටවල ඇය අතිසුන්දර පෙම් රැඟුම් පෑවාය. අප්‍රමාණ රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට ඇය සමත් වූවාය.

ඍජුවම විවාහ යෝජනා කිහිපයක් ම ඇය වෙත යොමු විය. අනුරපුරේ වැදගත් කඩවසම් දොස්තර මහ­ෙකු ඇයගේ අත ගැනීමට මහත් උත්ස­ාහයක් දැරුවේය. එවකට කොළඹ කොටහේනේ වාසල පාරේ පිහිටි ඇගේ නිවෙසටම පැමිණ ඇගේ දෙමාපියන් වෙත “මම කැමැති අම්මේ තාත්තේ ස්වර්ණව බඳින්න...” කියා තම අදහස කියා පෑවේය. තව කොතෙකුත් විවාහ යෝජනා ගලාගෙන ආවේය.

‘අනේ ස්වර්ණ ප්ලීස් මට වචනයක් දෙන්නකෝ. මාව තේරුම් ගන්න. ඇත්තට ස්වර්ණ මම ඔයාට මුළු හදවතින් ම ආදරෙයි...”

එවන් ආදර ආයාචනා ඇයට යම් යම් හදවත්වලින් ප්‍රකාශ විය.

එහෙත්..... එහෙත්.... දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි. අඳුර ළඟයි. ආලෝකේ දුරයි.

බිනරමලී ආදර බාධක බිඳ දමා සිං‍‍‍ඤෝ සමඟ දීගේ ගියත් බිනරමලී ලෙස ප්‍රකට වූ ස්වර්ණා දිවි තිබෙන තුරා දීගෙක යන බවක් නැත.

අදත් ඇය කොළඹ මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පිහිටි නිවෙසක තනි යහනේ දිවි ගෙවන්නීය.

..............ඇත්තමයි වෙලාවකට මට දරා ගන්න බැරි පාළුවක්, තනිකමක්, සාංකාවක් දැනෙනවා. රාත්‍රියේ නින්දට ගිය විට කඳුළු හෙළූ වාර අනන්තයි. දෛවය මේක නම් මං ඉන් සෑහීමකට පත් වෙනවා.

ඇය පසුගියදා මා සමඟ පැවසුවාය. ඉතා ආකර්ෂණීය රූප සම්පත්තියකින්, වැදගත් පවුල් පසුබිමකින් යුතු දෙස් විදෙස් භාෂා පවා හදාරා ඇති ඇයට විවාහ වීමේ සියලු සුදුසුකම් දෝර ගලා යන තරම් ඇතත් හුදෙකලාව පසුවනුයේ ඇයි?

“ස්වර්ණ ඇත්තටම ඇයි ඔයා බැන්දේ නැත්තේ......?”

ඇය පසුතැවිලි වන බවක් නම් නොපෙනේ. ඇය උස් හඬින් සිනාසුණාය. කාලය කෙමෙන් ගෙවී ගොස් ඇතත් තවමත් බිනරමලී සොඳුරියගේ යම් සොඳුරු සේයා ඇය වෙතින් පිළිබිඹු නොවන්නේ නොවේ. ඇත්තෙන් ම ස්වර්ණා කහවිට අදවන තුරා තනි යහනේ දිවි ගෙවීමේ කතාන්දරයේ පසුබිම එක අතකට අතීක සොඳුරු ප්‍රේම වෘත්තාන්තයක් බඳුය. එහෙත් එකී සැමට උරුම වූ ඉරණම ශෝකාන්තයකි.

“මම මගේ අම්මට ගොඩාක් ආදරේ කළා. ඒත් ඒ ආදරය කළ මගේ අම්මමයි මගේ ආදර ලෝකයට ගිනි තිබ්බේ.“

ඇය හැඟීම් බරව පැවසුවාය.

“ඒක හරිම දුක්බර කතාවක්” ස්වර්ණා අනිත්‍ය මෙනෙහි කරමින් සෝබර හඬින් පැවසුවාය.

“ඒත් කතාව ලස්සනයි. නමුත් ඇත්තට ම එහි ශෝකාන්තයක විරහා වේදනාවෙන් අදත් මගේ හදවත රිදුම් දෙනවා.” ඇය කතාව දිගට ම කියාගෙන යන්නට මුල පිරුවාය.

.....'මං සිනමාවේ ජනප්‍රිය වෙච්ච කාලේ මෙහෙම වුණේ. අපේ ගෙවල් අසල හිටියා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. හොඳ කඩවසම් පෙනුමයි. මෙයා මාව දැකලා මට එයාගේ ආදරය කියා පාන්න ලොකු උත්සාහයක් ගත්තා. අපේ ගේ ඉස්සරහින් යනවා. මම ඉස්තෝප්පුවේ ඉන්න වෙලාවට හිනාවෙනවා. මාත් ඉතින් අසල්වැසියෙක් කියා හිනා වෙනවා.....’

“ඉතින්....”

“මේ මෙඩිකල් ස්ටුඩන්ට් තම උත්සාහය අත හැරියේ නැහැ. දවසක් අපේ ගෙදරට ඔහු ආවා.”

“ස්වර්ණා අනේ ප්ලීස් අලුත් ‘සරසවිය’ පත්තරය දෙනවද...?”

“හා.... ඉන්න චුට්ටක් මම ගේන්නම්.........”

“මම ‘සරසවිය’ පත්තරය දෙද්දි ඔහු උවමනාවෙන් ඔහුගේ අත මගේ අතේ ස්පර්ශ කරමින් පුදුම විදියට ආදරය කඩා හැලෙන සේ හැඟීම්බරව මං දිහා බැලුවා. මට හරිම අපහසුතාවක් දැනුණා.”

“යන්නම් එහෙනම්..........” දුකින් වගේ ඔහු පැවසුවා.

“හා. ගිහින් එන්නකෝ....”

“මටත් නිරුත්ස­ාහයෙන් ම කියවුණා. ‘ගිහින් එන්න.......’ ඇත්තෙන් ම එයා හරි හොඳයි. නොදැනීම වගේ මගේ හිත ඔහු වෙත බැඳී ගියා.”

ආයෙමත් දවසක පත්තරයක් ඉල්ලගෙන අපේ ගෙදර ආවා.

“වාඩිවෙන්න....”

ඔහු චුට්ටක් වෙලා කතා කර කර හිටියා. ආපහු යද්දි යන්න ගිහින් අඩියක් දෙකක් ගිහින් ආයෙත් මගේ අසලටම ආවා.

“ස්වර්ණා මං ඔයාට ආදරෙයි ස්වර්ණා.........”

මං ගොළුවුණා වගේ වුණා. මං මුකුත්ම පිළිතුරක් දුන්නේ නැහැ. ඒත් මගේ හදවතට මොකක්දෝ මිහිරි ප්‍රබෝධයක් දැනෙන්න ගත්තා. දවසින් දවස අපි හමුවුණා.

“ස්වර්ණා......”

“හ්ම්.... මොකද මගේ ප්‍රශ්නයට ඔයා කියන්නේ?”

“මං ආස නෑනේ ප්‍රශ්නවලට......” මම මඳ සිනාවක් පාමින් කිව්වා.

“හරි කටකාරයිනේ. මං ආසයි ඒකට.......”

“ඇත්තෙයි. ඔයා තාම දන්නේ නෑ මගේ කට සැරකම.....”

කොහොම කොහොම හරි අප අතර හරිම අහිංසක, සංවරශීලී දැඩි ආදර බැඳීමක් ඇතිවුණා.

“අම්මගෙන් අහන්නද මං........” ඔහු දවසක් ඇහුවා.

“එපා. එපා. එපා. අම්මෝ එපා....”

“ඉතින් අම්මා දැනගත්තොත්....”

“ඒක තමයි මටත් තියෙන බය....”

සිතූ පරිදි ම අපේ ආදරයට එරෙහිව අම්මා අවි අතට ගත්තා. අම්මට දවසක් අපි කතා බහ කරන දේවල් ඇහිලා. එයා ගෙදරින් නික්ම ගියා විතරයි. අම්මෝ අම්මා බැනගෙන බැනගෙන ගියා.

“හිතන්න එපා ඕක කර ගන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් මගේ මළ මිනිය උඩින් තමා හරිද....?”

“මගේ අක්කා චන්ද්‍රා කහවිටයි. මායි අක්කයි නංගිලට වඩා හොඳ යාළුවන් දෙන්නෙක්. ඒ අක්කා බැඳලා ඉන්නා මහත්තයාත් හරි ළෙන්ගතුයි. මගේ පෙම් පුවත එයාලා දැන ගත්තත් ඔවුන්ගෙන් මට සම්පූර්ණයෙන් ම සහයෝගය ලැබුණා. එහෙත් අම්මගේ විරෝධය එන්න එන්නට උග්‍ර වූවා මිස අඩු වුණේ නැහැ. අපි අම්මට හොරෙන් කොටහේනේ පරමානන්ද රජමහ විහාරයට ඉඳහිට යනවා. ඒත් හරිම බයෙන් අම්මට හොරෙන්.

“අපි මොකද ස්වර්ණා දැන් කරන්නේ...?”

“මට දෙන්න උත්තරයක් නැති තරම්.....”

චන්ද්‍රා අක්කා කදිම විසඳුමක් දුන්නා.

“ඔයාලා දෙන්නා පැනලා යන්න...”

එය සාර්ථක වූවා ද? නැද්ද?

ලබන කලාපයේ ස්වර්ණාගේ හදවතේ සකුරා මල් පිපේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්